Showing posts with label සිවිදිග සක්වල. Show all posts
Showing posts with label සිවිදිග සක්වල. Show all posts
Friday, August 11, 2017
නිවාඩුවට Kohomba house
කොහොඹ කියන්නේ මතක් වෙනකොටත් සිසිලසක්
දැනෙන ගස් වර්ගයක්. එතකොට කල්පිටිය කියන්නේ උෂ්ණාධික දේශගුණයක් තියෙන
නිවාඩුව ගත කරන්න සුදුසු සංචාරක කලාපයක්. සිසිලස සහ උණුසුම කියන මේ සියල්ල
එකට එකතු වුන තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ.
කල්පිටියේ Khomba house කියන මේ හෝටලේ
කල්පිටියේ ගිහින් විවේක ගන්න හොඳම තැනක්. විශේෂයෙන්ම මේ වටපිටාවට ගැලපෙන
විදිහට වාතාශ්‍රය රැකෙන ආකාරයට ඉදිකරපු ගොඩනැගිල්ලක් තමයි මේ හෝටලේ
තියෙන්නේ. ප්‍රාදේශිය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරපු මේ ගොඩනැගිල්ල හොඳට
හුළං එන විදිහට Open spaces තියලා තමයි හදලා තියෙන්නේ. එලියේ වැරැන්ඩා එකට
ආපු ගමන් මුහුද පේන විදිහට හදලා තියෙන මේ හෝටලේ නිරන්තරයෙන් මොණරු ගැවසෙන
එක සාචාරකයින්ට අළුත් අත්දැකීමක් වෙනවා.
ඉන්ද්‍රාණිගේ අතින් උයන රසබර
ශ්‍රිලංකික ආහාර වර්ග ගණනාවක් මේ හෝටලේදී රස විඳින්න පුළුවන්. ඔබ එහි
නවාතැන්ගත්තොත් හැම උදෑසනක ඔබ වෙත එන සිසිර ( ඉන්ද්‍රාණි ගේ සැමියා – ඔහු
තමයි භාරකරු) ඔබෙන් අහනවා “මොනවද කෑමට අවශ්‍ය ? ” කියලා. ඊට පස්සේ ඇණවුම්
කරපු දේවල් අඩුවක් නැතුව මේසෙට එනවා. ගොඩක් පළතුරු සහ එළවළු ඔවුන් වවන්නේ
මේ භූමියේම තමයි.බොහෝ වෙලාවට දෛනික අවශ්‍යතා වලට ගන්නේ මේ පළතුරු සහ එළවළු
තමයි.
අක්කර 6ක් පුරා විහිදුන පැරණි පොල්
වත්තක තමයි මේ හෝටලේ තියෙන්නේ.ගොඩාක් වෙලවාට ඉන්ද්‍රාණි කුස්සියට අවශ්‍ය
පොල් හොයා ගන්නේත් මේ තවත් ඉතුරුවෙලා තියෙන පොල් ගස් කිහිපයෙන්.
මුහුදට යාබදව තියෙන මේ හෝටලේ මුහුදු අයිනේ
සකස් කරලා තියෙන වාඩිය සංචාරකයින්ට අළුත් අත්දැකීමක් එකතු කරනවා. අව්
රශ්මිය වැඩි නම් ඒ වාඩියට වෙලා ටිකක් විවේකිව ඉන්න අවස්ථාව සලසලා දීලා
තියෙනවා.
Wednesday, August 2, 2017
පෘථිවිය සෙලවූ ආකිමිඩීස්
පෘථිවිය සෙලවූ ආකිමිඩීස්
පුනරුදය සමයට පෙර ලොව වුසූ ශ්‍රේෂ්ටතම
ගණිතඥයා ලෙස සැලකිය හැකි ආකිමිඩීස්, සිසිලි දූපතේ පිහිටි සයිරකියුස් යන
ස්ථානයේ උපන්නේ ය. ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ශාස්ත්‍රෝද්ග්‍රහණයේ ජගත්
මධ්‍යස්ථානයක් ලෙස පැවති ස්වර්ණමය යුගයේ දී ආකිමිඩීස් සැමෝස්හි කොනන් යටතේ
ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාලයේ දී විද්‍යාව හැදෑරී ය. ගණිත විද්‍යාවේ
මූලික තැනුම් ඒකකයන් වන වෘත්ත, කේතු, සිලින්ඩර, පරාවල, තල සහ ගෝලයන්හි
ජ්‍යාමිතියට අදාළ මූලික ප්‍රමේයයයන් නිර්මාණය කිරීම සඳහා ඔහු පුරෝගාමී විය.
තාරකා විද්‍යාව හැදාරූ ආකිමිඩීස්, අහසේ ගෝලාකාර හා ත්‍රිමාණ සිතියමක් නිර්මාණය කෙළේ ය. එසේ ම මූලික යන්ත්‍රයන් වන ලීවරය, කප්පිය හා ඉස්කුරුප්පුව වැනි මූලික යන්ත්‍ර ගැන පෘථුල ලෙස ලියමින් හේ භෞතික විද්‍යා ක්‍ෂෙත්‍රයේ පුරෝගාමී කටයුතු රාශියකට මුල පිරුවේ ය. ලීවරය භාවිතා කිරීම පිලිබඳව ඔහු ගේ අධ්‍යයනය කෙතරම් සාර්ථක වුයේ ද යත් වරක් ඔහු පාරට්ටු කෙළේ “මට සිටගෙන සිටින්නට තැනක් දෙන්න, එවිට මම, (ලීවරයකින්) පෘථිවිය සොලවන්නම්” යනුවෙනි.
ආකිමිඩීස් ගේ යාන්ත්‍රික සොයාගැනීම් අතරින් වැදගත් ම උපකරණය වන්නේ ‘ආකිමිඩීස් ඉස්කුරුප්පුව’ යි. ඇළ දොළ ආදී ජල ප්‍රවාහයන්හි සිට ඉහළ මට්ටමක පිහිටි කෘෂිකාර්මික දිය අගල් වෙත ජලය පොම්ප කිරීම සඳහා සැකසූ භ්‍රමණය වන පොම්පයක් වශයෙන් මෙය නිර්මාණය කරන ලදි. නොගැඹුරු කෝණයකින් යුතුව ජලයේ ගිල් වූ මෙම ඉස්කුරුප්පුවේ ඕනෑ ම පොටක පහළ දාරය ඊට පහළින් තුබූ පොටෙහි ඉහළ දාරයට පහළින් පිහිටන සේ සකසා තිබිණ. ඉස්කුරුප්පුවේ දණ්ඩ, අක්ෂය වටා භ්‍රමණය වන විට ඉස්කුරුප්පු පොට ජලය තුළට ගමන් කොට සර්පිලාකාර ව ජලය ඉහළට රැගෙන විත් ඉස්කුරුප්පුව මුදුණින් මුදා හරින ලදි.
තරලයන්ගේ ගතිකය පිලිබඳ අධ්‍යයනයක් සේ සැලකෙන ද්‍රවස්තිථි විද්‍යාවේ ද (Hydrostatics) නිර්මාතෘ වූයේ ආකිමිඩීස් ය. වරක් ජල ඔරුවක ස්නානය කරමින් සිටිය දී හේ ‘විස්ථාපනය’ පිලිබඳ මූලධර්මය සොයා ගත්තේ ය. එමඟින් කියවෙන්නේ, ද්‍රවයක් තුළ බහාලන ලද ඝන වස්තුවක බර, එමගින් විස්ථාපනය වන ද්‍රවයේ බරට සමාන ප්‍රමාණයකින් අඩු වන බව යි.
ක්‍රි. පූ. 214 දී රෝමන්වරු සයිරකුස්වලට පහර දෙන විට ආකිමිඩීස් ඉතා ප්‍රයෝජනවත් යුද උපකරණ රාශියක් සැළසුම් කෙළේ ය. දිගු දුර විදිය හැකි කැටපෝල සහ හිරු එළිය උපයෝගී කරගෙන රෝම නැව් ගිනි තැබිය හැකි කණ්නාඩි ද ඔහු සැලසුම් කෙළේ ය. වසර දෙකකට පසු රෝමන්වරු නගරය ආක්‍රමණය කළ විට, ආකිමිඩීස් හට කිසිදු හිංසාවක් නොකොට රැක ගැනීමට නියෝග කරන ලදි. කෙසේ වුවත් දිනක් ආකිමිඩීස් වැල්ලේ කෝටු කැබැල්ලකින් අඳිමින් කිසියම් ගණිත ගැටලුවක් විසඳීමට උත්සාහ කරමින් සිටියදී, එයට බාධා කළ රෝමානු පාබල හේවායකුට බැණ වැදුණේ ය. ඉන් කිපුණ හේවායා විසින් මේ ශ්‍රේෂ්ට මිනිසා එතැන ම මරා දමන ලද බව සඳහන්වේ. මෙම සිදුවීම ගැන ඇසූ මාර්සෙලස් නම් රෝම ජනරාල් වරයා විසින් මේ ගණිතඥයාට ගෞරව පිණිස සොහොන් ගැබක් ඉදි කරන ලදි.

Monday, July 31, 2017
සුන්දරත්වය විදින්න HUNNAS FALL හූනස් ඇල්ල
සුන්දරත්වය විදින්න HUNNAS FALL
හූනස් ඇල්ල
අද අපි සිව්දිග සක්වල තූලින් කතා කරන්න යන්නේ hunnas fall . මහනුවර වත්තේගම පාරෙන් ඇල්කඩුව පාර දිගේ ගිහින් මේ අපූරු දිය ඇලි කොමළිය දැකබලා ගන්න පුළුවන්. විදේශිකයන්ගේ නෙත් පැහැර ගැනීමෙහිලා නම් මේ දිය ඇල්ලට තියෙන්නේ සුවිශේෂි හැකියාවක්. දේශීය සංචාරකයන් ට වඩා විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගෙන ඇති hunnas fall නම් දිය ඇල්ල ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් එහි අසලටම යෑමේ හැකියාව උදා වෙනවා. දෙපැත්තේ වැටුණු කුඩා ගස් ගල්පර අස්සෙන් දිය ඇල්ල ළඟටම සේන්දු වෙන්න පටු පාරක් වැටී තියෙනවා. මෙම දිය ඇල්ල ළඟටම ගිහින් පල්ලෙහා බලද්දී පුංචි පුංචි කුටි කිහිපයක් දක්නට ලැබෙනවා. කට්ටිය ටි්‍රප් ආවම සිංදුවක් කියලා ඩාන්ස් කරලා යන්න තමයි ඒ කුටි හදලා තියෙන්නේ. hunnas fall නම් දිය ඇල්ල බලන්න යන අය එතෙන්ට ගිහින් විනෝද වෙලා යන්නම් අමතක කරන් නෑ. ඒ කුටි ඇතුලේ ඉදන් බලද්දිත් හරි අපූරුවට අහස මුදුනින් වැටෙන ඇල්ලක් මෙන් මෙම දිය ඇල්ල දිස්වෙනවා.
hunnas fall නම් දිය ඇල්ල මීටර් හතලිස් අටක් පමණ උසයි. මුහුදු මට්ටමින් බැලුවම මීටර් 1765 ක උසකින් තමා මේ සුන්දර දියඇල්ල පිහිටලා තියෙන්නේ. දුර්ලභ හා ශ්‍රි ලංකාවට ආවේණික ශාක විශේස කිහිපයක්ම hunnas fall දිය ඇල්ල ආසන්නයේ පිහිටලා තියෙනවා. තවද මේ ආසන්නයේ පුංචි වනාන්තරයක් තියෙනවා. ලංකාවට ආවේණක ඕකිඞ් විශේෂ ගණනාවක්ම ඒ සාර භූමියේ උප්පත්තිය ලබලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලේසියෙන් ඇස් ඉස්සරහට හමු නොවන සත්ත්ව විශේෂත් ඒ බිම වාස භූමිය කරගෙන ඉන්නවා. හැබැයි ඒ සත්තු දිවා කාළයට නම් වනපෙතෙන් එළියට එනවා බොහොම අඩුයි. hunnas fall දිය ඇල්ල බලන්න එන සමහර අය නම් දියඇල්ල පාමුලට ගිහින් නාන්න අමතක කරන්නේ නම් නෑ. hunnas fall හෝටලයේ නවාතැන් ගන්න ඕනිනම් ඒකත් තියෙන්නේ දියඇල්ල ළඟමයි.
මහී කාන්තාවගේ සුන්දර නිමැවුමක් වන මේ දියඇල්ල හෙට දවසේ ආකර්ශණිය සංචාරක නවාතැන්පොළක් කිරීමේ යුතුකම හා එය රැකගැනීම එහි සුන්දරත්වය නරඹන්න යන හැමදෙනාටම තියෙනවා.

Wednesday, July 26, 2017
ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය, පට්ටිපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1897.5 ක් උසින් එය පිහිටා ඇත. අඹේවෙල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත. කොළඹ සිට මෙම දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර් 223 කී. මෙම දුම්රිය ස්ථානය 1893 දී ආරම්භ කරන ලද්දකී.
1948 වන තුරුම ලංකාවේ උසින්ම පිහිටා තිබු
දුම්රිය ස්ථානය වුයේ කදපල දුම්රිය ස්ථානයයි. 1948 දී නුවරඑළිය දක්වා තිබු
එම දුම්රිය මාර්ගය ඉවත් කිරිමෙන් පසු පට්ටිපොල දුම්රිය ස්ථානය ලංකාවේ
උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය ලෙසට නම් කෙරිනි.
1951 දී පමණ පට්ටිපොල දුම්රිය ස්ථානයට ආසන්නයේ (ඔහිය දිශාවට) ඇති බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 18 දරණ බිංගය නිතර නිතර කඩා වැටීම නිසා බදුල්ල දක්වා දුම්රිය ධාවනය නිතර නිතර බධා පැමිණවීම නිසා බලධාරින් දුම්රිය මාර්ගය පට්ටිපොල දක්වා සීමා කිරිමට පියවර ගනු ලැබුහ. ඒ අවධිය වන විට දුම්රිය මාර්ගයේ වැඩි වශයෙන් භාවිතයට ගැනුනේ ගල් අගුරු තාප බලැති ඉංජින්ය. ඒ නිසා පට්ටිපොල දුම්රිය ස්ථානයේ ඉංජින් හැරවුම් පිඨීකාවක් (turning table) නොවු නිසා, ගල් අගුරු තාප බලැති ඉංජින් හැරවීම පහසුවන පරිදි ත්‍රිකොණාකාර දුම්රිය මාර්ගයක් මෙහි ඉදි කිරිමට කටයුතු යොදනු ලැබුහ. එම ත්‍රිකෝණාකාර දුම්රිය මාර්ගයේ නටඹුන් අදත් පට්ටිලපාල දුම්රිය ස්ථානයේදී දැක බලා ගත හැක. එසේම දුම්රිය ස්ථානයේ ගසක එල්ලා ඇති උෂ්ණත්වමානයක් සවීකර ඇත. මධ්‍යම පලාත් සභාවේ සහ දුම්රිය දෙපාර්තහම්න්තුවේ සහයෝගයෙන් පටත්වාගෙන එනු ලබන සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක්ද මෙහි ඇති වැදගත් ස්ථාන ලෙසට පෙන්වා දිය හැක.
Friday, July 14, 2017
කල්වාරි පාලමෙන් එගොඩ වී කල්වාරි පුදබිමට බැතිසිතින්
කල්වාරි පාලමෙන් එගොඩ වී කල්වාරි පුදබිමට බැතිසිතින්
ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම පුදබිමක් වන කල්වාරී පුදබිම ස්වර්ගස්ථ වු සිරිල් එදිරිසිංහ පියතුමන් මීට වසර 68 කට ඉහතදී නිර්මාණය කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතා මනරම් ප්‍රදේශයක් වන හිනිඳුම ග්‍රාමයේ පිහිටා තිබෙන මෙය අලු බදාදායින් ආරම්භ වන වතාරික සමය තුළ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වේ.

සියඑ මිනිසුන්ගේ පාපයේ වන්දිය ගෙවනු පිණිස ජේසුස් වහන්සේ සිය අපරිමිත කැපකිරීම කලේ ජෙරුසලමේ කල්වාරිය නොහොත් පුකපාල කඳු මුඳුනේය. උන් වහන්සේ දුක්ඛ ප්‍රාප්තියට ගෙන ගිය ආකාරය බයිබලයේ සඳහන් පරිදී එහි ප්‍රතිනිර්මාණය මෙහි කර තිබේ යැයි කියනු ලැබේ. මෙහි ඇති ප්‍රතිමා කතෝලික භක්තිකයෙකු පමණක් නොව ඕනැම ආගමික භක්තිකයෙකු වුව ද අතිශයින් සංවේදී කරන අයුරින් නිර්මාණය කොට තිබේ. අතිශය සංවේදී වු ද , හැඟීම්බර වු ද එහෙත් කළාත්මක අයුරින් වනගත පරිසරයක නිර්මිත මෙම කල්වාරිය තිබෙන්නේ තවලම හිනිදුම දේවස්ථානය ඉදිරිපිට කඳුගැටය ආශ්‍රිතවය. මෙම කල්වාරී දේවස්ථානය හා ඒ කුරුස කන්ද පිළිබඳ ව ඇත්තේ අපූරු කතන්දරයකි.
ගාල්ල නගරයේ සිට කිලෝමීටර 49 ක් පමණ දුර ගියවිට හිනිදුම ප්‍රදේශයේ මෙම පුදබිමට ළඟා විය හැකිය. මෙයට වසර 70 ක පමණ ඉපැරණි ඉතිහාසයක් ඇත. 1948 වසරේදී සිට මෙම පුදබිම සිරිල් එදිරිසිංහ පියතුමාත් සමඟ ඉතිහාසයට එකතු වී ඇත.
1948 වසරේ මහසිකුරාදා දවසට සතියකට පමණ පෙර සවසක පල්ලිය ඉදිරිපිට කන්දේ ගින්නක් හටගෙන ඇත. මෙය පල්ලියට අයත් බිම් කොටසක් බැවින් පියතුමා බැතිමතුන් සමඟ එක් වී මෙම ගින්න නිවීමට රාත්‍රිය පුරාම කටයුතු කොට ඇත. නමුත් පසුව දා උදෑසන කොළ පාටින් දිස් වූ කන්ද වෙනුවට දැවී ගිය අඟුරු පැහැති කන්දක් දක්නට ලැබී ඇත. ඒ අතරේ පියතුමා විසින් විශේෂ දෙයක් දැක තිබේ. එනම් කන්දේ ගිනිගත් ගස් අතර ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ආකාරයෙන් දිස්වීමයි. මෙය දුටු පියතුමා තවත් බැතිමතුන් සමඟ කන්ද නැඟ එසේ දිස්වුණූ ගස් තිබුණු තැන් ලී කුරුස වලින් සටහන් කර තිබේ.පසුව මෙම පියතුමා ඔහුට හමු වූ දක්ෂ බුදුපිළිම නෙළන්නෙක් ලවා එම සටහන් කල කුරුස ඇති ස්ථාන වල ජේසුස් වහන්සේගේ ජීවන චරිතයේ අවස්ථා නිර්මාණය කොය ඇත.
1958 දී මෙය ඩියෝසිසන් පුදබිම ලෙසින් නම්කර තිබේ. පුදබිම වන්දනාමාන කිරීමට කන්ද මුලින් ඇති ගිංගඟ හරහා ගොස් වන්දනා කරන්නට බැතිමතුන්ට සිදුවිය. වන්දනා කරන කාලයේදී ගඟ හරහා පාලමක් සෑදුව ද ගඟ පිටාර ගලන කාලයේදී එම පාලම විනාශ විය. පසුව 1994 දී බීඞ් සිල්වා පියතුමාගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් පාලමක් ඉදිකල අතර එය ද 2003 වසරේ බලපෑ ගංවතුරෙන් විනාශ විය. පසුකාලයේදී බොනිෆේස් පියතුමා විසින් වත්මනේ දක්නට ලැබෙන කල්වාරී පාලම සකස් කොට බැතිමතුන්ට කල්වාරී පුදබිම වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇත.
ඒ අනුව වර්තමානයේ ඉතා සුප්‍රසිද්ධ හා ඓතිහාසික පුදබිමක් ලෙසට කල්වාරි පුදබිම හැදන්විය හැකිය.
Saturday, June 24, 2017
සුන්දරත්වය ඔප් නංවන බදුල්ලේ දියඇලි..
දුන්හිද ඇල්ල
රාවණා ඇල්ල
දියලුම ඇල්ල
බඹරකන්ද ඇල්ල
ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම සුන්දර දිය ඇල්ල බදුල්ල නගරයේ සිට කිලෝමීටර 5 ක් පමණ දුරින් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ සුන්දරම දිය ඇලිවලින් එකක් ලෙස සලකන දුන්හිද ඇල්ල මීටර් 63 ක් පමණ උසින් යුක්තය. සිහින් දුමාරයක් සහිතව ඇදහැලෙන නිසාම දුන්හිද ලෙස හදුන්වන මෙම දිය ඇල්ල නිර්මාණය වන්නේ හෙට්ටිපොල කදුවැටියෙන් ගලාහැලෙන බදුලු නගරය හරහා ගලායන බදුලු ඔය මගිනි.
දුන්හිද ඇල්ල හා බැදුණු ජනප්‍රවාද රැසක් පවතී. ඇල්ල අසල ජීවත් වන ජනතාව වසරකට වරක් බක් මහේ අග බාගයේදී ගලේ බණ්ඩාර දෙවියන්ට පූජා පැවැත්වීමට පුරුදුවී සිටිති.
සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිද ඇල්ල නරඹීම නම් එතරම් පහසු වන්නේ නැත. කිලෝමීටරයක් පමණ දුරක් ගෙවා දමමින් පාගමනින්ම තරමක් අපහසු මාර්ගයක් ඔස්සේ ඇල්ල අසලට ගමන් කලයුතුය. දුන්හිද ඇල්ලට ගමන් අරබා ටික දුරක් ගෙවා දැමූ පසු ඈතින් පිහිටි තවත් කුඩා දිය ඇල්ලක් දැක ගත හැකි අතර මෙම දිය ඇල්ල කුඩා දුන්හිද ඇල්ල ලෙස හදුන්වයි.
කොතරම් දුරක් ගෙවා දමා අපහසු මාර්ගයක් ඔස්සේ ගමන් කලද දිය ඇල්ල අසලට ගමන් කළවිට ගමන් වෙහෙස නොදැනෙන්නේ දිය ඇල්ලේ සුන්දරත්වය නිසාමය. දුන්හිද ඇල්ල කරා පිය මනින අතර තුරදී මාර්ගය දෙපස බෙලිමල් හා හකුරු වීදුරුවක රස බැලීමද බොහෝ සංචාරකයන් අමතක නොකරයි.
දුන්හිද ඇල්ල අසල නරඹන්නන්ගේ අරක්ෂාවට ඉදිකර ඇති ආරක්ෂක වැට අසලින් දකුණු පසින් පහලට බැස යාමට තරමක අපහසු කුඩා අඩි පාරක් ඇත. මෙම අඩි පාර ඔස්සේ ගමන් කර පහලට බැස දිය ඇල්ලේ සැබෑම සුන්දරත්වය දැක ගත හැකිය.
රාවණා ඇල්ල
සුන්දරත්වයෙන් පරිපූර්ණ රාවණා ඇල් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරනවිට හමුවන සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා සබැදි පුරාවෘත්ත රාශියකුත් ඇත එයින් රාවණා රජු සම්බන්ද කතා පුවත් රැසකි. වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම - රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබද ඕනෑ තරම් ජනප්රවාද අප අසා ඇත සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්‍රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය මෙම විහාරය කි පු 2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක මෙම රාවණා ගුහාවල රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ
දියලුම ඇල්ල
ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතරල උස අනූව තුන්වන ස්ථානය ගනී මීටර 171 කි එය උස අනූව එය ලෝකයේ 361 වන ස්ථානයේ පසුවෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනාගල ඔයෙනි
ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය බ්‍රොහියර් ට අනූවල දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී 2003 ජූලි මස 26 වැනි දිනදී බඹරකන්ද ඇල්ල තරණය කලල දමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය
බඹරකන්ද ඇල්ල
මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දියඇල්ලයිඋස මීටර් 265කිග බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇතග කොළඹ - බණ්ඩාරවෙළ පාරේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත
බඹරකන්ද ලංකාවේ උසම දිය ඇල්ල පමණක් නොවෙයි සුන්දරම දිය ඇලි වලින් පළමු ස්ථානය ගනී බඹරකන්ද ඉතාමත් පහසුවෙන් වාහනයකින් ආසන්නයටම ලගාවිය හැකි නිසා දැන් දැන් බොහෝ දෙනාගේ ප්‍රිය මනාප ස්ථානයක් බඹරකන්ද දිය ඇල්ලට බඹරකැලේ ඇල්ල කියලාත් කියයි
වීරකෝන්ගම තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වුනාට එය සබරගමුව දිස්ත්‍රික්කයේ මායිමටත් ඉතාමත් ආසන්නයි බලංගොඩ පඹහීන්නේ සිට බෙරගල ට යනකොට පාරේ වම් අත පැත්තේ දැවැන්ත කදු ශිඛර ගණනාවක් ඇත නන්පේරියල්වත්ත හිරිගඩු ඔය ඉදල්ගස්හීන්න හපුතලේ වගේ ලංකාවේ සුන්දරම තැන්වලට මේ මාර්ගයේ සිට ගමන් කරන්න පුළුවන්ග
බඹරකන්ද දිය ඇල්ල නිර්මාණය වෙන්නේ වළවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔය නිසයි වීරකෝන්ගම ලංකාවේ සාම්ප්‍රදායික ගමක්ග එළවළු වගාවෙන් විතරයක් නොවෙයි කන්න ක්‍රමයක් නැතිව වුනත් වී වගා කරන්න තරම් වතුර තියෙන ප්‍රදේශයක් ඒ නිසාම බත බුලතින් ස්වයංපෝෂිතයි නිදහසින් පස්සේ යුගයක මේ කලාපයේ ෆයින් ගස් වගා කර අ ඒ නිසා දැන් බඹරකන්ද තියෙන්නේ ෆයින් වගාවත් මැදය නමුත් ඒ දක්වා යන මාර්ගය අතිශයින් සුන්දර වගා බිම් මතින් වැටී ඇත දිය නාන්න ඉතාමත් සුදුසු තැන් ගණනාවක් මේ මාර්ගයේ වැටී ඇත ලංකාවේ ඉතාමත් පිරිසිදු ජලය මේ ගංගා ඇළ දොළ දිගේ ගලා හැලේ
බඹරකන්ද මුදුනේ තවත් පුංචි දිය ඇල්ලක් ඇත එතැන ඉතාමත් අපූරු කණ්ඩියක් සහිතව තිබෙන ඇල්ල හදුන්වන්නේ ලංකා ඇල්ල‘ නමින්ය ඒ දිය ඇල්ලෙන් වැටෙන වතුර රැගෙන බේසමක් වැනි ස්ථානය ලංකාවේ හැඩය ගන්නා නිසයි වීරකෝන්ගම හරහා බඔරකන්ද මුදුනේ දිය ඇල්ලට යන්න පුළුවන් ඉතාමත් සුන්දර තරමක් දුෂ්කර ගමනක් කියන්න තරම් අනාරක්ෂිත බවක් නැති නිසාම මේ ස්ථානයට දැන් දැන් සැලකිය යුතු තරුණ තරුණියන් පිරිසක් පා ගමනින් පැමිණේ
ඌව පළාත් සභාව ඇල්ල බලන්නට එන අයගෙන් සුළු මුදලක් අය කරයි ඇල්ල දක්වා යන මාර්ගය නඩත්තු කරන්නට වගේම පිරිසිදු කරන්නටත් එමගින් දායකත්වයක් ලබා ගනී දැන් මේ ස්ථානයේ ස්ථාවර නැරඹුම් මධ්‍යස්ථානයක් ඇත පඩිපෙළක් සාදා තිබෙන නිසා වැඩිහිටියන්ට වුනත් පහසුවෙන්ම මෙම ස්ථානයට විය හැක
පරිසරය ආශ්‍රීතව සංචාරයේ යෙදන පුද්ගලයින්ට බොහෝ විට ලැබෙන උපදෙසක් තමයි මතකයන් සහ පා සලකුණු පමණක් ඉතිරි කර ගන්න කියන එක. නමුත් බඔරක්නද ඇල්ලේ කථාව එයට තරමක් වෙනස්. ඔබට පුළුවන් ඒ අතර මාර්ගයේ දී සීතල වතුරෙන් නාගන්න. බඹරකන්ද ඇල්ලේ වතුර වැටෙන
ස්ථානය හැර එතැනින් මදක් ඈතින් වුනත් නාන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා ගේ කැමැත්ත ඒ අසල තිබෙන ගල් තල අතරින් සුදු පෙණ කැටි නගමින් ගලා බසින දිය දහර අතරේ ගත වෙහෙස නිවා ගැනීමයි.
Sunday, June 18, 2017
adisham bangalow - haputhale එංගලන්ත තාක්ෂණයෙන් උපන් හපුතලේ ඇඩිෂම් මන්දිරය
එංගලන්ත තාක්ෂණයෙන් උපන් හපුතලේ ඇඩිෂම් මන්දිරය
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හපුතලේ - වැලිමඩ මාර්ගයේ කිලෝ මීටර් 3 ක් ගමන් කිරීමෙන් අනතුරුව තංගමලේ අභයභූමිය පිහිටි ප්‍රදේශයේ මෙම මන්දිරය පිහිටා ඇත. මේ සඳහා තංගමලේ අභයභූමියේ ගෝල්ඩන් හිල්ස් නමැති මුහුදු මට්ටමෙන් අඩි 5000 ක් පමණ උස අඩවිය තෝරාගෙන ඇත.
ඉංග්‍රීසි ජාතික සර් ලෙස්ටර් තෝමස් විලර්ස් ස්කොට්ලන්තයේ කෙනට් ප්‍රාන්තයේ ඇඩිෂම් නම් ග්‍රාමයේ ජීවත් වූ පුද්ගලයෙකි. 1887 දී ලංකාවට පැමිණි මොහු මෙම මන්දිරය ඉදිකොට තම උපන් ගම සිහිවනු වස් මෙම මන්දිරයට ඇඩිෂම් යැයි නම දමා ඇත.
1927 වසරේදී මෙම මන්දිරය සෑදීමට මුල්ගල් තබා ඇති අතර 1931 වන විට මෙය සාදා නිමකර ඇත. මෙය ඉදිකිරීම සඳහා ඉංජිනේරුවන් ගෙන්වා ඇත්තේ එංගලන්තයෙනි. උතුරු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ඇත. මෙම මාළිඟය ගොඩනැගීමට අවශ්‍ය ඔපමට්ටම් කල කළුගල් ගෙන්වා ඇත්තේ ද එංගලන්තයෙනි. මෙහි වහලය බුරුම තේක්ක ලී වලින් සෑදු විශේෂිත උළු වර්ගයකින් නිර්මිතය. මන්දිරයේ පියගැටපෙළ සාදා ඇත්තේ එංගලන්තයේ බකිම්හැම් මාළිගයේ පියගැටපෙළට සමානවය. ඒ සඳහා “ ඕක් ” නමැති දැව වර්ගය ගෙන්වා ඇත්තේ ද එංගලන්තයෙනි. තව ද මන්දිරයට අවශ්‍ය සියඑම බුමුතුරුණු හා කාපට් වර්ග ගෙන්වා ඇත්තේ පර්සියාවෙනි. මෙම මන්දිරයේ ඇති පෞරාණික සෝෆා පුටු ඔටු හමෙන් නිර්මාණය කොට ඇත. මෙහි ආරම්භක කාල සීමාවේදීම තැන්පත් කරන ලඳ පෞරාණික ලී බඩු මෙන්ම ගෘහ භාණ්ඩ බුරුම තේක්ක ලී වලින් නිෂ්පාදනය කොට ඇත.
මෙම මන්දිරයේ ඇති සුළං කවුඑ තුළින් හමන සුළඟ විශේෂිත නළ මඟින් ගමන් කරවා මන්දිරයේ ගිනි උඳුන් වෙත යවා ඒ වායුධාරා මඟින් මන්දිරයේ කාමර උණුසුම් කරන දියුණු ක්‍රමවේදයක් මෙහි තාක්ෂණය හා දක්නට ලැබීම සුවිශේෂි කාරණයකි.
අක්කර 10 ක විශාල භූමියක් පුරා ටියුඩර් නම් කළා ශිල්ප ක්‍රමයට අනුව මෙම මන්දිරය නිර්මාණය කොට ඇත. ඊට අමතරව න්‍්ජදඉැ්බ යන ශෛලියට අනුව ද මෙහි ශිල්පීය ලක්ෂණ දක්නට ලැබීම විශේෂත්වයකි. ඍග ඊදදඑය හා ත්‍ග උැඉිඑැර යන ගෘහ නිර්මාණ ශිල්පින් මෙම මන්දිරය ඉදිකිරීමේ පුරෝගාමීහු වේ. කඑගල් බිත්ති , දිගපටු මහා සෑය කෙන්ට් ලීඞ්ස් කාසල් නමැති රේඛා මත ටියුඩර් ශෛලිය අපූරුවට හසුරුවා ඇත.
මෙම ගල් මන්දිරයේ ඇති තවත් සුවිශේෂි පෞරාණික වස්තුවක් වන්නේ බොයිලේරුව හා බොයිලේරුව ඇති කාමරයයි. ඉහළ කඳු මුදුනේ සිට පයිප්ප මඟින් පොම්ප කරන ජලය ඉහළ මාලයට පවා ගෙන යනු ලබන්නේ මෙම පයිප්ප සම්බන්ධ කර ඇති සුවිශේෂි ශිල්ප ක්‍රමයට අනුවය.
ඇඩිෂම් මන්දිරයේ ඇති තවත් පෞරාණික මෙන්ම සුවිශේෂි අංගයක් ලෙස තෝමස් විලස් මහතාගේ රුව සහිත සුවිශේෂි සිතුවම දැක්විය හැක. සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන ඬේවිඞ් පේන නම් සිතුවම්කරු විසින් මෙය සිතුවම් කොට ඇත. ලොව ප්‍රකට චිත්‍රයක් වන ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රයට මෙම තෝමස් සිතුවම කිසියම් වූ සමාන කමක් දක්වයි. නමුත් මොනාලිසා චිත්‍රයේ මෙන් දෑස් පමණක් නොව මුළු සිරුරම නරඹන්නන් දෙසට හැරීම විශේෂත්වය වේ. මෙවැනි සිතුවම් 16 ක් පමණ මෙම මන්දිරයේ සංරක්ෂිතව තැන්පත් කර තිබීම ද විශේෂත්වයකි. තව ද තෝමස් මහතාගේ ආර්යාව විසින් සිතුවම් කරන ලඳ සිතුවම් විවෘත සාලයේ මහජනතාව සඳහා ප්‍රදර්ශනය කොට තිබීම දක්නට ලැබේ. ඊට අමතරව මෙම මන්දිරයේ සිවිලිමේ කැටයම් සඳහා වික්ටෝරියානු යුගයේ ආභාෂය ලැබී ඇත.
ඇඩිෂම් මන්දිරය කාමර අංක සියයකට ආසන්න ප්‍රමාණයකින් සමන්විතය. සර් තෝමස් විලර්ස් මහතා රැඳී සිටි කාමරය blue room හෙවත් නිල් කාමරය ලෙසින් හදුන්වනු ලැබේ. මෙම කාමරය සෑදීමට පෙදරේරුවන් ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. මේ වන විට මෙම කාමරය සංරක්ෂිතව පවතින බැවින් නරඹන්නන්ට විවෘත නොවේ. අශ්ව සපත්තු කාමරය ද මෙලෙස ඉඩ පහසුකම් සහිතව සුඛෝපභෝගි ආකාරයෙන් නිර්මිත කාමරයකි. කල් පැවැත්ම ඇති ගෘහ භාණ්ඩ , බුමුතුරුණු , පෝසිලේන් , රිදී හා තඹ වර්ග මෙන්ම වීදුරු වර්ග ද මෙතුල දක්නට ලැබෙන අතර ඒවා ආනයනය කර ඇත්තේ ද ඉන්දියාවෙනි.
මෙම මන්දිරයේ ඇති පුස්තකාලය ද සුවිශේෂි හා පෞරාණික වස්තුවක් වේ. එහි ඇති ඉපැරණි ග්‍රන්ථයෙන් කබඩි වල සංරක්ෂණය කොට ඇත. පුස්තකාලයට ඇතුළු වන දොර ගල් පුවරුවකින් ආරක්ෂිත අතර අපුර්ව කළුගල් කැටයමකින් එය නිර්මිතය. ඇඩිෂම් මන්දිරයට ඇතුළු විමට ඇති පෞරාණික පතාක ජෝර්ජියානු ගේට්ටුව ද මෙම මන්දිරයේ තේජස තව තවත් ඔප් නංවයි.
ඊට අමතරව මෙම මන්දිරයේ ඇති සුවිශේෂි කරුණු කිහිපයකි. පැහැදිලි දිනයන් හී දී තොටලාඟල , පිදුරුතලාගල , නමුණුකුල ආදී කඳු වළලු මෙන්ම දියතලාව යුධ හමුදා කඳවුර , ඉදල්ගස්හින්න , උඩුපුස්සැල්ලාව ආදි ප්‍රදේශ ද දැකබලා ගත හැකිවීම විශේෂත්වයකි.
1961 දි මෙම මන්දිරය රෝමානු කතෝලික සභාව විසින් මිල දි ගත් අතර වර්තමානයේ මෙය සෙන් බෙනඩික්ස් කන්‍යාරාමය ලෙසද හදුන්වනු ලැබේ. කිතුනු බැතිමතුන් සඳහා දේව මෙහෙය පැවැත්වීම ද දක්නට ලැබේ. ඊට අමතරව මෙය නැරඹීමට අවසර ලබා ගත හැක්කේ සති අන්තයේ නිවාඩු දිනවල හා රජයේ නිවාඩු දිනවල පමණි.
මෙම මන්දිරයේ පිටත උද්‍යානය මල් , පළතුරු ආදියෙන් අලංකාර කොට ඇත. විවිධ වර්ගයේ ඕකිඩි වර්ග , රෝස වර්ග ආදී මල් වර්ග වලින් ද විදේශිය පළතුරු වන ඇපල් , මිදි , ස්ට්‍රෝබෙරි ආදි පළතුරු ගස් වලින් ද පිටත උද්‍යානයේ අලංකාරය ගොඩනංවා ඇත.
වර්තමානය වන විට මෙම මන්දිරයේ සැප පහසු නිවාඩු ගත කිරීමට නවාතැන් පහසුකම් ලබා දීම මෙන්ම මංගල ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ද සුවිශේෂි කාරණා වේ.
ඒ අනුව ඇඩිෂම් මන්දිරයේ ඇති සුවිශේෂීත්වය මෙන්ම පෞරාණික වටිනාකම අනුව මෙය අප මාතෘ භූමියේ ඇති විශිෂ්ඨ නිර්මාණයක් බවට පැහැදිලි වේ.
Subscribe to:
Posts (Atom)