වසංගතය ගොඳුර බවට පත් වූ පවුලක මානසික අරගලය. It Comes At Night..
ත්‍රාස්‍යජනක මනෝවිද්‍යාත්මක කතාවක් නැරඹීමේ අවස්ථාවක් දැන් ලොව පුරා ප්‍රේක්ෂකයන් හට හිමිව තිබේ. භීතිය මිනිසා දරුණු යක්ෂයෙක් බවට පත්කරන ආකාරය මෙහි අඳුරු බහුමාන රූපරාමු තූළ ඇඟ කිළිපොලා යන සංගීතයට මුසුව අපූරුවට සටහන් වී ඇත.
භීතිය හා ත්‍රාසය කැටිකොට ගත් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ප්‍රසිද්ධ සිනමාකරු එඞ්වර්ඞ් පිල්ට්ස්ගේ මෙම නවතම නිර්මාණය වන It Comes At Night.. තිර කතාවද ඔහුගේම අතින් ලියවුණකි.
ලෝකය පුරා මිනිසුන් බිලිගන්නා දරුණු වසංගතයක් පැතිර යද්දී පෝල් ඔහුගේ බිරිඳ සාරා පුතු ට්රැව්ස් වන පෙතක කෙළවර හුදෙකලා නිවෙසක තනිවෙයි. චිත්‍රපටය ඇරඹෙන්නේ තදින් හුස්ම ගන්නා හඩකින් හා ගෑස් මුහුණු ආවරණ තුළින් කිහිප දෙනෙකු අතර ඇතිවන සංවාදයක් සහිත අඳුරු රූපරාමු සමූහයකිනි.
“ඔයාට මාව ඇහෙනවද?“ තාත්තා මං ඔයාට ආදරෙයි. ඒත් මේ දුප්පෝෂක ලෝකේ අපි ආදරය කරන අයවත් මරන්න වෙලා තියෙන්නේ. මේ වෙලාවේ වසංගතය බෝවුණ වසංගත රෝගීන්ව වගේම වසංගත ඥාතින්ව වෙඩි තියලා ගිනිතියා දාන එකයි වෙන්නේ. මේ ත්‍රාසජනක වදන් අතරින් සරාගේ හඬ නැගි එන්නේ “එයා ඒක නොදකින්නයි තිබ්බේ“ යනුවෙන් සිය පුතු ගැන සඳහන් කරමිනි. කතාව දිග හැරෙන්නේ තමන්ගේ පියා සීයාට වෙඩි තබා මරාදමන අයුරු දැක කම්පනයට හා තැවුලට පත් කුඩා ට්රැව්ස්ගේ ඇසින් දුටු කතාවක් ලෙසිනි.
පෝල් වසංගතයට ගොදුරු වු සිය පියා වෙඩිතබා මරා ගිනි තැබූ පසු බලකොටුවක් මෙන්ම හිරගෙයක් බඳු වු නිවසේ සිය බිරිය සහ පුතා සමඟ තනිවෙයි. සීල් තැබූ කොරිඩෝවක කෙළවර ඇති එක් රතු පැහැති දොරකින් සෙසු ලෝකයාට හිමිවන මෙම තාවකාලික හිරගෙයට තවත් පවුලක් කැඳවාගන්නට පෝල්ට බලකෙරේ. ඔවුන් අතර හටගන්නා මානුෂික සබඳතා හා මානුෂික ගැටුම් , සැකය , වසංගතය හේතුවෙන් ඇති වූ භීතියේ කම්පනය . ආදරය , සෙනෙහස මේ සියල්ල මැද සිය ජිවිත ගලවා ගැනීම උදෙසා සිදුකරන අරගලය විශිෂ්ඨ කැමරාකරණයක් තුළින් ප්‍රතිනිර්මාණයට අධ්යක්ෂවරයා සමත්ව ඇත්තේ ප්‍රේක්ෂකයා ත්‍රාසයෙන් ලොමු ඩැහැ ගන්වමිනි.
වසංගතය පැතිර ගිය සෙසු ලෝකයෙන් ඈත්ව තනිව සිය ජීවිත බේරා ගන්නට සිතූ සරාට සහ පෝල්ට අන්තිමේදී වසංගතයේම ගොදුරු බවට පත්ව තනිවන්නට සිදුවන ආකාරය It Comes At Night.. බොක්ස් ඔෆිස් වාර්තා දිනූ චිත්‍රපටය තුළින් ඔබට නැරඹිය හැක.
ඩොලර් මිලියන පහක වියදමින් තැනූ මෙම චිත්‍රපටය මුල් දින කිහිපය තුළදිම ඩොලර් මිලියන 17 . 1 ක වාර්තාගත ආදායමක් උපයා තිබේ. බ්‍රයන් මැක්ඔම්බර් මෙහි ඇති ඇඟ කිලිපොලා යන සංගීතය නිර්මාණය කොට තිබේ.
No comments:
Post a Comment