Wednesday, December 14, 2016

සාතන්ගේ පද නවකතාව වාරණය වීමට හේතු සාධක








මුද්‍රිත ලේඛනයක් පිළිබඳව මූලික වාරණයක් පනවා තිබෙන්නේ වර්ෂ 1938 දීය. එනම් තමන්ට රුචි පරිදි යම් යම් දේ ලියා පළ කිරීමේ නිදහස් මුද්‍රණයත් බිහිවීමත් සමඟ ඇති විය. ඇතැම් විට එම ප්‍රකාශන

ඤූ  රාජ්‍ය ද්‍රෝහී ලේඛන

ඤූ  පුද්ගලයන්ට අපහාස වන ආකාරයේ ලේඛන

ඤූ  විවිධ විරෝධාකල්ප ඇතිවීමට තුඩුදෙන ආකාරයේ ලේඛන ලෙස ප්‍රකාශයට පත්වීමේ ඉඩකඩ ඇතිවිය.

                   මේ නිසා එවැනි වරදවල් වැළැක්වීම උදෙසා පාලක පක්ෂය වාරණය භාවිතා කරනු ලැබීය. ඒ අනුව පොත්, විදුලි පුවත්, නාට්‍ය, විද්‍යුත් ලිපි, සඟරා, ලිපි, ගීත ලේඛන, පුවත්පත්, චිත්‍රපට, ගුවන් විදුලි වැඩසටහන්, රූපවාාහිනී වැඩසටහන් ආදිය දැක්විය හැකිය.

                  කරුණු වලට අනුව වාරණය යන්න සරලව හඳුනාගත හැකිය.

සල්මන් රුෆ්ඩි නම් ඉන්දීය හා බි්‍රතාන්‍ය ලේඛකයාගේ
satanic verses හෙවත් සාතන්ගේ පද නවකතාවද මෙලෙස වාරණය වූ නවකතාවකි. සල්මන් රුෆ්ඩිගේ මහත් ලෙස මතභේදයට ලක්වුණු සුවිශේෂි නවකතාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඒ අනුව මෙම නවකතාව වාරණය වීමට හේතු සාධක අධ්‍යනය කිරීම වටී.



                        ඒ අනුව සල්මන් රුෂ්ඩිගේ මෙම නවකතාව satanic verses මෙරටට ගෙන්වීම තහනම් කරන ලද්දේ අප රටේ කැබිනට් මණ්ඩලය විසිනි. එය මෙරටට ගෙන්වීම තහනම් වීමට හේතු සාධක කවරේද යන්න මින් ඉදිරියට අධ්‍යනය කළ යුතුය. මෙම පොත හේතුවෙන් රට තුළ අනාගතාය්දී විශේෂ කලබගෑනියක් නැතිනම් ආන්දෝලනයක් සිදුවිය හැකි බව මෙරට ඇමති මණ්ඩලයේ මතය විය. නමුත් මෙය අප රටේ තහනම් වීමට ප්‍රධාන හේතු ලෙස සාහිත්‍යධරයන් දකිනුයේ 

  ආසන්න රට ඉන්දියාවේ තහනම් වීම.
  ආසන්න වෙමින් තිබුණු ජනාධිපතිවරණය නිසා,  බවයි.



          එම නවකතාවෙන් ඉස්ලාම් ආගමේ ගරුත්වයට හානි වූවා යැයි පැවසේ. ඒ අනුව එම නවකතාව ලංකාව තුළ ස්ථාපිත වුවහොත් ඉහත දක්වන දෙවන කරුණට අනුව ජනාධිපතිවරණයට ඉස්ලාම් ජනයාගේ ඡන්ද මනාප අඩු වේ යැයි බියක් හටගෙන තිබීම යැයි විද්වත් මතයයි. ඒ අනුව නවකතාව අප රටේ තහනම් වීමට  හේතුව ලෙස දැක්වෙනුයේ ඉස්ලාමීය ජාතියේ මතභේදාත්මක තත්වයක් ලෙස මොවුන් දක්වන සමාජමය හානියක් නොව ඉතා දේශපාලන ඇගයුමක් හේතු කොට ගෙන බව කිව යුතුය.

       තවද පකිස්තානයේ නම් මෙම ී්ඒබසජ ඩැරිැි හෙවත් සාතන්ගේ කවි නවකතාව තහනම් වූයේ ශ්‍රී ලංකාවේ තහනම් වීමට වසර ගණනාවකට පෙරය. එයට හේතුව වනුයේ ඉන්දීය රේගු පනතේ 11 වන වගන්තියට අනුව “සියෙද් සහබුදින්, කුර්ෂඞ් අලබි, සුලෛයිමන් සයින් ” යන මුස්ලිම් දේශපාඥයිනගේ ප්‍රබල නියෝජිත කණ්ඩායමක් විසින් ඉන්දීය ආණ්ඩුවට මේ පිළිබඳව බරපතල ලෙස පැමිණිලි කිරීමෙන් අනතුරුවය. ඉන් නොනැවතුණු පකිස්ථාන මුස්ලිම් දේශපාලන කණ්ඩායම ී්ඒබසජ ඩැරිැි නවකතාවට හා සල්මන් රුෂ්ඩිට එරෙහිව පෙත්සම් අත්සන් කඑන ලදී. ඊට අමතරව විරෝධතා ව්‍යාපාර ද දියත් කරන ලදී. එයට තවත් හේතුවක් ලෙස පකිස්තාන රජය සල්මන් රුෂ්ඩිව මුල සිටම හෙළා දැකීමට හේතු වූ බව කිව යුතුය. නමුත් ඉන්දීය ආණ්ඩුව මේ පිළිබඳව ගත් තීරණ විටෙකදී පැහැදිටිය. විටෙක අපැහැදිලිය. එයට හේතුව ලෙස එම තීරණවිටෙක පක්ෂපාතී වූඅතර විටෙක අපක්ෂපාතී විය. එයට හේතුව ලෙස ඔවුන් දැක්වූවේ සාහිත්‍යය ගුණයෙන් අනූන මෙවැනි වූ කලාකෘතියක් වාරණය කිරීම මඟින් වෙනත් වාර්ගිකවාදීන් සතුටු කිරීමේ අභිප්‍රායක් ඔවුනට නොමැති බවත් එය කලා කෘතියකට අදාළ නොවන බවත්ය.



කෙසේ වුවද මෙම තහනමට හේතු වූ ආගමික මතවාදය උපහාසය දනවන සුළු කරුණකි. එයට හේතුව ඉන්දීය සඟරාවක් මෙම නවකතාව පිළිබඳ අගතිගාමී විවරණයක යෙදුණේය. ඉස්ලාමික ජනවහර හා සිද්ධි වාචක සත්‍ය දෙස නවකතාකරු නොසැළකිළිමත් බැල්මක් හළා ඇතැයි චෝදනා කරන ලද එම විවරණය ඔස්සේ කතුවරයා හා නවකතාව යන දෙදෙනාම විරෝධය නමැති කුණාටුවට ගසාගෙන යතැයි අදහස් පළ කරන ලදී. එම අවස්ථාව උදා වන්නේ කුමන මොහොතේදැයි ඉස්ලාමික විරෝධවාදීහු බලා සිටියහ. ඒ අනුව අතළොස්සක් වූ මුස්ලිම් නායකයින් ඉදිරියට පැමිණ තම ආගම, ආගමික මතවාද මෙම නවකතාව ඔස්සේ උල්ලංඝනය වී ඇතැයි පවසමින් මෙය වහා තහනම් කරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන ලදී. මෙලෙස මෙම ී්ඒබසජ ඩැරිැි නවකතාවට එරෙහිව කටයුතු කළද එම මුස්ලිමානුවන් කිසිවෙකු මෙම නවකතාව නොකියවා තිබීම ගැටළු සහගතය. එයට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ “කුණුකාන්වක් දිගේ ගමන් කරන්නේ කෙසේද” යැයි යනුවෙනි. එයින් පැහැදිලි වූයේ ඔවුන් විශිෂ්ට සාහිත්‍ය කෘතියත වටිනාකම කුමක්දැයි නොදැන තම නායකයින්ගේ පටු අදහස් වලට ගරු කරන අඥාණ ගෝල බාලයින් පිරිසක් බවටය. ඒ අනුව මොවුන් තම ආගමික මතවාදය සාහිත්‍ය කෘතියකට පාවා දෙමින් මෙය වාරණයකට ලක් කරන ලදී.



                                                                                                       තවත් විස්තර පසුව.......