Sunday, June 18, 2017

adisham bangalow - haputhale එංගලන්ත තාක්ෂණයෙන් උපන් හපුතලේ ඇඩිෂම් මන්දිරය




 එංගලන්ත තාක්ෂණයෙන් උපන් හපුතලේ ඇඩිෂම් මන්දිරය
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හපුතලේ  -  වැලිමඩ මාර්ගයේ කිලෝ මීටර් 3 ක් ගමන් කිරීමෙන් අනතුරුව තංගමලේ අභයභූමිය පිහිටි ප්‍රදේශයේ මෙම මන්දිරය පිහිටා ඇත. මේ සඳහා තංගමලේ අභයභූමියේ ගෝල්ඩන් හිල්ස් නමැති මුහුදු මට්ටමෙන් අඩි 5000 ක් පමණ උස අඩවිය තෝරාගෙන ඇත.

ඉංග්‍රීසි ජාතික සර් ලෙස්ටර් තෝමස් විලර්ස් ස්කොට්ලන්තයේ කෙනට් ප්‍රාන්තයේ ඇඩිෂම් නම් ග්‍රාමයේ ජීවත් වූ පුද්ගලයෙකි. 1887 දී ලංකාවට පැමිණි මොහු මෙම මන්දිරය ඉදිකොට තම උපන් ගම සිහිවනු වස් මෙම මන්දිරයට ඇඩිෂම් යැයි නම දමා ඇත.

1927 වසරේදී මෙම මන්දිරය සෑදීමට මුල්ගල් තබා ඇති අතර 1931 වන විට මෙය සාදා නිමකර ඇත. මෙය ඉදිකිරීම සඳහා ඉංජිනේරුවන් ගෙන්වා ඇත්තේ එංගලන්තයෙනි. උතුරු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ඇත. මෙම මාළිඟය ගොඩනැගීමට අවශ්‍ය ඔපමට්ටම් කල කළුගල් ගෙන්වා ඇත්තේ ද එංගලන්තයෙනි. මෙහි වහලය බුරුම තේක්ක ලී වලින් සෑදු විශේෂිත උළු වර්ගයකින් නිර්මිතය. මන්දිරයේ පියගැටපෙළ සාදා ඇත්තේ එංගලන්තයේ බකිම්හැම් මාළිගයේ පියගැටපෙළට සමානවය. ඒ සඳහා “ ඕක් ” නමැති දැව වර්ගය ගෙන්වා ඇත්තේ ද එංගලන්තයෙනි. තව ද මන්දිරයට අවශ්‍ය සියඑම බුමුතුරුණු හා කාපට් වර්ග ගෙන්වා ඇත්තේ පර්සියාවෙනි. මෙම මන්දිරයේ ඇති පෞරාණික සෝෆා පුටු ඔටු හමෙන් නිර්මාණය කොට ඇත. මෙහි ආරම්භක කාල සීමාවේදීම තැන්පත් කරන ලඳ පෞරාණික ලී බඩු මෙන්ම ගෘහ භාණ්ඩ  බුරුම තේක්ක ලී වලින් නිෂ්පාදනය කොට ඇත.




මෙම මන්දිරයේ ඇති සුළං කවුඑ තුළින් හමන සුළඟ විශේෂිත නළ මඟින් ගමන් කරවා මන්දිරයේ ගිනි උඳුන් වෙත යවා ඒ වායුධාරා මඟින් මන්දිරයේ කාමර උණුසුම් කරන දියුණු ක්‍රමවේදයක් මෙහි තාක්ෂණය හා දක්නට ලැබීම සුවිශේෂි කාරණයකි.

අක්කර 10 ක විශාල භූමියක් පුරා ටියුඩර් නම් කළා ශිල්ප ක්‍රමයට අනුව මෙම මන්දිරය නිර්මාණය කොට ඇත. ඊට අමතරව න්‍්ජදඉැ්බ යන ශෛලියට අනුව ද මෙහි ශිල්පීය ලක්ෂණ දක්නට ලැබීම විශේෂත්වයකි. ඍග ඊදදඑය හා ත්‍ග උැඉිඑැර යන ගෘහ නිර්මාණ ශිල්පින් මෙම මන්දිරය ඉදිකිරීමේ පුරෝගාමීහු වේ. කඑගල් බිත්ති , දිගපටු මහා සෑය කෙන්ට් ලීඞ්ස් කාසල් නමැති රේඛා මත ටියුඩර් ශෛලිය අපූරුවට හසුරුවා ඇත. 
මෙම ගල් මන්දිරයේ ඇති තවත් සුවිශේෂි පෞරාණික වස්තුවක් වන්නේ බොයිලේරුව හා බොයිලේරුව ඇති කාමරයයි. ඉහළ කඳු මුදුනේ සිට පයිප්ප මඟින් පොම්ප කරන ජලය ඉහළ මාලයට පවා ගෙන යනු ලබන්නේ මෙම පයිප්ප සම්බන්ධ කර ඇති සුවිශේෂි ශිල්ප ක්‍රමයට අනුවය.

ඇඩිෂම් මන්දිරයේ ඇති තවත් පෞරාණික මෙන්ම සුවිශේෂි අංගයක් ලෙස තෝමස් විලස් මහතාගේ රුව සහිත සුවිශේෂි සිතුවම දැක්විය හැක. සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන ඬේවිඞ් පේන නම් සිතුවම්කරු විසින් මෙය සිතුවම් කොට ඇත. ලොව ප්‍රකට චිත්‍රයක් වන ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රයට මෙම තෝමස් සිතුවම කිසියම් වූ සමාන කමක් දක්වයි. නමුත් මොනාලිසා චිත්‍රයේ මෙන් දෑස් පමණක් නොව මුළු සිරුරම නරඹන්නන් දෙසට හැරීම විශේෂත්වය වේ.  මෙවැනි සිතුවම් 16 ක් පමණ මෙම මන්දිරයේ සංරක්ෂිතව තැන්පත් කර තිබීම ද විශේෂත්වයකි. තව ද තෝමස් මහතාගේ ආර්යාව විසින් සිතුවම් කරන ලඳ සිතුවම් විවෘත සාලයේ මහජනතාව සඳහා ප්‍රදර්ශනය කොට තිබීම දක්නට ලැබේ. ඊට අමතරව මෙම මන්දිරයේ සිවිලිමේ කැටයම් සඳහා වික්ටෝරියානු යුගයේ ආභාෂය ලැබී ඇත.


ඇඩිෂම් මන්දිරය කාමර අංක සියයකට ආසන්න ප්‍රමාණයකින් සමන්විතය. සර් තෝමස් විලර්ස් මහතා රැඳී සිටි කාමරය blue room  හෙවත් නිල් කාමරය ලෙසින් හදුන්වනු ලැබේ. මෙම කාමරය සෑදීමට පෙදරේරුවන් ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි.  මේ වන විට මෙම කාමරය සංරක්ෂිතව පවතින බැවින් නරඹන්නන්ට විවෘත නොවේ. අශ්ව සපත්තු කාමරය ද මෙලෙස ඉඩ පහසුකම් සහිතව සුඛෝපභෝගි ආකාරයෙන් නිර්මිත කාමරයකි. කල් පැවැත්ම ඇති ගෘහ භාණ්ඩ , බුමුතුරුණු , පෝසිලේන් , රිදී හා තඹ වර්ග මෙන්ම වීදුරු වර්ග ද මෙතුල දක්නට ලැබෙන අතර ඒවා ආනයනය කර ඇත්තේ ද ඉන්දියාවෙනි.

මෙම මන්දිරයේ ඇති පුස්තකාලය ද සුවිශේෂි හා පෞරාණික වස්තුවක් වේ. එහි ඇති ඉපැරණි ග්‍රන්ථයෙන් කබඩි වල සංරක්ෂණය කොට ඇත. පුස්තකාලයට ඇතුළු වන දොර ගල් පුවරුවකින් ආරක්ෂිත අතර අපුර්ව කළුගල් කැටයමකින් එය නිර්මිතය. ඇඩිෂම් මන්දිරයට ඇතුළු විමට ඇති පෞරාණික පතාක ජෝර්ජියානු ගේට්ටුව ද මෙම මන්දිරයේ තේජස තව තවත් ඔප් නංවයි. 

ඊට අමතරව මෙම මන්දිරයේ ඇති සුවිශේෂි කරුණු කිහිපයකි. පැහැදිලි දිනයන් හී දී  තොටලාඟල , පිදුරුතලාගල , නමුණුකුල ආදී කඳු වළලු මෙන්ම දියතලාව යුධ හමුදා කඳවුර , ඉදල්ගස්හින්න , උඩුපුස්සැල්ලාව ආදි ප්‍රදේශ ද දැකබලා ගත හැකිවීම විශේෂත්වයකි.

1961 දි මෙම මන්දිරය රෝමානු කතෝලික සභාව විසින් මිල දි ගත් අතර වර්තමානයේ මෙය සෙන් බෙනඩික්ස් කන්‍යාරාමය ලෙසද හදුන්වනු ලැබේ. කිතුනු බැතිමතුන් සඳහා දේව මෙහෙය පැවැත්වීම ද දක්නට ලැබේ. ඊට අමතරව මෙය නැරඹීමට අවසර ලබා ගත හැක්කේ සති අන්තයේ නිවාඩු දිනවල හා රජයේ නිවාඩු දිනවල පමණි.

මෙම මන්දිරයේ පිටත උද්‍යානය මල් , පළතුරු ආදියෙන් අලංකාර කොට ඇත. විවිධ වර්ගයේ ඕකිඩි වර්ග , රෝස වර්ග ආදී මල් වර්ග වලින් ද විදේශිය පළතුරු වන ඇපල් , මිදි , ස්ට්‍රෝබෙරි ආදි පළතුරු ගස් වලින් ද පිටත උද්‍යානයේ අලංකාරය ගොඩනංවා ඇත.




වර්තමානය වන විට මෙම මන්දිරයේ සැප පහසු නිවාඩු ගත කිරීමට නවාතැන් පහසුකම් ලබා දීම මෙන්ම මංගල ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ද සුවිශේෂි කාරණා වේ.

ඒ අනුව ඇඩිෂම් මන්දිරයේ ඇති සුවිශේෂීත්වය මෙන්ම පෞරාණික වටිනාකම අනුව මෙය අප මාතෘ භූමියේ ඇති විශිෂ්ඨ නිර්මාණයක් බවට පැහැදිලි වේ.   

                                                           














No comments:

Post a Comment