Thursday, October 13, 2016

සාතන්ගේ වැකි යන නවකතාවේ අන්තර්ගතය සමාජයට බල පෑ ආකාරය



නවකතාවේ අන්තර්ගතය හා සමාජයට බල පෑ ආකාරය 


                        සාතන්ගේ වැකි යන නවකතාවේ අන්තර්ගතය පිළිබඳ සලකා බැලීමේ දී මෙම නවකතාව ප්‍රබල ව ම මුස්ලිම්වරුන්ට එරෙහි ව විරෝධය ගොඩනැගෙන්නක් විය. මෙහි අන්තර්ගතය මුස්ලිම් ආගමෙහි රඳා පැවැත්මට ඍජුව ම බලපෑම් කරන ලදී. ආගමේ යාඥාවට අවසර ලත් දේවවාද, එ නම් ඔවුන්ගේ දේව ඇදහිලි සමච්චලයට ලක් කිරීම හා මුහම්මද් තුමාගේ ජීවිතය හා සම්බන්ධ විවිධ සිද්ධීන් ද පාදක කර ගනිමින් නිර්මාණය කර ඇත. මෙම පොත තුලින් දේව අපහාස හා ඔවුන්ගේ ඇදහිලි ක්‍රමයන් දැඩි ව සමච්චලයට කලක් කර ඇත. එම නිසා මුස්ලිම් ආගමට දැඩි බලපෑමක් එල්ල විය. එය හේතු කොට ගෙන ඔහුට මරණ දණ්ඩනය පවා දීමට නියම කරන ලදී. දැඩි ව ආගම් විවාදයට ලක් කරන කතාවක් ලෙස මෙය පත් විය. කෘතියේ අන්තර්ගතය තුළ ඇති සිබිරිලා, පරින්තා හාත්පසින් ම වෙනස් ය. ඔහු බම්බයිජවාලා සුපර් ස්ටාර් කෙනෙකි. මිලියන ගණන් සිනමා ලෝලීන්ගේ හැඩ පුජසනයේ දී වැඳුම් පිඳුම් ලබන මකුළු මැටි පිළිමයකි. සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරයෙකු වූ උගෘ රාමා නිපදවූ ”‍දෙව් දම් වත”‍ ටෙලි මාලාවේ රඟන වීරයා ඔහු ය. පරිස්තාගේ ජීවිතයෙහි යම් යම් කොයස් ඔහු ජිවත්වන සමාජය තුළ මිනිසුන් චරිත සඳහා ආදේශ කර ගන්නා ලදී. මෙහි දී පරිස්තා ලන්ඩනයට යන්නේ ඔහුගේ අලු‍ත් ම කාමාවචර සුන්දරියවන අලෙලයියා කෝන් සොයාගෙන ය.

                        මෙහි දී තවත් කොටසක් තුළ ජිබිරියල් හා සලාදීන්ගේ ආදී 29002 ඇද වැටීමෙන් පසු සිරුරු එකිනෙකා වෙලාගනු ලැබෙයි. චම්චාගේ හිස් මුදුනින් අංකුර මෝදුවන අතර ශරීරය වැඩ වඩාත් එළුවෙකුගේ හැඩය ගන්නට පටන් ගනී. මෙ විසුළු පෙනුම නිසා හැමදෙනාගෙන් ම හිරිහැර විඳින ඔහු අන්තිමේ ෂාන්දූර් අවන්හල තුලට වැදී සැඟවී ගන්නේ ය. සලාදීන්ට හා චම්චාට අන් තට්ටුවක් ලැබෙද්දී ජිබිරිල්ට හිස වටා බමන දිව්‍යමය රස වළල්ලක් ලැබේ. අලෙලු‍යියා ගෝන් සොයා ලන්ඩනයට යන ජිබිරිල් එහි මහත් පීඩාකාරී දෙබිඩි ජිවිතයක් අරඹයි. ඔහුගේ දෙවැනි ජීවිතය වනාහි අවතාරයක අරූඩයකි. ඔහු සිහින මාලාවක් දර්ශනය කිරීම අරඹන්නේ මෙම වේශයෙනි. එකිනෙක වෙනස් සිහින මාලාවන් තුනක් මෙහි අන්තර්ගත ය. නමුත් මෙම සිහින එකිනෙකට බැඳී පවතී. පළමුවන සිහිනය අයේෂා නම් ලපටි අබිසරු ලියක් ගැන ය. දෙවැන්න ලන්ඩන් වොෂින්ටන් උද්‍යානය තුළ වෙසෙන පිටුවහල් ඉමාම්වරයෙකු ගැන ය. තුන්වැන්න ජිහිලීය නම් වාලු‍කා පුරවරය ගැන ය. ජිහිලියා (අන්ධකාරය) නම් ඒ කලබලකාරී නුවර තුළ අනාගත වක්තෘවරයෙකු වාසය කරයි. ඔහුගේ නම මහෞන්ද් (ව්‍යාජ අනාගත වක්තෘ) නමින් හැඳින්වේ. ඔහු විසින් නව ආගමක් ගොඩනගන්නට උත්සහ දරයි.