Tuesday, June 13, 2017

කොස් ගස හෙවත් බත් ගස
















කොස් ගස හෙවත් බත් ගස 


කොස් ගස හෙවත් බත් ගස

කොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි. කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. 


කොස් ගස යන නාමය පැමිණ ඇත්තේ "ජැකා" (jaca) යන පෘතුග්‍රීසි වචනයෙන් වන අතර එම පෘතුග්‍රීසි වචනයට පාදක වී ඇත්තේ මලයාලම් භාෂාවේ එන "චක්ක" (chakka) යන භාෂිතයයි. පෘතුග්‍රීසින් පළමු වරට ඉන්දියාවට පැමිණියේ 1498 දීය. ඔවුන් ඉන්දියාවේ කොළ්හිකොද් (කැලිකට්) හි පිහිටි මලබාර් (Malabar) වෙරළට ගොඩ බසින ලදී. මෙම "චක්ක" යන මලයාලම් නාමය ප්‍රථම වරට සදහන් වෙන්නේ, හෙන්ද්‍රික් වන ර්හීඩ් ( Hendrik van Rheede) (1678-1703) විසින් ලියන ලද හොර්ටුස් මලබරිචු (Hortus Malabaricus) යන ලතින් පොතේය. පසුව මෙය හෙන්ර්ය් යුලේ (Henry Yule) විසින් "The Wonders of the East " ලෙස පරිවර්තනය කරන ලදී. කොස් යනු බංගලාදේශයේ ජාතික පලතුරද වේ. තවද, කොස් ගස අප්‍රිකානු ප්‍රදේශ වලින්ද හමු වී තිබේ. මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබයි.


‍මෙහි ඉංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්" (Jackfruit)ය. භෞතවෛද්‍යුවරයකු සහ ස්වභාව විද්‍යාඥයකු වූ Garcia de Orta විසින් 1563 රචිත "Colóquios dos simples e drogas da India" පොතේද, මෙම නාමය භාවිතා කර තිබේ. උද්භිද විද්‍යාඥයකු වූ රැල්ෆ් රන්ද්ලෙස් ස්ටේවර්ට් (Ralph Randles Stewart) ගේ අදහස වන්නේ ස්කොට්ලන්ජාතික උද්භිද විද්‍යාඥයකු වූ බෙංගාල, සුමාත්‍රා සහ මලයාසි හි පිහිටි ඊස්ට් ඉන්දියා ආයතනයේ සේවයේ නිරත වූ විලියම් ජැක් (William Jack) (1795-1822) මෙම නාමය සදහා මුල් වූ බවයි. නමුත්, මෙම විලියම් ජැක් ඉපදීමට පෙර සිටම මෙම "ජැක්" යන නාමය යොදා ගත් බවට නිදසුන් පවතී. 1699 දී Dampier විසින් රචිත "A new voyage round the world" පොත එයට කදිම නිදසුනකි.


බෙන්ගාලි හෝ බංගලා: කතල්
කැරිබියෙන්: කටහර්
චීනය: බෝලුඔමි
හින්දි: කතල්
ලුගන්ඩ: ෆෙනේ
මලයාලම්: චක්ක
මරති: ඵනස්
නේපාලය: කටහර්
සිංහල: කොස් | හෙරලි
දෙමල: පල

කොස් යනු ඉන්දියානු කෘෂිකර්මාන්තය තුල ශතවර්ෂ ගණනාවක්පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ දෙයකි. පුරාවිද්‍යායාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුල අවුරුදු 3000-6000 පෙර සිටම මෙම වගාව සිදුකර තිබේ. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්‍යවාදියකු වූ අශෝක රජතුමාගේ කාලයේ උයන් වතු සැදීමේදී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගසද වූ බව පෙනේ. ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු සහ නක්ෂත්‍රඥයකු වූ වරහමිහිරා (Varahamihira) විසින් රචිත "Brhat Samhita" ග්‍රථයේද මෙම ගස ගැන සදහන් වී තිබේ 


එමෙන්ම, මෙම ගස අවුරුදු 35-40 පමණ වූ විට එහි ලීය ගෘහභාණ්ඩ සැදීමට යොදා ගත හැකිය. මෙම ගසේ ඇති දියරය භාජන වල කුඩා සිදුරු වැසීමට යොදා ගන්නා ආලේපනයක්ද වේ. ඉන්දියානු කේරල ප්‍රදේශයේ කළු ගම්මිරිස් වැල් වලට ආධාරකයක් වශයෙන්ද ගොවියන් කොස් ගස ප්‍රයෝජනයට ගනී. එබැවින් කේරල ප්‍රදේශයේ බහුලව කළු ගම්මිරිස් වැල් වලින් වැසී ගිය කොස් ගස් දකින්නට ලැබේ.

බ්‍රසීලයේ කොස් ගස ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම "Rio de Janeiro" හි ටිජුකා ෆොරස්ට් (Tijuca Forest) ජාතික උද්‍යානයෙන් මෙම කොස් ගස් ඉවත් කිරීමටද යෙදිනි. ටිජුකා ෆොරස්ට් යනු 19 ශතවර්ෂයේ මැද භාගයේ රුක් රෝපණය ආරම්භ කල කෘතීම දිවිතීක වනාන්තරයකි. මුල් කාලයේදී කොස් ගසද මෙම වනාන්තරය තුල දකින්නට ලැබුණු අතර පසුව උද්‍යාන කළමනාකරණ මණ්ඩලය මෙම ගස් ඉවත් කිරීමට යෝජනා කරන ලදී. මෙම තීරණයට හේතුව වුවේ කොස් ගස් විශාල වශයෙන් එම වනය පුරා පැතිරයාමත්, එම කොස් ගස් වල ඵලයන්ට ආස කරන ඇතැම් ක්ෂීරපායී සතුන් නිසා දේශීය කුරුල්ලන්ට ඇති වූ තර්ජනයන්ය. මෙම නිසා 2002 සිට 2007 දක්වා වූ කාලසීමාව තුල කොස් ගස් 55,662 කපා විනාශ කිරීමට උද්‍යාන බලධාරීහු පියවර ගත්තාහුය.

උපන් රටෙන් පිටතදීද අපට කොස් ඵලදාව දක්නට ලැබේ. ආසියානු ආහාර වෙළද පොළ තුලද, විශේෂයෙන්ම පිලිපීන වෙළද පොළ තුලද බහුලව කොස් ඵලදාව දකින්නට ලැබේ. බ්‍රසීලයේ මුහුදු බඩ ප්‍රදේශ වල බහුල වශයෙන් කොස් වගාව සිදු කරන අතර ඒවා බොහෝසෙයින් දේශීය වෙළද පොලට යොමු කෙරේ. කොස් ටින් කරන ලද සීනි සිරප් ලෙසද, ශීතකළ ටින් ලෙසද වෙළද පොලේ දකින්නට ලැබේ. වියලු කොස් කැබලි විවිධ නිෂ්පාදකවරු යටතේ වෙළද පොලේ පවතී.මීට අමතරව, උතුරු ඔස්ට්‍රලියාවේ ඩාවින්(Drawin) හි උණුසුම් සෘතුවේ එළිමහන් වෙළද පොළවල් වල බොහෝසෙයින් කොස් ඵල ආශ්‍රිත නිෂ්පාදන දක්නට ලැබේ.

කොස් ගසේ ලීය බොහෝ සෙයින් සංගීත භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගනී. ඉන්දුනීසියාවේ "ගමෙලේඅන්"(gamelean) වලට පිලිපීනයේ "කුටියපි"(kutiyapi) වලටත් මෙම කොස් ලීය යොදා ගනී. මීට අමතරව ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර"(Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පෝරුව සැදීමට ද යොදා ගන්නේ කොස් ලීයයි.කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගනී. මීට අමතරව, කොස් ගසේ අරටුව බෞද්ධ ආරණ්‍යවාසී භික්ෂුන්ගේ සිවුරු පාඩු ගැසීමට අවශ්‍ය ඩයි වර්ග නිපදවා ගැනීමටද යොදා ගනී.

 

 

No comments:

Post a Comment