Friday, July 14, 2017
විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක ද?
විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක ද?
ඈත අතීතයේ සිටම විසි පොරොන්දම් පරික්ෂාව තුළින් සහකරු හෝ සහකාරිය එකිනෙතාට ගැළපෙන්නේ ද යන්න සොයාබැලීම සිදුකරයි.වෙනත් හේතූන් වලට වඩා විසි පොරොන්දම් පරික්ෂාව තුළ සියල්ල සාර්ථක වනු ඇතැයි ඇතැමුන් විශ්වාස කරයි. ඒ අනුව පැහැදිලි වන්නේ විසි පොරොන්දම් නිවැරදිව ගැළපීම තුළ ම සාර්ථක විවාහයක් ඇති වන බවයි. එහෙත් සාමාන්‍යයෙන් පොරොන්දම් විස්සක් පරික්ෂා කල ද අඹුසැමි යුවලකගේ බැඳීම් සාර්ථක වීමට බලපාන ප්‍රධාන කරුනු පහකි.
ආයුෂ
දරුපල
සතුට
දියුණුව
සැප
මෙම කරුණු 05 තුළ යුග දිවිය සාර්ථක වෙයි. මින් එක් අවස්ථාාවක් හෝ මඟහැරී ගිය විට යුග දිවිය දෙදරා යාමට හෝ හෝ ඔවුන් හඳවතින් දුක් විදින්නට හේතු වේ. එලෙස සිදු වන්නේ නම් ඔවුන්ගේ බැඳීම් සියයට සියයක් ඇති වන්නේ නැත. නමුත් මෙලෙස විසි පොරොන්දම් සියයට සියයක් ගැළපී සිදු කළ විවාහ පවා කෙතරම් අසාර්ථක වූ අවස්ථා ඇත් ද? මෙයට බලපාන හේතු විමසා බැලිය යුතුය.මේ සඳහා පොරොන්දම් විස්සක් අතරින් එක් පොරොන්දමක් නිදසුනක් ලෙස ගෙන බලමු.
ආයුෂ පොරොන්දම මෙම පොරොන්දම් විස්ස අතර ඉතා වැදගත් වේ. මෙමඟින් යුවතිපති අතර වැඩියෙන්ම ජීවත් වන්නේ කවුරුන් ද යන්න ව්මසා බැලේ. නැතහොත් මුලින්ම මිය යන්නේ කවුරුන්ද යන්න සොයා බැලේ. පළමුව ආයුෂ පොරොන්දම බලන්නේ කෙසේද යන්න විමසා බලමු. එය මෙසේය. ස්ත්‍රීයගේ ජන්ම නැකතේ සිට පුරුෂයාගේ ජන්ම නැකත දක්වා ඇති සියලූම නැකැත් සංඛ්‍යාව ගණන් කරයි. එය විසි හතෙන් ගුණ කොට විසි අටෙන් බෙදා ශේෂය පසෙක ලියා ගනී. ඉන්පසු පුරුෂයාගේ ජන්ම නැකතේ සිට ස්ත්‍රීයගේ ජන්ම නැකත දක්වා ඇති සියලූම නැකැත් සංඛ්‍යාව ගණන් කරයි. එය විසි හතෙන් ගුණ කොට විසි අටෙන් බෙදා ශේෂය පසෙක ලියා ගනී. අනතුරුව මෙම දෙදෙනාගේ ශේෂ වු සංඛ්‍යා දෙකෙන් වැඩි සංඛ්‍යාව ඇති කෙනාට වැඩි ආයුෂ ද අඩු සංඛ්‍යාව ඇති කෙනාට අඩු ආයුෂ ලබා ප්‍රථමයෙන් මිය යන බව සඳහන් වේ. නමුත් පුද්ගලයන්ගේ ජන්ම පත්‍රය දුටු සැණින් ආයුෂ ප්‍රමාණය කිව හැකි බැවින් මෙම පොරොන්දම් ක්‍රමය කෙතරම් දුරට සාර්ථක ද යන්න ගැටඑවකි.
මනුෂ්‍යයාගේ මරණය ආකාර පහකට සීමා කොට ඇත.එය දැකිය හැකි යෝග ජොතීශයේ හොඳින් ඉස්මතු කොට ඇත. එය ජෛමිනි ජෙයා්තීශයේ මෙසේ පෙන්වයි. බාලාරීෂ්ඨ යෝගය යනු මිනිසෙකුගේ උපතේ සිට අවුරුදු 25 දක්වා කාලය තුළ මියැදීම ලෙන්වන යෝගය යි. මෙය තවත් කොටස් තුනකට බෙදේ. එහිදී ප්‍රථම කොටස අවුරුදු අට දක්වා ද දෙවන කොටස අවුරුදු අටේ සිට දහසය දක්වාද තෙවන කොටස අවුරුදු දහසයේ සිට විසි හතර දක්වා වෙයි. අවුරුදු විසි පහේ සිට මන්දායුෂ යෝගය බලපාන අතර එය වයස අවුරුදු හතළිහ දක්වා පුද්ගල මරණයට බලපායි. අවුරුදු හතළිහේ සිට හැටදක්වා අල්පායුෂ යෝගයට අයත් වන අතර අවුරුදු හැටේ සිට එකසිය විස්ස අතර කාලයේ මියයන්නේ පූර්ණායුෂ යෝගයට අනුවයි. අවුරුදු එකසිය විස්වට වඩා ආයුෂ ඇත්නම් ඒ අපරිමිතායුෂ යෝගයට අයත් වුන් වේ.
එ් අනුව විසි පොරොන්දම මතම පිහිටා විවාහයේදී කරුණු සම්පූර්ණ නොවේ. එයට එහා ගිය ජෙයා්තීශය කරුණු රැසක් මෙයට බලපායි. එමඟි්න් ආයුෂ , දරුපල , සතුට , දියුණුව හා සැප සම්පත් සපිරුණු සාර්ථක ප්‍රීතිමත් යුග දිවියක් ළඟාකර ගැනීමට හැකි වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment