Tuesday, May 23, 2017

ශිෂ්‍යයන් ඇවිලුණොත්














සාලාව ඇවිලුනා
එසැණින් නිවුනා
හැබැයි
ඇවිලුණොත්
නිවන්න අමාරුයි,
ඔවුන්ගේ අයිතීන්
දිනා ගන්නා
මොහොත තෙක්
ශිෂ්‍ය අරගලයේ දී
ඇවිලුණොත්
ශිෂ්‍යයන් .

Thursday, May 11, 2017

සෙල්ෆිමේනියාව

   



සෙල්ෆිමේනියාව

මචං, අතන පට්ට place එක,
කට්ටිය ගොඩ කාලෙකින් සෙට් වුණෙත්,
ආයෙත් මෙහෙම දවසක් නම් එන්නැති වෙයි,
ගහමුද සෙල්ෆියක්.

නුතනයේ යන යන තැන මෙම වචනය කණට නොඇසෙන්නේ කළාතුරකිනි. ඒ තරමටම මෙම සංකල්පය ලොව පුරාම පැතිරිලා තියෙනවා. ඡායාරූපකරණය නම් සංකල්පය තුළ දැඩි විමර්ශනශීලීත්වයක් ජනිත කරවමින් එය කණපිට පෙරළීමට මෙම සෙල්ෆි තාක්ෂණයට හැකිවෙනවා. ඡායාරූප කර්මාන්තය වලපල්ලට ඇඳ වැටෙන පෙර නිමිති පහළ වීමටත් මේක එක හේතුවක් වෙනවා.

  අද සමාජයේ තරුණ පරම්පරාව සෙල්ෆි තාක්ෂණයට ඇබ්බැයි වෙලා තියෙන්නේ හරි පුදුම වේගයකින්. තැනක් නොතැනක් නැතුව තම ස්මාර්ට් ජංගම දුරකථනය ඉහළට ඔසවා සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය ඊටත් වඩා වේගයකින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හරින ආකාරය විටෙක පුදුම සහගතයි. ඉන් තමන්ට සිදුවන යහපත හෝ අයහපත ගැන මදකට නොසිතයි. එක්තරා සියුම් තෘප්තියක් වෙනුවෙන් විටෙක මුලු ආත්මයම නැති නාස්ති වෙයි.        
                             
   නමුත් මෑත භාගයේ ලොවට හදුන්වා දුන් ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණයත් සමඟ ඡායාරූපකරණය වෙනමම අතකට පෙරළෙන්නට විය. තමාට අවශ්‍ය වුව ද අනවශ්‍ය වුවද ඕනෑම කුණු ගොඩක් ප්‍රමිතියෙන් තොර ඡායාරූපයක් බවට සැණින් පරිවර්තනය විය. ක්‍රමයෙන් එම තාක්ෂණය දියුණු වෙත්ම සෙල්ෆි ඡායාරූපකරණය ද ජංගම දුරකථන තාක්ෂණයත් සමඟ ලොව සතර දෙසින් ම ආක්‍රමණය කරන්නට විය. අද වන විට එය එක්තරා කළාවක් බවට පරිවර්තනය වී ඇත. දුටු දුටු තැන, පයට පෑගෙන වැලි කැට වලට නොදෙවෙනි ලෙස සෙල්ෆි ඡායාරූපකරණය සමාජ තලය ආක්‍රමණය කොට තිබේ. එය බාල මහළු තරුණ වශයෙන් භේදයකින් තොරව හැදිනගෙන තිබුණ ද තරුණ පරම්පරාව වර්තමානය වන විට මෙය වැළඳගෙන ඇත්තේ තමාට ලැබුණු උසස් වරමක් වශයෙනි. එයට තැනක් නොතැනත් නැත. සුදුසු ද නුසුදුසු ද යන්න අදාළ නැත. තරුණ පරම්පරාවට නැතිවම බැරි සංකල්පයක් බවට පත්ව ඇත.  කෙටියෙන්ම කියතොත් මෙය මේනීයාවකි. මෙය සෙල්ෆිමේනියාව නමින් හැදින්වීම වඩාත් සුදුසුය. 

Wednesday, May 10, 2017

අතිනත ගන්නට පෙර ලියමි...




අතිනත ගන්නට පෙර ලියමි... 

සුදු මීදුම් පටල
කෙළි කවට කම් කරන
කදු අතරිනිදු
හමා යන
සිසිල් මද නල
දිවිය සිසාරා හමා ගිය
ඔබගේ හමුවිම
මීදුම් පටල අතරින්ම
හිරු රැස් විකසිතව
වියැකී යන්නට පෙර 
එය සිහිවනු වස්
මියෙන තුරා නොව
සදාකාලිකව මිලින නොවන්නට
තබන්නට සැමරුමක්
අවසරයි ඔබෙන්...

Tuesday, May 9, 2017

ලිප්ටන්ගේ අසුන (lipton seat)


 






 ලිප්ටන්ගේ අසුන 
ශ්‍රී ලංකාව යනු සංචාරක කර්මාන්තය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටකි.  දේශගුණය , කාලගුණය දන්ම පිහිටීම අතින් ද සුවිශේෂිත්වයක් උසුලන අප රටේ ස්වභාව සෞන්දර්යයෙහි ඇති විශිෂ්ඨත්වය පිළිබඳ  වචන වලින් කියා නිම කල නොහැකිය. එක් දෙසකට සීමා නොවී මුළු රටම ආවරණය වන්නා වූ සංචාරක පුරවරයක් ලෙසට අප රට හැදින්විය හැක. දිය ඇළි , කඳු , ගංඟා , වන උද්‍යාන මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන භූමි භාග වලින් හෙබි සුන්දරත්වයකට අප රට හිමිකම් කියයි. ඒ අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශණය නොඅඩුව ලබා ගැනීමට මෙම අපූර්ව පරිසරයට හැකිවී ඇත.

           ශ්‍රී ලංකාවේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කය යනු කඳුකර රූ සොබා මවන අපූර්ව ස්වභාව සෞන්දර්යයකට හිමිකම් කියන භූමි ප්‍රදේශයකි. ලොව දෙස් විදෙස් සංචාරකයික්ගේ අවධානයට පාත්‍ර වුණු පිහිටි ස්වභාවික පරිසරයේ ඇති චමත්කාරජනක භාවය ඇසූ දුටුවන්ගේ නෙත් සිත් ප්‍රබෝධමත් කරවයි. සුප්‍රසිද්ධ දිය ඇළි කොමළියන්ගෙන් ද , අහස උසට දිවෙන කඳු පංති වලින් ද , ස්වභාවික වන පෙත් වලින් ද , පුරා විද්‍යා උරුමයන්ගෙන් ද බදුල්ල දිස්ත්‍රික්කයේ අසිරි සිරිය තව තවත් වැඩි කරයි. රාවණා , දියළුම , දුන්හිද , බඹරගල කන්ද ආදී අලංකාර දිය ඇළි ද , නමුණුකුල , නකල්ස් ආදී ස්භාවික කදු පංති ද , බදුලු දිස්ත්‍රික් එක් සීමා ප්‍රදේශයක පිහිටා ඇති ඔහිය රක්ෂිතය ඔස්සේ දිවෙන හෝර්ටන් .තැන්න ආදී සුන්දර ස්ථාන ද , දෙස් විදෙස් සංචාරකයින් අමන්දානන්දයට පත් කරන සුන්දර දුම්රිය මාර්ගයකට ද හිමිකම් කියනුයේ සීතල බදුලු පුරවරයයි. සාරවත් කෙත් වතු , වෙල් යායවල් , එළවළු කොරටු මෙන්ම අලංකාර මල් වතු වලින් බදුලු පුරවරය ස්වයංපෝෂිතය.

                                          මෙවැනි වූ සුන්දරත්වයකින් හෙබි පෙදෙසක ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරූ නිර්මාණයක් ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයට සොබාදහමින් දායාද කර තිබේ. සීතල හපුතලය පුරවරයේ පිහිටා ඇති තවත් එක් සොදුරු ස්ථානයක් ලෙසටත්  දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් ස්භාවික ස්ථානයක් ලෙසටත් මෙය හැදින්විය හැක.  lipton  seat නමින් හදුන්වන මෙම ස්ථානය ලිප්ටන්ගේ ආසනය යන විරුදාවලියෙන් යුක්ත වේ. හපුතලය ප්‍රදේශයේ දඹේතැන්න ග්‍රාමයේ උස් කඳු මුඳුනක පිහිටා ඇති මෙම සොඳුරු ස්ථානය ඇසූ දුටුවන්ගේ නෙත් සිත් පුදුම කරවන ස්භාවික චමත්කාරයෙන් අනූනය. දෙස් විදෙස් සංචාරකයින්ට මෙම lipton  seat     නැතහොත් ලිප්ටන්ගේ අසුන නමැති සොදුරු ස්ථානයට ළඟා වීමට මාර්ග දෙකක්   ඇත ඉන් එක් මාර්ගයක්  හපුතලය  දඹේතැන්න  හරහා ද අනෙක් මාර්ගය බණ්ඩාරවෙල   නායබැද්ද හරහා ද  වැටී ඇත. මා



                  හපුතලය   -     තොටුලාගල    -      පිටරත්මලේ     -    දඹේතැන්න      -    ලිප්ටන්ගේ අසුන
                

                  බණ්ඩාරවෙල   -      නායබැද්ද   -     බණ්ඩාරඑළිය  -       ලිප්ටන්ගේ අසුන

                                    බණ්ඩාරවෙල නගරයේ සිට ඉහත දක්වන මාර්ගය ඔස්සේ 18 km   ගමන් කිරීමෙන්    පසු මෙම ස්ථානයට ළඟා විය හැකි අතර  හපුතලය නගරයේ සිට 16 km ඉහත මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් ලිප්ටන්ගේ අසුන නම් මෙම සොදුරු ස්ථානයට ළඟා විය හැක. කෙත් වතු මැදින් වැටී ඇති මෙම මාර්ග දෙකෙන් ගමන් කරන සංචාරකයාට මීදුමෙන් වට සීත පරිසරයක සිසිල විද ගත හැක.




       මෙම කදු මුදුන දුටු ප්‍රථමයය විදේශිකයෙකු වේ. සුදු ජාතික වැවිලි කරුවෙකු වූ මොහු ස්කොට්ලන්ක ජාතිකයෙකි. නමින් තෝමස් ජේ ලිප්ටන්ය.  අප රට බි්ර්තාන්‍ය යටත් විජිතයක් ව පැවති සමයේ ලංකාවට පැමිණි මොහු 1890දී පමණ අක්කර 925ක තේ වත්ත වෙනුවෙන් ඌව පළාතේ විශාලතම තේ කර්මාන්තශාලාව ඉදිකල මොහු විවේක සුවය විදීමට මෙම කදු මුදුනට යාමට පුරුදුව සිටි අතර ඔහු අසුන් ගෙන සිටි ස්ථානය ලිප්ටන්ගේ අසුන නම් විය.

   මුහුදු මට්ටමෙන් අඩි 1970ක් උසින් පිහිටි මෙම අපූරූ ස්ථානයට ලිප්ටන් ආණ්ඩුකාරවරයා අශ්වයා පිටින් යන අවස්ථාවලදී මෙම කන්දේ සිට අවට දැකගත හැකි කදු 5ක් මුල් කරගෙන තේ කර්මාන්තය ආරම්භ කිරීමට මොහු උත්සහ දැරීය. කදු මුදුනට ගිය මොහුට වැටහුනේ ශ්‍රී ලංකාවේ අංශක 360 ක වට ප්‍රමානයක් එකම ස්ථානයක සිට නැරඹිය හැක්කේ මෙම කදු වළල්ල මත සිට බවයි. 

                                               ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාවටම තේ කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් ඔහු දුටු කදු වළලු 5 මුල් කර ගනිමින් මහා පරිමානයේ තේ වතු ආරම්භ කරන ලදී. කසචඑදබ නමින් එම තේ කර්මාන්තය ලොව පුරා ප්‍රචලිත කර අතර නූතනයේ ලොව රටවල් 196ක් පමණ  ලිප්ටන් තේ නාමය වැළදගනුයේ මෙම හේතුවෙනි. ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මිනිසුන් ගෙන්වා ආරම්භ කල මෙම තේ කර්මාන්තය ඔස්සේම කසචඑදබ ිැ්එ නම් මෙම සංචාරක පුරවරය බිහිවන්නට ඇත. ඒ අනුව එසේ තේ කර්මාන්තය ආරම්භ කල කදු වළලු 5 මෙසේය.



x         සෙන් කැතරින් ෂීට්

x         රොබට් ෂීට්

x         ඇල්බට් ෂීට්

x         ලිප්ටන් ෂීට්

x         ටිලර් ෂීට්

                                    මෙම කදු පංති පහම මිලට ගෙන ස්වභාව සෞන්දර්යය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන් දියුණූ කරනු ලැබූයේ තෝමස් ලිප්ටන් ආණ්ඩුකාරවරයා වේ. අප රට අංශක 360 ක කෝණයකින් නැරඹිය හැකි එකම ස්ථානය මෙම ස්ථානය බවට හදුනා ගත් මොහු එය සංචාරක වටිනාකමකින් අනූන සුන්දර තැනක් බවට ද අවබෝධ කර ගත්තේය.

                                          ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට පුරෝගාමි මෙහෙවරත් ඉටු කිරීමේ අටියෙන් එහි තවත් එක් ඉදිරි පියවරක් ලෙසට ලිප්ටන් ආණ්ඩුකාරවරයා ආරම්භ කල දfඹිතැන්න තේ කර්මාන්තශාලාව ද දැක්විය හැක. මෙය ද සංචාරක ආකර්ශණය දිනාගත් ලිප්ටන් ෂීට් හී තවත් එක් අංගයකි. දඹේතැන්න එැ් ිඒඑැ නමින් වර්ථමානයේ එය ප්‍රචලිතය. එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 1566 ක් උසින් පිහිටා ඇති මෙම කර්මාන්තශාලාව  ලංකාවේ දිගම සහ උසම කර්මාන්තශාලාව මෙය වේ.

                        කර්මාන්තශාලාවේ දිග      අඩි 3

                        කර්මාන්තශාලාවේ උස      අඩි 40


                                                             මෙහි ලියාපදිංචි අංකය 269 වේ. කර්මාන්තශාලාවේ පහළ මාලයේ විශාලත්වය වර්ග අඩි 9760 ක් වේ. තොමස් ජේ ලිප්ටන් ආණ්ඩුකාරවරයා මෙම  කර්මාන්තශාලාව  ආරම්භ කල මුල් හිමිකරු වන අතර නූතනයේ මෙහි අයිතිකාරත්වය දරනුයේ ලංකෙම් සමාගමේ ආගරපතන චක්බඒඑසදබ නම් පුද්ගලික ව්‍යාපාර කණ්ඩායමයි.

           ලිප්ටන් ෂීට් නම් මෙම සංචාරක පාරාදීසය නැරඹිමට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය නිතැතින්ම මෙම කර්මාන්තශාලාවට ද ලැබේ. ඔවුන් මෙම මහා පරිමාණ කර්මාන්තශාලාවේ විශිෂ්ඨත්වය දැක බලා ගැනීමට ද අමතක නොකරති. ු

මෙම කර්මාන්තශාලාව පිහිටා ඇති ස්ථානයේ සිට 7 න ප දුරින් කදු මුදුනට වන්නට ලිප්ටන් ෂීට් නම් මෙම සංචාරක පාරාදීසය පිහිටා ඇත. දමිල ගම්මානයක් මැදින් වැටී ඇති මෙම මාර්ග දෙපස ඇත්තේ මහා පරිමාණ තේ වතුය. කර්මාන්තශාලාව අසලට පමනක්  ප්‍රධාන ප්‍රවාහන සේවා සපයා ඇති අතර එතැන් පටන් ගමන් කළ යුත්තේ  පෞද්ගලික වාහනයකින් හෝ පයින් ය.  මෙම සුන්දර පෙදෙස තුල එදා ලිප්ටන් ආණ්ඩුකාරවරයා සිටි නිවස ද දැක බලා ගත හැක.

                              මෙම ස්ථානය සංචාරක පාරාදිසයක් බවට පත් වීමට බලපෑ හේතු කිහිපයකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය , ආකර්ශනය දිනා ගැනීමට බලපෑ අපූරූ ස්වභාව සෞන්දර්යයක් මෙයට හිමිය.
  •  පිහිටා තිබෙන ස්ථානය.
  •  දේශගුණික සාධක. අවට ඇති ජෛව විවිධත්වය.
  •  එතැන් සිට නැරඹිය හැකි ස්ථාන.

මෙහි ඇති සුවිශේෂිම කාරණය වන්නේ කදු මුදුනේ සිට ලංකාවේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි නැරඹිය හැකි එකම ස්ථානය මෙය වන බවයි. ඒ අනුව මෙම ස්ථානයේ සිට ලංකාවේ පළාත් නවය අතුරින් පළාත් පහක් . මෙන්ම කදුකර ප්‍රදේශයක සිට වෙරළ තීරය  ද නැරඹිය හැකි  ලංකාවේ එකම ස්ථානය මෙය වේ. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින් පුදුමයට පත් කරවන සොදුරු ස්ථානයක් ලෙස ට මෙය හැදින්විය හැක. ඒ අනුව ලංකාව්
  1.   ඌව පළාත.
  2.   සබරගමු පළාත.
  3.   මධ්‍යම පළාත.
  4.   දකුණු පළාත.
  5.   නැගෙනහිර පළාත.

යන  පළාත් පහ මෙම ස්ථානයේ සිට පැහැදිලිව නැරඹිය හැක. ට අමතරව
  •   ජලාශ.
  •   වනෝද්‍යාන.
  •   කදු.
  •   දිය ඇළි.
  •   පූජනීය ස්ථාන.
  •   ගම්මාන.
      නගර.  
                             මෙන්ම

කදුකර ප්‍රදේශයක සිට ලංකාවට  ආවේණික ස්භාවික සම්පතක් වන රමණිය මුහුදු තිරය ද දැක බලා ගත හැකි එකම ස්ථාවය මෙය වේ. ඒ අනුව කසචඑදබ ිැ්එ හී සිට ඌව පළාතේ කොස්ලන්ද , වැල්ලවාය , මොණරාගල , හපුතලය , ඇල්ල , පස්සර , මහියංගණ , වැලිමඩ , කතරගම , වැඩිහිටි කන්ද  ආදී ප්‍රදේශ ද  ,  සබරගමු පළාතේ බෙලිහුල්ඔය , බලංගොඩ, පැල්මඩුල්ල , රත්නපුර , ශ්‍රි පාදය , ඇහැළියගොඩ දක්වා ද , මධ්‍යම පළාතේ  නුවරඑළිය , හග්ගල , පට්ටිපොල , පිදුරුතලාගල , අඹේවල , කිකිළියමාන , තොටුපොල ආදී ප්‍රදේශ ද පැහැදිලිව නැරඹිය හැක. තව ද දකුණු පළාතේ දෙවුන්දර , හම්බන්තොට , මාතර , සූරියවැව  ආදී මුහුදුබඩ ප්‍රදේශ ද  නැගෙනහිර පළාතේ පොතුවිල් , අම්පාර , පාසිකුඩා , සියබලාණ්ඩුව , ආරුගම්බේ ආදී ප්‍රදේශ ද පැහැදිලි ව නැරඹිය හැක් වීම මෙහි ඇති විශේෂත්වයයි.

තව ද මෙම ස්ථානයේ සිට ලංකාවේ සුප්‍රසිද්ධ ජලාශ කිහිපයක් එකවර දැක බලා ගත හැක. ඒවානම්

  • ලුණුගම්වෙහෙර ජලාශය.  
  • උඩවලව ජලාශය. 
  • කල්තොට ජලාශය.
  • හබ්බේගමුව ජලාශය.
  • චන්ද්‍රිකා වැව.

ඊට අමතරව ලංකාවේ සුප්‍රසිද්ධ පූජනීය ස්ථාන කිහිපයක් එකවර නැරඹිය හැකි ස්ථානය ද ලිප්ටන්ගේ අසුන  වේ.


  •  මහියංගණ චෛත්‍යය.
  •  කතරගම කිරිවෙහෙර.
  •  වැඩිහිටිකන්ද.
  •  මාළිගාවිල.
  •  මුතියංගණ වෙහෙර.

මෙන්ම කුඩා චෛත්‍යය සිය ගණනක් ඉතා පැහැදිලිව දැක බලා ගත හැක. ඊට අමතරව ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ අනභිභවනීය සම්පකතක් වන ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ද කදුකර ප්‍රදේශයක සිට නැරඹිය හැකි එකම ස්ථානය ද මෙය වේ. ඒ අනුව

x         දෙවුන්දර තුඩුව.

x         හම්බන්තොට වරාය.
                         
x         පාසිකුඩා වෙරළ තීරය.

x         පොතුවිල් වෙරළ තීරය.

x         ආරුගම්බේ වෙරළ තීරය.

                              

 වැනි වෙරළ තීරයන් නියමිත කාල වලදී පැහැදිලිව දැක බලා ගත හැක. ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූවන්ගේ අදහස වනුයේ හම්බන්තොට වරායේ නැව් ගමනාගමනය ද ,  මාතර, හම්බන්තොට හා අම්පාර ආදී ප්‍රදේශ වල ප්‍රදීපාගාර  ද මෙම ස්ථානයේ සිට ඉතා පැහැදිලිව දැක බලා ගත හැකි බවයි.


*මීදුම නැති පැහැදිලි කාල වලදී හම්බන්තොට වරායේ නැව් ගමනාගමනය ද පැහැදිලිව දැක බලා ගත හැකි එකම කදුකර ප්‍රදේශය මෙය වේ.*

                                                                                          රාජා රවිශංකර
                                                                                          දඹේතැන්න,
                                                                                          හපුතලය.



     මීට අමතරව  සිංහරාජය , උඩවලව , යාල ආදී වනෝද්‍යාන ද මෙම ස්ථානයේ සිට නැරඹිය හැක. මේ ආදි වශයෙන් ශ්‍රී ලංකාවේ ස්භාවික සෞන්දර්යයේ අපූර්වත්වය එකම ස්ථානයක සිට නැරඹීමට හැකි වීම මෙහි සංචාරක ආකර්ශණය දිනා ගැනීමට හේතුව වේ. බොහෝ දෙනෙක් නොසිතන මෙවැනි ස්ථානයක මෙතරම් වැදගත්කමත්  තිබේ යැයි සිතීමට ලවා අපහසුය. වසරේ වැඩි කාලයක් මීදුමෙන් වැසී තිබෙන මෙම සොදුරු ස්ථානය මීදුම නොමැති කාල වලදී ලංකාවේ හරි අඩකටත් වැඩි ප්‍රදේශයක් නැරඹිය හැක. රවිශංකර් මහතා පවසන පරිදි වර්ෂාපතනය නොමැති කාල වලට මෙම ස්ථානයේ නැරඹීය හැක්කේ ඉතා සීමිත දුර ප්‍රමාණයකි. එයට හේතුව මීදුමෙන් මුළු ප්‍රදේශයම ආක්‍රමණය කිරීමයි. තව ද වැසි සහිත කාල වලදී පවතින අධික සිතල මෙන්ම අකුණු අනතුරු හේතුවෙන් ද විටෙක මෙහි විචිත්‍රත්වය නැරඹීමට බාධා පමුණුවයි.

                              ලිප්ටන් අසුනේ සංචාරක ආකර්ශණය දෙසට අවධානය යොමු කිරීමේදී දේශිය මෙන්ම විදේශීය සංචාරකයන් ද අඩුවක් නොමැතිව මුළු වර්ෂය පුරාවටම මෙම ස්ථානයේ ඇති සුවිශේෂිත්වය මෙන්ම සුන්දරත්වය විද ගැනිමට පැමිණේ. වැඩි වශයෙන් ම සංචාරකය්න් මෙම අපූරූ ස්ථානය කරා ඇදෙන්නේ අවුරුද්දේ අගෝස්තු හා දෙසැම්බර් කාල වලටය. එයට හේතුව වනුයේ අගෝස්තු මාසයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් පැහැදිලි ලෙස ඉහත දක්වන ලද ප්‍රදේශ නැරඹිය හැකි වීමයි. විදේශීය සංචාරකයින්ගේ සංචාරක සමය වනුයේ දෙසැම්බර් මාසය වන නිසාවෙන් දෙසැම්බර් මාසයේදි ද වැඩි වශයෙන් සංචාරකයින්ගේ පැමිණිමක් දක්නය ලැබේ. නමුත්  අවුරුද්ද  පුරාවටම සංචාරක ආකර්ශණය දක්නට ලැබෙන අතර දිනපතා පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය එකිනෙකට විවිධ වේ. තව ද  අවුරුද්දෙන් අවුරුද්දට ද  එම පිරිසේ අගය වෙනස් වේ. ඒ අනුව

                              යුරෝපය                     

                              ජර්මනිය          

                              ප්‍රංශය

                              චීනය

                              ජපානය      

                             ඉන්දියාව

                             කිරිකිස්ථානය

                             රුසියාව

                             පෝලන්තය

                             අයර්ලන්තය

                             ලීර්වා

                             ලිබියාව

                                             ආදී රටවලින් බහුතර වශයෙන් සංචාරක ආකර්ශණයක් ලිප්ටන් අසුන වෙත යොමු වෙමින් පවතී. දිනපතා පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතරය මෙම රටවල  වීම ද විශේෂත්වයකි. මෙලෙස පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ මාර්ගෝපදේශකවරයා ලෙස කටයුතු කරනුයේ ලොව භාෂාවන් 26ක් පමණ හැසිරවීමේ දක්ෂතාවය ඇති හපුතලය දඹේතැන්න   ග්‍රාමයේ පදිංචි රාජා රවිශංකර් නමැති ද්‍රවිඩ ජාතික තරුණ මහතෙකි. 




ලිප්ටන් අසුන නම් මෙම සුන්දර ස්ථානයේ නඩත්තු කටයුතු සිදු කරනුයේ ලංකෙම් සමාගමට අනුබද්ධ ආගරපතන චක්බඒඑසදබ  නම් පුද්ගලික සමාගමයි. ලිප්ටන් අසුන නැරඹීමට යන දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ට නිකුත් කරන ප්‍රවේශ පත්‍ර ගාස්තුව යොදා ගනුයේ මෙම භූමියේ නඩත්තු නටයුතු සදහාය. නමුත් ස්භාවික පිහිටීමක් වන බැවින් අය කරනුයේ ඉතාම සීමිත මුදලකි. වෙනත් කිසිම ආදායමක් මෙම සංචාරක අඩචිය සංචාරකයින්ගෙන්  අපේක්ෂා නොකරයි.    

              දේශිය සංචාරකයින්ගෙන්  = රුපියල් 20 යි

              විදේශීය සංචාරකයින්ගෙන් = රුපියල් 50 යි

              පෞදිගලික වාහන වලින් =  රුපියල් 70 යි

                                              ලිප්ටන් අසුන නැරඹීමට එන දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ට  ආගන්තුක සත්කාර කිරීමට ද එහි පාලක කමිටුව අමතක නොකරයි. ඒ අනුව ලිප්ටන් තේ කෝප්පයක් රස විදීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව හිමි වේ.

කරුණු වලට අනුව ශ්‍රී ලංකාවේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සීතල හපුතලය පුරවරයේ පිහිටා ඇති තවත් එක් සොදුරු ස්ථානයක් ලෙසටත් , ජෛව විවිධත්වයෙන් අනූන භූමි භාගයක් ලෙසටත් , සංචාරක පුරවරයක් ලෙසට   ලිප්ටන්ගේ ආසනය නමින් හදුන්වන මෙම සොදුරු ස්ථානය හැදින්විය හැක.

සමාජ විරෝධය ගීතයෙන්



 සුකිරි බටිල්ලන්ගේ ගීතය (සොදුරු දසුන්)



උපරිනත කාව්‍ය සංකල්පනා වලින් පරිණත කවියා සහෘදයා අභිමුව නෙළා සිය පන්හිදෙන් වාග් සරණියට හසුරුවා දායාද කරන කාව්‍යානුභූතිය තුළින් සෞන්දර්යය ආශ්වාදය මෙන්ම ජීවිත පරිණතිය ද උපරිමයෙන් ගැබ්ව තිබේ. ඒ අනුව අපාරගම්‍ය අත්දෑකීම් සයුරෙහි නිමග්න වන ශූර කළාකරුවා වනාහි අත්දැකීම් මිණිමුතු සහෘදාකර්ෂණයට බදුන් කරලීමට නව්‍යතාවයෙන් යුතු උපක්‍රම භාවිතා කළ අයෙකි. ඒ අනුව සහෘද රසාස්වාදය මෙන්ම ජීවන නිෂ්පත්තිය මෙන්ම සමාජ නිෂ්පත්තිය ද පෙන්නුම් කිරීමෙහිලා ගී පද රචකයා තම පන්හිඳ වාග් සරණියට හසු කල අයුරු අපූරුය. ගී පද රචකයා ගතානුගතික මතිමතාන්තර තුළ සමාජ ගර්වයෙන් පූජනීයත්වයට පත් වූ ප්‍රභූ සමාජ පංතිය ඔස්සේ සිංහල සංස්කෘතිය දේශිය අනන්‍යතාවය සිඳී බිඳී වියැකී යන ආකාරය හේතුවෙන් සිංහල සමාජ සංස්කෘතිය විපර්යාසයකට බදුන් වන ආකාරය සහෘදයාගේ චිත්ත අභ්‍යන්තරය ස්පර්ශ කරන අයුරු ඉදිරිපත් කොට ඇත.

සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා
                                                             ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
                                                              ගායනය -  නන්දා මාලනී

සමාජයේ තවත් එක් දුර්වල පැතිකඩක් අපූරුවට විවේචනය කිරිමට බෙහෙවින් ම ගැළපෙන ගීතයක් ලෙසට මෙම ගීතය හැදින්විය හැක. දේශීය සංස්කෘතියට සභ්‍යත්වයට හානිකරවන පැතිකඩක් උපරිම අයුරින් විග්‍රහ කිරීමට මෙම ගීතයට හැකිව ඇත. සුනිල් ආරියරත්න ශූරින්ගේ ගේය පද වලට නන්දා මාලනි නම් වූ සූභාවිත ගායිකාවගේ හඩ පෞරුෂය සුසංයෝගයෙන් රසික හදවත් ස්පර්ශ කල මෙම ගීතය අධ්‍යයතන සමාජ යථාර්තය අපූරුවට ප්‍රතිනිර්මාණය කරයි. වර්තමාන සමාජ ප්‍රපංචය තුළ දේශියත්වයට දේශිය සංස්කෘතියට සිදුවන විපර්යාසය දැනවිමට මෙන්ම නූතන සමාජ ජීවියාගේ ක්‍රියාකලාපයේ ඇති ශෝචනීය තත්වය හදුනා ගැනීම කෙරෙහි ද සුදුසුතම කලාංගයත් බවට සුනිල් ආරියරත්න ශූරින්ගේ හා නන්දා මාලනියගේ මෙම සුකිරි බටිල්ලන්ගේ ගීතය හැදින්විය හැක. දේශියත්වය සමාජ ශෝධනයකට බදුන් වන ආකාරය ද මෙම ගීතය තුළින් විද්‍යමාන වේ.
                   1948 න් පසු ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුව අප රට ස්වාධීන දේශයක් බවට පත් වුව ද බටහිර ගැත්තන්ගේ ක්‍රියා කළාපය හේතුවෙන් දේශීය සංස්කෘතියට වන විපර්යාසය අපූරුවට ශ්‍රාවක රසික හදවත් සංතර්පනය කිරීමට ගී පද රචකයා ගායකයා මෙන් ම තනු නිර්මාපකයා ද ගත් උත්සහය අඟය කළ යුතුය. තමන් හැදුණු වැඩුණු දේශයේ අනන්‍යතාවය සභ්‍යත්වය බටහිරකරණයට නතු කරවමින් අපට උරුම දේශයේ සංස්කෘතිය විනාශයට පත් කරන ආකාරය මෙතුළින් අපූරුවට වීග්‍රහ කිරීමට ගේය පද රචකයට දැරූ උත්සහය අඟය කළ යුතුය. නූතන සමාජ පැළැන්තියේ එක් කොට්ඨාශයකගේ ක්‍රියා කළාපය හේතුවෙන් මුළු මහත් සමාජ ප්‍රපංචයම අගතියට ලක් වන බව ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා නන්දා මාලනියගේ හා සුනිල් ආරියරත්නයන්ගේ කළාකාමිත්වය වෙසෙසින් ඉවහල් වී ඇත. එම බටහිරකරණයට ලක්වීම නම් සංකල්පය උපහාසාත්මක ලෙස විවේචනයට බදුන් කිරීමෙහිලා මෙම ගීතය ඔස්සේ ගත් උත්සහය සාර්ථකවී ඇත.

සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා.

සෑම විටම දේශීය ඌරුව පසෙක හෙළා දමමින් කටයුතු කරන ජනතාවගේ ක්‍රියා කළාපය ඔස්සේ මෙලෙස බටහිර ගැත්තන්ගේ නිරුවත විවේචනය කරන්නක් බවට මෙම ගීතය නම් කළ හැක. එය සමාජය තුළ ගොඩනැගෙන්නා වූ විරෝධාකල්පයක් බවට ද ගීතය ඔස්සේම ඉස්මතු කර දැක්වීමට කවියා යොදා ගත් උපක්‍රම අපූරුය. සරල සුගම භාෂා රටාවකින් මෙන්ම වාග් භාෂා ශෛලි්‍යකින් යුක්තව මෙය අපූරුවට විවරණය කර ඇත. හෙළ සිරිත් විරිත් වලට අනුව ජීවත් වීය යුතු බවත් නමුත් අද සමාජ ප්‍රස්තුතය තුළින් එම කාර්යය භාර්යය නොපිරිහෙලා ඉටු නොවන බවත් අපූරුවට ගීතය ඔස්සේ විවේචනය කර ඇත.      
“ සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා“ මෙයින් පද රචකයා අදහස් කරන්නේ ඇස , කණ , නාසය , දිව , ශරීරය නමැති පංචේන්ද්‍රිය පිනවීමට පමණක් අද සමාජ ජනයා කටයුතු කරන බවකි. රටේ අනාගතය සිංහල සංස්කෘතියේ අනාගතය එසේ කිරීමෙන් ආගාධයට වැටෙන බව ඉතා සරලව ගම්‍යමාන කිරීමට මෙම ගීතය ඔස්සේ ගත් උත්සහය සාර්ථකය. එනම් බටහිරකරණයට ගැති වී එක් මොහොතක සතුට වෙනුවෙන් පමණක් කටයුතු කළහොත් රටට වන අකරතැබ්බය ප්‍රතිභා පූර්ණව විවරණය කර ඇත. ඇසට මිහිර ගෙනෙන දසුන් , දිවට මිහිර ගෙනෙන බොජුන් වලට පමණක් මුල් තැන ලබා දී දේශීය උරුමය අනන්‍යතාවය කෙළෙසන බව මෙම ගීයෙන් ප්‍රකට කෙරේ. එනම්  ඇසට ප්‍රිය දේ මෙන්ම අප්‍රිය දේද සමාජයේ පැවතුණ ද ඉන් නූතන සමාජය උකහා ගන්නේ ප්‍රිය දේ පමණක් බවත් ඒ දෙය මඟින් රට දැය ජාතියට සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු නොකරන සමාජ තත්වයක් බිහිව ඇති බවක් පෙන්නුම් කරන අතර එම සමාජය විරෝධයට ලක් කිරීම ගීත නිර්මාණයේ මූලික අරමුණ වේ. සිංහල සමාජ සංස්කෘතියට නොගැළපෙන අශෝභන සිදුවීම් දැක දැකත් එය එසේ නොවීමට වග බලා නොගන්නා අමන පරපුරක් සමජය තුළ වෙසෙන අතර එම අමන පරපුරෙහි ක්‍රියා පටිපාටිය උපහාසාත්මක ලෙස විරෝධයට ලක් කිරීමට මෙම ගීතයේ අර්ථය කදිම නිදසුන් සපයයි. “උදේ හවා දෝත නඟා එතෙරට වැඳ පුදල්ලා“ යනුවෙන් විරෝධයට ලක් කොට ඇත්තේ ද මෙම බටහිර ගැත්තන්ගේ ක්‍රියාවන්ය. එනම් දේශීයත්වය ආරක්ෂා නොකොට බටහිරකරණය වැළද ගන්නා සමාජයක යථා ස්වරූපය අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමට ගේය පද රචකයා ගත් උත්සහය සාර්ථකය. ඒ අනුව ඔහු උත්සහ දරා ඇත්තේ බටහිර ට ගැතිකම් කරන දේශීය ජනයා විරෝධයට ලක් කිරීමයි. බටහිරවාදී ධනපති පැළැන්තියට උඩගෙඩි දෙන පිරිස හේතුවෙන් එය දේශීය සමාජය විරෝධීකරණය ට ලක් කරන බව මෙහිදී සඳහන් කෙරේ. ඊට අමතරව බටහිර සංස්කෘතියෙන් ලැබෙන ඔිනෑම කසල ගොඩක් වැළඳගෙන අප රටේ උරුමය අනන්‍යතාවය කසළ ගොඩට ඇඳ දමන පිරිස විවේචනය කිරීමක් මෙතුළ අන්තර්ගත වේ.  ඒ අනුව දේශීය සංස්කෘතියට හිමිකම් කියන දෑ මඟහැර බටහිර සමාජ පැළැන්තියේ අංගයන් වැළඳ ගන්නා දේශිය විරෝධී සමාජ පැළැන්තියේ යථාර්තය හෙළි කිරීමට නන්දා මාලනියගේ මෙම ගීතයට හැකිව ඇත. එය එසේම කරන්නැයි පසුව දේශියත්වය බටහිරකරණයට විකුණන්නැයි පවසමින් බටහිර ගැත්තනි විවේචනය අපූරුවට සිදු කර ඇත.

වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

තමන්ගේ යහපතට, තම වාසියට තමන්ගේ අභිවෘද්ධියට පමණක් කටයුතු කරන සමාජ ක්‍රමය විරෝධයට ලක්කර ඇත. ශ්‍රි ලංකාවේ දේශපාලන ක්‍රමය මෙයට කදිම නිදසුනකි. තමන්ට යම්කිසි වාසියක් සිදුවන පැත්තට යන අකාරය මින් මතු කෙරේ. එනම් වර්තමාන දේශපාලන ක්‍රමය තුල තමාට යම්කිසි සෙතක් වේ නම් එම පැත්තට යන බවත් එයින් සමාජයට සිදුවන හානියන් අපුරුවට විරෝධයට ලක්කොට ඇත. ඒ අශ්‍රයෙන් පුද්ගල දූර්වලතාවයන් විවේචනය කොට ඇත. එනමි දේශිය සංස්කෘතියට නොගැළපෙන දෑ                                      සිදුකරනු ලබන බව මින් තවදුරටත් අවධාරණය කෙරේ. තමන් හැදුණු වැඩුණු රටට ජාතියට නිග්‍රහ කොට පරගැත්තන්ගේ ඕනැ එපාකම් ඉටුකරන ස්වාභාවයන් අපුරුවට උපුටා දැක්වීමට ගේය පද රචකයා උත්සහ දරා ඇත. එනමි “බීපු ළිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා යන පදයෙන් එය මනාව ගම්‍යමාන වේ. එනමි දේශිය සභ්‍යත්වය විනාශ කර දමා බටහිරකරණයට නතු වීම නමි වු සමාජයේ දුර්වල පැතිකඩක් විවරණය කිරීමට අපුරු වාග් සුසංයෝගයකි භාවිතා කර ඇත. “දනින් වැටි නළල ඔබා නිලතල අරගනිල්ලා,       රfටි කිසියමි හෝ නිලතලයක් ලබා ගැනිමට ඔිනැම අයහපත් වැඩක වුවත් නිරත වන පිරිසක් සිටින සමාජය අපුරුවට විවේචනය කර ඇත. තමන්ගේ වාසියට යහපතට තමන් එයට නුසුදුස්සෙක් වුවද ඔිනැම ගැතිකමන් කොට එම නිලතල දරා සමාජ අඟතියකට පත් කරන්නේකුගේ චරිතය කදිමව විවේචනය කිරිමට ගීත හිමිකරු සමත් වි ඇත. ඉන් පසුව තම මඩිය එනමි තම සාක්කුව පුරවාගෙන ආත්මාර්ථකාමි වු සටනක නියැලෙන පාලක පක්ෂය අපුරුව ට උකහා දක්වා ඇත. එනම් තමන්ට එම ගරු නම්බු නාම පදවි ලබා ගැනීමට ඕනෑම පහත් වැඩක් වුව ද කිරීමට සමත් පිරිසක් රට තුළ වෙසෙන බව මින් අවධාරණය කරයි. දේශීයත්වයේ අනන්‍යතාවය රැකගැනීම පසෙකලා තම අභිවාද්ධිය සඳහා සටන් කරන පාලක පිරිසෙහි යථා ස්වරූපය නැතහොත් නූතන ලාංකීය දේශපාලන ස්වරූපය අප සංස්කෘතියට නොගැළපෙන බව උපහාසාත්මක ලෙස විරෝධයට ලක් කොට ඇත.

දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා

දේශීය සංස්කෘතිය , දේශීය අනන්‍යතාවය සුරකින දේශයට ආදරය කරන , දේශයට ණයගැති පිරිසක් ද රට තුළ සිටින දේශ හිතෛශීන් පිරිසක් ද මෙම සමාජය තුළ වෙසෙන බව කවියා ව්‍යංග්‍යාර්ථයෙන් ඉස්මතු කරයි. දේශයට , දේශීය භාෂාවට , දේශීය සංස්කෘතියට ගරු බුහුමන් කරන පිරිසට හෘදයාංගවම ඇමතීමක් සිදුකරමින් ගී පද රචකයා හා ගායිකාව තම අරමුණ සාක්ෂාත් කර ගත් සෙයක් පෙනේ. කවිසිළුමිණ අමාවතුර යනු දේශීය අනන්‍යතාවය හෙළි කරන යතිවර සම්ප්‍රදායකි. මෙවැනි සාහිත්‍ය ගුණයෙන් අනූන කෘති වල අන්තර්ගත අපගේ සංස්කෘතික උරුමය කෙමෙන් කෙමෙන් පිරිහෙන බව අතිශයෝක්තියෙන් යුතුව ඉදිරිපත් කිරීමට කවි සිත සමත්ය. “ කවිසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා“ යන පදය තුළ ඉහත දක්වන ලද කරුණු කාරණා සියල්ල ගැබ් වී ඇත. දේශීය සභ්‍යත්වය විදහා දැක්වෙන එවැනි සාහිත්‍යයමය අංග වල ඇතුළත් කරුණු කාරණා බටහිරකරණය වීමත් සමඟ නුතන සමාජ ප්‍රපංවය විසින් එය ප්‍රතික්ෂේප කරන ආකාරය මින් පැහැදිලි කරයි. ඒ අනුව සුචරිතවත් සමාජයක් බිහිකිරීම නම් වු ගීතයේ අරමුණ එසේ ඉටු නොවන්නට හේතුව මෙම බටහිර අනුකරණාත්මක සිතුවිලි බව මින් අපූරුවට ගම්‍යමාන කෙරේ.
                   “සුකිරි බටිල්ලන් එක්කලා බයිලා පොළට ඇවිල්ලා
                   රවිකිඤ්ඤා  තාල අනුව කපිරිඤ්ඤා      වයල්ලා“
    මෙහි දැක්වෙන සුකිරි බටිල්ලන් යනු බටහිර ගැත්තන්ය. නැතහොත් තම වාසිය තකා සිටින පාලකයන්ය. නැතහොත් බටහිර මතවාදයන් ට නතු වූවන්ය. ඔවුන් සමඟ එකතු වී රටේ උරුමය තව තවත් අගාධයට ඇඳ දමන ලෙස ඉල්ලා සිටින්නේ උපහාසයෙනි. මේ ඔස්සේ බටහිර අනුකරණය කරන්නන් ගේ යථා ස්වරූපය විරෝධයට ලක් කරනුයේ ද උපහාසාත්මක භාෂා ශෛලයකිනි. සුකිරි බටිල්ලන් , බයිලා පොළ , රවිකිඤ්ඤා තාල , කපිරිඤ්ඤා ආදි පද ඔස්සේ වාග් හරඹයකට ලක් කරනුයේ රසික හදවත් ගැඹුරටම සංස්පර්ශ කරමිනි. සුකිරි බටිල්ලන් යනු රාජ්‍ය විරෝධී කණ්ඩායමයි. නැතහොත් අනවශ්‍ය ලෙස රටට ජාතියට තම බලය පතුරුවන පිරිසයි. මෙම පිරිසට අවශ්‍ය පරිදී කටයුතු කිරීම විරෝධි සංකල්පයක් බව ව්‍යංග්‍යාර්ථයෙන් ගම්‍යමාන කිරීමට ගීත රචකයා සමත්ය. එය නූතන දේශපාලන රටාව විරෝධයට ලක් කිරිමට ද සුදුසුතම උදාහරණයකි. ඔවුන් එකතු වී රට තව තවත් දූෂණය කරන බව ද මෙයින් අදහස් කරයි. එනම් බටහිර ගැත්තන්ගේ පැවැත්ම රුඳී පවතින්නේ මෙම තත්වය මත බවත් ඉන් තොර පැවැත්මක් ඔවුන්ට නොමැති බවත් මින් තවදුරටත් පැහැදිලි කෙරේ. එම තත්වය නැතහොත් පැවත්ම රැක ගැනීමට ඔවුන් අසායසහය උත්සහයක නිරත වන බව මෙම ගීතය පුරාවටම විග්‍රහ කෙරේ. එය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට අනුව ප්‍රතික්ෂේප විය යුතු බව ගීතයේ අරමුණයි. තමන් හැදුන වැඩුන රටට ජාතියට ආගමට නිගා කිරී මෙම ගීතය ඔස්සේ අපූරුවට විරෝධයට ලක් කරයි. කවිසිළුමිණ අමාවතුර යනු අප සංස්කෘතියේ ආගමික උරුමකම් වේ. ඒවා කසල ගොඩට දමල්ලා යනුවෙන්  අදහස් කරනුයේ දේශීයත්වය පාගා දමා බටහිරකරණයට ලක් වන්නන් විවේචනය කිරීමටය. එතුළින් ද ගීත රචකයාගේ ප්‍රතීභා ගුණය ඉස්මතු කර ඇත. 
                        නුතන සමාජයේ පවතින යථාර්තවාදි බව මුළු ගීතය පුරාම ගැබ්ව ඇත. එය වචන කිහිපයකට ගොනු කරන්නට සුනිල් ආරියරත්නයන් ගත් උත්සහය ඔස්සේ ඔහුගේ ප්‍රතීභා ගුණය මැනවින් ප්‍රත්‍යක්ෂ කරයි. එමෙන්ම ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන අයුරින් එම වචන නාද මාලාවකට හා තනුවකට ගොනු කිරීම මඟින් විරෝධාකල්පය ඉස්මතු කිරීමට ගත් උත්සහය අති සාර්ථකය.  ගරු නම්බු නාම තනතුරු වෙනුවෙන් දේශීයත්වය විනාශ මුඛයට ඇද දමන ස්වරූපය අපූරුවට ඉදිරිපත් කරයි. “දනින් වැටී නළල ඔබා නිලතල අරගනිල්ලා“ යන පදයෙන් එය පැහැදිලි වේ. ඒ අනුව සමාජයේ සිදුවන මෙවැනි ක්‍රියාවන් තුළින් අනාගතය යථාර්තයක් වේ යැයි කිව නොහැක. ඒ අනුව මෙම ගීතය තුළින් විවේචනය විය යුතු තැන් පිළිබඳව සෘජුවම විවේචනය කොට ඇත. අද සමාජයේ යථාර්තය හෙළි කිරීමට බිහිවුණු ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙසට මෙය හැදින්විය හැක. බටහිරකරණය අනුව සංස්කෘතික ලක්ෂණ වෙනස් වන ආකාරය මෙන්ම එමඟින් සමාජ ශෝධකත්වයක් සිදුවන ආකාරය මැනවින් ප්‍රත්‍යක්ෂ කොට ඇත. මෙම ගීතය සමාජයේ ප්‍රසිද්ධ වී ඇත්තේ ද සුකිරි බටිල්ලන්ගේ ගීතය නමිනි. එයට හේතුව මෙම සුකිරි බටිල්ලන් නම් වූ පරගැත්තන් විරෝධයට ලක් කිරීමයි. බටහිර ගැති ගති සිරිත් විරෝධයට ලක් කිරීමයි.
                 ඒ අනුව ගී පද රචකයා මෙය සමාජයට ඒත්තු ගැන්වීමට යොදා ගත් භාෂා රටාව ගැන කිව යුතුමය. වාචික මෙන්ම සංවාදාත්මක භාෂා රටාවක් ඔස්සේ මෙය විවරණය කර ඇත. කථන භාෂාව ඔස්සේ මෙම විරෝධාකල්පය රසිකයාට දැනවීමට ගී පද රචකයා ගත් උත්සහය සාර්ථකය. “කන්ට , බොන්ට ආදී වචන මෙයට නිදසුන්ය. තව ද “ගනිල්ලා , දියල්ලා , පුදල්ලා , වරෙල්ලා“ ආදී වු ග්‍රාමීය බස් වහර මඟින් දේශීය අනන්‍යතාවය සපත කරන්නට කවියා ගත් උත්සහය ද අති සාර්ථකය. තවද මෙතුළ ගැබ් වී ඇති අර්ථ සම්පන්නභාවය පිළිබඳව ද කිව යුතුමය. ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ සෘජුවම ප්‍රකාශ කර ඇති බවක් දක්නට ලැබේ. “කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා“ ආදී පද මෙයට නිදසුන්ය. තව ද රචකයා පුද්ගල දුර්වලතාවයන්ද අපූරුවට තම කවි සිත ඔස්සේ ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා ඇත. එය ද සමාජයේ තවත් එක් පැතිකඩක් විරෝධයට ලක් කිරීමකි. “ වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා“ ආදි පද මෙයට නිදසුන්ය.ගීතයේ අවසානය දක්වාම කාව්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කරයි. සිව්පද ආකෘතිය අනුගමනය කරමින් , එළිසමය ආරක්ෂා කරමින් කිව යුතු කරුණ සෘජුවම ඉදිරිපත් කොට විරෝධයට පත් කළ යුතු තැන , විවේචනය කළ යුතු තැන සෘජුවම එයට භාජනය කර ඇති බවක් දක්නට ලැබේ. තව ද “දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා“ වැනි සංවාදාත්මක භාෂාවද කවියාගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට දායක වී ඇත.
                                    ඒ අනුව අපූරු භාෂා හරඹයකින් අනතුරුව එයට සංගීතය මුසු කොට සමාජ විරෝධී එක් පැතිකඩක් විවරණය කිරීමට මොවුන් ගත් උත්සහය සාර්ථක වී ඇත.

Monday, May 1, 2017

යුක්තිය..



යුක්තිය 

ඉටු වන තුරු නොව                                                      
ඉටු කර ගන්නා මොහොත තෙක් 
සටන් වදින්න 
අතැර නොයන්න 
පසු නොබසින්න 
එවිට 
ඉටු වෙයි එය 
නිතැතින්ම

හුදෙකලාව



හුදෙකලාව



චණ්ඩ හිරු හුදෙකලයි
නිමක් නැති ගඟනතේ,
පුර හඳත් තනිවමයි
තාරකා සිටියත් නුබේ,
ගලන ඇල දොල පවා
සැලෙන මදනල පවා
තනිවමයි නැත අයෙක්
සදාකල් වනපෙතේ,
ඉතින් කම් නැත මටත්
විදදරා ගමි මමත්
පාළු සිත දවාලන
කදුළු පිරි ජීවිතේ....