Tuesday, January 23, 2018

ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.



ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.

හැදින්වීම
 
අපරදිග සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වූ නවකතා කලාව කල්යත්ම පෙරදිග සාහිත්‍යයේ ද සුවිශේෂ අංගයක් බවට පත් විය. ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන් හා ඇමෙරිකා වැනි සාහිත්‍යයන්හි නව මානයන් ඔස්සේ නිම් වළලු පුළුල් වෙමින් වර්ධනය වූ මෙකී සාහිත්‍ය කලාංගය යුරෝපාවතරණයෙන් අනතුරුව බටහිර ආභාසයෙන් මෙරට ප්‍රභවය ලැබූ බව ප්‍රධාන ධාරාවේ මතය යි. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ද පවතී. එනම් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෙරෙන් ම පෝෂණය ලබා සිංහල නවකතාවේ උපත සිදුවුණු බව ය.
 
නවකතාව විවිධ දිශානතීන් ඔස්සේ ව්‍යාප්ත වී ඇති සාහිත්‍යාංගයකි. එය මානව ජීවිතය විවරණය කරනු ලබන ගද්‍යමය ආඛ්‍යානයක් ලෙසින් හඳුනාගත හැකිය. තවද නවකතාව මානව සමාජය හා මිනිසාගේ ක්‍රියාකලාපයන් විග්‍රහ කිරීම සඳහා ලියන බවය. නවකතාව පිළිබඳව දක්වන නිර්වචන බොහෝ ඇතත් එක් නිර්වචනයක් විමසිමෙන් නවකතාව යන්න කුමක්දැ යි හඳුන්වමු. මැල්කම් කව්ලි නම් විචාරකයා නවකතාව නිර්වචනය කරනුයේ මෙසේය. කිසියම් වෙනස් වීමකට තුඩු දෙන පරිද්දෙන් චරිත සමූහයක් අන්‍යෝන්‍ය සම්බන්ධය ප්‍රකාශ වන්නාවූ ද, එක්වරකදී දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යුක්තවූ ද, දීර්ඝ එහෙත් ඒකාබද්ධ කතාවකි. උක්ත අදහසට අනුව නවකතාව යන්න පිළිබඳව යම් අදහසක් දැනගත හැකිය.
නවකතාව උපදිනුයේ ප්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය සෘජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙනි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබඳ ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මාසය ද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප්‍රභේද හා ප්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිතවූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප්‍රකාශනයකි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනු ඉතා ප්‍රකට කියමනකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තේ සදාතනික සත්‍යතාවකි. මිනිසා සිය ජීවිතය තුළ තමාට ශක්ති ප්‍රමාණයෙන් මනුෂ්‍ය ජීවිතයේ හා සමාජ අර්ථ සිද්ධියට කැපවිය යුතුය. එහිදී මිනිස් සිතේ ඇතිවූ සොඳුරු හැඟීම් පරිකල්පනය කරමින් ප්‍රතිභාව තුළින් නිර්මාණය කරන ලද කලා ආදිය හා සාහිත්‍යය බිහිවිය. එකී කර්තව්‍යය භාරතීයයන් හැඳින්වූයේ අපූර්ව වස්තු නිර්මාණාක්ෂමා ප්‍රතිභා යනුවෙන් ය. එනම් පෙර නොවූ අපූර්වත්වය දැනෙන දෙයක් නිර්මාණය කිරීම යනු එහි අදහසය. මෙහිදී සාහිතයේ මාධ්‍යය වනුයේ භාෂාවයි. ඒ ඕනෑම සාහිත්‍ය කෘතියක් ලියැවෙනුයේ භාෂාව පදනම් කොටගෙන නිසාය. ඒ නිසා සාහිත්‍යය යනු භාෂාවේ හාස්කමකි. මේ අනුව නවකතාවද භාෂාවේ ප්‍රධානත්වයෙන් ලියැවෙන නිර්මාණ විශේෂයකි. සාහිත්‍යයද ගස, පස හා චම්පු යනුවෙන් වර්ගීකරණය කළ හැකි අතර එයින් ගසය යටතේ ලියැවෙන ප්‍රධාන සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් නවකතාව හදුනාගත හැකිය. නවකතාව යනු කෙටිකතාවට වඩා වැඩියෙන් දිගු නිසා ඒ නමින් හඳුන්වයි. තවද නවකතාව යනු ප්‍රබල විඥානධාරාවක් ඔස්සේ මිනිසාගේ ජීවිතය වෙත හෙළන නිර්මාණයකි. එහිදී අත්දැකීම හා ඉන්ද්‍රීය සංජානනය අරමුණු කරගත් පංචේන්ද්‍රීයට දැනෙන දේ අත්දැකීමක් මාර්ගයෙන් කියාපෑම වනාහී නවකතාවේ ස්වභාවයයි. නවකතාව උපදිනුයේ ප්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය ඍජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙණි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබඳ ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මානයද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප්‍රභේද හා ප්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිත වූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප්‍රකාශනයකි.
ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.
 
2007 වර්ෂයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූ සමරවීර විජයසිංහගේ ස්වයංජාත නමැති නවකතාව ශ්‍රී ලංකීය සාහිත්‍යකරණයේ තවත් එක් පෙරළියකි. ශ්‍රී ලංකාවේ 2008 වර්ෂයේදී ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානයට පිදුම් ලැබූ මෙම නවකතාවේ කතා ප්‍රවෘත්තියට පසුබිම් වන්නේ යටත් විජිත සමයේ දකුණු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත සුදුවැලිපොත නම් ගමකි. 19 වන සියවස අගභාගයේ සිට 20 වන සියවසේ මුල් භාගය දක්වා මෙරට දකුණු මුහුදුබඩ ආශ්‍රිත ගම් ප්‍රදේශ රට අභ්‍යන්තරයේ පැවති ගම් ප්‍රදේශයන්ට වඩා ඉක්මනින් එවකට යටත් විජිතවාදී බටහිරකරණයේ අනුහසට ගොදුරු වෙමින් පැවති ප්‍රධාන නගර වෙත සමීප වෙමින් තිබිණි. මෙකල මෙසේ ගම නගරය යා කරන පාලම තැනෙන්නට සාමාජික හා ආර්ථික හේතු තොරතුරු පමණක් නොව දැනුම එනම් අධ්‍යාපනය පිළිබඳ හේතු ද පැවති බව මෙම නවකතාවේ සමස්තය හෙළිදරව් කරයි.
ඒ අනුව මින් අනාවරණය වනුයේ යටත් විජිත සමයේ දකුණු මුහුදුබඩ පළාතේ ගම්පෙරළියක් නිරූපණය කිරිම කතුවරයාගේ මූලීක පරමාර්ථය විය. මීට අමතරව ඔහු තුළ තවත් මූලික පරමාර්ථයක් පැවති බව පෙනේ. එනම් කථා නායකයා වන විභූතිරත්න ගේ පියා පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමයි. එක් අතකින් එය ගැටළුවක් ද නොවේ. එනම් තම කෘතියට ස්වයංජාත යනුවෙන් නම තැබීමෙන් ම එම ගැටළුවට පිළිතුරු සපයා ඇති හෙයිනි.
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහි ව ජාතික අරගලයක මූල බීජය උපන් 20 වැනි සියවසේ දෙවැනි දශකයේ පමණ සිට වාමාංශික ව්‍යාපාරයේ නැගීම හා වැටීම පිළිබිඹු කරන 70 දශකය පමණ දක්වා වූ අඩසියවසක සමාජ පරිවර්තනය මේ කතාවේ සමාජ පසුබිමයි.
විවාහ වී කලක් ගත වන තුරු දරුවකු නැතිකමින් දුකට පත් පබිලිනා හා උදේනිස් යක්කුටිගල හාමුදුරුවන් මුණ ගැසීමට යන්නේ ශාන්තිකර්මයක් කරවා ගැනීමට ය. කාලවර්ණ පෙනුමෙන් යුත් යක්කුටිගල හිමියන්ගේ රූපකාය මෙන්ම නාමකාය ද ගැමියන් තුළ බිය සහ ගෞරවය මිශ්‍ර වූ සංකීර්ණ හැඟීම් සමුදායක් ඇති කළේ ය.
ගැබ්ගත් එමලිනා තම දරුවා බිහි කළ පසු විශාල ඛේදවාචකයකට මුහුණපාන්නේ දරුවට යක්කුටිගල හිමියන්ගේ ම ප්‍රතිරූපයක් වීම හේතු වෙනි.
මේ සිදුවීම නිසා යක්කුටිගල හිමියන් හට වනගතව භාවනා කරන්නට සිදුවන අතර එමලිනා ගැරහුම්වලට ලක්ව වස කා මියයයි. විභූතිරත්න නම් වූ මේ සුවිශේෂී දරුවා සමාජයේ නිග්‍රහයට පාත්‍ර වුව ද ඔහුගේ කාලවර්ණ, විරූපී වත අතරින් අසාමාන්‍ය පෞරුෂයක් මතුව එයි.දුටුවන් බියට පත්කරවන පෙනුමකින් යුත් විභූතිරත්නගේ රූපකාය තුළ විකසිත ව ඇති උදාර ගති ඇති මිනිසා කටුකත්වය මැද උපන් මියුරු පලයක් වැන්න.
 
මෙසේ ආරම්භ වන මේ කතා පුවත පවුල් පරම්පරා දෙකක ජීවන විත්තිය ඔස්සේ සමාජ පරිවර්තනයක සුලමුල පිරික්සයි.
 
කතෘ ගේ අරමුණ ඉටුකරවා ගනු පිණිස කථා පුවත සකස්කර ගැනීමට , චරිත නිරූපණය කිරීමට හා ජීවිතය විවරණය කිරීමට කතුවරයා සමත් වී ඇත්දැයි විමසා බලනු වටී. යටගිය කාල පරිච්ඡේදයක් පාදකකොට ගෙන නවකතාවක් රචනා කිරීමට කිසියම් විශේෂ හේතුවක් තිබිය යුතුය. යටත් විජිත සමය පිළිබඳ සිය නවකතාව මඟින් එළිදරව් කිරීමට තරම් අර්ථයක් අත්දැකීමක් කතුවරයාට තිබූ බවක් මින් පැහැදිලි වේ.
කථාව ආරම්භ වන විට පබාවති හා මන්ද්‍රි යන තරුණ දියණියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කතා බහ කරමින් සිටින අතර ඩබ්ලියු ඒ සිල්වා මහතාගේ අලුතින් පළවූ සිරියාලතා නවකතාව ගැන සඳහන් වේ.  මෙහිදි පියදාස සිරිසේනගේ පරණ නවකතා වලට වඩා සිරියාලතා රසවත් බව පැවසේ. සිරිසේනගේ ප්‍රථම නවකතාව වන වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් පළ වූයේ 1906 දිය. සිල්වාගේ පළමු නවකතාව හෙවත් සිරියාලතා හෙවත් අනාථ තරුණිය පළ වූයේ 1909 දීය. ඒ අනුව දෙදෙනාගේ නවකතා අතර එතරම් කාල පරාසයක් දක්නට නොලැැබෙන බව සනාථ වේ. ඒ අනුව පබාවතී හා මන්ද්‍රී යන තරුණියන් විසිවන සියවසේ පළමුවන දශකය අවසානයේ තුරුණු වියෙහි සිටි දෙදෙනෙකු බව මින් අනාවරණය වේ. විභූතිරත්නගේ විචාර ලිපි වලින් කවිසිළුමිණ හා ගුත්තිල කාව්‍ය පිළිබඳ කියවෙන අදහස් මාර්ටිං වික්‍රමසිංහ විසින් පළමුවරට හෙළි කෙරුණු අදහස් වලට බෙහෙවින් සමානය. පැරණි සාහිත්‍ය කෘතීන් පිළිබඳ එබඳු අදහස් මෙරට ප්‍රචලිත වූයේ 1940 ගණන් වලින් පසුවය.
 
ඒ අනුව යටත් විජිත සමය පදනම්  කරගෙන නවකතාව ලිවීම කතුවරයාගේ අරමුණ විය. එහෙත් ඊට පසු අවධියට එනම් නිදහස ලැබීමෙන් පසු අවධියට අයත් පුවත් ද මෙයට ඇතුළත් වී තිබෙනු දැකිය හැකිය. බොහෝ චරිත කතාබහ කරන සිතන පතන ආකාරය මෙම කාලයට බෙහෙවින් සමානය. නමුත් යටත් විජිත සමය සිහිපත් කෙරෙන එකම මෙවලම නිතර දෙවේලේ එහෙ මෙහෙ යන බක්කි කරත්තය පමණි. ඒ අනුව ස්වයංජාත නවකතාව ලිවීමේදී කතුවරයා තුළ යටත් විජිත සමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බව කතාවේ ඉහත සිද්ධි අනාවරණයෙන් පැහැදිලි වේ.
 
ස්වයංජාත නවකතාව පුරාවටම භාවාතිශය විස්තර ඉදිරිපත් කිරීම මඟින් සහෘද හදවත් ස්පර්ශ කිරීමට කතෘ 
සමත්ය. ඒවා අතිශයෝක්තියෙන් විස්තර කිරීමට කතුවරයා මහත් අභිරුචියක් දක්වා ඇති බව නවකතාව රස විදීමේදී අනාවරණය වේ. පබ්ලිනාහාමිගේ දරු උපතින් පසු ඇගේ නෑදැයින් ක්‍රියා කල ආකාරය භාවාතිශය ලෙස විස්තර කොට ඇත්තේ මෙසේය.
බොහෝ වේලාවක සිට කෙමෙන් උත්සන්න වන විළිරුදාවෙන් වේදනා විදිමින් සිටි පබ්ලිනාහාමි මැදුම් රැය 
පසුවී හෝරා තුනකට පමණ පසුව පිරිමි දරුවෙකු මෙලොවට බිහි කළාය. දරුවා අතට ගත් මහළු වින්නඹුවගේ මුවින් එක්වරම පිටවූයේ පුදුමයත් සංවේගයත් මිශ්‍රව නැඟී යටපත් කල හඩකි.
දෙයි හාමුදුරුවනේ....
 
මේ හඬ ඇසී තැතිගත් පබ්ලිනාහාමිගේ මව වූ අගිදහාමි වින්නඹුව ළඟට ලංවූයේ එවැනිම යටපත් කළ හඩකින් මෙසේ කියමිනි...
 
කොහෙන්ද නංගියේ මූ පබ්ලිනාහාමිගේ බඩට රිංගුවේ...
අම්මල දූල යස අගේ ඇති වැඩක් කොරලා තියෙන්නෙ. මේවා මහ විලිසංගේ නැති වැඩ. ඒක දැනගන්නවා හොඳයි. දැන් ඉතිල පණ නහගන්නයි වෙන්නේ. කොහොමද දෙයියනේ අපි රට්ටුන්ට මුහුණ දෙන්නේ. උඹලට නම් හොඳක් වෙන්නේ නැහැ.... (22 පිටුව)
 
කථාව අවසන් කොට ඇත්තේ ද මීට බෙහෙවින් සමාන වූ අතිශයෝක්තියෙන් කෙරෙන භාවාතීශය විස්තරයකිනි. තම විරුද්ධවාදීන්ට පහර දෙමින් බඩුමුට්ටු පොඩි කරමින් විභූතිරත්න හැසිරුණු ආකාරය පිළිබඳ විස්තරය කියවන විට දකුණු ඉන්දියානු රණකාමී චිත්‍රපට වල සතුරන් මර්ධනය කරමින් ජයග්‍රහණය කරන යෝධ ශක්තියෙන් යුත් වීරයන් ක්‍රියාකරන ආකාරය සිහියට නැඟෙයි.
 
විභූති රත්න ප්‍රකෝප කරවනු ලැබූ කුළු හරකෙකු මෙන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ගෙයි බඩු මුට්ටු පොඩිකර දමයි. ඔහු උරහිසින් ඇන පිඟන් බඩු ආදිය අසුරා තිබූ ලොකු අල්මාරියක් ද සාලය මැද බිම හෙළීය. බිදුණු පිඟන් කටු හා වීදුරු සාලය මැද ඒ මේ අත විසිරිණි... (263 පිටුව)
 
ඒ අනුව කතාවේ ආරම්භය මෙන්ම අවසානය ද භාවාතිශය අන්දමින් දක්වමින් සහෘදයාගේ හදවත් සන්තර්පණය කර ඇති ආකාරය අපුරුය.
 
මෙම නවකතාවේ වීරයා වනුයේ විභූතිරත්නය. එය නිරූපණය වනුයේ විකෘති සිරුරකින් යුත් පුද්ගලයෙකු ලෙසය. ශරිර ලක්ෂණ පමණක් නොව දක්ෂතා හා ක්‍රියා කලාපය අතින් ද ඔහු අද්භූත පුද්ගලයෙකි. ඔහු කරත්ත දැක්වීමෙහි යෙදී සිටින කරත්තකරුවෙකි. කුඹුරු වැඩපලවල නිරතව සිටින ගොවියෙකි. දේශිය වෙදෙකි. පුදුමාකාර අත්ගුණයක් ඇති පුද්ගලයෙකි. පුවත් පත් වලට සාහිත්‍ය විචාර සපයන්නෙකි. ඒ අනුව විභූතිරත්න යනු කතුවරයා විසින් අද්භූත ලක්ෂණ එක්තැන් කොට නිර්මාණය වූ මනකල්පිත වූත්  හා ව්‍යාජ වූත් චරිතයකි.
 
සෙසු චරිත පවා නිරූපනයේදි අතිශයෝක්තියට මුල් තැන දී ඇත. එමලිනා හා පබ්ලිනාහාමි රූමතියන් දෙදෙනෙකි. අනෙක් අතට පබාවති හා මන්ද්‍රී යන අයද රූමතියන්ය. අනෙක් අතට විභූතිරත්න මුංකැවුමක් වැනි අතිශය විරූපි පුද්ගලයෙකි. මේ අනුව කතුවරයා කුස ජාතකය හා සමාන කතාවක් ලිවීමේ අරමුණක් පෙරදැරිකරගත් බව ද පෙනේ.
 
එමලිනාහාමි ගැමි ගැහැණියක වුව ද ඇතැම් අවස්ථාවල ඇය තර්ක කරනුයේ උගත් බුද්ධිමත් ගැහැණියක් ලෙසින් බව ද පෙනේ. පබ්ලිනාහාමි ද එසේය. දියෝනිස් අප්පු යනු ගම්මුලාදෑනියා වන අතර වලව් පැලැන්තිය නියෝජනය කල වංශවත් කුල පරම්පරාවන්ගෙන් පැවැත එන නම්බුකාර සමාජ පරිසරයකට හිමිකම්කියන තැනැත්තෙකි. උදේනිස් අප්පු ඇතුළු එම පවුල් පරිසරය තුළ නිතර තම බලපෑම් ඉස්මතු කරයි. එරෝලිස් අප්පු ඇතුළු වෙද නිවස ද එසේය. ගැමිකම උපරිමයෙන් රකින ගමේ ජීවත් වන වැදගත් පවුලක් ලෙසින් නිරූපිතය.
මීට ඉහතදී ද සඳහන් කරන පරිදී නවකතාව නම්කොට ඇත්තේ ස්වයංජාත යනුවෙනි. පබ්ලිනාහාමිගේ දරුවාට යක්කුටිගල හිමියන්ගේ රූපය හිමිවූයේ කෙසේද යනු විමසා බැලීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. එය ස්වයංජාතව සිදුවූවක් බව දැක්වේ. නමුත් ඒ සිද්ධිය පබ්ලිනාහාමිට බලපෑ ආකාරයක් හෝ ඇය සියදිවි නසාගැනීමට පෙළඹවූ කරුණු පිළිබඳව හෝ සඳහන් නොවේ. කතාව ආරම්භයේම කතා නායිකාව සියදිවි නසාගැනීම ඇගේ සිතැඟි විවරණය කිරීමෙන් බැරෑරුම්කම අවබෝධ කරගත් කතෘගේ උපක්‍රමයක් වන්නට ද හැකිය. එය සහෘදයා තුළ කතාව අවසානය තෙක්ම පැන නගින කුතුහලයක් බව කිව යුතුය.
 
පබාවතී හා මන්ද්‍රී යන දෙදෙනා විභූතිරත්න හා පැවැත්වූ සම්බන්ධය බොළඳ නොගැඹුරු හෝ අස්වාභාවික 
ලෙස කතෘ විස්තර කොට ඇත්තේ මෙසේය.
 
ඒකට මොකද ඔයාට හොඳනම් ඔයා එහෙම කරන්න මට නම් බැහැ ඔයාලා දාලා යන්න. ඔක්කොටම වැඩිය මම කෙහොමද අපේ පැණි කැවුම දාලා යන්නේ... (74 පිටුව)
 
පබාවතීගේ හා මන්ද්‍රිගේ මෙම කතාබහ කතෘ පාඨකයාට ඉදිරිපත් කරනුයේ සියුම් ආකාරයෙනි. මොවුන් දෙදෙනා තරුණියන් දෙදෙනෙකු නොව පාසල් යන කුඩා දැරියන් දෙදෙනෙකු ලෙසින් යෙදෙන සංවාදයක ස්වරූපයෙන් කතෘ මෙය ඉදිරිපත් කරනුයේ එම පවුල් පසුබිමේ පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය ද හෙළිදරව් කරමිනි. ඒ අනුව බැරෑරුම් සිද්ධියකට කතුවරයා සැහැල්ලු ආකල්පයක් දැක්වූ අයුරු මින් පෙනී යයි. පබාවතීගේ හා මන්ද්‍රීගේ සිත් තුළ විභූතිරත්න කෙරෙහි තිබූ නියම හැඟීම නවකතාව මඟින් සෘජුවම අනාවරණය නොකර එය පාඨකයාට සිතන්නට යමක් ඉතිරිකොට ඇති බව විශද කෙරේ. ඒ අනුව කතෘගේ ප්‍රතීභාපූර්ණ හැකියාව වනාහී පාඨක සිත්සතන් අමන්දානන්දයට පත් කරන්නක් බව කිව යුතුය. එක් අවස්ථාවකදී පමණක් කතුවරයා එය මතුපිටින් සඳහන් කර ඇත. තරුණියන් දෙදෙනාම විභූතිරත්නට අසීමිතව ආදරය කරන බව එක් අවස්ථාවකදී දක්වයි. තවත් අවස්ථාවකදී එමලිනා හාමි මඟින් ද ඉදිරිපත් කරයි.
දැනටමත් දෙන්නා විභූති අයියට පන ඇරල නෙව ඉන්නේ (66 පිටුව)
\\
යනුවෙන් පවසයි. තවත් අවස්ථාවකදි කමලාවති හෙවත් උදේනිස්ගේ දෙවෙනි බිරිඳ මෙම සම්බන්ධය ගැන 
පවසා එම තත්වය නවකතාව තුළින් සනාථ කරනු ලැබේ.
 
කෙල්ලො දෙන්නා ඉන්නේ විභූතිරත්නය පණ ඇරලා (115 පිටුව)
\
නවකතාව පුරාවටම ඔවුන් විභූතිරත්නට සළකනුයේ සුරතල් දරුවෙකුට මෙනි. ඔවුන් අතර පවතින සම්බන්ධය පිළිබඳව පාඨකයා තුළ විශ්වාසයක් ඇති නොවේ. පබාවතීගේ හා මන්ද්‍රීගේ මෙන්ම විභූතිරත්නගේ යටිසිත කිසිවිටෙක නිරූපණය නොවේ. ඒ පිළිබඳ අවසානය තෙක් සහෘදයාට ඇත්තේ කුතුහලයකි. පබාවතී ගේ සිත් තුළ විභූතිරත්න කෙරෙහි පැවතියේ කුමන හැඟීමක් ද යන්න දෙමවිපියන් අවසානය තෙක් නොදැන සිටීම ද පුදුමයට කාරණයකි.
 
කාලය ගෙවී යන නමුදු චරිත වල කිසිදු විකාශනයක් සිදු නොවේ. කථාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම පබාවතී මෙන්ම මන්ද්‍රී ද කතාබහ කරනුයේද හැසිරෙනුයේ ද බාලයන් ලෙසිනි. ඔවුන්ගේ චරිත නිරූපණය වී ඇත්තේ ගමටවත් නගරයටවත් සීමා නොවූ අතරමැදි ස්වභාවයකිනි. යටත් විජිත සමයේ මෙරට සිටි අභ්‍යාස ගුරුවරියක වන පබාවතී මෙහිදී ක්‍රියාකරනුයේ කුඩා දැරියක සේය. එය ඇයගේ වෘත්තීය ජීවිතය කෙරෙහි ඇති කරන අවිනිශ්චිතතාවයක් බඳුය. මන් ද යටත් විජිත සමයේ මෙවැනි ග්‍රාම්‍ය ප්‍රදේශයක  තරුණියක් ගුරුවරියක වනවා යනු එම සමාජයට මෙන්ම ගමට කිසියම් තත්වයකි. ඇයගේ පැළැන්තිය ගැන කරණ වර්ණනාවකි. එය ගමේ තත්වය ද ඉහළ නංවන්නකි. නමුත් කතුවරයා ඇය ගැන නවකතාව ඔස්සේ හදුන්වා දී ඇති ආකාරය අනුව පාඨකයාද ඇය දෙස බලනුයේ යම් සරල ස්වභාවයකිනි. ඒ අනුව නවකතාවේ අරමුණ නැතහොත් කතෘගේ අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා එය බාධාවක් වන්නට පුළුවන.
ග්‍රන්ථයේ තැනින් තැන අවට පරිසරය වර්ණනා කිරීමට පෙළඹුණු අවස්ථා කිහිපයක් දැකගත හැකිය. එය කතාවට යම් විවේකයක් ලබා දී ඇති බව ද පැහැදිලිය. එක දිගට කියවන කතාවක් තුළ අතරමඟදී පාඨකයාට යම්කිසි විවේකයක් ලබාදීමක් බඳුය.
 
පළාවන් පැහැයෙන් යුතු ගොයමින් වැසුණු මහා වෙල්යායත් ඊට ඉහළින් පෙනෙන නිල්වන් අහස් තලයත් ඔහුට පෙනෙන්නේ කරත්තය පසුකොට ඇදී යන කොළ හා නිල් පැහැයෙන් යුත් විසල් තිරකඩක් මෙනි. කරත්තය එන හඩ අසා පටුමඟ අසල ලියදිවල සිට අහසට නැඟෙන කොක්රෑන් එම තිරකඩෙහි විසුරුවා හල සුදු තීන්ත පැල්ලම් වැන්න... (30 පිටුව)
 
මේ ආදි වශයෙන් ගොඩනැගෙන ස්වයංජාත නවකතාව විවිධ ප්‍රවේශයන් ඔස්සේ විචාරීමට පුළුවන. නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම සහෘදයාගේ මනස එක්තැන්කොට ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. උපරිම සහෘද ආකාර්ශණය දිනාගැනීමෙන් කතාවේ අවසානය දක්වාම පාඨකයා රඳවා ගැනීමට නවකතාකරු ගත් උත්සහය සාර්ථකය. ඒ අනුව පාඨකයා තුළ මනෝමය භාෂණයක් ඇතිකිරීමට තරම් උසස් ආකාරයෙන් නවකතාවේ යම් යම් ස්ථාන තුළින් නිරූපිතය. එහිදී විභූති රත්නගේ මනෝභාවයන් පබාවතීගේ මනෝභාවයන් ඔවුන්ගේ මනස ක්‍රියාකරන ආකාරය , පබ්ලිනාහාමිගේ විඥාණය යක්කුටිගල ස්වාමීන් වහන්සේ කෙරෙහි නොදැනුවත්වම නැඹුරු වන ආකාරය විජයසිංහ කතුවරරයා අපූරුවට ඉදිරිපත් කර ඇත. චරිත නිරූපණය තුළින් පාඨකයා තුළ අවිඥාණික හැඟීම් ජනනය වන ආකාරය අපුරුවට නිරූපණය කරමින් කතුවරයාගේ ප්‍රතිභාපූර්ණ හැකියාව අපූරුවට ඉස්මතු කොට ඇත. ඒ අනුව ස්වයංජාත නවකතාව මනෝවිශ්ලේෂණවාදී නවකතා ගණයෙහිලා ද , මාක්ස්වාදී වු විචාරයෙහිලාද , සමාජමය කතිකාවක් වශයෙන් ද ගෙන විචාරයට ලක්කිරීමට හැකිය
 
මනෝ විශ්ලේෂනවාදී ප්‍රවේශය ඇසුරින් ස්වයංජාත නවකතාව විචාරීම
 
මනෝ විශ්ලේෂණවාදී නවකතාව යනුවෙන් අදහස් කරනුයේ පහත දැක්වෙන කරුණු ගැබ් කොට ගනිමින් නිර්මාණය වුණු නවකතාවයි. යුරෝපය පදනම්ව ඇතිවූ දියුණුවත් සමඟ මනස පිළිබඳ අධ්‍යයනය ආරම්භ විය. එය තවත් දියුණුවීමත් සමඟින්ම අනු කොටසක් ලෙසින් මනෝවිශ්ලේෂණවාදය බිහිවිය. එහි බලපෑම කෙතරම් ප්‍රබලව විකාශනය වීද යත් සාහිත්‍ය කලාදිය කෙරෙහිද කෙරෙහිද රචකයන් යොදාගැනීම නිසාවෙන් මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය බිහිවිය. මේ ඔස්සේ මනෝවිද්‍යාත්මක නවකතාවේ බිහිවීම සිදුවිය. මෙහිදී නවකතාකරුවා සිය චරිතයනගේ මනස තුළ පහළවන දෑ වාර්තා කිරීමට එසේ නැතිනම් කාල්පනික චරිතයනගේ චිත්ත අභ්‍යන්තරය ගෙනහැර දැක්වීමට ගත් උත්සාහය මත 18 වන සියවසේ ඉංග්‍රීසි නවකතාව පසුබිම්ව මනෝවිද්‍යාාත්මක නවකතාව බිහිවිය. ඒ අනුව යුරෝපීය නවකතාකරුවා මෙකී විඥානධාරා නවකතා ලිවීමේ ප්‍රාරම්භකයෝ වෙති. සැමුවෙල් රිචර්ඞ්සන්, එච් ලෝරන්ස්, පියදෝර් දොස්තොව්ස්කී, ගුස්ටාවෝ ප්ලොබෙයා, ඊ.එම් ෆෝස්ටර්, මිලාන් කුන්දේරා, ෆ්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ් ආදින් මෙම සංදර්භය ප්‍රචලිතකළ නවකතා කරුවන් වෙති. ඔවුන් විසින් පුද්ගලයාගේ පුද්ගලත්වය හා සාංදෘශ්ටික මිනිසා වෙත හෙළු මානුෂවාදී දෘශ්ටිය නිසා මිනිසාගේ අඳුරු භවාන්තරගත චෛතසික විග්‍රහකිරීම සඳහා යොමු විය. එහිදී පියදෝර දොස්තොව්ස්කිගේ අපරාධය හා දඬුවම,  (ජරසපැ ්බා චමබසියපැබඑ *  ඔහුගේම කර්මසොව් සහෝදරයෝ 1879 (එයැ ඊරදඑයැරි* ගුස්ටාවෝ ෆ්ලෝබෙයාගේ එමා බෝවාරි , ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා , ලෝරන්ස්ගේ දැටර්ලි ආර්යාවගේ පෙම්වතා යන නවකතා මෙකී විඥානධාරවේ ප්‍රධානම කෘතීන් ලෙසින් හඳුනාගත හැකිය. ඒ අනුව මනෝවිද්‍යාත්මක යැයි සැළකෙන නවකතාවන් කිහිපයක් හඳුනාගත හැකිය.
මිනිසාගේ මනස පදනම් කොටගෙන අධ්‍යයනය කරනු ලබන කේෂේත්‍රය පසුව මෙහිදී සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය ආකල්පයන්ද පදනම් කොටගත්තේය. ඒ අනුව මිනිසාගේ එකී සොඳුරුතම නිර්මාණයක් වන මෙම මානසිකත්වය දැක්වීමේ සාහිත්‍යය මනෝ සාහිත්‍ය විචාරය ලෙසින් විචාර ද බිහිකළේය. මේ ඔස්සේ විචාරය පාඨකයාගේ බුද්ධිය දියුණු කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් හඳුනාගත හැකිය. එහිදී විචාරකයා කරනුයේ පාඨකයා හා කෘතිය අතර පවත්නා පරතර බිඳදැමීම, තුනීකිරීම, පදම්කිරීමය. පාඨකයාට කෘතිය අවබෝධ කරගැනීමට මඟ පෙන්වීමය. එය වනාහී සාහිත්‍ය කලාවන්ගේ ප්‍රගමනයටද අවශ්‍ය වන්නේය. එබැවින් විචාරය යන සංකල්පය කාරණාවන් දෙකක් හමුවේ අවබෝධයට ලක්කිරීමට හැකිය. එනම් සාහිත්‍ය නිර්මාණයක පාදක වූ විෂය කේෂේත්‍රය එහි සංදර්භමය ශිල්පීය ක්‍්‍රම රචනෝපක්‍රම, භාෂා ලක්ෂණ, විභාග කිරීමත් ජීවිතාර්ත පැහැදිලි කිරීමත් වන නිසාය. අනතුරුව එකී අංගෝපාංග සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව ගුණ විනිශ්චය සිදුකරයි. කෙසේ සාහිත්‍ය විචාරයෙහිලා මෙවන් කාර්යභාරයක් අවබෝධකොටගත හැකිය. කෙසේ හෝ මෙකී විඥානධාරා නවකතාවන්හි ප්‍රබලත්වය ගන්නාවූ වැදගත් සාහිත්‍යාංගයක් ලෙසින් දැනගත හැකිය. ඒ සාහිත්‍යයක සතු  සනාතන චමත්කාරය වින්දනය ලබාදෙන නිසාය. ඒ ඔස්සේ නවකතා කරුවා සිය කාල්පනික චරිතයනගේ ගූඪ මානසිකත්වය විවරණය කිරීමේ යෙදෙන්නේය.
 
එසේම බටහිර බිහිවී මෙකී ප්‍රවණතාවය මිනිසාගේ විනිශ්චය පදනම් විරහිතව ස්වෛරීව හා ගැඔුරින් විමසනු ලබයි. එහිදී මිනිස් මනසේ විඥානීය  හා අවිඥානීය යන අංගයන්ගේ චිත්ත චෛතසික විග්‍රහකිරීම සිදුවේ. කතාකාරයා මෙකී විශ්ලේෂණීය  විචාරයේදී ජීවිතය නුවණින් විමසා එයින් තම අදහස් මිරිකාගෙන චරිතවලට ගැබ්කරයි. එබැවින් මෙකී නවකතාව ඔස්සේ කතාකරුවාගේ පරිකල්පනය ප්‍රබලත්වයට පවා පත්කරලයි.
ඒ අනුව අත්දැකීම සියමුව විනිවිදව ඒවායේ ගැඹුරට පත්ලට කිමිඳී අඳුරු අහුමුළුකරා පවා ආලෝකධාරාවක් එල්ලකොට යථා තතු පසක්කිරීම මේ ඔස්සේ සිදු කරයි. ඒ අනුව මනෝවිද්‍යාත්මක නවකතාවේ ප්‍රකාශන ක්‍රම අතර තදාත්මීයකරණය යනු චරිතයක මානසිකත්වය දැක්වීමේ ප්‍රබල අවස්ථාවකී. එය සිදු කරනුයේ නවකතාවේ අත්දැකීම ඔස්සේ සිය කාල්පනික චරිතයන් මාර්ගයෙන් විකාශනය කිරීම ඔස්සේය. නවකතාවක අත්දැකීම යනු සෑදීමකි.
 
ඒ අනුව ස්වයංජාත නවකතාව තුළද මෙවැනි ලක්ෂණ ඇතුළත්ව ඇති බව යම් යම් අවස්ථා වලදී මතු වේ. පාඨකයාගේ මනසට බුද්ධියට කතා කිරීමක් නැතහොත් චිත්ත සන්තානය ස්පර්ශ කිරීමක් දැක්වෙන අවස්ථා ඇත. විවිධ චරිත වල මනස ක්‍රියාත්මක වන ආකාරය අනුව එම චරිතයේ සැබෑ ලක්ෂණ හෙළිදරව් කරන ස්වභාාවය මෙම නවකතාවේ යම් යම් අවස්ථා වලදී උපහාසාත්මකව ද , හාස්‍යෝත්පාදකව ද , ඉදිරිපත් කිරීම තුළින් එම කරුණු මනාව අවධාරණය වේ.
 
ස්වයංජාත නවකතාවේ පබ්ලිනා හාමිනේගේ චරිතයෙන් මෙම තත්වයන් පැහැදිලි කරගත හැක. එහිදී පබිලිනාහාමිනේගේ දරුවකු නොලැබීම නිසාවෙන් ප්‍රතිකාරගැනීමට එන අතර ඇගේ අවිඥානීය සිත තුළ යක්කුටිගල තෙරුන්ගේ මතකය තැන්පත්වීම වනාහී අභ්‍යන්තරය තදාත්මීයව දැක්වූ අවස්තාවකී. එකී සිතතුළ පවතින මානසික ප්‍රවාහය ඉස්මතු වනුයේ එම තෙරුන්ගේ විරූපීභාවය පිළිබඳව තවකෙක් සමච්චල්කරණ විටදීය. එහිදී පබ්ලිනා හාමිනේ එය සාධාරණීකරණය කිරීමට පෙළඹෙන්නීය. එය වනාහී මනෝවිදයා නවකතාවේ එකිනෙක චරිත අතර නිරන්තර සංවේදීතාවය ශක්තිමත්කරණ චිත්තවේගයන් නිරූපණය කිරීමක් වන නිසාවෙන්ය.
 
උන් වහන්සේගේ දැළි අඟුරු පැහැති ස්ථුල කයත් මුංකැවුමක් වැනි විරූපී මුහුණත් ඇයට තවදුරටත් සිතට අපුල දෙන දසුනක් නොවීය. දැළි වළදක් වන් වාමන මුහුණෙහි කළාතුරකින් පහළ වන සුදුවන් දීප්තියෙන් බැබළෙන සිනාව වැහි අඳුරු අහසක ඇදී යන රිදීවන් විදුලි රේඛාවක් මෙන් දුටු ඇගේ යටි සිතෙහි ඇතිවූයේ එම සිනාව යළිත් දැක්වීමේ අනියත පෙළඹවීමකි. (19 පිටුව)
උන් වහන්සේගේ දෙනෙත් ඝණ රෝමයෙන් ගැවසිගත් ඇහිබැම දෙකන් වැසෙන තරමට මිරිකී ගොස් සිහින් ඉරි දෙකක් පමණක් බවට පත්වෙයි. ඇස් කොන් දෙපස සිහින් රැළි නැගෙයි. මේ සිනාව දකින 

පබ්ලිනාාහාමිගේ යටිසිත බියෙන් සැලෙන්නේ එහි ගැහැණුන්ගේ සිත් වසඟ කරන ස්වභාවයක් ලැබ්ව ඇතැයි ඇයට සිතේ. එවිට මෙවන් පාපකාරී සිතුවිලි පහළවීම ගැන ඇය පසුව බියටත් ශෝකයටත් පත්වෙයි. (20 පිටුව)
 
මනෝවිද්‍යාත්මක නවකතාවේ දැක්වෙන අන්දමට තවදුරටත් මානසිකත්වය දැක්වීමේ කථන ක්‍රමයක් ලෙසින් චරිතයක් බාහිර සාධකයන් හමුවේ ගැටෙන විටදී සංකීර්ණ මානසික සාධක ඉස්මතුකරමින් ගූඪමානසිකත්වය ඉස්මතුකිරීම දැක්විය හැකිය. එවන් තත්වයන් හා සමරජීව විජයසිංහගේ ස්වයංජාත යන නවකතාවන්හි ප්‍රධාන චරිතයන්ගේ මාර්ගයෙන් දැකිය හැකිය. මේ ලෙසින්ම ස්වයංජාත නවකතාවේ පබාවතියගේද චරිතයේද නවකතාකරුවා මෙවන් ස්වභාවයක් දක්වයි. ඇයද සිය නිවසේ වැඩකාර විභූතිරත්න වෙත පෙමින් බැඳී සිටියාය. එකී ආදරය වනාහී පබාවතියගේ සිතතුළ හෙවත් උත්තරාත්මයෙන්ම හටගත් එකක් වන අතර එය පැවසීමට නොහැකි එකකි. එකී ආදරය නිසාවෙන් පබාවතියගේ සිත නිරන්තරයෙන් ගැටීම් හමුවේ සංකීර්ණ වන්නේය. එකී බාහිර බලවේගයක ගැටීම දැක්වෙනුයේ පබාවතියගේ විවහා යෝජනා ආදිය හමුවේය. සිය නැඟනියගේ විවාහය සිදුවීමත් තමා පාසලේම ගුරුවරයකු කළ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් යනු ඇගේ ආදරයේ පවතින්නාවූ බැඳීමට විරුද්ධවීම නිසාවෙන්ය. එහි බලපෑම මත විටෙක ඇය විඥානය විසින් අන්‍යයන්ට කෝපවන ආකරයත් අව්ඥානීකව ඇගේ නින්දපවා නොඒම යනු එකී නවකතාවේ චරිතයක ගැටුම ආරම්භවූ අවස්ථාවක් වන්නේය. එම අවස්ථාවද ස්වයංජාත නවකතාවේ කතාකරුවා දක්වනුයේ අභ්‍යන්තර මනෝභාෂණය දැක්වීමේ මාර්ගයන් ලෙසය. ඒ අනුව විඥානධාරා නවකතාවක චරිතයනගේ ගැටීම ඇතැම්වූ විට ඉතා දිගු වූවක් ලෙසින් විකාශනය වේ. පබාවතියගේද එකී සවිඥානීය ප්‍රේමය දිගුවූ එකකි. එය ගැටීම් හමුවේ ඇගේ මානසික ගූඪත්වය ප්‍රකාශ වනබව කිවහැකි නොවේද යන්න ගම්‍යමාන වේ.
මොකවත් නැහැ මට ඕනැ කලේ ගමන පිටත් වෙන්න කලින් විභූති අයියව මේ පැත්තට හරවගන්න.
 
උදේ පාන්දරම මේ පැණි කැවුම මුලිච්චි නොවි මගේ දවස සාර්ථක වෙන්නෙ නැහැ අම්මේ.... (71 පිටුව)
 
නවකතාවේ චරිතයක විඥානය ප්‍රකාශ කිරීමෙහිලා අවශ්‍යවන භාෂාව වනාහී ප්‍රබලතම සාධකයයි. ඒ අනුව විඥානධාරා නවකතාවේ මානසිකත්වය යනු භාෂාවේද උපයෝගිතාවයෙන් නවකතාකරුවා සපුරාගත යුතු අභියෝගය ලාංකීය නවකතාවේද දක්වන සමත්කම පිළිබඳව පැහැදිළිය. ඒ අනුව විඥානය හා අවිඥානය සතු මානසික ප්‍රවාහය චරිතයක භාෂාව මාර්ගයෙන් දක්වයි. මෙහිදී මනෝමය පරිසරයක් චරිතයක පැවසීමෙහිදී භාෂාවේ උපමා, රූපක, සංකේත හා රිද්මයන් භාවිතා කරමින් එය සම්පූර්ණ කරගන්නා ආකාරය විමසිය හැකිය. මනුෂ්‍යයාගේ සිතිවිලි පරපුරක දම්වැළක පුරුකක් සේ එකට පුරුද්දමින් එකට ඇමිණී පැවතීමත් එකී සිතිවිලි දාමය ඉපදවීමේ ශක්තිය ප්‍රබන්ධකරුවා යොදාගත යුතුය. එය කියවන්නාගේ මනෝභාවයන් පුබුදු කිරීමේ සමත්විය යුතුය. නූතන සිංහල නවකතාවේ තවදුරටත් කැපීනෙනෙ මානසික සංකල්පයන් ලෙසින් තද්භාවය හා අහංභාවය  වැනි මනෝගතීන් දක්වන චරිත පාදකකොට ගන්නා ආකාරය කිවහැකිය.


■    විභූතිරත්නගේ පැණි කැවුමක් වැනි විරූපී මුහුණටත්, දැළි වළඳක් වන් දැලි පැහැයටත්..
■    පබාවතීගේත තුරුණු රූ සපුව සුදු පැහැයෙන් දිදුලන කිරිගරුඩ රුවක් වැන්නැයි...
■    මිටින් හළ කිරිල්ලියක සේ
■    කපු පුළුන් ගොඩකට මැදිව සිටින කළු කපුටු පැටියෙකු සේ
 
ආදී උපමාවන් භාවිතය තුළ පාඨකයාගේ මනෝභාවයන් ගැඹුරින්ම ස්පර්ශ කරන බවක් දක්නට ලැබේ. පාඨකයා තුළ සංකල්ප රූප ජනනය කරමින් කිසියම් මනෝ භාෂණයක් ලබා දීමට කතෘවරයා මෙහිදී ගත් උත්සහය සාර්ථකය. මනුෂ්‍යයාගේ සිතුවිලි වල ක්‍රියාකාරී ස්වභාවය ගෙනහැර පෑමට නවකතාවේ චරිත කෙරෙහි කිසියම් වු ආත්ම කථනයක් ලබා දීමටත් තම රචනා උපක්‍රම යොදාගෙන ඇති බව කිව යුතුය.
බක්කි කරත්තය , කළු කෝට් එක ,  මුදලිතුමා , ආදි වචන මඟින් පාඨකයාගේ මනස නිරතුරුවම යත් විජිත සමය , ඉංග්‍රීසී අධිරාජ්‍යය සිහිපත් කරනු ලබයි. ඒ අනුව එම කාල වකවානුවේ පැවති සමාජ ලක්ෂණ ඉස්මතු කිරීමට කතෘවරයා යොදාගත් භාෂා ශෛලිය යම්තාක්දුරට නවකතාවේ අරමුණට සාධාරණයක් ඉටුකර ඇති ආකාරය ප්‍රතීයමාන වේ.
 
ඒ අනුව පබාවතියගේ චරිතයේ විභූතිරත්න වෙත ඇති ආදරය නිසාවෙන් තද්භාවය හා අහංභාවය අතර ගැටුම ඇතිවේ. එනම් වෙනත් විවාහයක් නොකරගැනීමත්, විභූතිරත්න වෙත ඇති ආදරය නිසාත් මෙම මානසික ගැටුම ඇතිකරවන්නේය. මෙහිදී මනෝවිශ්ලෙෂණවාදයට අනුව පෙර ආත්මය විසින් සහජයෙන් ලැබුණු ස්ත්‍රී පුරුෂ ශරීර නරඹා සංතෘප්තවීමේ අපගාමී චර්යාවක් ලෙසින් හැඳින්වේ. මෙවන් අවස්ථාවක් ලෙසින් ස්වයංජාත නවකතාවේ පබිලිනා හාමිනේගේ චරිතයෙන් දැකිය හැකිය. එනම් ඇය විරූපී යක්කුටිගල හිමියන්ගේ ශරීරය දැකීමෙන් කිසියම් ආකාරයේ සංතෘප්තියක් ලැබුවායැයි පෙනේ. ඇය එම තෙරුන්ගේ සිනහව පිළිබඳව ඇතිවන බැඳීම වනාහී මෙම තත්වය මතුකරන්නාවු අවස්ථාවක් ලෙසින් නවකතාකරුවා දක්වයි. එය මනෝවිශ්ලේෂණවාදයේදී හදුන්වනු ලබනුයේ දර්ශස්වාදය ලෙසිනි. මනෝවිද්‍යා නවකතාවේ වැඩියෙන්ම කතා කරන්නාවූ මිනිස් මානසිකත්වය රාගය පදනම්වූ තත්වයන්ය. මෙය වනාහී මනෝවිශ්ලේෂණවාදයේ පියාවන සිග්මන්ෆ්‍රොයිඩ් දක්වනුයේ මිනිසාගේ ප්‍රබලතම මානසික අංශයක් ලෙසින්ය. ඔහු කොටස් තුනකින් එකී පුද්ගල රාගීකත්වය දක්වයි.
 
■    රාගය හෙවත් කාමාසාව 
■    ආත්ම ආරක්ෂාව හෙවත් භව ආසය
■    විනාශකාරීත්වය හෙවත් විභව ආශය ලෙසින්ය.
 
එබැවින් මෙකී තත්වය වනාහී මනෝවිද්‍යාත්මක නවකතාවේ චරිතයනගේ මාර්ගයෙන් දැක්වීමේදී විශේෂයෙන් වැදගත්කමක් ගනී. එබැවින් මෙම මනෝවිද්‍යාත්මක පසුබිම වනාහී විවාදාපන්න කථිකාවතක් දක්වන්නාවූ අවස්ථාවකී. කෙසේ සමස්ථ සාහිත්‍යයක අපේක්ෂිත ධර්මතාවන් අතර මනෝවිශ්ලේෂණීය නවකතාවද මෙකී සමස්ථ සාහිත්‍ය අභිමතාර්ථයන් සපුරාගන්නා බව කිවහැකිය.
 
ඒ අනුව ඉහත දක්වන ලද සාධකයන් ස්වයංජාත නවකතාව ඔස්සේ ද ගම්‍යමාන වන ආකාරය යම් යම් අවස්ථාවලදී දක්නට ලැබේ. ඒ අනුව රාගය හෙවත් කාමාශාව නවකතාව තුළ යම්තාක් දුරට අවම මට්ටමක පැවතිය ද සුමතිපාල පබාවති හා සම්බන්ධව යම් යම් අවස්ථාවලදී හැසිරෙන ආකාරය තුළින් ද, පබාවති විභූතිරත්න කෙරෙහි ඇති කරගෙන ඇති හැඟිම ඉස්මතු වන අවස්ථාවලදීද පෙන්නුම් කෙරේ.
සුදුවැලිපොත ගම්මුලාදෑනියා මගේ ලොකු තාත්තා. කවදාහරි පබාවති නංගි බදින්න ඉන්නේ මම. මහත්තයා මේ ගැන නිකං කාලේ නාස්ති කරගන්න එකේ තේරුමක් නැහැ.
 
මහත්තයාගේ හිතේ පබාවති නංගි ගැන අදහසක් තියෙනවනම් ඒක හිතින් අහක්කර ගන්නවා හොඳයි. (108 -109 පිටු)
 
ආත්ම ආරක්ෂාව හෙවත් භව ආශය යන්නද ස්වයංජාත නවකතාව තුළින් නිරූපිතය. පබාවති ව සුමතිපාල විසින් නිවසේ සිරකරගෙන සිටි අවස්ථාවේදි විභූතිරත්න පැමිණ ඇයව බේරාගැනීම මෙයට සුදුසුතම උපහැරණයකි. මිනිසාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය මිනිසාගේ යටිසිත බලාපොරොත්තු වන තත්වයන් මෙන්ම එම අවස්ථාවේදී හැසිරීම ආදිය මෙම නවකතාවෙන් අපූරුවට නිරූපිතය. ඒ අනුව රාගය පදනම් කොටගත් ආත්ම ආරක්ෂාවේ ස්වභාවය ව්‍යංග්‍යාර්ථවත්ව ඉදිරිපත් කිරිමට කතෘ මෙතුලින් උත්සහ දරා ඇත.
අනේ මාව මෙතනින් ගෙනියන්න යි ඔහුගේ ඇගේ එල්ලෙන්නට ආයාස කරමින් පබාවතී හඬන්නට වූයේය.
මෙතෙක් පැවති බිය සැක දුරු කල පබාවතී ඔහුගේ ගෙළ වැළඳගෙන සිටින්නේ ඔහු ළඟ තමා සුරක්ෂිතය යන නියත හැඟීමෙනි. (262 පිටුව)
 
සිග්මන් ෆ්‍රොයිඞ් ට අනුව මිනිසාගේ ප්‍රබලතම මානසික අංගයක් ලෙසින් මීළඟට දක්වනුයේ විනාශකාරීත්වය හෙවත් විභවාශය යි. ඒ අනුව පබාවතී සිරකරගෙන සිටි අවස්ථාවේ  විභූතිරත්න සුමතිපාලගේ නිවසේ බඩුභාහිරාදිය විනාශ කරන ආකාරය මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැක. තව ද සුමතිපාල විභූතිරත්නගේ කරත්තය ඉදිරියට හීලෑ නොවුණු ගොනා ඒවා සිදුකිරීමට යන විනාශය හා ඉන් බලාපොරොත්තු වන අරමුණ අනුව මෙම තත්වය තව තවත් පැහැදිලි වේ.
ඒ අනුව සමරවීර විජයසිංහගේ ස්වයංජාත නවකතාව තුළ මනෝභාෂණයක් උපරිමයෙන් අඩංගු වන බව කිවයුතුය. මිනිස් චරිත ස්වභාවයන්හී යථාර්තය අපූරුවට විචාරීමක් මෙතුලින් ඉස්මතු වේ. ඒ ඒ ුවස්ථාවන් වලදී මිනිසාගේ මනස ක්‍රියාත්මක වන්නේ කෙසේද එය එම චරිතයට හෝ අවස්ථාවට බලපාන්නේ කෙසේද ආදී අර්ථකථනයක් ලබා දීම මෙතුලින් අපූරුවට නිරූපිතය.ඒ අනුව ඒ කෙරෙහි මනා අවබෝධයකින් යුතුව නවකතාකරු සිටි බව දක්වන ලද නිදසුන් ආශ්‍රයෙන් ස්ඵුට වේ.
ඒ අනුව සාහිත්‍යය කෘතියක සාර්ථකත්වය තීරණය කිරීමෙහිලා බලපාන ප්‍රධානතම සාධකයක් ලෙසට මෙම මනෝභාෂණය දැක්විය හැක. පාඨකයාගේ පරිකල්පන ශක්තිය ගොඩනැංවීමෙහිලාත් මෙය දායක වේ. කතාවේ රසවිදින මොහොතේ ඒ අතරින් ඒ සම්බන්ධ සංකල්ප රූප ජනනය වන්නේනම් එය නවකතාකරුගේ සාර්ථකත්වය විශද කරන්නකි. ඒ අනුව සාහිත්‍යය කෘතියක අන්තර්ගත විය යුතු ප්‍රධාන කරුණු අන්තර්ගත කොට ගනිමින් නිර්මිත මෙම නවකතාව සාර්ථක නවකතාවකි.
■    සාහිත්‍ය කෘතියකින් මිනිසාගේ අර්ථ සිද්ධියට ඉවහල්වන යථාර්ථය ගවේෂණයක් කළ යුතුය.
■    මානව දයාව සාහිත්‍යය කෘතියක අනිවාර්ය ගුණය වියයුතුය.
■    සාහිත්‍යය කෘතිය මිනිසාගේ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය පෝෂණය කළයුතුය.
■    සාහිත්‍යය කෘතිය සනාතන හා විශ්ව සාධාරණ එකක් විය යුතුය.
■    සාහිත්‍යය කෘතිය මිනිසාගේ භාවමය හා ඥානමය සම්පත් පුළුල්කළ යුතුය.
 
මෙම කරුණු ස්වයංජාත නවකතාව තුළ අත්‍යන්තයෙන්ම අන්තර්ගත වී ඇති ආකාරය කිවයුතුය. සාහිත්‍ය කෘතිය පුරාවටම සමාජ යථාර්තය ඉස්මතු වේ.  ස්වයංජාත නවකතාවේ ප්‍රධාන පවුල් ප්‍රස්තුත දෙක මෙයට නිදසුන්ය. එරෝලිස් වෙදරාළගේ නිවසේ අය විභූතිරත්නට තමාගේම අයෙකුට මෙන් සළකන ආකාරය නවකතාව පුරාවටම ඉස්මතු වේ. ඒ අනුව මානව දයාව ස්වයංජාත නවකතාවෙන් උසස් ආකාරයෙන් නිරුපණය වන බව කිව යුතුය. ඊට අමතරව මිනිසාගේ අධ්‍යාත්මයට උපරිමයෙන් ආමන්ත්‍රණය කර ඇති බවක් ද මෙම නවකතාවෙන් නිරූපිතය. පබ්ලිනාහාමිගේ දරුවා යක්කුටිගල ස්වාමීන් වහන්සේ හා සමාන විරූපි බවකින් යුක්ත වීම , ඒ හේතුවෙන් ඇති වූ තත්වය මත  පබ්ලිනාහාමි සියදිවි නසා ගැනීමට පෙළඹීම. පබාවතී වෙනත් විවාහ යෝජනා වලට අකමැති වීම ආදිය මෙහිදී දැක්විය හැක. මිනිසාගේ භාවමය තත්වයන් උපරිමයෙන් විස්තර කිරීමට ද මෙම නවකතාවේ කතෘ ගත් උත්සහය සාර්ථකය.
 
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද?. ඔහු සිය පිය පසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවක් නැති, රූපය හැර අන් සියල්ලම මව්පසින් ලබා ඇති අතර ඇවතුම් පැවතුම් විසින් ඔහු තුළ සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද?.. එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුණේ යක්කුටිගල හිමියන්ගෙන්ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟව සිටි ඇගේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැතිනම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද?
 
මෙවැනි උදාහරණ මඟින් ස්වයංජාත නවකතාව වටා ගෙති ඇති මනෝ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ පැහැදිලි විවරණයක් ලබාගත හැක. ඒ අනුව මෙම තත්වයන් පැහැදිලි කිරීමට කතෘ යොදාගත් භාෂා උපක්‍රම සාර්ථකය. යම් යම් අවස්ථාවලදී ලක්ෂණ වල යම් නොගැළපීමක් තිබුණද එය නවකතාවේ අරමුණට එතරම් හානියක් නොවන බව පැහැදිලිය.
කෙසේ හෝ අප මෙහිදී මෙතෙක් විමසූ කාරණාවන්ට අනුව සාහිත්‍යයක කිසියම් ආකාරයේ වැදගත්වූ ප්‍රවණතාවයක් බව කිවහැකිය. එය වනාහී ලාංකීය නවකතාවේ දැක්වෙන ආකාරයට මනෝවිශ්ලේෂණීය නවකතාවේ නිම්වළලූ පුළුල්වීමෙන් ඇතිවු වැදගත් වූ කාරණාවක් ලෙසින් දැක්විය හැකිය. මේ අනුව ලාංකීය නවකතාවේ මෑතක ලියැවෙන නවකතාවන්හී මනෝවිද්‍යාාත්මක පක්ෂයෙහිලා සැළකිය හැකි බව කිවහැකිය.   
 
මනෝභාෂණයක් සහිත කරුණු වලට අමතරව මෙම නවකතාව තුළින් යම් යම් අවස්ථාවලදී සමාජවාදී හෝ මාක්ස්වාදී ලක්ෂණ ද ඉස්මතු වන ආකාරය කිව යුතුය. නමුත් ස්වයංජාත නවකතාව තුළින් වැඩි වශයෙන් ඉස්මතු වී පවතින්නේ අධ්‍යාත්මය හා බැදුණු මනෝවාදී ලක්ෂණයන් බව කිවයුතුය. ඒ අනුව මනෝමූලික ස්වරූපයකින් විචාරීම නවකතාවට සිදුකරනු ලබන සාධාරණයක් ලෙසට ද කිව හැක.
 
මාක්ස්වාදී ලක්ෂණ අනුව ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරිම
 
යටත් විජිතවාදී සමයේ ලක්ෂණ ඉස්මතු කරන මෙම නවකතාව තුළ යම් යම් මාක්ස්වාදී ලක්ෂණ ද ගැබ්ව පවතින බව කිව යුතුය. ඒ අනුව යම් යම් අවස්ථාවලදී තම පංතියේ තත්වය ඉස්මතු කිරීමට දරන උත්සහයක් මින් නිරූපිතය. වංශවත් වූ ගමේ මුලාදෑනීයාගේ පවුල් පසුබිම වටා ගෙති ඇති මෙම පවුල් ප්‍රපචය මෙයට නිදසුන්ය. ස්වයංජාත නවකතාවට අනුව සුදුවැලිපොත ගම්මානයේ නම්බුකාර හා වැදගත් උසස් පවුල් පරම්පරාක් ලෙසට නිරූපිතය. ගේ දොර ඉඩකඩම් යානවාහන ආදිය හිමි පරම්පරාවකට හිමි පවුල් පසුබිමක් මත ස්වයංජාත කතාව ගොඩනැඟී තිබීම විශේෂයකි. එවැනි පරම්පරාවක බලපුළුවන්කාරකම මත සිදුවන යම් යම් ක්‍රියාවලීන් අපුරූවට නිරූපණය කරමින් එයට විරුද්ධ වන්නන්ට එරෙහි වන ආකාරය මින් අපූරුවට ඉස්මතු කර ඇත.
 
මෙම පවුල් පසුබිම අනුව දරුවන් නොමැතිව සිටි පබ්ලිනාහාමි හට විභූතිරත්න හමු වූ පසුත් එම දරුවා නොසිතූ අයුරින් යක්කුටිගල ස්වාමීන් වහන්සේගේ ස්වරූපය ගැනීමත් මත ගම් මුලාදෑනි පවුලේ උදවිය එයට දක්වන ප්‍රතිචාරය මත මෙම නවකතාව තුළ මාක්ස්වදී ලක්ෂණ ඉස්මතු වේ. තම පැලැන්තිය එනම් ධනවත් පැළැන්තිය තම අරමුණ ඒ ආකාරයෙන් ඉටු නොවුයේනම් හයට අදාල අනෙකුත් සියදු දෙනා තලා පෙළා දමමින් සමාජයෙන් ම තුරන් කර සෑම පාලනයක්ම තමන් යටතට ගන්නා උත්සහයක් මින් නිරූපිතය.
මොකද්ද පරට්ටියේ තෝ මේ කරගෙන තියෙන්නේ. අර එළියේ ඉන්න මිනිස්සුන්ට මම දැන් මොනව ද කියන්නේ... (22 පිටුව)
 
පබ්ලිනා හාමි ඇතුලු ඇයගේ පවුලේ සෑම මේ හේතුවෙන් තම පවුලෙන්ම තුරන් කිරීම මත ඔවුන් මනුෂ්‍යත්වයට එහා ගිය නම්බුකාර බවක් අපේක්ෂා කරන බව පැහැදිලිය. ඒ අනුව වර්තමාන සමාජයේ වුව ද සිදුවිය හැකි සිද්ධියක් අපුරුවට සර්වකාලීන වටිනාකමකින් යුතුව කතෘ විසින් ඉදිරිපත් කිරීමට ගත් උත්සහය අති සාර්ථක බව කිව යුතුය.
 
උඹ දිනුවයි කියලා හිතන්න එපා පුතෝ. මේකේ වාඩුව ගත්තේ නැත්නම් මම දියෝනිස් අප්පු මුලාදෑනියා නෙවෙයි. ඒක දැනගනින්... (262 පිටුව)
 
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමාජ ක්‍රමයට අනුව එම කාලයට අනුව ගම් ප්‍රධානියෙකු සිටින පවුලක් යනු ගමේ අනෙකුත් අය ගරුබුහුමන් දක්වන පවුලකි. එම ප්‍රදේශයේ අනෙකුත් අය එම පවුලට යටත්ය. ගම් වල අනෙකුත් අහිංසක මිනිසුන් එදා වේල සරිකරගන්නේ ගම්මුලාදැනීයාගේ වතුපිටි ඉඩකඩම් වල කටයුතු කරමින්ය. මේ ආදී වු ලක්ෂණ ස්වයංජාත නවකතාව තුළින් නිරූපණය වේ. සමාජයෙන් සමාජයට මිනිස් ධර්මතා නිරූපණය වන ආකාරය ඉස්මතු කිරීමට කතුවරයා ගත් උත්සහය සාර්ථකය.
 
යටත් විජිතවාදී බටහිරකරණයේ අනුහසට ගොඳුරු වෙමින් පැවති ප්‍රධන නගර වෙත සමීපත්වයක් දක්වමින් කතාව රචනෘ වී තිබීම මත ද ඔවුන් ධනවාදයට නැඹුරුතාවයක් දක්වන බව නවකතාව තුළින් නිරූපිතය. විකෘතී වූ දරුවෙකු වටා මෙම කතාව ගොඩනැගුණ ද එයට එහාගිය සමාජ යථාර්තයක් හෙළිකිරීමට කතුවරයා ගත් උත්සහය සාර්ථක බව කිවයුතුය. ඒ අනුව ගම හා නගරය යා කෙරෙන ආකාරයෙන් මෙම නවකතාව නිර්මාණය කිරීම මත ගමේ හා නගරයේ ඇති පරස්පරතාවන් ඔස්සේ මාක්ස්වාදීමය එනම් ධනපති හා නිර්ධන පංතියේ ලක්ෂණ අපුරූවට ඉස්මතු කර ඇත. එහිදී සමාජික හා ආර්ථික තොරතුරු පමණක් නොව අධ්‍යාපනය නැතහොත් දැනුම යන සාධකයද වඩා වැදගත් වන බව මනාව විශද කිරීමට ස්වයංජාත කතාකරු සමත්ය. ඒ අනුව එහි සමාජ අධ්‍යාත්ම පරිසරය සංස්කෘතිය හා විඥාණගත චෛතසික ලෝකය සමඟ පාඨකයාට බුද්ධිමය පමණක් නොව භාවමය ආනුභුතියක් ලබා දීමටද ස්වයංජාත නව කතාකරු ගත් උත්සහය අතිසාර්ථකය.
 
දුම්රිය කවුළුවට පිටතින් ඇදී යන මුහුදුබඩ පරිසරය...
ළමයා කොළොම්පුරේ ආවට පස්සේ හුඟක් දියුණු වෙලානේ, දැන් කියවන්නේ ඉංග්‍රීසි කතා සාහිත්‍ය වගෙයි... (201 පිටුව)
 
මෙවැනි නිදසුන් වලින් එම සමාජ සංස්කෘතික පරිසරය මැනවින් නිරූපණය වේ. තව ද ගම් මුලාදෑනීයා වන දියෝනිස් අප්පු තම ගෝලබාලයන්ට සළකන ආකාරය ඔවුන්ගෙන් සැළකුම් ලබන ආකාරය අනුව ද මෙම ලක්ෂණ ඉස්මතු වේ. ඒ අනුව කරත්තකරුගේ සිට ගෙදර මෙහෙකාර සේවයේ යෙදි සිටින සේවිකාවන් ගේ චරිත වලින් මෙය මනාව නිරූපණය වේ. ඔවුන් තම මුලාදෑනියාට දක්වන බය පක්ෂපාතකම් තුළින් මෙය නිරුපීතය.
 
සාදිරිස් ගණින් ඔය කරත්තේ. කෝ මේ සාදිරිස්... (24 පිටුව)
 
පබ්ලිනාහාමිගේ දරුවා යක්කුටිගල ස්වාමීන් වහන්සේ මෙන් විරූපි ස්වභාවයක් ගැනීම සමඟ කෝපයට පත් සෙලෙස්තිනාහාමිගේ හැසිරීම මෙයට නිදසුන්ය. තම පැළැන්තිය හේතුවෙන් පුහු ආටෝපයක් ගොඩනගාගෙන සිටින ඇය නිර්ධනයින් හෝ තම යටත් වැසියන්ට සළකන ආකාරය අනුව මෙම තත්වය ගම්‍යමාන වේ. එම පවුල් පසුබිම තුළ ගොඩනැඟි ඇති සංස්කෘතිය, ආර්ථිකය ආදි ලක්ෂණ මෙහිදි සහෘදයාට ව්‍යංගයෙන් හෝ ඉදිරිපත් කිරීමට නවකතාකරු සමත් වී ඇත. ඒ අනුව දියෝනිස් අප්පුගේ බලය පාවිච්චි කරමින් අස්වැන්නේ බිම් පංගු රැගෙන යාමට සුමතිපාල පැමිණිම මෙයට නිදසුන්ය. ඒ අනුව එම සමාජ සංස්තෘතිය තුළ මෙවැනි ලක්ෂණ ඔස්සේ යටත් වාසීන් පීඩනයට ලක්කිරීමට ගත් උත්සහයක් ලෙසf මය දැක්විය හැක.
මොන පිස්සුද හාමිනේ, ඔය මිනිස්සුන්ට බිංපංගු ඕනෑනම් ඔය කොහේට හරි වෙලා ඉඳගෙන වෙලාව එනකම් බලාගෙන  ඇති....
 
නැන්දේ තාත්තා කිව්වා බිංපංගු අරන් එන්න කියලා... (167 පිටුව)
 
ඒ අනුව ගමේ ප්‍රධානියා ව සිට තම යටත් වැසියන් පීඩනයට පත් කිරීමට දරන උත්සහයක් නව කතාව තුළින් නිරූපිතය. තවද මෙම ලක්ෂණ ව්‍යංගයෙන් නිරූපිත කදිම අවස්ථාවක් ලෙසට අවස්ථාවක් ලෙසට අමරතුංග නම් ඉංග්‍රීසි ගුරුවරයා පබාවතීගේ නිවසට මගුල් කපුවෙකු යැවූ අවස්ථාවේ සිතන කාරණා තූළින් පැහැදිලි වේ.
ඔහුගේ කෝපයටත් කළකිරීමටත් හේතු වී ඇත්තේ පබාවතී අකමැති වීම පමණක් නොව පාරම්පරික වත්පොහොසත්කම් ඇති ඉංග්‍රීසි උගත් නාගරික තරුණයෙකු වු තමන්ට ගමේ වෙදරාළ කෙනෙකු හමුවේ බාල්දු වීමට සිදුවීමය... (104 පිටුව)
 
මෙවැනි තත්වයන් නවකතාව හරහා නිරූපණය කිරීමෙන් එහි පවතින සමාජ සංස්කෘතික ආර්ථික ලක්ෂණ කෙරෙහි සහෘද චිත්තයෙහි යම් අදහසක් ගොඩනැගේ. නමුත් එය කතෘ සෘජුවම ඉදිරිපත් නොකර පාඨකයාට සිතන්නට යමක් සලස්වා ඇති බව පැහැදිලිය.
 
ඒ අනුව මනෝභාෂණීය ලක්ෂණ තරම් නොවූව ද යම්තාක් දුරට සමාජ ප්‍රස්තුතය, ආර්ථිකය හා සංස්කෘතිය මතගොඩනැගුණු මාක්ස්වාදී විචාරමය ලක්ෂණ කිහිපයක් ස්වයංජාත නවකතාව තුළ අන්තර්ගත බව පැහැදිලිය.
 
ඊට අමතරව මෙම නවකතාව යටත් විජිතවාදී ලක්ෂණ අළලා නිර්මාණය කලද යම් යම් අවස්ථාවලදී යාවත්කාලීන තොරතුරු අන්තර්ගත වී ඇති ආකාරය පැහැදිලිය. ඒ අනුව නවකතාකරු යම් යම් කරුණු නවකතාවට ඇතුළත් කිරීමේදී සර්වකාලීන වැදගත්කමකින් යුක්තව දක්වා ඇති බවද නිරූපිතය. ඒ අනුව නිතරම ඉංග්‍රීසී අධ්‍යාපනයේ වැදගත්කම එදා සමාජයේ මෙන්ම අද සමාජයේත් එකසේ වැදගත් වන බව කතුවරයා සහෘදයාට දන්වා ඇත. ඒ අනුව පෙර සියවස් දෙක අතර කාල පරාසය තුල වූ යම්කිසි සිද්ධි මාලාවක් ඇසුරින් නිර්මාණය වූවක් වුනද වත්මන් කාල සීමාව දක්වාම උචිතය. එබැවින් නවකතාවේ වස්තු විෂය තවමත් ජීවමාන යැයි හැඟේ.
 
මෙවැනි ලක්ෂණ ඉස්මතු කිරීමෙහිලා කතුවරයා යොදාගත් භාෂා භාවිතය පිළිබඳ අධ්‍යයනය කල යුතුය. ගැමි පරිසරයක් පාදක කරගනිමින් රචනා වූ මෙම නවකතාව තුළ ගැමි බස් වහර මනාව නිරූපණය කොට ඇත. යටත් විජිත සමයේ බටහිරකරණාය් අනුහසට ලක් වූ පවුල් පසුබිම් කොටගෙන ලියවූවක් බැවින් එයට ද උචිත පරිදී භාෂාව භාවිතා වී ඇති අයුරු කිව යුතුය. සරල සුමට බස් වහරක් භාවිතා කිරිම ඔස්සේ ගැමි ජන විඥාණන සහෘදයාට ගෙනහැර දැක්වීමට නවකතාකරු ගත් උත්සහය සාර්ථකය.
 
අයියත් තේ වතුර ටිකක් බොන්න යි කරත්තය තුළ සිටින පබාවතී කියන්නේ තේ කහට කෝප්පයක් හා හකුරු කැටයක් විභූතිරත්න දෙසට දිගු කරමිනි... (123 පිටුව)
පබා අක්කා වැටිලා කකුළ ඇමැට්ටි වෙලා අයියේ.... (261 පිටුව)
 
ආදී වු නිදසුන් රාශීයක් නවකතාව තුළ අන්තර්ගතය. කඩමණ්ඩිය , බක්කි කරත්තය , බෙහෙත් පොට්ටනිය පබආදී වූ වචන ද මෙයට නිදසුන් ලෙස දැක්විය හැක. නමුත් නවකතාතරුවාගේ යම් යම් රචන උපක්‍රම කතා රසයට හානි වන අයුරින් ඉදිරිපත් වී ඇති බව ද කිව යුතුය. ඒ අනුව පබාවතිගේ සුමතිපාලගේ නිවසින් බේරාගෙන විත් විභූතිරත්න බක්කි කරත්තයේ තබන අයුරු කතුවරයා ඉදිරිපත් කරන ආකාරය අවස්ථාවට උචිත නොවන බවක් දක්නට ලැබේ.
 
බක්කි කරත්තය පිටුපසට ගිය ඔහු ධාතු කරඬුවක් වඩා තැන්පත් කරන පරිස්සමකින් පබාවතී එහි අසුනක් මත තැබුවේය... (264 පිටුව)
 
කෙසේ වුවද ගැමි ජනතාවගේ අර්ථ රසයට හානියක් නොවන පරිද්දෙන් මෙම භාෂා ශෛලිය ඉදිරිපත් කොට ඇති බව කිව යුතුය. ඊට අමතරව ස්වයංජාත නවකතාව තුළ උපහාස රසය ජනනය කරන භාෂා රටාවක් අන්තර්ගතය. එය ගැමි ජනතාවගේ මෙන්ම එදා සමාජ පැළැන්තිය උපහාසයට ලක් කරන්නත් බව ව්‍යංග්‍යාර්ථවත්ව ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සහ දරා ඇත. ඒ අනුව යක්කුටිගල ස්වාමීන් වහන්සේට යකා හාමුදුරුවෝ නමින් ගැමියන් හැදින්වීම මෙයට නිදසුන්ය. ඊට අමතරව මෙවැනි උදාහරණ මඟින් උපහාසය රසය ජනනය වේ.
 
කොහෙන්ද හාමිනේ මූ පබ්ලිනාහාමිගේ බඩට රිංගුවේ? (21 පිටුව)
ඒ ළමයා යකා හාමුදුරුවන්ගේ කපාපු පලුව... (25 පිටුව)
 
ඊට අමතරව විභූතිරත්නය පැණි කැවුම් ගෙඩිය ලෙස අන්වර්ථ නාමයක් භාවිතා කිරීම මතද එම භාෂා ශෛලිය තුළ හාස්‍ය මුසු උපහාස රසයක් ප්‍රතීයමාන වන බව කිව යුතුය. ඊඨ අමතරව යම් යම් අවස්ථාවලදී විභූතිරත්න කුස රජ්ජුරුවන් හට උපමා කිරීමද මෙයට නිදසුන්ය අවසානයේ කුස ජාතකයේ ආකාරයෙන් පබාවතී නම් තරුණිය කුස රජුට සමාන විභූතිරත්න සමඟ විවාහ වීම ද සහෘදයා තුළ උපරිම වශයෙන් උපහාසයක් මතු වන බව පැහැදිලිය. පබාවතී දියණියගේ නම් තබන අවස්ථාවේ ඇයගේ මව නම් තැබූ පුද්ගලයාට පවසනුයේ කුස රජුන් තම නිවසේම  සිටින නිසා පබාවතී යන තෝරාගත් බවයි. එවැනි නම් ද තම භාෂාවට යොදාගැනීම මතම පාඨක ආකර්ශණය උපරිමයෙන් ලැබේ. ඒ අනුව කතා රසය උපරිමයෙන් ජනිත කරමින් සහෘද ආකර්ශණය ලබාගැනීමට කතුවරයා භාවිතාකල භාෂා උපක්‍රම වල ඖචිත්‍යය වේ.
 
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහි ව ජාතික අරගලයක මූල බීජය උපන් 20 වැනි සියවසේ දෙවැනි දශකයේ පමණ සිට වාමාංශික ව්‍යාපාරයේ නැගීම හා වැටීම පිළිබිඹු කරන 70 දශකය පමණ දක්වා වූ අඩසියවසක සමාජ පරිවර්තනය මේ කතාවේ සමාජ පසුබිමයි. මෙම පසුබිම සංකල්ප රූප ජනනය කරමින් සංකේතාත්මකව ඉදිරිපත් කරමින් කතෘ තම අපේක්ෂාව සාක්ෂාත් කරගෙන ඇත. නමුත් බක්කි කරත්තය හැරුණු කොට එවැනි යටත් විජිතවාදී ලක්ෂණ වැඩි වශයෙන් ඉස්මතු නොවීම මත කතුවරයාගේ යම් අසාර්ථකත්වයක් ඉස්මතු වන බව ද කිව යුතුය.
 
තවද ස්වයංජාත නවකතාව තුළ භාවිත කල උපමා රූපක හා අලංකාරෝක්ති ගණනාවකි. පරිසර වර්ණනා , ස්ත්‍රී රූ සොබා වර්ණනා , සමාජ වර්ණනා ආදිය මේ යටතේ විස්තර කොට ඇත. ඒ අනුව ඒ ඒ අවස්ථාවට උචිත පරිදී මෙම වර්ණනාවන් භාෂාව උපයෝගි කරගෙන ඉදිරිපත් කර ඇත. ඒ අනුව යක්කුටිගල හාමුදුරුවන්ගේ ස්වභාවය විස්තර කිරීමේදී , විභූතිරත්නගේ ස්වභාවය විස්තර කිරීමේදී , පබ්ලිනාහාමිට දරුවා ලැබුණු අවස්ථාවේ ඒ පිළිබඳ දැක්වීමේදී , පබාවතීගේ හා මන්ද්‍රීගේ රූ සොබාව දැක්වීමේදී , විවිධ පරිසර වර්ණනා මෙන්ම විභූතිරත්නගේ යම් යම් කියාකලාපයන් විස්තර කිරීමේදී මෙවැනි අලංකාරෝක්ති භාවිතා කිරීම මඟින් නවකතාවේ කතා රසය තිව්‍ර කර ඇත. ඒ අනුව මෙම උපක්‍රම ඔස්සේ සහෘදයා තුළ විවිධ භාවයන් තුළින් රසයන් උද්දීපනය කරමින් නවකතාකරණාය් නියැලීමට නවකතාකරු උත්සහ දරා ඇත. ඒ ඒ අවස්ථාවන් 
 උපරිමයෙන් දැනවීමට භාවිත උපකරණ මෙන් මෙම ලක්ෂණ දැක්විය හැක.

■    හුඹහට වැදිච්ච තලගොයි දෙන්නෙක් වගේ කාමරේට වැදිලා ඉන්නේ නැතුව.... (12 පිටුව)
■    වෙදරාල සිතන්නේ සමාධි ප්‍රතිමාවක් දෙස බලා සිටින්නාක් මෙන් විභූතිරත්න දෙස බලා සිටිය හැකි බවය. (15 පිටුව)
■    උන් වහන්සේගේ දැලි අඟුරු පැහැති ස්ථුල කයත් , මුංකැවුමක් වැනි විරූපි මුහුණත්... (19 පිටුව)
■    කළු පුළුන් මිටියක් ළඟ තැබූ කළු කපුටු පැටියෙකු මෙන් සුදුවන් පබ්ලිනාහාමිගේ තුරුලේ නිදන දැළි අඟුරු පැහැති බිළිදාගේ... (32 පිටුව)
■    පබාවතීගේත තුරුණු රූ සපුව සුදු පැහැයෙන් දිදුලන කිරිගරුඩ රුවක් වැන්නැයි...
■    පළාවන් පැහැයෙන් යුතු ගොයමින් වැසුණු මහා වෙල්යායත් ඊට ඉහළින් පෙනෙන නිල්වන් අහස් තලයත් ඔහුට පෙනෙන්නේ කරත්තය පසුකොට ඇදී යන කොළ හා නිල් පැහැයෙන් යුත් විසල් තිරකඩක් මෙනි. කරත්තය එන හඩ අසා පටුමඟ අසල ලියදිවල සිට අහසට නැඟෙන කොක්රෑන් එම තිරකඩෙහි විසුරුවා හල සුදු තීන්ත පැල්ලම් වැන්න... (30 පිටුව)
■    පිට දිගට වැදුණු පොලු පහරෙහි ලකුණු වෙළක නියරක් මෙන් තදින් උඩට ඉලිප්පි තිබිණි’. (266 පිටුව)
 
මෙම නිදසුන් උපමා තුළින් ඒ බව මොනවට පැහැදිලි කරයි. භරතමුනිගේ රස සිද්ධාන්තයේ විවිධ රසයන් භාවයන් ඔස්සේ ජනනය කිරීම කතෘගේ ප්‍රතිභාපූර්ණ හැකියාව ගම්‍යමාන කරයි. පබ්ලිනාහාමි කෙරෙහි ඇතිවන ශෝකය මුසු කරුණා රසය, විභූතිරත්න කෙරෙහි ඇතිවන වීර රසය හා හාස්‍ය රසය, යක්කුටිගල හිමියන් කෙරෙහි ඇතිවන පිළිකුල් සහගත බීභත්ස්‍ය රසය හා කරුණා රසය , දියෝනිස් අප්පු හා විභූතිරත්න කෙරෙවි යම් යම් අවස්ථාවලදී ඇතිවන ක්‍රෝධ රසය ආදිය මෙයට නිදසුන් ලෙස දැක්විය හැක. ඒ අනුව එවැනි උපක්‍රම ඖචිත්‍ය ලෙස යොදා ගනිමින් සහෘදයාගේ රසවින්දනය තිව්‍ර කිරීමට කතෘ ගත් උත්සහය සාර්ථකය. පබාවතී තරුණිය සුමතිපාල ගේ නිවසේ සිරකරගෙන සිටි අවස්ථාවේදි සහෘදයාට ඇති වනුයේ ශෝකී හැඟීම පිරි කරුණා රසයකි. විභූතිරත්න ඇයව බේරාගනු ලැබූ අවස්ථාවේ ඔහු කෙරේ ඇතිවනුයේ වීර රසයකි. ඊට අමතරව විභූතිරත්නගේ විවිධ දක්ෂතා පිළිබඳව දැක්වීමේදී එනම් හෙළ වෙදකම පිළිබඳ ඇති නොවන, සාහිත්‍ය පිළිබඳ ඇති දැනුම මෙන්ම හීලැ නොවූ කේප්පයා මෙල්ල කිරීම වැනි අවස්ථාවලදී ඇති වනුයේ වීර රසයකි. පබ්ලිනාහාමි දරුවෙකු බලාපොරොත්තුවෙන් පන්සල හා සම්බන්ධ විශ්වාසයන් තබා ගැනීම මෙන්ම වෙදරාළ පවුල ඇතලු බොහෝ අය පන්සලේ පිරිත් පිංකමට සහභාගී වී කටයුතු කිරීම ආදී අවස්ථා වලදී පාඨතයා තුළ ජනනය වනුයේ ශාන්ත රසයයි. ඒ අනුව කතෘ එයට යොදාගත් ග්‍රාම්‍ය භාෂා රටාව කතෘගේ මෙම අරමුණ තවතවත් සාක්ෂාත් තොට ඇති බව කිව යුතුය.
 
වෙද පවුලක් වටා ගෙතුණු මෙම කතාව තුළින් හෙළ වෙදකමේ ස්වභාවය මෙන්ම දේශිය වෛද්‍යවරයෙකුගේ සැබෑ ස්වරූපය ඉස්මතු කිරීමට ගත් උත්සහය ද අපූරුය. එය ඉදිරිපත් කොට ඇති ආකාරය අනුව හෙළ වෙදකමේ ස්වභාවය මෙන්ම හෙළ වෙද ගෙදරක ස්වභාවය මනාව විශද වේ’
පබාවතීගේ සියුමැලි කකුල මදක් ඔසවා තම අත්ල මත තබා පරික්ෂා කරමින් සිටි විභූතිරත්නට වැටහී ගියේ කිසියම් වැටීමකදී කකුල නුහුරු අතට තැබීමෙන් ඇගේ ඇස් වටයේ සන්ධි ප්‍රදාහයක් සිදුවී ඇති බවය’’’ (265 පිටුව)
 
තැලුම් තෙල් ගාලා බෙහෙත් පොට්ටනි රත්කරලා ඉදිමුම වටේ තවන්න ඕනෑ. තුවාලේ නම් සිතෝදක තෙල් දෙතුන්පාරක් ගැවාම නිකන්ම සනීප වෙයි... (267 පිටුව)
මෙවැනී කරුණු ඉදිරිපත් කිරීමේදී සන්ධි ප්‍රදාහය , බෙහෙත් පොට්ටනි , සිතෝදක තෙල් වැනි දේශීය වෙදකමේ භාෂා ශෛලින් නැතහොත් වචන භාවිතා කිරීම මතම කතුවරයා සාර්ථක බව පැහැදිලිය. එනම් ඒ ඔස්සේ සහෘද පරිකල්පන ශක්තිය මෙන්ම නවකතාකරුගේ ප්‍රතීභා ශක්තිය ඉස්මතු කිරීමට එය කදිම උපහැරණයකි.
 
ඒ අනුව කතුවරයා උපමා උපමේය , රූපක භාෂාව , වාච්‍යාර්ථ , ලක්ෂාර්ථ , ධ්වනිතාර්ථ , සංකල්පරූප ආදී වූ භාෂා උපක්‍රම උපරිමයෙන් භාවිතා කරමින් තම අරමුණ මුදුන්පත් කොටගෙන ඇති ස්වභාවයක් ඉස්මතු වේ. ඉදිරිපත් කල යුතු දේ ඉතා සරල සුගම හා ප්‍රස්තුතයට උචිත පරිදීත් තෝරාගත් සමාජ සංස්කෘතික පරිසරයට උචිත පරිදීත් යොදාගැනීම කතා රසට හානියක් නොවන පරිද්දෙන් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් යුත්තව අපුරුවට කතාව ඉදිරිපත් කරමින් කතෘගේ නිපුණතාවය මනාව ඔස් නංවා ඇත. බුද්ධි විශයිකව පමණක් නොව භාව විශයික තත්වයන් ද මතු කරමින් නවකතාකරණයේ නියැදුණු සමරවීර විජයසිංහ නවකතාකරුවා වනාහී  උසස් කළාකරුවෙකු ලෙසත් ඔහුගේ මෙම ස්වයංජාත නවකතාව උසස් තුණයේ සාහිත්‍ය ප්‍රබන්ධයක් ලෙසත් හැදින්විය හැක.
 
අධ්‍යතන ලාංකේය ජන ජීවිතයේ නේකාකාර ජීවන රටාවන් කලාත්මක ගවේෂණයක හා අවලෝකනයකට හසුකර ගනිමින් හා අපූර්ව ආඛ්‍යාන විධීන් භාවිතයට ගනිමින් ද, සුභාවික සාහිත්‍ය පඨනයකට ඉඩ හසර විවර කරමින් ද පෙන්වන ලද නිර්මාණාත්මක ප්‍රාගුණ්‍යය හේතුකොට ගෙන 2008 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන්නේ සමරවීර විජයසිංහයන්ගේ ස්වංජාත නවකතාවයි.
 
උක්ත උපුටා ගන්නා ලද ප්‍රකාශිත හේතු පාඨය කොට ගෙන ස්වයංජාත මෙරට ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව වේ. සමරවීර විජයසිංහයන්ගේ සිව්වැනි නවකතාව ලෙස මෙය රචනා වේ.





කෑෂූ චොක්ලට් නවතම නිෂ්පාදනය වෙළඳපොලට හදුන්වාදීමේ අදියර
(නිෂ්පාදන ජීව චක්‍රය ඇසුරින්)

හැදින්වීම
අලෙවිකරණය යනු


ව්‍යාපාර ක්ෂේත්‍රය අද වන විට බොහෝ තරඟකාරීය. මෙම තරඟකාරීත්වයේ දී ව්‍යාපාරයකට අත්‍යවශ්‍යම සාධකයක් ලෙස අලෙවිකරණය හඳුන්වා දිය හැක. අලෙවිකරණය යනු භාණ්ඩ අලෙවිය පමණක්ම නොවෙයි. එය වෙළඳාම අරමුණු කරගත් ප්‍රචාරණය පමණක්ම ද නොවෙයි. එසේම අලෙවිකරණය ව්‍යාපාර සඳහා පමණක්ම වෙන් වූවක් ද නොවෙයි. අලෙවිකරණය හරහා කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවන් ලාභ සහිතව අලෙවි කරනවා මෙන්ම ඒ හරහා පුද්ගල ප්‍රතිරූප පවා ගොඩනැංවීම කළ හැක. එක්සත් ජාතීන්ගේ අලෙවිකරණ ආයතනය දක්වන පරිදි එය කළමණාකරණ ක්‍රියාවලියකි. එය ලාභදායී කටයුත්තක් වනවා සේම එහිදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම, පූර්ව නිගමනයන්ය එළඹීම සිදුකළ යුතුය. මෙහිදී පාරිභෝගිකයා සමඟ දිගු කාලීන සබඳතාවක් ඇති කර ගැනීම ද වැදගත්ය. අද වන විට අලෙවිකරණය යන සුවිශේෂී ක්‍රමවේදය වාණිජ ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.
 
ඒ අනුව පුළුල්ව ගත්කල අලෙවිකරණය යන්න සමාජීය සහ කළමණාකරණ ක්‍රියාවලියකි. අනෙක් අය සමඟ වටිනාකම් හුවමාරු කරගැනිම හා නිර්මානය කරගැනීම ඔස්සේ පුද්ගලයින්ට මෙන්ම සංවිධාන වලට අවශ්‍ය , කැමති දෑ ලබා ගැනීම එම කළමණාකරණ ක්‍රියාවලිය තුළ සිදුවේ. මේ අනුව යම් භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම අරමුණු කරගෙන එම භාණ්ඩය හෝ සේවාව පිළිබඳව යම් වටිනාකමක් සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණයේදි සිදුවේ. නූතන අලෙවිකරණයේ පියා වන පිලිප් කොට්ලර් මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වා ඇත. හාවර්ඞ් බිස්නස් ස්කූල් මහාචාර්ය ඊ ජෙරම් මැකාර්ති විසින් 1960 මුල් කාලයේ දී අලෙවිකරණ මිශ්‍රණය මුලිකාංග 4 කින් සමන්විත බව යෝජනා කරන ලදි. එනම් නිෂ්පාදිතය, මිල සහ ස්ථානය සහ ප්‍රවර්ධනය වශයෙනි.
 
නිෂ්පාදනයමෙනම් ඉලක්ක පාරිභෝගික අවධානය යොමුකල හැකි ඕනෑම දෙයකි. මේ සඳහා නිෂ්පාදනයේ වටිනාකම තීරණය වීම සඳහා බලපාන නිෂ්පාදනයේ සැකැස්ම , හැඩය , ගුණාත්මකභාවය , වෙළඳ ලකුණ , ඇසුරුම , ප්‍රමාණය ආදි විවිධ සාධක බලපානු ලැබේ.
 
මිල   

ඕනෑම නිෂ්පාදනයක් සඳහා මිලක් පවතී. මෙයින් නිෂ්පාදනයේ වටිනාකම තීරණය කරයි. මෙම මිල තීරණය කිරීමේදී  නිෂ්පාදන පිරිවැය , කොමිස් ගෙවීම් , දීමනා ආදී සාධක පිළිබඳව අවධානය යොමු කිරීම මඟින් ඉලක්ක පාරීභෝගිකයාට මිල තීරණය කිරීම ඉතා වැදගත් වෙයි.


ප්‍රවර්ධනය  

මෙහිදී නිෂ්පාදනය පාරිභෝගිකයන්ගේ අවධානයට හා ප්‍රතිචාරයට පාත්‍ර කිරිම සඳහා තොරතුරු විසුරුවාහැරීම ,ඒත්තු ගැන්වීම හා බලපෑම් කිරීම සිදුකරනු ලබයි. මේ සඳහා විකුණුම් ප්‍රවර්ධනය, ප්‍රචාරණය , මහජන සම්බන්ධතා හා සෘජු අලෙවිය යන උපක්‍රම භාවිතා කරයි.
ස්ථානය  චක්ජැ
 
යම් නිෂ්පාදනයක් මිල නියම කිරීමෙන් පසු ප්‍රවර්ධනය කර පාරීභෝගකියාට ලැබීමට සැලැස්වීම මෙම ක්‍රියාවලිය තුළින් සිඳු වේ. බෙදාහැරීමේ තීරණ සඳහා මාධ්‍ය පිහිටීම , ප්‍රමාණය , නිෂ්පාදන වර්ගීකරණය ආදී තීරණ වැදගත් වේ.
 
අලෙවිකරණ සන්නිවේදනය
 
සන්නිවේදනය යනු අලෙවිකරණ මිශ්‍රණයේ වැදගත් අංගයකි.  සැබවින්ම, වෙළඳ සන්නිවේදනය බොහෝ විට සමාගමක සන්නිවේදනයේ විශාලතම සංඝටකය වන අතර එය ආයෝජන වටිනාකම, අරමුණු හෝ නිශ්චිත නිෂ්පාදන සහ සේවා ආයෝජකයින්, ගනුදෙනුකරුවන් හෝ මහජනතාව වෙත ඉදිරිපත් කිරීමක් විය හැකිය. අලෙවිකරණ සන්නිවේදනය තුළින් ඉලක්ක කරන්නේ ව්‍යාපාරයක් තම අපේක්ෂිත වෙළඳපොළට පණිවුඩයක් හෝ සාමාන්‍ය වෙළදපොළට පණිවිඩයක් යවන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමුකිරීමයි. ඒ අනුව අලෙවිකරණ සන්නිවේදනය තුළ විවිධාකාර අලෙවිකරණ නාලිකා සහ මෙවලම් භාවිතා කරයි ප්‍රචාරණය, පුද්ගලික විකිණීම, සෘජු අලෙවිකරණය, අනුග්‍රාහකත්වය, සන්නිවේදනය, ප්‍රවර්ධනය සහ මහජන සම්බන්ධතා යනු එම විවිධ වූ උපායමාර්ගික මෙවලම් වේ මෙය ඵලදායී වීමට නම්, අලෙවිකරණ අරමුණු සන්නිවේදන උපාය මාර්ගවල සමඟ සංසන්දනය කළ යුතු අතර, දේශීය භාෂාවන්, උපභාෂාවන් සහ සංස්කෘතික ප්‍රමිති ගැන සලකා බැලිය යුතුය.  සන්නිවේදනය යන්න  බාහිර සන්නිවේදනය සහ අභ්‍යන්තර සන්නිවේදනය යන ක්‍රම දෙකම ඇතුළත් වන්නකි. බාහිර සන්නිවේදනය තුළින් වෙළඳපොල පර්යේෂණ ප්‍රශ්නාවලින්, කාර්යාලීය වෙබ් අඩවිය, ඇපකර, සමාගම් වාර්ෂික වාර්තාවන් ආයෝජකයින් සඳහා ඉදිරිපත් කිරීම ආදිය දැකිය හැකිය. අභ්‍යන්තර සන්නිවේදනය තුළ අලෙවිකරණ ද්‍රව්‍යය, මිල ලැයිස්තුව, භාණ්ඩ නාමාවලි, විකිණුම් ඉදිරිපත් කිරීම් සහ කළමනාකරණ සන්නිවේදනය ක්‍රියාවලීන් දැක්විය හැකිය. අනික් අතට, එක් එක් වෙළඳපොළ විවිධ වර්ගයේ සන්නිවේදන ක්‍රම වලින් සමන්විතය. උදාහරණයක් ලෙස කාර්මික වෙළඳපොළට වඩාත් පුද්ගලික සන්නිවේදනයක් අවශ්‍ය වුවද පාරිභෝගික වෙළඳපොළට අවශ්‍ය වනුයේ පුද්ගලික නොවන  සන්නිවේදනයකි. පාරම්පරිකව මුද්‍රිත අලෙවිකරණය පාරිභෝගිකයින්ට පණිවුඩ යැවීම සඳහා සුවිශේෂි ක්‍රමයක් වේ. කෙසේවෙතත්, මෑත කාලවලදී, විද්‍යුත් තැපැල්, කෙටි පණිවුඩ, බ්ලොග්, රූපවාහිනී සහ සමාගම් වෙබ් අඩවි පාරිභෝගිකයින්ට  පණිවිඩ බෙදාහැරීමේ නවීන ක්රමයක් බවට පත් වී තිබේ.  මාධ්‍යයෙන් ලබා දෙන පණිවුඩය වෙනත් මාධ්‍යයකින්  සපයන ලද පණිවුඩයට සමාන විය යුතුය. ඉහත හේතුව නිසා අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාවලිය පාලනය කරන පුද්ගලයින් සමාගමට ඉතා වැදගත් වේ. මෙම විධායකයින් එය ඒකාබද්ධ වෙළඳ සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් කරයි.
 
සෘජු අලෙවිකරණය යනු අලෙවි නියෝජිතයෙකුගේ මාර්ගයෙන් හෝ දුරකථන පණිවිඩයකින් හෝ පාරිභෝගිකයා සෘජුවම සම්බන්ධ කර ගැනීමයි. පුද්ගල අලෙවියේ යෙදෙන අලෙවි නියෝජිතයෙකුට තමන්ගේ ජංගම දුරකථනය හරහා මෙන්ම තමන්ගේ ලැප්ටොප් යන්ත්‍රය හරහා අලෙවිකරණ කටයුත්තට පහසුවක් සලසාගන්න හැකියි. පෞද්ගලික වෙළදාම් කටයුතු වල නිරත වීම මෙනම් වේ. මහජන සම්බන්ධතා යනු මෙයට අදාළව මහජන මතය ගොඩනඟා ගැනීමයි. මෙය විද්‍යුත් මාධ්‍ය , මුද්‍රිත මාධ්‍ය මෙන්ම නවමාධ්‍ය යන ඕනෑම ආකාරයකින් සිදුකල හැක. ඊට අමතරව ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම ප්‍රවාරණ ක්‍රම මඟින්ද මෙය සිදුකල හැක. ප්‍රචාරණ වැඩසටහන් තුළින්ද නිෂ්පාදනය වෙළඳපොල තුළ ජනප්‍රිය වේ. මෙයටද ඕනෑම මාධ්‍යයක් භාවිතා කලහැක. ප්‍රවර්ධන වැඩසටහන් තුළින්ද සිදුවනුයේ නිෂ්පාදනය පාරිභෝගිකයා අතරට ගෙනයාමයි.
 
නිෂ්පාදන ජීව චක්‍රය
 
නිෂ්පාදන ජීවන චක්‍රය යනු නව නිෂ්පාදනයක වෙළඳපොලට හදුන්වාදීම , වර්ධනය වීම, පරිණතභාවය හා පිරිහීම යන අදියරයන් හඳුනාගැනීමෙන්  නිෂ්පාදනයේ  ප්‍රගතියක් ලබා ගැනිමයි. ඕනෑම අලෙවිකරණ භාණ්ඩයක් වෙළඳපොලට හදුන්වාදීමේ සිට එහි පැවැත්ම තහවුරු වීම දක්වා ක්‍රියා කල යුතු පිළිවෙල මෙතුළ අන්තර්ගතය. අලෙවිකරණ මිශ්‍රිතයට අනුව මෙම එක් එක් අදියරයන් හී ශකශතාවය තහවුරු වේ. 

 හැඳින්වීමේ අදියර -  
මෙම අදියරේ දී සිදුවනුයේ නව නිෂ්පාදනය දියත් කිරීමයි. නැතහොත් නිෂ්පාදිතයට අවශ්‍ය වෙළෙඳපොළ සංවර්ධනය කිරීමයි. වෙළඳ සන්නාම දැනුවත් කිරීම මෙන්ම ඒ පිළිබදව ප්‍රචාරය කිරීම ද මෙම අදියරේදී සිදුවේ. නව වෙළඳ නාමය අදාල පේටන්ට් බලපත්‍රය ලබාගැනීම සිදුවනුයේද මෙම අදියරේදීය. මිල නියම කිරීමේ ක්‍රමෝපාය පිළිබද  සලකා බැලිය යුතුය. ඉක්මණින් වෙළෙඳපොළ කොටස ලබා ගැනීම සඳහා අඩු මිලක් තිබිය යුතුද? වෙළඳපොළට ගෙන ඒමට ඉහළ මිලක් තිබිය යුතු ද? යන්න තිරණය කිරීම මේ අදියරේදී සිදුවේ. ඔබේ වෙළඳපොළ පර්යේෂණ මත පදනම් වූ ඉලක්කගත අලෙවිකරණ ව්‍යාප්තිය  ස්ථානය  මෙන්ම පළමුවෙන්ම ඇතුල් වීමට පහසුම වෙළඳපොළ ඉලක්ක කරගැනීම මෙම අදියරේදී සිදුවිය යුතුය.  නිෂ්පාදනයේ ඉක්මන් වෙළදපොළ ජය ගැනීමට මෙම ක්‍රම අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම, අවබෝධය  සහ පිළිගැනීම ලබා ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම මෙන්ම ඊට උචිත  පාරිභෝගික පිරිසක් කෙරහි අවධානය යොමු කිරීමද වැදගත්ය.
වර්ධනය වන අදියර -  ටරදඅඑය ිඒටැ
 
වර්ධනය වන වෙළෙඳපොළ කොටස කෙරෙහි මූලික අවධානය යොමු කල යුතුය. සන්නාම අභිරුචිකරණය වැඩි කල යුතු අතර නිෂ්පාදන ලක්ෂණ , වාසි සහ ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීමද මෙම අදියරේදී වැදගත්ය.   ඊට අමතරව නිෂ්පාදන ගුණත්වය හොඳ විය යුතුය. ගුණාත්මකභාවය පිළිබඳ දැනුවත්භාවය සුවිශේෂි හා ක්‍රමවත් සන්නිවේදන පණිවිඩයක් සමාජගත කල යුතුය.  නිෂ්පාදන ඉල්ලුම වැඩිවන විට , මිල ගණන් ස්ථාවර කිරීම ආදිය සිදුවිය යුතුය. එයට වෙළෙඳපොළෙන් ද සහාය ලබාගැනිමට උපක්‍රමශිලී ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුය. අමතර වෙලඳපොලවල් මෙම අදියරේදී ඉලක්ක කල යුතුය. නිෂ්පාදනයට සහ එහි වෙළඳ නාමයට පිළිගැනීමක් ලබා ගැනීම සදහා  ඉල්ලුම වැඩිවන පරිදී ප්‍රවර්ධනාත්මක වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කල යුතු අතර ඒවා වඩා පුළුල් හා පුළුල් වෙළඳපල සහ ප්‍රේක්ෂක ආකර්ශණයක් සහිත විය යුතුය. 
 
පරිණත අදියර  

නිෂ්පාදනය පිළිබඳ අද්විතීය දේ නිර්ණය කිරීම හා වැඩිදියුණු කිරීම සිදුවිය යුත්තේ මෙම අදියර තුළදීය. විශාල වෙළඳපොළවල් කරා සමීප වන ශාඛාවන් හෝ කුඩා  තරගකාරී වෙළඳපොළවල් විවෘත කිරීම සිදුකල හැක. නිෂ්පාදනයේ අන්තර්ජාලය විකුණාගත හැකිද? ආදි වශයෙන්  වෙළඳපල ව්‍යාප්තිය පුළුල් කිරීම ද වැදගත්ය. විශේෂිත වටිනාකමක් සහිත ප්‍රවර්ධන වැඩසටහන් දියත් කල හැකි අතර නව යෝජනා නව ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කල හැක. නිෂ්පාදනය තව තවත් ශක්තිමත් කිරීම සිදුවිය යුත්තේද මෙම අදියර තුළදීය. නිෂ්පාදන විවිධාංගිකරණය ද සිදුකල හැක ජනතා ආකර්ශණය දිනා ඇති වැඩසටහන් ඇතුලු විවිධ දෑ සදහා අනුග්‍රාහකත්වය ලබා දිම මගින් ද නිෂ්පාදනයේ පරිණතභාවය සාක්ෂාත්කර ගත හැක

පහත වැටීමේ පියවර 

සාමාන්‍යයෙන් මෙම අදියරේදී තරඟය තියුණු වේ. නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට මාර්ග දෙස වැඩි අවධානයක් යොමු කල යුත්තේ මෙම අදියරේදීය. නිෂ්පාදනයේ වැඩිදියුණු කිරීම හෝ වෙනස් කිරීම සඳහා සුදුසු මාර්ග අනුගමනය කිරීම මෙම පියවරේදි සිදුවිය යුතුය. මෙම අදියරේදී  ගනුදෙණුකරුවන් සහ  තරඟකරුවන් හොඳින් තේරුම් ගත යුතුය.  අලෙවිකරණ පර්යේෂණ සැලසුම සංවර්ධනය කිරීම ද වැදගත්ය. වෙළඳපොළ ඉල්ලුම අවම වනවාද? යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ද වැදගත්ය   තරඟකරුවන් තමන්ට වඩා කාර්යක්ෂම විය හැකිද? යන්න පිළිබදව ද අවධානය යොමු කල යුතුය.  එනම් තම නිෂ්පාදනයට හෝ වෙළද සන්නාමයට ඇති අභියෝග හදුනාගෙන එයට උචිත උපක්‍රමශිලී තීරණ ගත යුතුය

නිෂ්පාදන ජිව චක්‍රයට අනුව නවතම වොක්ලට් නිෂ්පාදනයක් වෙළඳපොලට හදුන්වාදීම
 
චොක්ලට් නිෂ්පාදනයේ ඉතිහාසය හා කර්මාන්තය
චොකලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ලද ආහාරය කි. මෙම ශාක විශේෂය තියබ්‍රෝමා කොකෝවා යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන් වනු ලැබෙයි. මෙක්සිකෝව, සෙන්ට්‍රල් නගරය, සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කර ඇත. චොක්ලට් පිළිබඳ පළමු ලිපි ලේඛන හමුවන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිට ය. මීසෝ-ඇමෙරිකානුවන් මෙම චොක්ලට් පානයක් ලෙස භාවිතා කර ඇති අතර ඇස්ටෙක් ජනයා අතර මෙම පානය සුප්‍රසිද්ධය. මෙය තිත්ත පානය යන අර්ථය දෙන්නක් විය. මෙම තිත්ත රසය කොකෝවා සඳහා ආවේණික වූවාක් වන අතර මෙය ඉවත් කිරීම සඳහා කොකෝවා මද පැසවීමට ලක් කරන ලදී. කොකෝවා මද පැසවීමෙන් පසුව වියළා පිරිසිදු කර කුඩු කර ගැනීම සිදු වේ. මෙහිදී ඉවත් කෙරෙන කොකෝවා පොත්ත ද යම් යම් දෑ නිපදවීමට යොදා ගැනේ. මේ අතර ඝන කොකෝවා, කොකෝවා බටර්, රස එකතු නොකල චොක්ලට් කුඩු යන නිශ්පාදන වේ. චොක්ලට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමු ද්‍රව්‍යයන් බෙල්ජියමෙහි නැතත්, 17 වන සියවසේ සිටම චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් ලෙස බෙල්ජියම හැදින්වේ. 
 
චොකලට් කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වන අතර චොක්ලට් අලෙවිය හා පරිභෝජනය කේන්ද්‍රගතව ඇති ඩොලර් බිලියන 50 ක වාර්ෂික ව්‍යාපාරයකි. ලෝකයේ බොහෝ ප්‍රදේශ පුරාම මෙම කර්මාන්තය පැතිර තිබේ.  ලෝකය චොක්ලට් ආදායමෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 20 ක් වසරකට උපයයි. යුරෝපයේ සහ  එක්සත් ජනපදයේ ජාත්‍යන්තර චොක්ලට් සමාගම් සමූහයක් වන අතර ගිලියන් හා හර්ෂි වැනි සමාගම්  තනිවම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ක චොක්ලට් අලෙවියක් සිදු කරයි.  එක්සත් ජනපද නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක ආදායමක් උපයා ගනු ලබන්නේ චොක්ලට් වලින් යැයි ප්‍රබල මතයකි.
ඉන්දියානු කැඞ්බරි චොක්ලට් ආයතනය ලොව ප්‍රථම හා ප්‍රමුඛතම චොක්ලට් නිෂ්පාදන ආයතනය වේ මෙය ලොව විශාලතම රසකැවිලි නිෂ්පාදන සමාගම ද වේ. කැඞ්බරි චොකලට් මුල් වරට නිපදවා දැනට අවුරුදු 200 කට ආසන්න කාලයක් ගත වී ඇත. නිශ්චිතව ම පවසන්නේ නම් කැඞ්බරි චොකලට් නිෂ්පාදනය ඇරඹෙන්නේ 1824 දී ය. ඒ ජෝන් කැඞ්බරි විසින් එංගලන්තයේ බර්මින්හැම් නම් ස්ථානයේ දී ය. එම වෙළෙඳසැල තුළ අනෙකුත් ද්‍රව්‍ය ද විකිණීම සිදු කළ ද ඔහු විසින් නිපදවන ලද චොකලට් පානයන් ඒ අතරින් විශේෂ විය. කෙසේ වෙතත් 1831 වන විට ඔහු සම්පූර්ණයෙන් ම චොකලට් ආශ්‍රිත නිෂ්පාදන විකිණීම වෙත මාරු වූ අතර වාණිජමය පරමාර්ථයෙන් චොක්ලට් නිෂ්පාදනය කිරීම ඔහුගේ අභිප්‍රාය විය.
 ඊට අමතරව ෆෙරෙරෝ, ගිලියන්, හර්ෂී සමාගම, ලින්ඞ්ට් සහ ස්ප්‍රිංලි, අඟහරු, සංස්ථාපිත, මිල්කා, නියුහාස් සහ සුචාර්ඞ් යනු ද ප්‍රබල චොක්ලට් නිෂ්පාදන ආයතන වේ. ආහාර සමූහායතනයක් වන නෙස්ලේ සමාගම චොකලට් වෙළඳනාමයට හිමිකම් කියයි.  1988 දී  නෙස්ලේ සමාගම මෙය අත්පත් කරගත් අතර ස්මාර්ට්ෆීස් (චොකලට් කැන්ඩි) සහ කිට් කැට් (කැන්ඩි බාර්) යන චොක්ලට් නිෂ්පාදනයන්  ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ වෙළඳාම් කර තිබේ.
අද වන විට විවිධ චොක්ලට් වර්ග වෙළඳසැල්වල විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමේ හැකියාවක් තිබේ. ඒ අතර ඇති චොක්ලට් වර්ග වනුයේ ඵසකන ජයදජදක්එැ ල උයසඑැ ජයදජදක්එැ ලෘ්රන ජයදජදක්එැ ලඹබිඇැඑැබැා ජයදජදක්එැ වශයෙනි.
මිලක් චොක්ලට් (ඵසකන ජයදජදක්එැ*
මිල්ක් චොක්ලට් වල කිරි පිටි හෝ උකු කිරි අඩංගු වේ. එක්සත් රාජධානිය හා අයර්ලන්තයට අනුව සමස්තයක් අනුව ඵසකන ජයදජදක්එැ වල අවම වශයෙන් 20% ක් පමණ වියළි ඝන කොකෝවා  අඩංගු විය යුතුය.එමෙන්ම යුරෝපයේ එය 25% ක් ලෙස වාර්තා වේ.
වයිට් චොකලට් :උයසඑැ ජයදජදක්එැ*
වයිට් චොකලට් ස්වභාවයෙන් මිල්ක් සහ ඩාර්ක් චොකලට් වලට සමාන වුවත් එහි ඝන කොකෝවා අඩංගු වන්නේ නැත. මෙහි කොකෝවා අඩංගු නොවන නිසා බොහෝ රටවල් අයසඑැ ජයදජදක්එැ චොක්ලට් ලෙස සලකන්නේ නැත.
ඩාර්ක් චොකලට් :ෘ්රන ජයදජදක්එැ*
ඩාර්ක් චොක්ලට් නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා මිශ්‍රණයට මේද සහ සීනි එකතු කරමින්ය.  ඹී ත්‍දදා ්බා ෘරමට ්ාපසබසිඑර්එසදබ මේ සදහා ිඇැඑ ජයදජදක්එැ ලෙස හඳුන්වන අතරම 15% පමණ චොක්ලට් මත්පැන් සාන්ද්‍රණය අවශ්‍ය බව සඳහන් කරයි. යුරෝපීය නීති වලට අනුව අවම වශයෙන් 35% පමණ ඝන කොකෝවා අන්තර්ගත විය යුතු බවයි. ෘ්රන ක්‍යදජදක්එැ කාගේත් කතා බහට ලක්වුණු වැඩි අවධානයක් යොමු වූ චොක්ලට් වර්ගයක්ය.
අන්ස්වීටන්ඞ් චොකලට් :ඹබිඇැඑැබැා ජයදජදක්එැ*
අන්ස්වීටන්ඞ් චොක්ලට් යනුවෙන් අදහස් වන්නේ පිරිසිදු චොක්ලට් මත්පැන් වේ. මේවා ඉසඑඑැර හෝ ඉ්නසබට ජයදජදක්එැ ලෙසද හදුන්වනු ලැබේ.

කැෂූ නම් නවතම චොක්ලට් නිෂ්පාදනය වෙළඳපොළට හදුන්වාදීමේ අදියර
හදුන්වාදීමේ අදියර තුළදි නිෂ්පාදනය
 
ඒ අනුව මා විසින් හදුන්වාදෙනු ලබන මෙම නිෂ්පාදනය හදුන්වදෙීමේ අදියර තුළදී අනුගමනය කල යුතු සැලසුම් කිහිපයක් මෙසේ ඉදිරිපත් කල හැක. චොක්ලට් යනු මේ වන විටත් වෙළඳ සන්නාම ගණනාවකින් වෙළඳපොල ආක්‍රමණය කර ඇති ජනප්‍රිය නිෂ්පාදනයකි. ඒ අනුව මුලික වශයෙන් මෙය වෙළඳපොළට හදුන්වාදීමේදී වෙළඳපොල තරඟකාරීත්වයට සරිලන පරිදී ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුය. බාල තරුණ මහළු භේදයකින් තොරව එකසේ අලෙවි වන නිෂ්පාදනයක් වන බැවින් නිෂ්පාදනයේ සියළුම කාර්යයන් මූලික වශයෙන් සැලසුම් කල ඉදිරිපත් කල යුතුය.
ඒ අනුව හදුන්වාදීමේ අදියර තුළදී මෙම නව නිෂ්පාදිතය සැලසුම්කිරීමේදි අනුගමනය කරන කරුණු කිහිපයකි. ඒ අනුව මෙම නව වෙළඳ නාමය හා බැඳි නව නිෂ්පාදන ගණනාවක් වෙළඳපොලට හදුන්වාදීමට අපේක්ෂා කරන අතර එය තරඟකාරි වෙළඳපොල ජයගැනීමට හැකි එක් උපායමාර්ගයක් ලෙස ඉදිරිපත් කරමි. ඒ අනුව
■    කැෂු මිල්ක් චොක්ලට්
■    කැෂූ වයිට් චොක්ලට්
■    කැෂු ඩාර්ක් චොක්ලට්
■    කැෂු ෆෘට් ඇන්ඞ් නට්
වශයෙන් ප්‍රධාන චොක්ලට් නිෂ්පාදන වර්ග හතරක් හදුන්වාදෙනු ලැබේ. ඊට අමතරව
මෙම නිෂ්පාදනය හා සමගාමි චොක්ලට් පානයන් වර්ග කිහිපයක් ද හදුන්වාදීමට අපේක්ෂිතය. ඒවා
■    කැෂු මිල්ක් චොකෝ  ඩි්‍රන්ක්
■    කැෂූ ෆෘට් ඇන්ඞ් නට් ඩි්‍රන්ක්
වශයෙන් නම් කිරීමට සැලසුම්කොට ඇත. ඊට අමතරව වයස් පරතරය ඉලක්ක කරගනිමින් චොක්ලට් නිෂ්පාදන කිහිපයක් හදුන්වාදීම ද මෙම අදියරේදී සිදුකෙරේ. ඒ අනුව කුඩා ළමයින්ට හා  තරුණ පරම්පරාවට විශේෂිතව නිෂ්පාදනයන් දෙකක් හදුන්වාදීම ද මෙම අදියරේදී සිදු කෙරේ. එහිදී කුඩා ලමයින්ට විශේෂිතව
■    කිඞ්සි කැෂූ මිල්ක් චොකෝ
■    කිඞ්සි කැෂූ වයිට් චොකෝ
■    කිඞ්සි කැෂූ ෆෘට් ඇන්ඞ් නට්
 වශයෙන් වර්ග තුනක් ද වෙලඳපොලට හදුන්වාදීමට නියමිතය. තරුණ පරම්පරාවට සුවිශේෂිව 
■    ලව්ලි කැෂු චොක්ලට්
වශයෙන් විශේෂිත වර්ගයක් හදුන්වාදිමට අපේක්ෂිතය.

තව ද
■    කැෂු ෆින්ගල්ස්
■    කැෂු චොක්ස්
වශයෙන් විශේෂිත නිෂ්පාදන දෙකක් ද මුලික අදියරේදී වෙළඳපොලට හදුන්වාදිමට නියමිතය. ඒ අනුව මූලික වහයෙන් මෙම නිෂ්පාදනයට සමගාමිව නිෂ්පාදන වර්ග 12 ක් වෙළඳපොලට හදුන්වාදීම හදුන්වාදීමේ අදියරේදී සිදුවේ.
 
මේ ආදි වශයෙන් හදුන්වාදෙන නිෂ්පාදනයේ ගුණත්මකභාවය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකිරීමට අපේක්ෂිතය. ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුතු නිෂ්පාදනයක් වෙළඳපොලට හදුන්වාදිම ද මෙම අදියර තුලදී සිදුවේ. ස්භාවිකත්වයට මුල් තැන ලබා දෙමින් නැවුම් කොකෝවා සහ නැවුම් කිරි එනම් එළකිරි හා නැවුම් පළතුරු මිශ්‍රණයකික් ගුණාත්මකභාවයෙන් ඉහළ තත්වයෙන් යුතු නිෂ්පාදනයක් හදුන්වාදීම ද ඒ ඔස්සේ තරඟකරී වෙළඳපොළ ජයග්‍රහණය කිරීමට නියමිතය. මෙම ගුණාත්මකභාවය පිළිබඳව විවිධ ප්‍රවර්ධන හා ප්‍රචාරණ ක්‍රමයන් භාවිතයෙන් වෙළඳපොල පවතින අනෙකුත් චොක්ලට් නිෂ්පාදනයන්ට වඩා උසස් බව ඒත්තු ගැන්විම ද හදුන්වාදීමේ අදියර යටතේ සිදුකෙරේ. ඒ අනුව හෘදරෝග . අධිරුධිර පිඩනය ආදී කායික රෝග මෙන්ම මානසික ආතතිය , මතක ශක්තිය වර්ධනය වීම අධික නිදිමත පාලනය කරගැනීමට ද මෙම නව නිෂ්පාදනය වැදගත් වන බව දැනුවත් කිරීමට ද මෙම හදුන්වාදිමේ අදියර තුළින් අපේක්ෂා කෙරේ.
නිෂපාදනයේ මොස්තරය පිළිබඳව ද මූලික වශයෙන් අවධානය යොමුකිරීමට අපේක්ෂිත අතර වෙළඳපොලේ පවතින සාමාන්‍ය චොක්ලට් මෝස්තරයට වඩා වෙනස් මෝස්තරයක් කැෂු චොක්ලට් නිෂ්පාදනය තුළින් ඉදිරිපත් තිරීමට අපේක්ෂිතය. එු අනුව සාමාන්‍ය නිෂ්පාදන හතර තරමක් ඝණකමින් වැඩි සෘජුකෝණාශ්‍ර හැඩයෙන් ආකෘතිගත කොට එම මූලික ආකෘතිය තුළ එම නිෂ්පාදන හතරට සරිලන පරිදී හා උචිත පරිදී අනු ආකෘතියක් නිර්මාණය කොට වෙළඳපොල ආකර්ශණය හා පාරිභෝගික ආකර්ශණය දිනාගැනීමට අපේක්ෂිතය. ඊට අමතරව හදුන්වාදිමේ අදියර තුළදි එම චොක්ලට් වර්ගයේ ආකෘතිය තුළට චොක්ලට් වර්ගයේ නාමය එනම් කැෂු මිල්ක් , කැෂූ වයිට් , කැෂු ඩාර්ක් , කැෂු ෆෘට් ඇන්ඞ් නට් ලෙස අච්චුවකින් ආකෘතිගත කොට වෙළඳපොලට දැමීම ද මෙහිදී සිදුවේ. ඊට අමතරව කුඩා ළමයින්ට විශේෂිත නිෂ්පාදන තුන 
ළමයින්ට ගැළපෙන ආකර්ශණිය මෝස්තරයන් කිහිපයකින් හදුන්වාදීමට නියමිතය. එහිදි
■    ප්‍රසිද්ධ කාටුන් චරිත වලින් යුත් ආකෘති          
■    සුරංගනාවියන් සහිත ආකෘති

ආදී වශයෙන් සිත් ඇදගන්නා සුළු ආකෘති කිහිපයකින් ඉදිරිපත් කිරීමටද අපේක්ෂිතය. තරුණ පිරිසට හදුන්වාදෙන නිෂ්පාදනයේදී සාමාන්‍ය මෝස්තරය තුළට යැ්රඑ සංකේතය , රෝස පොහොට්ටුවක ආකෘතිය ආදි වශයෙන් සාමාන්‍ය සෘජුකෝණාශ්‍ර ආකාතියේ මතුපිටට අනු මෝස්තරයක් වශයෙන් එක්කොට පාරිභෝගික ආකර්ශණය දිනාගැනීම හදුන්වාදිමේ අදියර තුළදී සිදුවේ.
ඊට අමතරව මෙම නවතම නිෂ්පාදනයේ දවටනය ද මෙම අදියර තුළදීම විශේෂිත අයුරින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. ඒ අනුව ප්‍රධාන වර්ග 4 තුළ දවටනය එක් ආකෘතියකින් සකසා විශේෂිත වර්ණ 4 කින් යුක්ත වන පරිදි වෙළඳපොල ආකර්ශණය දිනාගැනිමට යොමු කෙරේ.
■    කැෂු මිල්ක් චොක්ලට් -  දුඹුරු පැහැය
■    කැෂූ වයිට් චොක්ලට් -   දම් පැහැය
■    කැෂු ඩාර්ක් චොක්ලට් -  රතු පැහැය
■    කැෂු ෆෘට් ඇන්ඞ් නට් -  රෝස පැහැය
ආදි වශයෙන් ප්‍රධාන වර්ණ 4ක් යටතේ  සහ ඊට ගැළපෙන අනු වර්ණයන් ද ඇතුළත් කරමින් හදුන්වාදීම සිදුවේ.  ඊට අමතරව කැෂු චොක්ලට් ලාංඡනය , නිෂ්පාදන වර්ගයේ නාමය විශේෂිත කර දක්වා උචිත පරිදී පිංතූර නිර්මාණය කිරීම තුළින්ද නිෂ්පාදනයේ දවටනය ආකර්ශණිය කෙරේ. ඊට අමතරව කුඩා දරුවන්ගේ නිෂ්පාදනයන්හී එනම් කිඞ්සි කැෂූ මිල්ක් චොකෝ , කිඞ්සි කැෂූ වයිට් චොකෝ , කිඞ්සි කැෂූ ෆෘට් ඇන්ඞ් නට්  දවටනයන් ද ප්‍රසිද්ධ කාටුන් චරිත එනම් සින්ඩරෙල්ලා වරිතය, බෙන්ටෙන් වරිතය, මිකී මවුස් ආදී වරිත ඇතුළත් කොට කුඩා දරුවන් ආකර්ශණය වන පරිදි නිෂ්පාදනය වෙළඳපොලට යැවීමද හදුන්වාදීමේ අදියරේ පියවරකි.  තරුණ පිරිස වෙනුවෙන් හදුන්වාදෙන නිෂ්පාදනයේ ඔවුන් ආකර්ශණය වන යමක් ඇතුළත් කොට ඉදිරිපත් කිරීම ද මෙම නිෂ්පාදන දවටනය වෙළඳපොලට හදුන්වාදීමේදී සිදුවේ. ඊට අමතරව සෑම නිෂ්පාදන දවටනයකම ඊට ආවේණික විශේෂිත අදහසකින් දවටනය නිර්මානය කිරීම ද හදුන්වාදිමේ අදියරේදී සිදුවේ.
    
        කැෂු මිල්ක් චොක්ලට්    -           ජීවිතයේ සැබෑ රසය
         කැෂු ෆෘට් ඇන්ඞ් නට්     -          රෙමසඑ ) බමඑ අසඑය රු්ක කසfැ
        කිඞ්සි කැෂූ මිල්ක් චොකෝ    -      පොඞ්ඩන්ගේ වින්දනය
         ලව්ලි කැෂු චොක්ලට්       -         දබකහ දෙර ිඇැඑ ) ිැජරු්එ කදඩැ
 
මේ ආදී වශයෙන් විශේෂිත අදහස් නිෂ්පාදන වර්ගයට විශේෂිතව දවටනයේ සඳහන් කිරීම සිදුවේ. ඊට අමතරව දවටනයේ පැහැදිලි ලෙස නිෂ්පාදිත දිනය , කල් ඉකුත් වන දිනය , මිල හා ප්‍රමානය (ග්රෑම්) ආදියද දවටනයේ එක් සීමාවක සඳහන් කොට වෙළඳපොලට හදුන්වාදීම සිදුවේ.
මීට අමතරව මෙම නව නිෂ්පාදනය වෙළඳපොලට හදුන්වාදීමේදී නිෂ්පාදනය සුවිශේෂි ප්‍රමාණ වලට වර්ග කිරීම ද සිදුවේ. ඒ අනුව ප්‍රමාණයන් 5ක් (ග්රෑම්) යටතේ හදුන්වාදීම සිදුවේ. එම ප්‍රමානයට ගැලපෙන පරිදී එම නිෂ්පාදනය විශේෂිත නාමයකින් හදුන්වාදීමද සිදුවේ. ඒ අනුව සෑම චොක්ලට් වර්ගයක්ම,
■    15 ට         
■    20 ට       
■    30 ට
■    45 ට
■    70 ට
ආදී වශයෙන් ප්‍රධාන ප්‍රමාන කිහිපයක් යටතේ වෙළඳපොලට දැමීම සිදුවේ. ඊට අමතරව විශේෂිත ඇසුරුම් යටතේ තරමක් මිලෙන් ඉහළ උත්සව අවස්ථාවන් වලට සුදුසු පරිදී , සමීපතමයන්ට ආදරණියයන්ට ත්‍යාග ලෙස ලබා දීමට සුදුසු පරිදී වශයෙන් ද නිෂ්පාදනය මූලික අදියර තුළදීම වෙළඳපොල තරඟකාරීත්වයට මුහුණ දීමට නියමිතය. ඊට අමතරව මෙම නිෂ්පාදනයට අදාළ
    පේටන්ට් බලපත්‍රය
    රජයේ ලියාපදිංවි ප්‍රමිති සහතිකය
    රජයේ රසපරීක්ෂකවරයෙකුගේ වගකීම් සහතිකය
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය
 
ආදී වගකීම් සහතික ද සමඟ වෙළඳපොලට හදුන්වාදීම සිදුවේ.
හදුන්වාදීමේ අදියර තුළදි මිල
ඒ අනුව හදුන්වාදීමේ අදියර තුළදී මෙම නව මිල සැලසුම්කිරීමේදි අනුගමනය කරන කරුණු කිහිපයකි. ඒ අනුව ප්‍රධාන නිෂ්පාදන හතර ප්‍රමාණ වලට අනුගත වන පරිදී මෙහි මිල සඳහන් කරන් ලැබේ.
කැෂු මිල්ක් චොක්ලට්          
15 ට          රුපියල් 25
20 ට         රුපියල් 50
30 ට         රුපියල් 100
45 ට         රුපියල් 200
70 ට         රුපියල් 300

කැෂු ෆෘට් ඇන්ඞ් නට්

කුඩා දරුවන්ගේ නිෂ්පාදන වල මිල සඳහන් කිරීම මෙසේ සිදුවේ.
කිඞ්සි කැෂූ මිල්ක් චොකෝ        කිඞ්සි කැෂූ වයිට් චොකෝ      කිඞ්සි කැෂූ ෆෘට් ඇන්ඞ් නට්


තරුණ පරම්පරාව සඳහා හදුන්වාදෙන ලව්ලි කැෂු චොක්ලට් හී සඳහන් මිල මෙසේය.
         
   
කැෂු ෆින්ගල්ස්  හා කැෂු චොක්ස් නිෂ්පාදනය ප්‍රමාණ තුනකින් හදුන්වාදීමට නියමිත අතර එහි මිල සඳහන් කරනු ලබන්නේ මෙසේය. එහිදී


 කැෂු ෆින්ගල්ස්                          

40 ට       රුපියල් 70                     
70 ට       රුපියල් 120
100 ට   රුපියල් 180
150 ට   රුපියල් 300

වශයෙන් සදහන් මිල දක්වනු ලැබේ. ඊට අමතරව හදුන්වාදීමේ අදියර තුළදී රුපියල් 100 ට වැඩි ඕනෑම කැෂු නිෂ්පාදනයකට හදුන්වාදීමේ මාස තුන තුළදී 5% ක වට්ටමක් ලබා දීම ද සිදුවේ.  දීමනා ලබා දීම ද හදුන්වාදීමේ මුල් වසර තුලදී සිදු කෙරෙන අතර උත්සව සමය තුළදී විශේෂිත දීමනා ලබා දීමද අපේක්ෂා කෙරේ. ඒ අනුව සිංහල හිංදු අළුත් අවුරුදු සමය , නත්තල් සමය මෙන්ම වැලන්ටයින් සතිය තුළ හා ලෝක ළමා දින සතිය තුළ විශේෂිත වට්ටම් සහිත දීමනා ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙහිදී උත්සව සමය තුළදී රුපියල් 100 ට වැඩි ඕනෑම කැෂූ නිෂ්පාදන දෙකකට එකක් නොමිලේ හා රුපියල් 200 ට වැඩි ඕනැම නිෂ්පාදනයකට අලංකාර පමට එකක් ලබා දීමද සිදුවේ. වැලන්ටයින් සමයේ ලබා ගන්නා රුපියල් 100 වැඩි ලව්ලි කැෂු මිල්ක් චොක්ලට් එකක් සමඟ අලංකාර රෝස මල් පොකුරක් හා නැහ ඒට එකක් ලබාදීම ද සිදුවේ.

හදුන්වාදීමේ අදියර තුළදි ප්‍රවර්ධනය
 
හදුන්වාදීමේ අදියර කුළදී ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් නිෂ්පාදනය පිළිබඳ ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව මූලික වශයෙන්
■    මහජන සම්බන්ධතා ගොඩනැඟීමේ වැඩසටහන්
■    වෙළඳ දැන්වීම්
■    විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන්
මූලික වශයෙන් යොදා ගැනීම අපේක්ෂා කෙරේ. ජනතාවට මෙම නිෂ්පාදනය පිළිබඳව සන්නිවේදනයට මෙම ක්‍රම යොදාගන්නා අතර මහජන සම්බන්ධතා ගොඩනැඟීමේ වැඩසටහන් අතරට ක්‍රීඩා වැඩසටහන් , විනෝදාත්මක වැඩසටහන් ඇතුළු සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සමස්ත ලංකාවම ආවරණය වන පරිදී දියත් කිරීමට නියමිතය.

එහිදී පොඩි දරුවන්ට කිඞ්සි කැෂූ සුපර් චැලේන්ජ්  නමින් විනෝදාත්මක වැඩසටහනක් ලංකාවේ තෝරාගත් සුවිශේෂි දිස්ත්‍රික්ක 10 මුල් කෙට ගෙන හදුන්වාදීමේ අදියර තුළදී පොඞ්ඩන්ගේ ආකර්ශණය දිනා ගැනීම අපේක්ෂා කෙරේ. එහිදී විවිධ විනෝදාත්මක තරඟ සංවිධානය කොට ජයග්‍රහණය කරන්නන්ට කැෂු චොක්ලට් පාර්සලයක් සහිත ත්‍යාග පාර්සල් ලබා දීමට නියමිතය. ඊට අමතරව මිලදී ගන්නා කිඞ්සි කැෂු නිෂ්පාදන දවටන අපගේ ප්‍රධාන කාර්යාලයට එවා මසකට තෝරාගත් ජයග්‍රහකයන් 10 දෙනෙකුට මව්න්ටන් බයිසිකල් 10ක් ලබා දීමද හදුන්වා දීමේ අදියර තුල ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස දැක්විය හැක.
 
ඊට අමතරව ස්වභාවික ජීවිතයේ සැබෑ රසය සපයන, ස්වයංපෝෂිත හා සමීප හැඟීමක් යන තේමාව යටතේ කෑෂු නිෂ්පාදන හදුන්වාදීමේ අදියර තුළදී ලංකාව පුරා ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරේ. මෙය සුවිශේෂි වූ රූපවාහිනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය ඔස්සේ ඉලක්ක වෙළඳපොල ආකර්ශණය ලබා ගැනීමට නියමිතය. එහිදී වෙළඳ දැන්වීම් සඳහා ලංකාවේ ප්‍රසිද්ධ හා මේ කාලයේ ජනප්‍රිය චරිත දෙකක් යොදා ගන්නා අතර කාව්‍යමය වු සංවේදී හැඟීමක් ජනිත කරවමින් වෙළඳතොල ආකර්ශණය දිනා ගැනිමට නියමිතය.  සුවිශේෂි වෙළඳ ප්‍රචාරණ රථ කිහිපයක් මුළු ලංකාවම ආවරණය වන පරිදී ගමින් ගමට යවා විශේෂිත තරඟ , විනෝදාත්මක වැඩසටහන් සංවිධානය කොට අවසානයේ එදින හවස කුඩා සංගීත ප්‍රසංගයක් පවත්වා මෙම නිෂ්පාදනයේ සුවිශේෂිත්වය ජනතාවට දැනවීම ද සුවිශේෂී ප්‍රවර්ධන කාර්යයකි.
 
ඊට අමතරව වෙළඳපොලට බෙදා හැරීමට පෙර සතිය තුළ ලංකාවම ආවරණය වන පරිදි පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරිමට ද නියමිතය. එහිදි ජනතාවට මේ නිෂ්පාදනය පිළිබඳ ව්‍යංග්‍යාර්ථවත්ව ඉදිරිපත් කිරීමද නියමිතය. එහිදි
■    කැෂු වොක්ලට් සාමාන්‍ය නිෂ්පාදන ස්වභාවික ජීවිතයේ සැබෑ රසය සමඟ සමීප හැඟීමක්
■    ලව්ලි කැෂු චොක්ලට් නිෂ්පාදන ආදරය පිළිබඳ පරිපූර්ණ ප්‍රකාශනයකින් දැනෙන්න ආදරය කරමු
■    කිඞ්සි කැෂූ චොක්ලට් නිෂ්පාදන පොඞ්ඩන්ගේ සීඝ්‍රගාමි රස ලොව
 
යන සුවිශේෂී ප්‍රකාශන යටතේ පෝස්ටර් ව්‍යාපාරයකින් මුල් වශයෙන් ග්‍රාහකයා තුළ කුතුහලයක් ජනිත කොට වෙළඳපොල ආකර්ශණයට නියමිතය. ඊට අමතරව ගුවන් විදුලිය තුළින් ගීතමය ප්‍රවාරක පටයක් ඔස්සේ මෙම නිෂ්පාදන ජනතාවට සේන්දු කිරීමට නියමිතය. රූපවාහිනි වෙළඳ දැන්වීම වර්තමානයේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අතරතුර හා ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර ප්‍රවාරය කිරීමටද නියමිතය. එහිදි රාත්‍රී 7.30 ප්‍රවෘත්ති ප්‍රකාශය , දෙවෙනි ඉනිම , සිදු , ආදරෙයි මන් ආදරෙයි , අටපට්ටම ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරතුර වෙළඳ දැන්වීම ප්‍රවාරය කිරීමට අපේක්ෂිතය. විශේෂයෙන් කාටුන් වැඩසටහන් අතරතුර කිඞ්සි කැෂූ චොක්ලට් නිෂ්පාදන වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීමට අපේක්ෂිතය. තව ද රට පුරා තෝරාගත් ජනප්‍රිය ස්ථාන කිහිපයක් මුල්කොට ගනිමින් විශාල කටවුට් එකක් නිර්මාණය කොට ප්‍රදර්ශණය කිරීම ද මෙම අදියරේදී සිදුවේ.

ඊට අමතරව සමාජ ජාලා මාධ්‍ය හරහා මෙම නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමද මෙම අදියරේදී සිදුවේ. එහිදි මෙය ෆේස්බුක් සමාජජාලා මාධ්‍ය මෙයට වැඩි වශයෙන් යොදා ගැනිමට නියමිතය. එහිදි කැෂූ චොක්ස් නමින් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කොට ඒ ඔස්සේ මෙම නිෂ්පාදනය කෙරෙහි ජනතා ආකර්ශණය දිනාගැනීමට ද සැලසුම් සංවිධානය කර ඇත. නිතර සමාජජාලා මාධය සමඟ සම්බන්ධ වී සිටින තරුන ප්‍රජාව මෙයට ආකර්ශණය කර ගැනීම මෙහි මූලික අරමුණ වේ.
 
තවද විකුණුම් ප්‍රවර්ධනය යටතේ ද මෙම නිෂ්පාදනය ප්‍රවර්ධන කටයුතු කිරිමට මූලික වශයෙන් අපේක්ෂා කෙරේ. උත්සව සමය තුළදී විශේෂිත දීමනා ලබා දීමද අපේක්ෂා කෙරේ. ඒ අනුව සිංහල හිංදු අළුත් අවුරුදු සමය , නත්තල් සමය මෙන්ම වැලන්ටයින් සතිය තුළ හා ලෝක ළමා දින සතිය තුළ විශේෂිත වට්ටම් සහිත දීමනා ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙහිදී මිලදී ගනු ලබන කැෂු නිෂ්පාදන සඳහා නැහ ඒට එකක් ලබා දීමට නියමිතය. ඕනැම රුපියල් 200 කට ඉහළ කැෂූ නිෂ්පාදන සඳහා කැෂූ සලකුණ ඇතුළත් අලංකාර පමට සහ ජ්ච ලබා දීමද මෙම අදියරේදී සිදුවේ. තව ද සමස්ත ලංකාවම ආවරණය වන පරිදී සුපිරි වෙළඳසැල් කිහිපයක්  (්රචසජද ල ජ්රටසකි ිමචැර* තුළ මෙම අදියර තුළදී මාස 06 ක් පමණ තෝරාගත් ප්‍රවර්ධන ශිල්පීන් යටතේ දැනුවත් කිරිමේ වැඩසටහනක් මඟින් අලෙවිය ප්‍රවර්ධනය කිරීමට නියමිතය. එහිදී අත්පත්‍රිකාවක් ලබා දිම හා කැෂු නිෂ්පාදන ලබා ගන්නන්ට කුඩා ත්‍යාග, මිලදී ගන්නා ඕනෑම නිෂ්පාදනයකට කැෂූ මිල්ක් චොක්ලට් එකක් ලබා දීමද මෙම අදියර තුළදී සිදුවේ.
 
මේ ආදී වශයෙන් වෙළපොලට හදුන්වාදීමේ අදියර තුලදි කැෂූ චොක්ලට් නිෂ්පාදන හා සම්බන්ධව මෙම ප්‍රවර්ධන ක්‍රමෝපායන් මඟින් මෙම නවතම නිෂ්පාදනය පිළිබඳ ඉලක්ක ග්‍රාහකයාට සන්නිවේදනය කිරීම අපේක්ෂිතය. එහිදී වෙළඳපොල ආකර්ශණය දිනා ගැනිමට භාවිත කරන මුලීක සැලසුම් කිහිපයක් මෙසේ යෝජනා කල හැක.
 
හදුන්වාදීමේ අදියර තුළදි ස්ථානය
 
හදුන්වාදීමේ දියර තුළදී මෙම නව නිෂ්පාදනය බෙදා හැරීමේදී මූලික වශයෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක මුල් කරගනිමින් බෙදාහැරම සිදුකෙරේ. එහිදී මූලික වශයෙන් සුපිරි වෙළඳසැල් වලටද පසුව සිල්ලර වෙලඳසැල් වලටද මෙම නිෂ්පාදනය බෙදා හැරීමට නියමිතය. එහිදී එම වෙළඳසැල් වලට කැෂු නිෂ්පාදන අසුරනයක් ද ලබා දීම සිදුකෙරේ.  පසුව මෙම අදියර තුළදිම සමස්ත ලංකාවම ආවරණය වන පරිදී සුපිරි වෙළඳසැල් වලට  නිෂ්පාදනය බෙදාහැරීම සිදුකෙරේ.
 
මෙහිදී ප්‍රධාන කාර්යාලය ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානය ලෙස භාවිතා කිරිම මෙම අදියරේදී සිදු කෙරේ. අලෙවි ප්‍රවර්ධකයින් යොදා ගැනීම මඟින් මෙම නිෂ්පාදනය වෙළඳපොළට මුදා හැරීමට නියමිතය. මෙම බෙදාහැරීම මුලික වශයෙන් එක් කැෂූ නිෂ්පාදනයකින් තෝරාගත් ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට දෑමීම සිදුකෙරේ. එහිදී සාමාන්‍ය කැෂු චොක්ලට් නිෂ්පාදන විවිධ ප්‍රමාණ වලට අනුව පෙට්ටි 05 බැගින් සුපිරි වෙළඳසැල් වලටත් , පෙට්ටි 03 බැගින් සාමාන්‍ය වෙළඳසැල් වලටත් දැමීමට නියමිතය. කිඞ්සි කැෂූ නිෂ්පාදන සහ ලව්ලි කැෂූ නිෂ්පාදන මූලික වශයෙන් විවිධ ප්‍රමාණ වලට අනුව පෙට්ටි 03 බැගින් සුපිරි වෙළඳසැල් වලටත් පෙට්ටි 02 බැගින් සාමාන්‍ය වෙළඳසැල් වලටත් අලෙවිය සඳහා දැමීමට සැලසුම් කර තිබේ.
මෙම නිෂ්පාදනය රටවටා ප්‍රවාහණය කිරිමේදී මූලික වශයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලය මඟින් ආයතනයේ වාහන මඟින් ප්‍රවාහණය කිරීමට නියමිතය. එහිදී මුලික අදියරේදී කැෂු නිෂ්පාදන වෙළඳ ප්‍රවාරණ රථ මෙයට යොදා ගන්නා අතර තෝරාගත් ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය කිරීම සඳහා ප්‍රවාහණ කටයුතු සිදුකෙරේ. එහිදී නම්කරනු ලැබු අලෙවි ප්‍රවර්ධකයින් යටතේ වෙළඳසැල් වලට බෙදාහැරීම සිදුකෙරේ.
මාධ්‍ය ආවරණය මූලික වශයෙන් පොස්ටර් , කටවුට් වැනි මුද්‍රිත මාධ්‍ය මඟින් ද, රූපවාහිනිය හා ගුවන් විදුලි දැන්වීම් මඟින් විද්‍යුත් මාධ්‍ය ආවරණය ද සිදුකරනු ලැබේ. මුලු ලංකාවම ආවරණය වන පරිදී පොස්ටර් ව්‍යාපාරය දියත් කිරීමට නියමිත අතර තෝරාගත් සුවිශේෂි හා ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක විශාල කටවුට් ප්‍රදර්ශණය කෙරේ. ඒ අනුව ගෝල්ෆේස් , දළදා මාළිගාව ඉදිරිපිට, ගාලු කොටුව , අනුරාධපුර පුජා භූමියට ආසන්න ස්ථානයක , ගුවන්තොටුපොල අසල , නුවරඑළියේ ග්‍රෙගරි උද්‍යානය ඉදිරිපිට කොළඹ කොටුව බස් නැවතුම්පොල හා දුම්රිය ස්ථානය ඉදිරිපිට , කුරුණෑගල නගර මධ්‍යය ආදි වශයෙන් තෝරාගත් නිතර ජනග්‍රහණය රැදෙන ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය කෙරේ,
 
හිරු නාලිකාව , සිරස නාලිකාව , ස්වාධීන රූපවාහිනි නාලිකාව හා ජාතික රූපවාහිනිය යන රූපවාහිනි නාලිකා වලද ඒවායේ ගුවන් විදුලි නාලිකා වලද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ හා ජනප්‍රිය ටෙලිනාට්‍ය අතරතුර මෙම නිෂ්පාදනය පිළිබඳ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමද සිදුවේ. මේ ආදි වශයෙන් හදුන්වාදීමේ අදියර තුලදී මාධ්‍ය ආවරනය කිරීමට නියමිතය.
 
ඒ අනුව නිෂ්පාදන ජීව චක්‍රයට අනුව හදුන්වාදීමේ අදියර තුලදී ස්ථානය හා බෙදාහැරීමේ කටයුතු මෙවැනි ආකාරයෙන් සිදු කිරීමට සැලසුම් සකස් කොට තිබේ.
මේ ආදි වශයෙන් කැෂු චොක්ලට් නවතම නිෂ්පාදනය නිෂ්පාදන ජීව චක්‍රයට අනුව හදුන්වාදීමේ අදියරට විශේෂිතව සැලසුම් සකස්වන ආකාරය පැහැදලිය. අනෙකුත් අදියර තුළදී සැලසුම් සකස්කිරීමට බලාපොරොත්තු වන ආකාරය දළ ව්‍යයෙන් මෙසේ දැක්විය හැක.
 
වර්ධනය වන අදියර තුළදී අපේක්ෂිත සැලසුම් දළ වශයෙන්
වර්ධනය වන අදියරේදී හදුන්වාදීමේ අදියරට වඩා තරමක් උසස් ආකාරයෙන් එහි අලෙවිකරණ මිශ්‍රිතය තීරණය කිරීමට නියමිතය. එහිදී නිෂ්පාදනයේ තත්වය , ඇසුරුම , ගුණාත්මකභාවය වඩා උසස් මට්ටමින් වෙළඳපොලට හදුන්වාදීමේ අදියරට වඩා තරමක් උසස් මට්ටමින් නිෂ්පාදනය දියත් කිරීමට නියමිතය. කැෂූ චොක්ලට් සෑම නිෂ්පාදනයකම ලක්ෂණ වාසී හා ප්‍රතිලාභ කෙරෙහි මූලික අවධානය යොමු කිරීමද මෙම අවධියේදී සිදුවේ.
 
කැෂු නිෂ්පාදනයේ අලෙවිය වර්ධනය වී ඇති වෙළඳපොල කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට එම වෙළඳපොල තුළ අලෙවිය තව තවත් වැඩිකල හැකි ක්‍රමෝපාය සැලසුම් කිරිම මෙම අදියරේදි සිදුවේ. තවද නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පිළිබඳව ඉලක්ක ග්‍රාහකයා දැනුවත් කිරීමට අළුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය දැන්වීම් ප්‍රචාරය කිරීමටද නියමිතය. ඊට අමතරව හදුන්වාදීමේ අදියර තුලදී තෝරාගත් දිස්ත්‍රික්ක ආශ්‍රයෙන් සිදුකරනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහන් වල පරාසය විශාල කරමින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදී මසකට දෙවතාවක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයම හදුන්වාදීමේ අදියර තුල සිදුකල ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනු ලැබේ. ප්‍රවර්ධන වැඩසටහන් සඳහා දැන්වීම්කරණ ආයතනයක් හා සම්බන්ධ වී එම වැඩසටහන් සංවිධානය කොට නිෂ්පාදනයේ ගුණාත්මකභාවය , ලක්ෂණ , තරඟකාරී අනෙකුත් නිෂ්පාදනයන්ගෙන් වෙනස් වන සුවිශේෂි ලක්ෂණ ඉස්මතු කරමින් කැෂූ චොක්ලට් නිෂ්පාදන වන අලෙවිය හා ඉල්ලුම තහවුරු කිරීම අපේක්ෂිතය.
 
තව ද සෑම කෑෂූ චොක්ලට් නිෂ්පාදනයකම මිල ගණන් ස්ථාවර කිරීම ද මෙම  අදියර තුළදී සිදුවේ. ඊට අමතරව කැෂූ වෙළඳ සලකුණ නවතම ආකාරයන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට නියමිතය. තව ද ස්වභාවිකත්වයෙන් පරිපූර්ණ කැෂූ චොක්ලට් නිෂ්පාදනාගාරය කැෂූ චොකෝ අදරකා ලෙස නම්කොට මහජන ප්‍රදර්ශණයට විවෘත කිරිම ද මෙම අදියරේදී අපේක්ෂිතය.
 
තවද ලංකාවේ සෑම කුඩා නගරයක් පාහේම නිෂ්පාදනය බෙදාහැරීම අපේක්ෂා කරනුයේද මෙම අවධියේය. එහිදී සුපිරි වෙළඳ මධ්‍යස්තානයේ සිට කුඩා ගම්බද සිල්ලර කඩ දක්වාම නිෂ්පාදනය බෙදා හැරීමට අපේක්ෂා කරනුයේද මෙම අවධියේය. ඒ අනුව කුඩා වෙළඳපොල හා ග්‍රාමීය ජනයා ආකර්ශණය මෙම අදියරේදී සිදුවේ. එහිදී තෝරාගත් ඉතාම දුෂ්කර ප්‍රදේශ කිහිපයක් යටිතල පහසුකම් නගා සිටුවීමට අනුග්‍රාහකත්වය ලබා දිම මඟින් ග්‍රාමීය ජනයා අතර ද කැෂු චොක්ලට් නාමය ප්‍රසිද්ධ කරවීම , ඒ කෙරෙහි ආකර්ශනය ඔස්සේ අලෙවිය වැඩිකරගැනීම මෙම අවධියේදී අපේක්ෂා කෙරේ.
 
පරිණත අදියර තුළදී අපේක්ෂිත සැලසුම් දළ වශයෙන්

 
කැෂූ නිෂ්පාදනය වෙළඳපොල තුල පරිණතභාවයට පත් වූ විට අනුගමනය කිරීමට බලාපොරොත්තු වන සැලසුම් කිහිපයක්ද මෙසේ දළ වශයෙන් දැක්විය හැක. ඒ අනුව නිෂ්පාදනය පිළිබඳ අද්විතීය දෑ නිර්මාණය කොට වැඩිදියුණු කිරීම සිදුනවනුයේ මෙම අදියර තුලදිය. ඒ අනුව සෑම කැෂූ නිෂ්පාදනයකම දවටනයට හදුන්වාදිමේ අදියර තුළදී පෙන්වාදුන් තේමා අදහස දවටනයට ඇතුළත් කිරීම මෙම අදියර තුළදි සිදුවේ. ඊට අමතරව සෑම කැෂූ නිෂ්පාදනයකම තිබෙන ප්‍රමාණ වලට අමතරව විශාල හා සුවිශේෂි නිෂ්පාදන කිහිපයක් හදුන්වාදිම සිදුවනුයේද මෙම අදියර තුළදීය. එහිදී රුපියල් 1000 -2000 අතර ප්‍රමාණයේ මිල ගණන් වලින් නිෂ්පාදන කිහිපයක් මෙම අදියර තුළදී වෙළඳපොලට දැමීමට නියමිතය.
 
ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ ඇති ප්‍රධාන කාර්යාලය හැරුණු කොට සෑම පළාතක්ම ආවරණය වන පරිදි අනු ශාඛාවන් ආරම්භ කිරීමට ද මෙම අදියර තුළදී සිදුවේ. බෙදාහැරීම , ප්‍රවාහනය පහසු කිරිම මෙහි මූලික අදියර වේ.
 
ඊට අමතරව මෙම අදියර තුළදී කැෂු චොක්ලට් නිෂ්පාදන හා සමගාමි නිෂ්පාදනයක් වෙළඳපොලට හදුන්වාදීම ද මෙම අදියරේදී සිදුවේ. ඒ අනුව කැෂු චොක්ලට් මිල්ක් පවුඩර් එකක් හදුන්වාදීම සිදුවනුයේ මෙම අදියර තුළදීය.
 
තවද මෙම අදියර තුළදී පෙර අවධින් දෙක තුළදී දක්නට ලැබුණු ප්‍රවර්ධන වැඩසටහන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර ඊට අමතරව කැෂු චොක්ලට් මිල්ක් පවුඩර් අලලා පොස්ටර් , දැන්වීම් ව්‍යාපාරයක් හා විද්‍යුත් මාධ්‍ය වෙළඳ දැන්වීම් කිහිපයක් ප්‍රවාරය කිරිමට නියමිතය. එහිදී ලංකාවේ මාධ්‍ය වල පමණක් නොව විදේශ මාධ්‍ය හරහාද මෙම නිෂ්පාදනය ප්‍රචාරය කොට විදෙස් වෙළඳපොල ආකර්ශණය දිනා ගැනීම මෙහි මූලික අරමුණ වේ. එහිදි වෙළඳ දැන්විම් වල නිරූපණ ශිල්පීන් ලෙස ලොව පුරා ජනප්‍රිය ශිල්පින් යොදා ගැනීම ද මෙම අදියරට අනුකූල සැලැස්මකි. ගුවන් තොටුපොල වරාය තුල ද මෙම වෙළඳ ප්‍රචාරණ දැන්වීම් දියත් කිරීම අපේකෂා කෙරේ. ඊට අමතරව ගුවන් යානා වල ස්ථාපිත කර ඇති විද්‍යුත් මාධ්‍ය හරහා ද කෑෂු නිෂ්පාදන පිළිබඳ වෙළද දැන්වීම් ප්‍රචාරයට නියමිතය.
 
ඊට අමතරව මෙම අදියර තුලදි චොක්ලට් ඇණවූම් භාර ගැනීමට ද මෙම අදියරේදි අපේක්ෂා කෙරේ. තවද එසේ ලබා ගන්නා ඇණවුම් අදාල ස්ථානයට ගොස් ලබා දීමට කටයුතු කිරීම ද මෙම අදියරේ අපේක්ෂාවයි. අලෙවි නියෝජිතයින් නිවෙසට හෝ කාර්යාලයට හෝ අදාල ස්ථානයට යවා ඇණවුම් පාර්සලය ලබා දීම වැනි අලෙවි උපක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වනුයේ මෙම අවධියේදීය. සාමාන්‍ය දුරකථන ඇමතුම් හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට හැකි ක්‍රමවේදයක් සැලසීම මින් අපේක්ෂා කෙරේ.
 
ඊට අමතරව ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා තරඟ ආදියට අනුග්‍රාහක දායකත්වය ලබා දීම ද අලෙවි ප්‍රවර්ධනය වැඩිකර ගැනීමට භාවිතා කරන එක් උපක්‍රමයකි. ඊට අමතරව අවුරුදු උත්සව , පාසල් සම්මන්ත්‍රණ , සංගීත ප්‍රසංග ආදියට අනුග්‍රහය දැක්වීම යටතේ වෙළඳ නාමය කෙරෙහි වැඩි ආකර්ශණයක් ලබා ගැනීම මෙම අදියර තුලදී සිදුවේ.
 
පහත වැටීමේ අදියර තුළදී අපේක්ෂිත සැලසුම් දළ වශයෙන්  
අවසාන අදියර වන පහත වැටිමේ අදියර තුළදි මූලික වශයෙන් අභියෝග හදුනාගැනීම සිදුවේ. එහිදී අනෙකුත් තරඟකාරී නිෂ්පාදනයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ අවධානය යොමු කොට ඊට සරිලන පරිදී ක්‍රියාත්මක වීම අරමුණයි. නිෂ්පාදනයේ පිරිවැය අඩුකිරීමට හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරිම සිදුවනුයේද මෙම අවධියේදීය. කැෂූ චොක්ලට් නිෂ්පාදන කෙරෙහි ආකර්ශණය වී සිටින ගණදෙණුකරුවන් පිරිස හදුනාගෙන එම පිරිස රඳවා ගැනීමට සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මෙම අදියර තුළදී සිදුවේ.
 
තරඟකරුවන් හා තරඟකාරී නිෂ්පාදන පිළිබඳව මෙන්ම ඒවායේ ගුණාත්මකභාවය , මිල ගණන් ආදිය පිළිබඳ අවධානය යොමුකොට කැෂූ චොක්ලට් නිෂ්පාදන වල මිල ගණන් වෙනස් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය සිදුවනුයේද මෙම අවධියේය.
 
ඊට අමතරව  පාරිභෝගිකයින් දැනුවත් කිරීම හැරුණු කොට ගබඩාකරණය සහ අලෙවිකරණය පිළිබඳ සිල්ලර වෙළෙන්දන් සහ තොග වෙළෙන්දන් දැනුවත් කිරීම ඇතුළු විෂ්මයජනක ව්‍යාපෘතීන් ගණනාවක්  දියත් කිරීම ද මෙම අදියරේදී සිදුවේ. අනෙක් ප්‍රධාන පියවර වනුයේ ඇසුරුම්කරණය වෙනස් කිරීමයි. ඇසුරුම්කරණ තාක්ෂණයේ සංකලනයන් භාවිතා කරමින් නැවත පිළියෙළ කිරීම ද මෙම අදියරේ මුලික අරමුණකි. ප්‍රතිනිර්මාණය කරන ලද ඇසුරුම්කරණය සමඟ ගුණාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා  පියවර ගන්නා අතර එය සන්නිවේදනය කිරීමට ද සුවිශේෂි ක්‍රම භාවිතා කිරීම මෙම අදියරේ සිදුවේ. ඒ අනුව සුවිශේෂි තේමා පාඨයන් යටතේ ජක්ිසජ කැෂූ චොක්ලට් නමින් නිෂ්පාදනය වැඩි දියුණු කිරිමට අපේක්ෂා කෙරේ.
මෙහිදීද ඉහත අදියරවල් වල පරිදි ප්‍රවර්ධන වැඩසටහන් උචිත පරිදී දියත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙළඳ දැන්වීම් පොස්ටර් කටවුට් ආදිය නව වෙළඳනාමය යටතේ ස්ථාපිත කිරිම අරමුණු කරයි. එම වෙළඳ දැන්වීම් මඟින් අහිමි වූ ජනතා විශ්වාසය නැවත ගොඩ නැඟීම අපේක්ෂාවයි.
ඒ අනුව මේ ආකාරයෙන් නිෂ්පාදන ජීව චක්‍රයේ  හදුන්වාදීමේ අදියර හැරුණුකොට අනෙක් අදියරයන්හි දී කැෂූ චොක්ලට් නිෂ්පාදනයේ අපේක්ෂිත සැලසුම් දළ වශයෙන් දැක්විය හැක. අලෙවිකරණ මිශ්‍රිතයට අනුව හදුන්වාදීමේ අදියර තුළ කැෂු නිෂ්පාදනයන්හි ප්‍රතිරූපය ගොඩනැගෙන ආකාරය එම අදියරට විශේෂිත කරුණු වලින් මනාව අවධාරණය වේ.

Thursday, August 24, 2017

මුස්ලිම් සංස්කෘතිය , විවාහය හා බැඳුණු ස්ත්‍රී පුරුෂ සමාජභාවය


 



ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු

ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙවත් පුමිතිරිබව යනු පිරිමිකම සහ ගැහැණුකම අතර වෙනස ට අදාල වන්නාවූ ලක්ෂණ පරාසය වේ.

ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වු සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සදහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඵ්කකයක දීම මෙන්ම සෑම ස්තරයක දීම ඵය දක්නට ලැබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට ඵකිනෙකට වෙනස් වු ගති ලක්ෂණ , අනන්‍යතා , හැසිරීම් රටා , භුමිකා සහ වෘත්තීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය ආගම , විශ්වාස , ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්වය ස්ථාපිත කර තිබේ.
 
මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ග , ජාති , කුල , ප්‍රදේශ අතර ද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. ඵම නිසා ස්ත්‍රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුලු දෙයකි.
 
පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්ය. ඵඩිතර ඉක්මන් තීරණ ගත හැකිය. නායකත්වයක් සහිතය. බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්‍රීය ළාමකය. සුන්දරය. පුරුෂයෙකු මත යැපෙන කාරුණික ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ.
ස්ත්‍රී පුරුෂ බෙදිම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම්
 
ස්වභාව ධර්මයෙන් හිමි වි ඇති ප්‍රජනන කාර්යය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත.
ඒ අනුව
■    දරුවන් පෝෂණය කිරිම
■    රැක බලා ගැනිම
■    ගේ දොර කටයුතු
■    දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
■    වැඩිමහල්ලන් රැක බලා ගැනිම

 
ඵයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත.
■    වෙළඳාම
■    ගොවිතැන හෝ වෙනත් රැකියා
■    සමාජ වැඩ කටයුතු
■    ස්ත්‍රින්ට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම

මේ අනුව ගෘහාශ්‍රිත කටයුතු සමාජය විසින් ස්ත්‍රීයට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්‍රිත ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකෙයි. ඵම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වෙයි. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකේ. ඵම නිසා ඔහු පොදු පිරිමියා යන නමින් හැඳින්වෙයි. දරුවෙකු කුඩා කළ සිට සමාජානුයෝජනය කිරිම තුළින් දිගු කලක් තිස්සේ මෙම අනන්‍යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ.
 
ඕනෑම සමාජයක ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට අසමාන වු තත්වයක් හිමිකර දී ඇති අතර ඵ් මත පදනම් වු විශ්වාස හා අගය කිරීම් ඵම සමාජවල දැඩිව මුල්බැසගෙන ඇත. බොහෝ රටවල ඇදුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස් කම් පවා දක්නට ලැබේ. ඵහි දි ස්ත්‍රි පුරුෂ වශයෙන් බෙදුණු පද ව්‍යාකරණ විධි ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට විශේෂිත වු යෙදුම් හා ව්‍යවහාර දක්නට ලැබේ. තවද රැකියා ක්ෂේත්‍රයේදී දී හෙදි , ගුරු , ලඝු , ලේඛක වැනි වෘත්තීන් ස්ත්‍රීන්ට හිමි ක්ෂේත්‍ර ලෙස ද බර වාහන පැදවිම , ඉංජිනේරු හා ආරක්ෂක අංශ , තාක්ෂණ රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන් වු ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකර විය යුතුය  යනුවෙන් සමාජය විසින් වර්ග කිරිමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍ර වල දී පවා බෙදීමක් දක්නට ලැබේ.
 
කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත් , ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ. ළාමක , නම්‍යශීලී , කාරුණික , ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හා පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය හා පුරුෂයා නොහැසිරේ නම් ඵය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකී.
 
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක් ” මානව වර්ගයක් ” කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහස , අඩු වරප්‍රසාද , අඩු අයිතිවාසිකම් , අඩු දේපළ , අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය.
 
මෙම බෙදීම තුළ මුස්ලිම් ආගම හා සංස්කෘතිය තුළ විශේෂ වශයෙන් මෙම සමාජදෘෂ්ඨිය දරුණු ලෙස දක්නට ලැබේ. ඉස්ලාම් ආගම තුළ පවතින දරුණු මතවාද මේ ඔස්සේ නිරූපිතය. එහිදි කාන්තාවට හිමිවන ස්ථානය හා පුරුෂයාට හිමිවන ස්ථානය තුළින් එතුළ අතීතයේ සිට පැවත එන සමාජදෘෂ්ඨිය ප්‍රකාශිතය.



ඉස්ලාමයට අනුව කාන්තාවට හිමි තැන
 
වර්තමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින ඇය සැබැවින්ම එසේ වන්නියක් නොවන බව ඉස්ලාමය තුලට යන්තමින් හිස පොවන නොව ගැඹුරින් විමර්ශනය කරන්නෙකුට නිරායාසයෙන් වැටහෙන්නකි.
 
ලෝකයේ පළමුවෙන්ම බිහි වූ කාන්තාව පිරිමියාගේ ඉල ඇටයෙන් බිහිවිය. ඉන්පසු ආදම් නබිගෙන් හා හව්වා තුමියගෙන් මිනිස් වර්ගයා ව්‍යාප්ත වූ බව අල්කුරාණයේ සඳහන් වේ.
 
එම්බල මනුෂයයෙනි තොපි තොපගේ ස්වෘමී හට බියවවු. ඔහු තොප සියල්ලෝම එකම ප්‍රමාණයකින් නිර්මාණය කළේය. ඔහුගෙන් ඔහුගේ භාර්යාව නිර්මාණය කළේය. ඉන්පසු ඒ දෙදෙනාගෙන් අපමණ ස්ත්‍රීයන් හා පුරුෂයන් මුදවා හැරියේය“.
 
මෙම කුර්ආන් පාඨයට අනුව පුරුෂයාගෙන් ස්ත්‍රීය නිර්මාණය විය. නමුත් මෙසේ නිර්මාණය වු ස්ත්‍රීය නොමැතිව අද මිනිස් වර්ගයා බිහිවීමට නොහැකිය. එම නිසා මිනිසාගේ පැවැත්මට අදාළ නිදහස මෙම ආගමේ ස්ත්‍රීයට හිමි වේ.
 
ප්‍රාථමික යුගයේදී තම අවශ්‍යතා සපුරා ගැනීමේ භාණ්ඩයක් වශයෙන් ස්ත්‍රීය භාවිතා විය. අයියාමුල් පාහිලියියා නමැති යුගයේදී කාන්තාවට ලබාදිය යුතු මෙන්ම ලැබිය යුතු ස්ථානය පාලනය වී තිබුණි. එපමණක් නොව කාන්තාවන් තිරිසන් සතෙකුට වඩා පහත් ලෙස එම යුගයේදි සළකනු ලැබීය. යම් ගැහැණු දරුවෙක් උපන්නේ නම් ඒ දරුවා පණ පිටින් වළලා දමනු ලැබිනි. සමාජයේ ලැබිය යුතු නියම ගෞරවය ද ඇයට අහිමිව තිබුණි. එමෙන්ම පුරුෂයාට අවශ්‍ය විටෙක කාන්තාවන් විවාහ කොටගෙන අවශ්‍යතා සපුරා ගත් පසු ඇයව අතැර දැමීමටත් ජාහිලීයියා යුගයේ ආරාබිවරු සමත් වුහ. තම පියා මැරුණු විට තම මව හැර අනෙකුත් භාර්යාවන් සමඟ එක්වීමට වැඩිමහල් පිරිමි දරුවාට අවස්ථාව හිමිවිය. දේපළ හිමිකම , අධ්‍යාපනය ආදී වරප්‍රසාද මෙම යුගයේ කාන්තාවට අහිමි විය. මෙහිදී පුරුෂයාගේ සීමාවන් වලින් ඔබ්බට ගිය සංස්කෘතියක් එම සමාජදෘෂ්ඨිය තුළින් නිරූපිතය.
 
කෙසේ වුවද මෙම වරප්‍රසාද පසුකාලීනව මුස්ලිම් කාන්තාවට හිමි විය. කෙසේ වුවද මුස්ලිම් කාන්තාව අධ්‍යාපන මට්ටම අතින් ප්‍රාථමික බව සමාජ සංකල්පයයි. ඇතැම් විට ජීවිතයේ දෙවන දශකයේ මුල් අවධියේදීම ඇය විවාහපත් වීමත් ක්‍රියාකාරී සමාජය තුළ උරෙනුර ගැටෙන අයුරු නිරන්තරයෙන් අනෙකාගේ ඇස නොගැටීමත් (රැකියා ස්ථාන, උසස් අධ්‍යාපන ආයතන ආදී) මෙකී සංකල්පය ඇරඹුමේ සාධකය වන්නට ඇත. කෙසේ වුවද සැබැවින් මුස්ලිම් කතට ශිල්ප අකැපද? ඇය අධ්‍යාපනයෙන් ප්‍රාථමිකද? එය එසේනම් එය සිදුවූයේ ඇයගේ ආගමික නීතී රීතීන්හි බලපෑමටද? එසේත් නැතිනම් ඇයගේ යම් ගැටළුවක් හෝ උනන්දුවක් නොවූ නිසාද? යන්න මෙහිදී විමසා බැලිය යුතුය.
 
මෙලෙස ඉස්ලාම් දහම විසින් තහවුරු කරනු ලබන අධ්‍යාපනය ලැබීමේ අයිතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හිමි වූවක් බව පහත සදහන් මුහම්මද්තුමාගේ ප්‍රකාශයෙන් තව දුරටත් පැහැදිලි කරයි.
“අධ්‍යාපනය ලැබා ගැනීම මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අනිවාර්යය වේ.” (ඉබ්නු මාජාහ්)
මෙකී අල් කුර්ආන් වැකි හා නබි වදන් ඔස්සේ පෙනී යන්නේ ඉස්ලාම් දහම තුළ කාන්තාව සතු ශිල්ප හැදෑරීමේ අයිතිය කප්පාදු කර නැති බවය. එසේනම් අවශ්‍යව ඇත්තේ තම තමාගේ උනන්දුව උත්සාහය පමණි. එමෙන්ම තමාගේ අධ්‍යාපන මට්ටම ප්‍රාථමික කර ගැන්මට හේතුවන්නේ තමා බව මෙමගින් මුස්ලිම් කතුන්ටද වැටහී යනු ඇත.
 
වර්තමානය අතීතය හා සසදන විට වර්තමානය තුළ මුස්ලිම් කතුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේද ඉදිරියට එමින් පවතින අයුරු දැකිය හැකි වීම සතුටට කරුණකි. කෙසේ වුවද සර්ව සාධාරණ දහමක් වූ ඉස්ලාමය තුල ඉගෙනීම කිසිවිට කිසිවෙකුට අකැප නැත.
නමුත් එහිදී ද යම් යම් සීමා මායිම් දක්නට ලැබුණි. අධ්‍යාපනය සමාජීය  අංශයන් ආදියෙන් ඉහළට යාමට කාන්තාවට හැකිවිය. ඒ නබිතුමාගේ කාලයේදීය. මෙයට නිදසුනක් ලෙසට ආරම්භක අවධියේ කාෆීර්වරුන්ට එරෙහිව මුස්ලිමිවරුන්ට යුද්ධ කිරීමට සිදුවිය. මෙම අවස්ථාවන් හීදී මුස්ලිම් භට හමුදාවට සහය ලබාදීමට කාන්තාවෝද සහභාගී විය. ඊට අමතරව ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම කටයුතු සඳහාද කාන්තාවන් සහභාගී කරවා ගනු ලැබීය.  මේ ආදී වශයෙන් නබි යුගයේදී ඉස්ලාම් කාන්තාවට කිසියම් සාධාරණත්වයක් හිමිවිය. 
 
මුස්ලිම් කාන්තාව හා බැඳුණු තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙසට හිජාබ් නමැති වස්ත්‍ර ක්‍රමය පෙන්වා දිය හැක. ඒ අනුව මුහුණ හා මැණික් කටුවෙන් පහළ ප්‍රදේශය හා අනෙකුත් සෑම ස්ථානයක්ම වසාගත යුතුය. මේ හේතුවෙන් ඔවුන්ගේ නිදහස සීමා විය. නමුත් නබිතුමා මුස්ලිම්වරුන්ගේ අදහස වුයේ එයින් කාන්තාවගේ අධ්‍යාත්මික හා මානසික ස්වාධීනත්වය තහවුරු වන බවයි. තව ද පිරිමින්ගේ බැල්ම හා ඔවුන්ගේ ලිංගික ක්‍රියා මැඩ පැවැත්වීමටත් ඉන් ස්ත්‍රී දූෂණය සමාජයෙන් ඉවත් කිරීමට හැකි වන බවත් ඔවුන්ගේ අදහස විය.





මීට අමතරව මුස්ලිම් පිරිමියෙකුගේ ඇඳුම කෙසේ තිබිය යුතුද යන්නත් ඉස්ලාම් දහම පවසයි. පිරිමීන් ශරීරයේ නාභියේ සිට දනහිස් දක්වා ඇති කොටස ආවරණය කළ යුතුයි. ඔවුන් එම කොටස නිරාවරණය කළ හැක්කේ තම බිරින්දෑවරුන් ඉදිරියේ පමණයි. මේ හැරෙන්නට අනෙකුත් සියළු දෙනා ඉදිරියෙහි මෙම කොටස අනිවාර්යයෙන්ම ආවරණය කළ යුතුයි. ඔවුන්ගේ වස්ත්‍රයන් කාන්තාවන්ගේ වස්ත්‍රයන් මෙන්ද තිබිය නොයුතුයි. ඒ වගේම ඔවුන්ගේ ඇඳුම් කාන්තාවන්ගේ හැඟීම් අවදි කරවන තද වස්ත්‍රයන්ද නොවිය යුතුයි. පුරුෂයන්ට සේද රෙදි සහ රත්රන් පැළඳීමද තහනම්. මූලික වශයෙන් මුස්ලිම්වරයෙකු ඇඳුම් හැඳිය යුත්තේ ඔවුන් මුස්ලීම්වරුන් ලෙස හඳුනා ගැනීමටයි. 





ඒ අනුව මුස්ලිම්වරුන්ගේ ඇඳුම අනුව ස්ත්‍රීයට හා පුරුෂයාට හිමිවන සමාජ දෘෂ්ඨාකෝණය අවධාරණය වේ. පිරිමියාට මගපෙන්වීම් ලබා දීමෙන් පසු ඉස්ලාමය කාන්තාවට යම් මග පෙන්වීම් කිහිපයක් ලබා දී ඇත. මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ:
 
(නබිවරයාණෙනි!) ඔබ විශ්වාසවන්ත කාන්තාවන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න! තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු)  පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තමන් වසාගෙන සිටින තමන්ගේ අලංකාරය දන්වනු ලැබීම පිණිස තමන්ගේ පාදවලින් තට්ටු කිරීමද නොකළ යුතුය. විශ්වාසවන්තයිනි! ඔබලා ජය ලැබීම පිණිස ඔබලා සියලුදෙනාම අල්ලාහ්ගෙන්ම පාපවලට සමාව අයදින්න. අල් කුර්ආනය 24:31
 
ඊට අමතරව ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්වභාවය අනුව ඔවුනොවුන්ට ආවේනික වූ නිදහසක් ඉස්ලාමය පිරිනමා ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් මානව පැහැදිලි කර දී තිබේ.
■    ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා ” ඇය අගෞරවයට පත් නොකර ” ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය‘ යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ.
■    දියණියන් තිදෙනෙකු සිට ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම් ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්ෂාව සපයනු ඇත‘ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.
■    අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ 
කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි.
තවද කාන්තාවන්ගේ ස්වභාවය අනුව ඔවුන් ඉතා සියුම් ගතිපැවතුම් ඇති සුන්දර මැවීමකි. ඔවුන්ට කළහැකි දේ හා කල නොහැකි දේද තිබේ.  ඒ අනුව ඔවුන්ට ඉස්ලාම් සෑම ඉගෙන්වීමක්ම ඔවුන්ගේ යහපතට ආරක්ෂාවට පාදක වෙයි.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4 : 1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්ද දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට ඔවුන්ට අයිතියක් නැ.



ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් සමහරක්
■    විවාහයකදී මනමාලියගේ කැමැත්ත
■    දික්කසාද වීමට පුර්ණ අයතිය
■    මව, පියා, සහෝදරයා, පුත්‍රයා හා ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු වාස්තුවල අයිතිය.
■    තම දේපල තමා කැමැති ආකාරයට පරිහරණය කිරීම.
■    අධ්‍යාපනය ලබා තම හැකියාවන්  ප්‍රගුණ කිරීම.
■    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති ආරක්ෂාවන් සමහරක්
■    බාලවියේ දෙමව්පියන්ගේ ආරක්ෂාව.
■    විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව.
■    අනාත දැරියන්ට ඉස්ලාමියය රජයේ ආරක්ෂාව.
 
ඊට අමතරව සාම්ප්‍රදායික සමාජයේ මෙන්ම වර්තමානයේත් කාන්තාවන්ට දේපළ හිමිකම ස්ථිරව ලබාදමක් දක්නට නැත. එහෙත් ඉස්ලාම් දේපළ බෙදා දීමේදී ඇයටත් කොටස් හිමිකළ යුතු බව සුරා අන්නිසා 7 හා 11 යන වාූක්‍ය වල සඳහන් කළ ඇත.
 
ඊට අමතරව එකළ සමාජයේ කාන්තාවන්ට මාස් ශූද්ධිය ඇතිවන කාලයේදී ඇයව නිවසින් බැහැර කර තැබීමේ සිරිතක් දක්නට ලැබුණි. නමුත් අදවන විට එය ඉස්ලාමය විසින් යම්තාක් දුරට බැහැර කර ඇත. එහෙත් දරුණු මුස්ලිම්වාදි රටවල ඇති සාම්ප්‍රදායික ගම් වල මෙම තත්වය හේතුවෙන් මුස්ලිම් කාන්තාව තවදුරටත් ප්‍රීඩා විදියි.
තව ද ජීවිතයේ ඉතා වැදගත් ස්ථානයක් වන විවාහයේදී කාන්තාවට හා පුරුෂයාට මුස්ලිම් නිතීය විවිධ දේ ඉදිරිපත් කොට ඇත.
 
මුස්ලිම් විවාහ නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන් වී නොමැති අතර ක්වාසි’ නමින් හැඳින්වෙන විශේෂ ආගමික විනිසුරුවරයන්ගේ අවසරය මත වයස 12 කට නොඅඩු ගැහැනු දරුවකු වුව ද විවාහ කර දිය හැකි බව වාර්තා වේ. එසේම මෙම  නීතියට අනුව ස්ත්‍රියක්  විවාහ වීමේ දී ඇයගේ අනුමැතිය වෙනුවෙන් අත්සන් කරනු ලබන්නේ ඇයගේ භාරකරුයි. ලිංගික අතවර කිරීම් වැනි ඉතා සංවේදී කරුණක් සම්බන්ධයෙන් පවා විභාග කරනු ලබන්නේ පුරුෂයන්ගෙන් පමණක් සමන්විත අධිකරණයක් විසින් බව පැවසේ.
 
මෙම නීතියට අනුව පුරුෂයාට සිය බිරිඳ වෛවාහක වරදක් නොකළත් ඇය තමාට යුතුකම් ඉටු නොකරන්නේ යැයි මුස්ලිම් අධිකරණය  වෙත පැමිණිලි කර දික්කසාදය ලබාගත හැකිය. එසේම පුරුෂයන් හට බහු විවාහ සඳහා අවසරය හිමි වන අතරම  දික්කසාදයක් ලබා ගත් කාන්තාවකට  නැවත විවාහයකට එළඹිය නොහැකිය. පවුල් තුළ ගෘහස්ථ හිංසනයට සහ විවිධ අඩත්තේට්ටම්වලට ලක් වීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථා ඉතා සීමිත වේ. විවාහක බිරිඳක් වෙනත් පිරිමින් සමඟ ගණුදෙනු පැවැත්වීම තබා වෙනත් පිරිමියකුගේ ඇස ගැටීම පවා වරදක් ලෙස ඇතැම් අවස්ථාවල තීරණය වී තිබේ.
මුස්ලිම් විවාහය හා සම්බන්ධ මුස්ලිම් නීතිය
 
මුස්ලිම්වරුන් අතර විවාහ සම්බන්ධකම් ඇතිකිරීම හා ඔවුන් අතර පවතින විවාහයන් දික්කසාද කිරීම් සම්බන්ධ ඉස්ලාම් ධර්මයට අනුකූල නීතීමය ප්‍රතිපාදන ව්‍යවස්ථාගත කර ඇත්තේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මඟින්ය. එය වරින්වර සංශෝධනය කොට අවසන් වරට 1975 අංක 41 දරණ පනත වශයෙන් සංශෝධනය කර ඇත.
 
සියළුම විවාහ ලේකම්වරු පත්කරනු ලබන්නේ රෙජිස්ටාර් ජනරාල්වරයා විසිනි. සියළුම විවාහ ලේකම්වරුන් මුස්ලිම් පිරිමි අය වියයුතුය. මෙම විවාහයන් ලියාපදිංචි කිරීමට පෙර නිකාහ් නමැති චාරිත්‍රවිධි ඉටුකල යුතුය. ලියාපදිංචි කිරීම සඳහා මනමාලයා විසින් හෝ මනාලිය වෙනුවෙන් විවාහ භාරකරුවන් පෙනි සිටීම අවශ්‍ය අවස්ථාවක දී ඒ විවාහ භාරකරු විසින් හෝ නිකායේ චාරිත්‍රවිධි සිදුකරන අය විසින් හෝ පියවර ගත යුතුය. විවාහය ලියාපදිංචි ිරීම සඳහා පියවර ගත හැක්කේ පහත සඳහන් අයට පමණී.
 
■    මනමාලයා විසින්
■    මනාලියගේ විවාහ භාරකරු හෙවත් වලි විසින්
■    නිකාහ් චාරිත්‍රවිධි ඉටුකල අය විසින්
 
විවාහය ලියාපදිංචි කිරීමට පෙර මනමාලයා විසින් හෝ මනාලියගේ විවාහ භාරකරු විසින් විවාහ ලේකම් ඉදිරියේ ප්‍රකාශයක් කළ යුතුය. මුස්ලිම් නීතිය අනුව මනාලියගේ විවාහ භාරකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොවේනම් ඒ බව කාත්වරයෙකු විසින් ප්‍රකාශ කර තිබිය යුතුය. මුස්ලිම් මනාලියක විසින් ප්‍රකාශය අත්සන් කිරිම අවශ්‍ය නැත. අත්සන් කළ යුත්තේ ඇගේ පියා හෝ පිය පක්ෂයේ අයෙකු විසින්. එම අය නොමැතිනම් ඇයට අත්සන් කල හැක.
■    මුස්ලිම් ස්ත්‍රියකගේ ඉන්දත් කාලය තුළදීි විවාහ ගිවිසුම් ලියාපදිංච් නොකළ යුතුය.
■    වයස අවුරුදු 12 සම්පූර්ණ නොවු මුස්ලිම් ගැහැණු ළමයෙකු විවාහ කර දීමට ක්වාසී වරයාගේ අවසරය අත්‍යවශ්‍යය. නොඑසේ නම් ඒ ලමයා සමඟ විවාහ ලියාපදිංචි සිදු නොකළ යුතුය.
■    විවාහ වූ මුස්ලිම් පිරිමියෙකු භාර්යාවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් තබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ බව ඊට දින 30 කට පෙර තමන් විවාහ වී සිටින හා විවාහ විමට බලාපොාරොත්තු වන ස්ත්‍රිය පදිංචිව සිටින කොට්ඨාශ වල ක්වාසිවරුන් වෙත ඒ බව දැනුම් දිය යුතුය. ඒ දැන්වීම ක්වාසිවරයා විසින් ඒ ඒ කොට්ඨාශ වග ජුම්මා පල්ලියේ ප්‍රදර්ශනය කළ යුතුය.
 
ඊට අමතරව මුස්ලිම් විවාහ ලියාපදිංචියේදී ඉදිරිපත් වන සාක්ෂිකරුවන් මනා සිහිකල්පනාවෙන් යුතු වැඩිහිටි ඉස්ලාම් භක්තිකයන් විය යුතුය. හොඳ සිහියෙන් යුතු මුස්ලිම් පිරිමියෙකුට තමා වෙනුවෙන්ම වුවත් විවාහ ගිවිසුමකට ඇතුළත් විය හැකිය. නමුත් ස්ත්‍රීයකට තමා වෙනුවෙන් හෝ වෙනත් අයෙකු වෙනුවෙන් එසේ විවාහ ගිවිසුමකට එළඹිය  නොහැකිය. ස්ත්‍රීයගේ විවාහ භාරකරු විසින් එම ගිවිසුමට අත්සන් කර ඇය විවාහ කරදිය යුතුය. කන්‍යා ස්ත්‍රීයක් විවාහ වීමේදී මව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත අවශ්‍යය. ඇය කන්‍යාවක් නොවේ නම් ඇගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත්ය.
 
මුස්ලිම් චාරිත්‍රවිධි අනුව විවාහයක් සිදුකරනු ලබන අවස්ථාවේදී දායාද ප්‍රදානය අනිවාර්ය අංගයකි. මෙය මහර් හා කයිකුලී යනුවෙන් දෙවර්ගයකි. මහර් යනු විවාහවීම නිමිත්තෙන් සැමියා විසින් බිරිඳට දෙන ත්‍යාගයයි. හය මුදලක් හෝ දේපළක් විය හැක. ඇය දික්කකසාද වුවහොත් එම දායාද නැවත සැමියාට භාරදිය යුතුය. බිරිඳ මිය ගියේ නම් ඇයගේ දරුවන්ට එම දේපළ හිමි වේ. කයිකුලී යනු මනාලියගේ පාර්ශවයෙන් බෑණාට දෙනු ලබන දායාාදයයි. මනාලයා විසින් ඒවා තමා සන්තකයේ තබාගත යුතු අතර ඇය දික්කසාද වූයේනම් ඒවා ආපසු බිරිඳට බාරදිය යුතුය. එම දේපළ වියදම් වුයේ යැයි පවසා සැමියාට කිසිවිටෙතකත් නිදහස් විය නොහැක. තමා විසින් බිරිඳට ලබා දුන් ත්‍යාගයක් ද එයට හිලව් කිරීමට නොහැකිය.
 
මේ පිළිබඳව දියතලාව ජුම්මා පල්ලියේ ප්‍රධාන පුජකවරයා වන  නසීර් මහතාගේ අදහස වූයේ ඉස්ලාමය කුළ වර්තමානයේ මෙවැනි තත්වයන් නොමැති බවයි. නමුත් සාම්ප්‍රදායික වශයෙන් යම් යම් රටවල විශේෂයෙන් අරාබි රටවල මෙවැනි කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් දක්නට ලැබෙන බව ඔහු ප්‍රකාශ කල අතර ඊට අමතරව කානතා අයිතිවාසිකම් ඔවුන්ගේ ආගමට සංස්කෘතියට අනුකූලව නම් උල්ලංඝනය නොවන බව ඔහුගේ අදහස විය. සෑම ආගමකම සංස්කෘතියකම මෙන්ම තම සංස්කෘතියට ද ආචේණික මතවාදයන් කිහිපයක් පැවතිය ද එයට ඔවුන්ගේ සමාජයේ කාන්තාවන් හා පුරුෂයන් හුරු වී ඇති බවක් ද ඔහු අවධාරණය කරන ලඳි.
මුස්ලිම් මනාලිය
 
මුස්ලිම් මනාලියකගේ හැඩ ගැන්වීම් තුළින්ද විශේෂත්වයක් දැකිය හැකි වෙයි. මුස්ලිම් ජාතීන්ගේ චාරිත්‍ර සහ සිරිත් විරිත් අනුව ඔවුන් මංගල දිනයේ හැඩවෙන්නේ කෙසේද? ඔවුන්ගේ විලාසිතාවන්වල දැකිය හැකි විශේෂත්වයන් මොනවාද යන කරුණු ගැන අප  අවධානය යොමු කරමු.

මුස්ලිම් මනාලියට නියමිත මංගල ඇඳුමක් තිබුණේ නැත. හිස සිට ආවරණය කරගෙන සිටින මුස්ලිම් කාන්තාව විවාහ මංගල දිනයට පමණක් ආවරණය ඉවත් කිරීම නුසුදුසුයැයි මතයක් තිබෙයි. ආවරණය සමඟම අලංකාරම මනාලියක් ලෙසින් හැඩ ගැන්වීමට ඔවුන්ට ආවේණික වූ ඇඳුමක් නිර්මාණය වූයේ ද එම නිසයි. මෙය ද මුස්ලිම් කාන්තාවගේ කැමැත්ත පරිද්දෙන් තමන්ට ආවේණික ආකාරයට ඔවුන්ගේ ආකල්පය පරිදි වෙනස්කර ගත හැකියි.
ෆාතිමා මෙනවිය මේ පිළිබඳ මෙසේ අදහස් දක්වන ලදි. අනිවාර්යෙන්ම මුස්ලිම් මනාලිය රත්තරන් පැළඳීම විශේෂ දෙයක් නිසා ඔවුන්ගේ මංගල ඇඳුම රත්තරන් මිශ්‍ර වර්ණයන්ගෙන් ගළපා ගැනීම වඩාත් උචිත වේ. මෙය විශේෂයෙන් දැනුවත් විය යුතු කරුණක්. මුස්ලිම් මනාලියට තවත් විශේෂ දිනයක් නම් මෙහෙන්දි උත්සවයයි. ඔවුන් මෙහෙන්දි ගැල්වීම උත්සවාකාරයෙන් සමරයි. මෙහිදී මනාල පාර්ශවය නිවෙසට පැමිණ මනාලියට තෑගි බෝග ගෙනත් දේ. මනාලයාගේ සහෝදරියන් විසින් මෙහෙන්දි ගල්වනු ලබයි.

 
මුස්ලිම් මනාලිය හැඩ ගන්වන්නේ කෙසේද? 


 
අනිකුත් මනාලියන් මෙන්ම මුස්ලිම් මනාලියද මාස හයකට ප්‍රථම දින නියම කරගත යුතුයි. මන්ද ඔවුන්ගේ සමේ තිබෙන්නා වූ ගැටලු නිරාකරණය කරගැන්ම සහ ඇඳුම් නිර්මාණය සඳහායි. මෙහිදී මුස්ලිම් මනාලියට විශේෂයෙන් හිස සැරසිල්ලක් ගැනෙන්නේ නැත. හේතුව ඔවුන් හිස ආවරණය කරන බැවිනි. නමුත් අනිත් මනාලියන් මෙන්ම හිස ෂැම්පු කන්ඩිෂනර්කර පිරිසුදු කරගත යුතුයි.
 
මේක්අප්
 
මුහුණේ මේක්අප් එකේදී මුහුණ පමණක් කැපී පෙනෙන නිසා ඉතාමත් හොඳ මේක්අප් එකක් යෙදිය යුතුයි. ඇරැබියන් මේක්අප් එකේදී හෙවි මේක් අප් එකක් දැමීම බහුලව දක්නට ලැබෙයි. ඔවුන්ගේ අයි මේක්අප් එකට විශේෂ තැනක් දිය යුතුයි. වර්ණ සංකලනයේ දී ඉතා හොඳින් ඇස් කැපී පෙනෙන ලෙස ආලේපනයන් යොදාගත යුතුයි. මෙහිදී අයි මේක්අප් එක යෙදීමේදී ඇස්වල තිබෙන්නා වූ දිගු සහ විශාල ස්වභාවයන් අඩුවැඩි කිරීම විශේෂ තැනක් ගනියි. තොල් ආලේපන යෙදීමේදී සමහර මුස්ලිම් කාන්තාවන් තද වර්ණ අනුමත නොකරයි. නමුත් ලා පැහැති වර්ණ හොඳින් උරාගන්නා ලෙස ආලේප කිරීම තුළින් මේක්අප් එක වැඩි කාල වේලාවක් රඳා පවත්වා ගැනීමට පුළුවන.

මංගල ඇඳුම
 
හබායා බ්‍රයිඞ්ල් යන්නෙන් අදහස් කරන දේ හරියාකාරව තේරුම් ගැනීම ඉතා වැදගත් වෙයි. මන්ද මුළු සිරුරම ආවරණය කරන්නා වූ මුස්ලිම් කාන්තාව එම ඇඳුමට ගරු කරන්නේත් සිංහල කාන්තාව කැන්ඩියන් එක අඳින්නාක් මෙනි. මෙම මනාලිය හැඩ ගැන්වීමේදී මුහුණ හැරුණු කොට ශරීරයේ කිසිම තැනක් විවෘත නොවිය යුතුය.
 
මෙහිදී මුස්ලිම් විවාහ මංගල උත්සවය දෙයාකාරයකින් ගනු ලබයි. තවත් සමහරක් කාන්තාවන්ට වෙනම තැනක් සූදානම් කරයි. කාන්තාවන් පමණක් සිටින අවස්ථාවලදී මනාලියන්ට අත් ආවරණ (ග්ලවුස්) නොදැමීම ගැටලුවක් නොවේ. මෙහෙන්දි ආලේප කරන නිසා එම රටා මනාලියට එළියක් ගෙන දෙයි.
 
මල් කලඹ
 
මල් කලඹ යොදා ගැන්මේදී ඇඳුමට සරිලන ලෙස වර්ණ ගලපා ගැන්මට මනාලිය උත්සුක විය යුතුය. මන්ද මුස්ලිම් මනාලිය පුරුදු වී සිටින්නේ තද වර්ණවලට බැවින් ඔවුන් එය ඇඳුමට ගළපා ගැන්ම පිළිබඳ එතරම් අවධානයක් නොදක්වයි. මේ නිසා ඇය හැඩ ගන්වන රූපලාවණ්‍ය ශිල්පිනිය විසින් එය ඇයට වටහා දිය යුතුයි.
ආභරණ
 
ආභරණ පැලදීමේදී රත්තරන් පැලදීම අනිවාර්යය වේ. එම නිසා සුදු සහ රිදී ඇඳුමට එකතු කිරීමේදී රන් වර්ණය මිශ්‍ර කිරීම ඉතා සුදුසුය. මෙයද ඔවුන් තැකීමක් නොකරන දෙයකි. මෙය වටහා දී ඡායාරූප ගන්නවා නම් එයින් පසුව හෝ එම වර්ණ උපායශීලීව එකතු කළ යුතුයි. එය රූපලාවණ්‍ය ශිල්පිනිය හොඳින් අවධාරණය කළ යුතු දෙයකි.
ඇඳුම්
 
විශේෂයෙන් ආවරණය කරන ලද මුස්ලිම් මනාලිය ඇඳිය යුත්තේ සහ ඇයට ඇඳිය හැක්කේ ගවුමය. නමුත් සාරිය ගුජරාටි ක්‍රමයට ඇන්දවීම කළ හැකියි. එසේම සාරිය ගවුමක් ලෙස ඇන්දවීමට රූපලාවණ්‍ය ශිල්පිනිය බොහෝවිට දනියි.
 
එයත් ඉහත කී ආකාරයට එසේ ආවරණය කරගැන්ම සඳහා උපයෝගී කරගත හැකියි. ආවරණය නොකරන ලද මුස්ලිම් මනාලිය හිස වසා ගැන්මට ඉතා කැමැත්තක් දක්වයි. එයින් මුස්ලිම් මනාලියක් බව හොඳින් ඉස්මතු වේ. එය ලෙහෙන්ගා විලාසිතාවක් හෝ චෝලි විලාසිතාවක් හෝ සාරියකින් සිදු කරගන්නා ගුජරාටි විලාසිතාවක් විය හැකියි. වෙනත් ඕනෑම සාරි විලාසිතාවක් කිරීමේදී හිස වසා ගැන්මක් සිදු කිරීමෙන් මනාලිය වඩාත් කැපී පෙනෙයි. මෙය මුස්ලිම් කාන්තාව හඳුන්වන්නේ මුන්දානිය වශයෙනි. මෙහිදී පාකිස්ථාන් හින්දු විලාසිතාවන් අනුගමනය කළ හැකියි. නමුත් තිලකය තැබීම නොකළ යුතුයි. එය ඔවුන්ට සුදුසු දෙයක් නොවේ.
ඇගේ ශරීරයේ ස්වභාවය අනුව එනම් මහත කෙට්ටු බව අනුව ඇඳුම් තෝරා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මන්ද සමහර මනාලියන් ස්ථුලතාවයෙන් හෙබි වුවත් ඔවුන් බක්‍රම් යොදා ගනිමින් ගවුම් ඇඳීමට ප්‍රිය කරයි. නමුත් එය ඇඳීම තුළින් ඇය තවත් සිරුරින් මහත්කර පෙන්වයි. වර්ණ ද එසේමයි. මුස්ලිම් මනාලියක් හැඩ ගන්වන විට මේ දේවල් ගැන හොඳින් දැනුවත් වී ඇයගේ හැඩ ගැන්වීම් කළ යුතුයි.
 
වලීමා යන්නෙන් අදහස් කරන්නේ දෙවැනි ගමනයි. මෙහිදි මින් අනතුරුව මුස්ලිම් කාන්තාව ස්වභාවයෙන්ම ලිංගික භාණ්ඩයක් බවට පත්වන අතර විවාහ වූ දින සිට මාසයක් විවාහ වූ ජෝඩුව කාමරයක තනි කරනු ලැබේ. එම මාසය තුළ සියළුම සත්කාර මෙන්ම ඕනෑ එපාකම් නිවැසියන් විසින් සපයන අතර මාසය අවසානයේ දරුවෙකු පිළිසිඳ ගෙන තිබීම මින් අපේක්ෂා කරයි. එතුළින් ද මෙතුල දක්නට ලැබෙන සමජභාවය මනාව ඉස්මතු වේ.
බහුභාර්යා විවාහය
 
බහුභාර්යා විවාහය ඉස්ලාම් ධර්මය අනුමත කර ඇත. එහෙත් එය අනිවාර්ය කර නැත. මේ පිළිබඳව ශුද්ධ වූ අල් කුරාණය මෙසේ පවසයි.
 
“නුඹලාට නුඹලාගේ දරුවන්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙතැයි නුඹලා බිය වෙතොත් නුඹලා විසින් තෝරා ගන්නා ලබන ස්ත්‍රීන් දෙදෙනෙකු , තිදෙනෙකු හෝ සිව්දෙනෙකු විවාහ කර ගන්න. එහෙත් ඔවුන්ට යුක්තිය ඉටු කිරිිමට නොහැකි වේ යැයි ඔබලාට බියක් ඇති වුවහොත් එක් කාන්තාවක් පමණක් විවාහ කර ගන්න.“
 
ඒ අනුව මුස්ලිම් ආගමට අනුව බහුබාර්යා විවාහයේදි විවාහයෙන් විවාහයට යුතුකම් හා වගකීම් වැඩිවනු ඇත. ඒ අනුව එම බිරින්දැවරුන්ට ඉටුකල යුතු යුතුකම් හා වගකීම් මෙසේ දක්වා ඇත.
■    එම බිරිදට අවශ්‍ය ආහාර පානාදී ඇතුළු අවශ්‍යතා සපුරාලිය යුතුය.
■    බිරිදට අවශ්‍ය ඇදුම් පැළඳුම් ලබාදිය යුතුය.
■    එම බිරිඳට වාසය කිරීමට නිවසක් හෝ නවාතැන් පහසුකම් සැපයිය යුතුය.
■    එම බිරිඳගේ ලිංගික අවශ්‍යතාවයන් තමා විසින් ඉටුකල යුතුය.
■    එම බිරිඳගෙන් ලැබෙන දරු සම්පත් වලට තමා විසින් වියහියදම් ලබාදිය යුතුය.
■    බිරින්දෑවරු අතර මෙම වියහියදම් , සැළකිලි දෙයාකාරයෙන් නොතිබිය යුතුය.
■    රාත්‍රිය ගත කිරිමේදී බිරින්දෑවරුන් අතර සමසේ කාලය වෙන්කර ගත යුතුය. 

විශේෂයෙන්ම බහුබාර්යා විවාහය සිදුකරගන්නන්ට සම කාලපරිච්ඡේදය යන්න ඉතා වැදගත් කරුණකි. බිරින්දෑවරුන්ට දෙන මෙම සම කාලපරිච්ඡේදය ඔහු විසින් තෝරාගනු ලබන්නේ කුසපත් ඇඳීමකිනි. අවම වශයෙන් එක් රාත්‍රියකි හෝ දහවලක් ලෙස ද උපරිම වශයෙන් රාත්‍රි තුන් හෝ දහවල් තුනක් වශයෙන් ද වෙන් කිරිමට සිදුවේ. කුමන හෝ හේතුවක් මත බිරිදක සමඟ දින තුනට වඩා ගතකරන්නේ නම් අනෙක් බිරින්දෑවරුන්ගෙන් එයට අවසර ගත යුතුය.  එම වෙන් කරන ලඳ කාල වලදී එම කාන්තාවන් මුහුණ පා සිටින ස්භාවික කරුණු එනම් ඔසප් වීම, අයහපත් සෞඛ්‍ය ආදී කරුනු නිසා ඇයගෙන් වෙන්ව සිටීම ධර්මය අනුමත නොකරයි.
එ් අනුව බහුබාර්යා විවාහය යනු සෑම අතකින්ම යුක්තිය හා සමානාත්මතාවය ඉටුකළ යුතු වැදගත් පැවරුමකි.


මුහමුමද් නබිතුමාගේ බහුභාර්යා විවාහය
මුහම්මද් නබිතුමා මෙලොව ජීවත් වුයේ අවුරුදු 63ක් පමණි. එතුමාගේ ප්‍රථම විවාහය වයස අවුරුදු 25 දී සිදුවිය. ඒ වයස අවුරුදු 40 සපිරුණු වැන්දඹු කාන්තාවක් වූ කතීජා තුමිය සමඟයි. ඇය වයස අවුරුදු 50 දී මිය ගිය අතර ඉන්පසු නබිතුමා අනෙක් කාන්තාවන් සමඟ විවාහ විය. ඒ අනුව මොහු කාන්තාවන් 11 දෙනෙකු විවාහ කරගත් අතර ඒ අතරින් අයිෂා නම් කාන්තාව පමණක්  කන්‍යාවියක් වූ අතර අනෙකුත් සියළු කාන්තාවන් වැන්දඹු ස්ත්‍රීයන් විය. ඒ අනුව ඔහුගේ එම ස්ත්‍රින් කිහිප දෙනෙකු මෙසේ දැක්විය හැක.

    කතීජා බින්ත් කුවෙයිලද් තුමිය
    අයිෂා බින්ත් තුමිය
    සව්දා බින්ත් තුමිය
    හෆ්සා බින්ත් උමර් තුමිය
    සයිනබ් බින්ත් කුසෙයිමා තුමිය
    උම්මු ෂලමා
    සෙයිනබ් බින්ත්
    උම්මු හබ්බා
    ජුවෙයිරා බින්ත්
    සෆීයා බින්ත්
    මයිමුනා බින්ත්
 
මේ ආදී වශයෙන් මුස්ලිම් සමාජයේ ඇති බහුබාර්යා විවාහය පිළිබඳ  කරුනු  දැක්විය හැක. ඉස්ලාම් නීතියට අනුව පුරුෂ පක්ෂයට මෙම විවාහයන් සඳහා අවසර ලබා දී තිබුන ද කාන්තාවන් ට මෙවැනි විවාහ සිදුකර ගැනීමට අවස්ථාව හිමි නොවේ. එනම් පුරුෂයන්ට නියමිත නීතී රීති වලට අනුකූලව බහුබාර්යා විවාහය සිදුකත හැති වුවද කාන්තාවන්ට එක් ස්වාමිපුරුෂයෙක් සිටියදි තවත් අය විවාහ කර ගැනීමට නිතියෙන් අනුමත නොවේ. ඒ සඳහා කාන්තා පක්ෂයට තහනම් ද පනවා ඇත. එයට හේතු වශයෙන් ද කරුණු දක්වා ඇත. 

■    ස්භාවයෙන්ම කාන්තාවන්ට වඩා පිරිමින්ට ලිංගික ආශාවන් හා හැඟීම් අධික විම.
■    පිරිමියෙකු එක්  ස්ත්‍රීයකට වඩා වැඩි ස්ත්‍රින් ගනණක් සමඟ විවාහ වී ජීවත් වීමට ශාරීරිකව බලසම්පන්න වීම. ස්ත්‍රියක් එලෙෂ බලසම්පන්න නොවීම.
■    ස්ත්‍රීයකගේ වින්තනය වෙනස් විය හැකි විම.
■    පුරුෂයන් ගණනාවක් සමඟ ලිංගිකව හැසිරීමේදී ඇය රෝගාතුර වීම හා එම රෝග බිහිවීම.
■    උපදින දරුවන්ට තම පියා කවුරුන්දැයි නිසැකවම හඳුනාගත නොහැකිවීම.
                මේ ආදී වශයෙන් බහුභාර්යා විවාහය කාන්තාවන්ට නුසුදුසු විමටත් , පුරුෂයන්ට සුදුසු වීමටත් මෙලෙස හේතු සාධක දක්වයි.
 තහනම් ඥාතීත්වය සංකල්පය

මුස්ලිම් පුරුෂයෙකු පහත සඳහන් ඥාතීන් සමඟ විවාහවීම සම්පුර්ණයෙන්ම තහනම්ය.
        
■    තම මව , මවගේ මව හෝ ඊට  පුර්වලාමී පරම්පරාවේ  ස්ත්‍රීන්
■    තම දුව දුවගේ දුව හෝ අනුගාමී පර්පරාවේ ස්ත්‍රීන්
■    තම සහෝදරියන් හා අර්ධ සහෝදරියන්
■    තම මවගේ පියාගේ  සහෝදරියන්
■    තම සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ දුවක හෝ ඇයගෙන් පැවතෙන්නියන්
■    තම බිරිඳගේ මව හෝ මිත්තණිය
■    තම බිරිඳගේ වෙනත් සැමියෙකුගේ දුවක හෝ ඇයගෙන් පැවතෙන්නියන්
■    තම පුතාගේ , මුණුබුරාගේ , පියාගේ බිරිඳ , වැන්දඹු හෝ දික්කසාද ස්ත්‍රීය
■    තම බිරිඳ ජීවත්ව සිටීනම් බිරිඳගේ සහෝදරිය

විවාහයක් අවසන් වීමේදී

පහත සඳහන් අවස්ථාවන් එකකින් වලංගු විවාහයන් අවසන් වේ.
■    බිරිඳ මියගිය විට
■    සැමියා මියගිය විට
■    සැමියා විසින් විවාහය අවසන් සේ සළකා සිටින විට
■    දික්කසාද විමෙන්

සැමියා මියගිය විට මාස හතරකුත් දවස් 10 ක ඉන්දත් කාලයක් පිරිමින්ගේ ආශ්‍රයෙන් සම්පූර්ණයෙන් වෙන්ව ස්ත්‍රීයක් කල් ගෙවිය යුතුය යන්න මුස්ලිම් නිතියයි. ඉන්දත් කාලය ගතවීමෙන් පසුව ස්ත්‍රීයට නැවත විවාහ විය හැකිය. එහෙත් සැමියා මියයන විට ඇය ගැබ් ගෙන සිටිනම් දරුවා ලැබීමෙන් පසුව විවාහ වීමට පුළුවන.

මුස්ලිම් දික්කසාදය

■    සැමියාගේ ඉල්ලීම පිට තලක් දික්කසාදය
■    සැමියාගේ අනුමැතිය නැතිව බිරිඳගේ ඉල්ලීම මත
■    සැමියාගේ යම් වරදක් නිසා පාෂා
■    දෙදෙනාගේම කැමැත්ත අනුව

මුස්ලිම් නීතියට අනුව සැමියාගේ හෝ බිරිඳගේ ඉල්ලීම අනුව විවාහයක් අවලංගු කළ හැකිය.විවාහය අවලංගු කිරිමට ඉල්ලුම්කරු විසින් ක්වාසීවරයාට සාධාරණ හේතු පෙන්නුම් කළ යුතුය. දික්කසාදවිමේ ඉල්ලුම විභාග කරනුයේ අධිකරණ සේවා කොමිෂම විසින් පත් කරන ක්වාසීවරයෙකු විසිනි.

භාර්යාව විසින් තම සැමියාගෙන් දික්කසාද වීමට පහත කරුණු වලින් එකක් හෝ මත ඉල්ලිම කළ හැකිය.

■    සැමියා විසින් තමන්ට කෘර ලෙස සලකන බව
■    ද්වේශ සහගත ලෙස සැමියා විසින් අතැර දමා සිටිම හා නඩත්තු නොකිරිම
■    වෛවාහික යුතුකම් ඉටු නොකරිම
■    සැමියාගේ බෙලහීන බව හෙවත් ලිංගික දුර්වලතාව 
මෙම කරුණුවලට අනුව මුස්ලිම් ආගමේ විවාහය හා බැඳුණු විවිධ මතිමතාන්තර අවධාරණය වේ.


සමාජ දෘෂ්ඨිකෝණය

මේ ආදි වූ කරුණු විමසීමේදී මුස්ලිම් ආගම හා විවාහය තුළ දක්නට ලැබෙන කරුණු වලට අනුව ස්ත්‍රීපුරුෂ සමාජභාවීය ලක්ෂණ මනාව අවධාරණය වේ. ඉස්ලාමය තුළ කාන්තාවට හිමි ස්ථානය මෙන්ම පිරිමියාට හිමි ස්ථානය මෙන්ම තම ආගමට සංස්කෘතියට අනුව ඔවුනොවුන්ගේ විවිධ මතයන් ඔස්සේ මෙය තව තවත් ප්‍රකට කෙරේ.

මෙම සංකල්පයට අනුව ඉස්ලාමයේ කාන්තා වරිත නිරූපණය ඒකාකෘත ස්වභාවයක් දක්නට ලැබේ. මෙයට අනුව ස්ත්‍රීය යනු හුදෙක් සංස්කාතීක නියෝජන විනෝද භාණ්ඩයක් ලෙස මුලින් සටහන් කල කරුණු වලින් අවධාරණය වේ. අව්‍යාජ හා ගැශුරු සංස්කෘතික මානයක් ගෙන ඒම ස්ත්‍රී වරිත නිරූපණයෙන් අවධාරණය වේ. ආගමට අනුව හා මුස්ලිම් නීතියට අනුව මුස්ලිම් කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ අභ්‍යන්තර මනෝභාවය මෙම කරුණු වලින් ඉස්මතු කර පෙන්වයි. එනම් බහුභාර්යා විවාහත තුළින් පුරුෂයෙකුගේ මනස ක්‍රියා කරන ආකාරය මෙන්ම මුස්ලිම් විවාහ නිතියේදී දෙදෙනාම යටත් විය යුතු මෙන්ම අනුගමනය කල යුතු මානයන් අනුව එය අවධාරණය වේ. කාන්තාවගේ හිජාබ් නමැති ඇඳුමද ඔවුන්ගේ වරිත ස්වරූපය හා මනෝ භාවය ඉස්මතු කරමින් ඔවුන්ගේ සමාජ මතය සමාජය ඉදිරියේ මෙන්ම විශේෂයේන් මුස්ලිම් පුරුෂයා හමුවේ ගෙනහැර දක්වයි. විවාහය සඳහා නිශ්චිත වයසක් නොමැති වීම තුළ ද , ආගමික කටයුතු වලදි ඇයට ලබා දී ඇති ස්ථානය අනුව ද මෙතුළ පුරුෂ මූලික සමාජය ඉස්මතු වේ. අතීත සමාජයේ ඇයට අධ්‍යාපනය අහිමිය. ඇයට හිමි වූයේ දරුවන් වැදීම පමණයි. අනික් කාන්තාවන් මෙන් ඇයට ලස්සනට ඇඳීමට පැළඳීමට නොහැක. ඇය එම කරුණු වලට විරුද්ධ වුවහොත් ඇය ආගමට සංස්කෘතිට විරුද්ධ වූ අයෙකු සේ සළකයි. එයින් ඇයට දඬුවම් ලබා දෙයි. පවුලෙන් ආගමෙන් නෙරපා හරි. නමුත් පුරුෂයන්ට මෙම කිසිදු නීතියක් නොමැත. දරුණු දඬුවම් ද නොමැත.

ඒ අනුව මෙහිදී ස්ත්‍රීය යනු පුරුෂ බැල්මේ සැබෑ ගොදුරකි. ඇයගේ ශරීර අවයව හා සැකැස්ම ඇය පුරුෂ වින්දනයේ අනිවාර්ය අංගය කොටගෙන හමාරය. එය සමාජ කතිකාවක් බවට පත් වී ද හමාරය. මාතෘත්වය , පතිවත , ලිංගික ආශාව , ලිංගික සූරාකෑම , ප්‍රචණ්ඩත්වය , අධ්‍යාපනය , විරැකියාව ආදි සියළු ප්‍රවාදයන් මෙහිදි විශේෂයෙන් කැපී පෙනේ. ඇයට විමුක්තිය ලැබෙන්නේ ද නැත. ගතේ පිරිසිදු කම මෙන්ම සිතේ පිරිසිදුතමද මුස්ලිම් පුරුෂයා ස්ත්‍රීයගෙන් බලාපොරොත්තු වේ. එහෙත් බහු භාර්යා සේවනය ආදිය පුරුෂයාට අකැප නැත. ඉස්ලාමයේ පොදු සමාජ දෘෂ්ටිය ගොඩ නැඟි ඇත්තේ එසේය.

ස්ත්‍රී සිරුර , වස්තුව , ඇයගේ ආත්මය කිසිසේත්මපුරුෂයෙකුට සමාන නොවන බව ඉස්ලාම් සමාජය තුළ වඩා ඉහළින් ඉස්මතු වන්නක් බව ඉහත කරුණු වලින් නිරූපිතය. නමුත් පුරුෂයා වෙනත් විවාහ තර ගන්නේ නම් පෙර විවාහ වල දරුවන්ට නඩත්තු ලබා දීම ආගමට හා නිතියට ගරු කිරිමක් මිස ස්ත්‍රීයට ගරු කිරීමක් නොවේ. ඒ අනුව මෙය පුරුෂ මූලික දැක්මකට සීමා වී ඇති දැක්මක් බව පැහැදිලිය. ස්ත්‍රීය යනු සමාජය තීරණය කරන අනිවාර්ය වටිනාතමක් වුවද එහි සැබෑ නිර්මිතයා පුරුෂයා බව පැහැදිලිය. නමුත් ජීවිතයේ සමහර තීරණ ගැනීමේ දී ස්ත්‍රීයගේ මතයට ගරු බුහුමන් දක්වන ආකාරය දික්කාදය තුළදී , තහනම් ඥාතීත්වය සංකල්පය තුළදී හා මනාලියක් වන අවස්ථාවේදි දක්නට ලැබේ. ඔවුන් සතු බලය හා එම බලය එකිනෙක වශයෙන් සමාජය තුළ බලපෑම් කරන බව මෙයින් ඉස්මතු කරයි. අවසානයේ එම සමාජ මතවාදයන් පොදු බවට අර්ථකතනයක් බවට පත් කරන ආකාරය පැහැදිලිය.

සමස්ත මුස්ල්ම් ආගම විවාහය හා ජීවිතය තුළ සංකේත රාශියක් දක්නට ලැබේ. ඒ අනුව කාන්තාවගේ හිජාබ් නමැති ඇඳුම, පුරුෂයාගේ ඇඳුම , පුරුෂයාගේ හිස් පළඳනාව , මංගල ඇඳුම ,  පල්ලිය ආදිය මෙනය නිදසුන්ය. ඉන් ඔබ්බට ගොස් මුස්ලිම් කාන්තාවක් යනුද එක්තරා සංකේතයකි.

මේ ආදී වු කරුණු වලට මුස්ලිම් සංස්කෘතිය හා විවාහය හා බැඳුණු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මනාව අවධාරණය වේ. එම සමාජය තුළ ස්ත්‍රීයට හා පුරුෂයාට හිමිව තිබෙන අයිතීන් තත්වයන් අනුව ඔවුන්ගේ සමාජ දෘෂ්ඨිකෝණය මනාව අවධාරණය වේ.

සමාලෝචනය

මුස්ලිම් ආගම හා සංස්කෘතිය තුළ මූලික වශයෙන් ඉස්මතු වනුයේ පුරුෂ මූල දෘෂ්ඨිවාදයකි. අතීතයේදී එම අවස්ථාව වඩාත් කැපී පෙනුණ ද වර්තමානය වන විට එය තරමක් දුරට ලිහිල් වී ඇත. නමුත් පිරිමියාගේ පාලනය හා පාලනය පිරිමියා සතුය යන සාධනීය ලක්ෂණ මෙම කරුණු වලින් පැහැදිලිය. ස්ත්‍රීය විනෝදජනක නිරූපණයකි යන මතවාදය තිව්‍ර කර ඇති අතර යම් යම් අවස්ථා වලදී ඇගේ මතයට ගරු කිරීමක් ද පෙන්වයි. නමුත් වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ පුරුෂ දෘෂ්ටිවාදය අනුමත කිරීමකි. විවාහ නිතියට අනුව මුස්ලිම් කාන්තාව ක්‍රියාකල යුතු ආකාරය මෙන්ම ඇයට හිමිවන ස්ථානය හා පුරුෂයාට හිමිකර දී ඇති ස්ථානය දක්වන ලද කරුණු වලින් මනාව ඉස්මතු වේ. ඔවුනොවුන්ට ඔවුන්ගේ සංස්කෘතිය විසින් හිමිකර දී ඇති වරප්‍රසාදයන් තුළින් සමාජ දෘෂ්ඨිකෝණය මනාව නිරූපිතය.

ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මත සමාජය මෙම දෙපක්ෂය දකින ආකාරයද වෙනස්ය. ඵ් අනුව සමාජය විසින් මෙම බෙදීම නිර්මාණය කර දී ඇති බව පෙනේ. ඉහත දැක්වු කරුණු අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කුමක්ද යන්න පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.


ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය

නිතීඥ තිලකරත්න, ආනන්ද (1994), උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලාමෛ නීතිය හා පුද්ගල නීතිය, කතෘ ප්‍රකාශන.
 
නිස්තාර්,රසුල්ඩීන් (2010), මුහම්මද් නබිතුමාගේ වරිතය, මාකසස් සල්මා ප්‍රකාශක.
 
මුහම්මද්, මොලව් (2004), බහුභාර්යා විවාහය, රත්න ප්‍රකාශන.
 
මුහම්මද්, රෂීඞ් (1997),ඉස්ලාම් ධර්මය, වාසනා ප්‍රකාශක.
 
ශ්‍රී ලංකා බහායි ජාතික අධ්‍යාත්මික මණ්ඩලය (1983), හුස්මාන්ඞ් ෆතියාසම, ශ්‍රී ලංකා බහායි ජාතික අධ්‍යාත්මික මණ්ඩලය.

https://si.wikipedia.org/wiki (2014) ,ස්ත්‍රීපුරුෂ සමාජභාවය
Gamage,dilini (2015),ස්ත්‍රීපුරුෂ සමාජභාවය