Thursday, June 8, 2017

පොසොන් දින ගැයෙන බැති ගී
















පොසොන් දින ගැයෙන බැති ගී

පොසොන් සඳ දැනටමත් අහස අරා හිදී. සුවහසක් බැතිමතුන්ගේ මුවෙන් නැගෙන සාධු නාදය දසදෙස පැතිර යද්දී මිහින්තලයට, ජය ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට, පමණක් නොව මුලු ලංකාද්වීපයටම  අනුබුදු මිහිඳු හිමියන්ට ලියූ බැති ගී හඬද දසත පැතිරෙයි. අප මහා අමාමෑණී බුදු පියාණන් වහස්සේගේ ගුණ ගයනු වස් පොසොන් බැති ගි බිහි විය. එලෙස විවිධ තේමා පාදක කොටගත් ගීත කිහිපයක් මින් අධ්‍යයනය කරමු

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු අපේ ජාතියේ මුදුන් මල්කඩය. සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදු බව පසක් කරගනු වස් සෙවන පැතූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද ඉන්දියාවේද වැඩ නොවසති. එතැන වැඩවසන්සේ පසුව පැන නැගුණු බෝධියකි. එහෙත් එම මුල් බෝධියෙන්ම මතුවූ අංකුරයක් වන අපේ ශ්‍රී මහා බෝධිය වර්තමානයේදී ලොව පවතින පැරැණිම වෘක්ෂය බවටද පත්ව තිබේ. ඉතින් මේ සිරිමා බෝධිය පිළිබඳව බොදු ගීත රචකයන් අතින් ලියැවුණ ගායකයන්ගේ ගායිකාවන්ගේ මුවින් ගැයුණු ගීත  රාශියකි.
                                   ඒ අතරින් දීපිකා ප‍්‍රියදර්ශනී ගයන ජය සිරිමා හාමුදුරුවනේ ගීතය සුවිශේෂීයග
ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදිමැරුවා
ගිනි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ

වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුණ
අපේ බාර පිළිගන්න හොඳයි

රන්වැට පාමුල සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයිග

:සංගීතය - රෝහණ වීරසිංහ*

මහින්ද චන්ද්‍රසේකර තම දුක්ගැනවිල්ල ජය සිරිමා හාමුදුරුවන් වෙත යොමුකරද්දී තවත් ගීත රචකයකු බෝධීන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදාය මෙනෙහි කරන්නේය. මීගොඩ විල්සන් එවැන්නෙකි. ඔහු තම බැති සිත විවර කරල ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් අපේ සවන සතපන්නේ මෙසේය.

සිරිමා බෝ වැලි මලූවේ
දැල්වෙන සිළු පහන්සිලේ
මුනි කරුණා ගුණෙන් පිරි
සිත සැනහේ නිසංසලේ
නේරංජන නදී තෙරෙන්
හමන සීත සුළං රැුල්ලෙන්
සැලෙනා බෝපත් අතරේ
සනරාමර රැස් වැතිරේ
මෙත්ගුණ පිරි නෙත් සගලේ
නිවන් සුවය රැහැන් ඇදී
නටන පහන් වැටි එළියේ
ලොව්තුරු දම් රස මතුවේ

ආචාර්ය ඩබ්ලිව්.ඒ අබේසිංහ ද සිරිමා බෝ සමිඳුන්ට බැති ගී ගණනාවක්ම ලියූ ගීත රචකයෙකි. ඒ අතරින් දයාරත්න රණතුංග ගැයූ මේ ගීතයද බොදු සිත් කම්පිත කරන්නේය.

සිලි සිලි නදිනේ
සැලි සැලී පවනේ
බෝපත් සෙලවෙන්නේ
ජය සිරිමා බෝ
සමිඳුන් සෙවණේ
බුදු ගුණ උතුරන්නේ
සිහිල හමා ඒ
සුවඳ ගලා ඒ
හද වත තුළ
බැතිසිත උතුරා
ගිමන නිවී සේ
පවස සිදීයේ
අමා දියෙන්
හදවත සනහා

ජයසිරිමහා බෝ හාමුදුරුවන් හැරුණුවිට රුවන්වැලිසෑය තරම් සැදැහැවතුන්ගේ වන්දනාවටත් ගීත රචකයන්ගේ ගීපද මාලාවලටත් විෂය වූ තවත් පුණ්‍ය වස්තුවක් මහමෙව්නාවේ නම් නැත.

රන් වැලි සෑ රන්කොත මුදුනින්
රන්වන් ගණ රන් කිරණ ගලා
සම්මා සම්බුදු සිහිලස උතුරා
පින්බර දැය යළි එකළු වුණා
රත්නමාලි මහ සෑ සිරසින්
හෙළ යස රැස දියතේ පැතිරේ
පහන් හැඟුම් ඉපදිලා හදේ
නිවන් පුරට පාවඩ ඇතිරේ
දිවමන් බුදු හිමි වැඩහිඳිනා
පින්බිම තුන්ලොව වෙන කොතැනා
දුටු දන ඇස ඇස රසදුන් දී
නිවී සසර ගිම් සිත සැනසේ

ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ ගීතයේ පද රචනය පල්ලේගම හේමරතන හිමියන්ගේයග රුවන්වැලි සෑයේ බාරකාර හිමියන් වන උන්වහන්සේ අතින් වැඩිපුරම ලියැවෙන්නේද මහමෙව්නා උයන පිළිබඳ ගීත රචනාමය. ජය සිරිමා බෝ සමිඳුන් වෙනුවෙන් ගීත ගණනාවක්ම රචනා කළ පල්ලේගම හාමුදුරුවෝ අනුරපුරය ගැනද ගී ලියා අපේ සිත් සතන් බොදු බැතියෙන් පහන් කරති.
මේ ආදී වශයෙන් ගීත සාහිත්‍යධරයන් අතින් බිහි වුණු බැති ගී වර්තමානය වන විට එක්තරා කලාවක් බවට පත්ව ඇත.





No comments:

Post a Comment