Thursday, June 29, 2017

ලොව බිහිසුණුම ස්ථාන


ලොව බිහිසුණුම ස්ථාන

ගුඩ් හෝප් මාළිගාව – දකුණු අප්‍රිකා

ගුඩ් හෝප් මාලිගාව (www.emaze.com)

 

 

 

 

 

 

බෝනික්කෝ දුපත – මෙක්සිකෝව

බොනීක්කන්ගේ දුපත (pinterest.com)

 ලන්ඩන් කුලුණ

ලන්ඩන් කුලුන (www.traveladdicts.net) 

සැලි නිවස – කැන්සාස් , ඇමරිකාව

සැලි නිවස (thesalliehouse.com) 

පරණ චංගි රෝහල, සිංගප්පූරුව

පරණ චංගි රෝහල (seeksghosts.blogspot.com)

 මොන්ත ක්‍රිස්තෝ ගෙවත්ත – ඕස්ට්‍රේලියාව 

මොන්ත ක්‍රිස්ටෝ ගෙවත්ත (www.visitnsw.com)

Wednesday, June 28, 2017

දැනුවත්භාවය පිණිසයි (උ ගැ)



 
 දැනුවත්භාවය පිණිසයි (උ ගැ)
සමහර විට මේක කියවන ඔබ ජිවිතේ එක් වතාවක් හෝ ගැහැණු ළමයෙකු සමග සිපගෙන ඇති.නැත්නම් දැන්ම කාව හරි හොයාගෙන ඒ අත්දැකිමත් විදින්න බලන්න.  මම හැබැයි දැන් කියන්න යන්නේ මේ සිපගැනිම ගැන ඔයා නොදන්න කරුණු ටිකක්.
ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරයි.  
පැරණි ඊජිප්තු වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබාය.

50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර ඇත.

සිපගැනීම දත් දිරායාම අඩු කරයි. හේතුව වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

චීන ජාතිකයන්ට පුහුණුවක් නොමැතිව නිවැරදිව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්සිප ගැනීමට දක්ෂ නැත.

කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යයි.

සිප ගැනීම හදගැස්ම වැඩි වීමට එක්තරා ව්‍යායාමයකි.

රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.

සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යයන වලින් තහවුරු වී තිබේ.

ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඊශ්‍රායලයෙන් වාර්තා වේ.

16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදකි.

Tuesday, June 27, 2017

ලස්සන වීම හිමි කාන්තාවට පමණද



 














ලස්සන වීම හිමි කාන්තාවට පමණද

ලස්සන කියන්නෙ අපි හැමෝටම පොදු දෙයක්. ඒත් බොහොමයක් දෙනා හිතන්නේ ලස්සන වෙන එක කාන්තාවන්ට පමණක් අයිති කටයුත්තක් කියලා. ඒක වැරැදි මතයක්. පිරිමි අයත් ලස්සන වෙන්න හිතනවා නම්, තම රුව ගැන සැලකිලිමත් නම් ඒ අයටත් කළ හැකි රූපලාවණ්‍ය ප්‍රතිකාර බොහෝය. ෆේෂල් සත්කාරය ද එවැන්නක්.

ඔබේ සහෝදරයා, සැමියා ලස්සන වෙන්න හිතනවා නම් ඔබට පුළුවන් ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්න.
ෆේෂල් කිරීමෙන් අප බොහෝ විට අදහස් කරන්නේ සම අලුත්වැඩියා කිරීමත් සමඟම සමේ ඇතිවන ප්‍රශ්න නිවැරැදිකර සමේ නිරෝගී බව, පැහැපත් පෙනුම පවත්වා දීමක්. මෙහිදී සමේ ඇතිවන ප්‍රශ්න කාන්තාවන්ට සහ පිරිමින්ට වශයෙන් භේදයක් නොවන බව කිව යුතුයි.

බොහෝවිට මෙහිදී පැහැදිලිවම පෙනීයන දෙයක් නම් කාන්තාවන්ට වඩා පිරිමින්ගේ සමේ ගැටලුකාරී තත්ත්වයන් වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. හේතුව ඔවුන් නිතර පරිසරය හා ගැටීම, ආවරණයකින් තොරව අව්වේ යාම නිසා සම අව්වට පිලිස්සීම, දුර්වර්ණවීම, වැනි තත්ත්වයන්ට මුහුණපෑමයි. එමෙන්ම තමන්ගේ සම පිළිබඳ රුව රැක ගැනීම පිළිබඳ ඔවුන් අඩු අවධානයක් දැක්වීමයි.

පිරිමි අයටත් ෆේෂල් කියනදේ ඉතාමත් වැදගත්. තමන්ගේ මුහුණට ප්‍රියමනාප බවක් ලබාගන්න සෑම කෙනෙක් තුළම තිබෙන්නේ එක වගේ කැමැත්තක්. මෙහිදී මුහුණේ ලප, කැළැල්, සමේ දුර්වර්ණතා, සමේ අධික තෙල් සහිත බව, වියළි බව, කුරුලෑ ආදිය එයට බාධාවක්. මෙම තත්ත්වයන් නිවැරැදි කරගැනීමෙන් පිරිමි පක්ෂයේ අයට වුවත් තම සමේ නිරෝගිබව රැක ගනිමින් තමන්ගේ පෞරුෂත්වයට ප්‍රියමනාප බවක් එක්කර ගැනීමට හැකියාව තිබෙනවා. එම නිසයි කාන්තා පක්ෂයට වගේම පිරිමි පක්ෂයටත් ෆේෂල් සත්කාරය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකිය යුතු වන්නේ. 

ෆේෂල් කිරීමේදී සිදුකෙරෙන කාර්යයන් අත්‍යවශ්‍ය වූ පියවරයන්ට අනුකූලව සිදුකෙරෙනවා. නමුත් සමේ රළු බව, සිදුරු, කුරුලෑ, ලප, කැළැල් ආදිය වෙත්නම් එම ගැටලු ඉවත්කරලීමේ විශේෂ ක්‍රමවේදයක් යොදාගනු ලබනවා. එදාට වඩා අද රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකෙරෙන නවීන ප්‍රතිකර්ම බොහොමයි. නවීන තාක්ෂණික උපකරණ මෙන්ම උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය ආලේපන තිබෙනවා. නවීනරූපලාවණ්‍ය උපකරණ මඟින් සමේ රළු බව ඉවත්කරලීම, පිග්මන්ටේෂන් වැනි දුර්වර්ණතා ඉවත්කිරීම, ඉන්නන්, කුරුලෑ, ලප, කැළැල් ආදිය ඉවත්කර සම පැහැපත් කරලීම වැනි විශේෂිත වූ ක්‍රම රැසක් දැන් තිබෙනවා. මේ නිසා දැන් පිරිමි අයට තමන්ගේ සමේ ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම එතරම් ප්‍රශ්නයක් නොවෙයි.

විශේෂයෙන්ම ඔවුන්ට උපදෙස් දෙන්නේ තමන්ගේ විවාහ මංගල්‍යයට පෙර මනාලිය මෙන්ම මනාලයා ද තමන්ගේ රුව ගැන සහ ඒ වෙනුවෙන් සිදුකෙරෙන සත්කාරයන් සඳහා යොමුවිය යුතු බවයි.

මනාලිය සහ මනාලයා යන දෙදෙනාටම තමන්ගේ සමේ මුහුණේ තිබෙන අඩුපාඩු මඟහරවා ගෙන ලස්සන පෙනුමක් ලබාගන්නට දැන් අවස්ථාව තිබෙනවා.

අප ඉහත කී ආකාරයෙන් සමේ ගැටලු වැඩි වශයෙන් තිබෙන අයකු නම් අඩුම තරමින් සති දෙකකට වරක්වත් ෆේෂල් සත්කාරය සඳහා යොමුවීම අවශ්‍යයි. එසේ නොමැතිනම් මසකට වරක් ඒ සඳහා යොමුවීම වැදගත්. ඉන්පසුව සමේ නිරෝගිමත් ස්වභාවය පවත්වා ගැනීම සඳහා උපකාරීවන ආලේපන නිසි උපදෙස් මත භාවිත කිරීමත් ඉතාමත් වැදගත් වනවා.

තමන්ගේ සමේ අඩුපාඩු, ගැටලු තිබෙන බව හැඟෙනවා නම් කළ යුත්තේ එය නොතකා හැරීම නොව එම තත්ත්වයන් නිවැරැදිකර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් වෙත යොමුවීමයි.