සුන්දරත්වය රැක ගැනීමට සම ආරක්ෂා කර ගනිමු.
අද මම ඔබට අරටුව අඩවිය ඔස්සේ කියන්න යන්නේ ඔබේ එදිනෙදා ජීවිතයට මෙන්ම ඔබේ සෞඛ්‍ය සම්පන්න භාවයට වැදගත් වන කරුණු කිහිපයක්. සම කියන්නේ ඔනැම පුද්ගලයෙකුගේ ලස්සන වැඩි කරන සෞඛ්‍ය සම්පන්න බව ඉස්මතු කරන විශේෂ දෙයක්.
නමුත් සම කැසීම , පළු දැමීම , දද , වණ , කුෂ්ඨ , අසාත්මිකතා , පොතු කබර , ගෙඩි , කුරුලෑ ආදී විවිධ වු සමේ රෝග ඇති වීම නිසා පුද්ගලයන් බොහෝ අපහසුතාවයන්ට මුහුණපාන බව කිව යුතුයි. සමාජය විසින් උපහාසයට ලක් කිරිම , පිළිකුල් කිරීම ආදී වු විවිධ ගැටළු වලට මුහුණ පාන්නට සිදුවීම මෙහිදී දැක්විය හැකියි. නමුත් මෙවැනි සමේ රෝග ඇති වීමට හේතුව ගැන නම් කිසිම කෙනෙක් වැඩි අවධානයක් යොමු නොකරන බවත් කිව යුතුයි.
කෙසේ වුවත් සමේ රෝග ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් වනුයේ ලේ ධාතුව දුෂණය වීමයි.
- රාත්‍රී හා සවස් කාලයේ ඇඟ කැසීම
- ශිතල වේලාවට ඇඟ කැසීම
- නෑමෙන් ඇඟ සේදීමෙන් පසු ඇඟ කැසීම
- මල බද්ධය
- තුනටිය වේදනාව
- සෙම ගතිය
- හතිය
ආදී වූ රෝග ලක්ෂණයන් සමඟ මෙවැනි චර්ම රෝග ඇති වේ. පුද්ගලයන්ගේ අයහපත් හුරුපුරුදු මෙන්ම අපිරිසිදුකම මෙවැනි රෝග වලට මුලීක හේතුව වේ. අයහපත් ආහාර පුරුදු හෙතුවෙන් ද සමේ රෝග ව්‍යාප්ත වේ. එම නිසා මෙවැනි වූ සමේ රෝග සුව කිරීමට රුධිරය පිරිසිදු කිරීමට මෙන්ම ශරීර උෂ්ණත්වය සමනය කිරීමට හා විෂ බැහැර කිරීම ආදී වු ශාරීරික රෝග සුව කිරීමට සිදුවේ.
සාමාන්‍යයෙන් මිනිස් සිරුර අවුරුදු 25 දක්වා වර්ධනය වේ. ඉන්පසු අවුරුදු 30-40 දක්වා කෙමෙන් වයසට යන අතර අවුරුදු 40-55 දක්වා ඉක්මනින්ද අවුරුදු 55-65 දක්වා ඉතාම ඉක්මනින්ද වයසට යාම ඇරඹේ. නමුත් බොහෝ දෙනා තම වයසට වඩා තරුණ පෙනුම රැක ගන්නා බව නොරහසකි. තරුණ පෙනුම රැකගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන සම රැක ගැනීම සඳහා ආයුර්වේදයෙන් මනා පිටුවහලක් ලැබේ.
පහත සඳහන් ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම තුලින් ශරීර අභ්‍යන්තර ක්රියාකාරීත්වයේ වෙනස්කම් සිදුවන අතර සම රැක ගැනීමට ඉවහල් වේ.
■ දිනකට ජලය ලීටර් හතරක් පමණ පානය කිරීම.
■ නැවුම් පළතුරුල එළවළුල පලා වර්ග සහ සලාද වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීම.
■ කෘතිම සහ ක්ෂණික ආහාර පානල පැණි රස දෑල තෙල් සහිත දේවල් අඩු කිරීම.
■ මලබද්ධය වලක්වා ගැනීම.
■ මානසික සුවයෙන් සිටීම.
■ ක්‍රමවත්ව ව්‍යායාම වල යෙදීම.
■ දිනකට පැය හයක් පමණ විධිමත් නින්දක් ලැබීම.
මීට අමතරව බාහිර වශයෙන් සම ආරක්ෂා කර ගැනීම සදහා.
■ දිනකට දෙවරක් ස්වාභාවික ද්‍රව්‍යක් භාවිතයෙන් මුහුණ සේදීම. උදා- පිපිඤ්ඤා යුෂල දෙහි යුෂල කැරට් යුෂ
■ හිරු එළියට නිරාවරණය නොවීමල දූවිලි සහ අපද්‍රව්‍ය වලින් සම ආරක්ෂා කර ගැනීම.
■ දිනපතා ස්නානය කිරීම.
■ සතියකට වරක් වත් සමට ඖෂධීය සත්කාරයක් ලබාදීම.
බොහෝ අය තම මුහුණ කෙරෙහි පමණක් අවධානය යොමු කරන නමුදු එය වැරදි සහගත ක්‍රියාවකි. මුහුණ යනු ශරීරයේ වැදගත් අංගයක් වුවත් මුළු ශරීරයම එක ලෙස නිරෝගීව එක ලෙස නිරෝගීව තබා ගැනීම තුළින් රුව සම්පත තව තවත් ලස්සන කරගත හැක. මෙහිදී දෙඅත් දෙපා ඇතුළු මුළු ශරීරය කෙරෙහිම විශේෂ සැලකිල්ලක් දැකිය යුතුය.
සමේ පවතින කුරුලෑ, කළු ලප හා ලප කැලැල් ආදීය නිසා සමේ අලංකාර බව දුරු වේ. එම රෝග තත්ත්ව කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම රූපලාවන්‍යයේදී ඉතා වැදගත් වේ. විශේෂයෙන් මුහුණ දූවිලි , විෂබීජ ඉතා ඉක්මනින් රැදෙන තැනකි. මුහුණ අතගෑමෙන් දෙඅත් වල ඇති විෂබීජ එකතු වේ. තවද කුරුලෑ නියපොතු වලින් කැඩීම නිසා ලප කැලැල් ඇතිවේ. මේ සියල්ල මුහුණේ අවලස්සනට හේතුවේ. මේවායින් සම ආරක්ෂා කර ගැනීම සඳහා ආයුර්වේදයේ විවිධ ප්‍රතිකාර ක්‍රම දක්වා ඇත. එහිදි බාහිර ආලේප සඳහා විශේෂ තැනක් ලැබේ. ස්වාභාවික ඖෂධ මෙන්ම එදිනෙදා ගෙදර දොරේදී භාවිතයෙන් සිදුකල හැකි මෙම ප්‍රතිකාර මගින් දිගුකාලීන ප්‍රතිඵල ලබාගත හැකි අතරම කිසිදු අතුරු උපද්‍රවයක් ඇති නොවේ.
මෙම ආලේප හෝ ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයේ දී වුවද තමාගේ සම කුමන වර්ගයට අයත් දැයි හඳුනාගැනීම අත්‍යාවශ්‍ය වේ. සාමාන්‍ය සම, තෙල් සම, වියළි සම, සංවේදී සම මෙන්ම මේ සියල්ල මිශ්‍ර වූ මිශ්‍ර සමකින් යුක්ත විය හැක. මේ පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතාම වැදගත්ය.
සම පිරිසිදු කිරීම සඳහා
■ පැහැපත් සමක් ලබාගනීමට නම් සම පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය කරුනකි. උදෑසන මෙන්ම රාත්‍රී නින්දට පෙරත් වඩා ක්‍රමවත් පිරිසිදු කිරීමක් කළ යුතුය. දහවල් කාලය තුළ රැස්වන දූවිලි මේකප් ආලේප ආදිය ඉවත් කිරීම සඳහා වතුරෙන් පමණක් මුහුණ සේදීම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා එදිනෙදා ගෙදර දොරේදී හමුවන දෙහි යුෂ , පිපිඤ්ඤා යුෂ , අර්තාපල් යුෂ ආදිය භාවිතා කළ හැක.
■ සමට පෝෂණය ලබාදීම සඳහා සතියකට දෙවරක් වත් ස්වාභාවික ඔසු ද්‍රව්‍ය වලින් සාදන පැක් වර්ගයක් භාවිතා කිරීම ඉතා යෝග්‍යය. එසේම පළතුරු වලින් සාදාගන්නා ආලේප ද ඉතා සුදුසුයග මේ සඳහා අලිගැටපේර , පැපොළ් , කොමඩු , සහ ඇඹුල් දොඩම් ඉස්ම යොග්‍ය වේ.
■ සුදු හඳුන් ඇල් දියෙන් ගලගා ශරීරයේ ආලේප කර මිනිත්තු විස්සෙන් පමණ පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. කොකුම් පොතු , වැල්මී , වදකහ ඇල් දියෙන් මිශ්‍ර කර ගාන්න. සම පැහැපත් වේවි.
■ දෙහි යුෂ සහ පිපිඤ්ඤා යුෂ තේ හැඳි ½ බැගින් මිශ්‍ර කර ගාන්න. මිනිත්තු දහයකට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. තෙල් සහිත සමට සුදුසුයි.
■ බිත්තර කහ මදය ,ඔලිව් තෙල් හා දෙහි ඉස්ම තේ හැන්දක් බැගින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු විස්සකින් පමණ සෝදා හරින්න. මෙය වියළි හමට ඉතාම සුදුසු සත්කාරයකි.
■ කඩල පිටි ස්වල්පයක් දෙහි ඇඹුලින් අඹරා තලපයක් මෙන් ගා ඇල් දියෙන් අඹරා ගා මිනිත්තු දහයකින් පමණ සෝදා හරින්න. කළු සහ සුදු ලප නැතිවේ.
■ රත් හඳුන් මී පැණියෙන් ගලගා ගාන්න. ලොත්සුඹුල් සහ කොත්තමල්ලි ඇල් දියෙන් අඹරා ගාන්න. කුරුලෑ සඳහා ඉතා යොග්‍යයි.
මේ ආදී වු ස්භාවික දෑ භාවිතයෙන් සමේ රෝග සුවකරගෙන නිරෝගි සමක් ලබා ගත හැක.
No comments:
Post a Comment