Monday, June 12, 2017

පුල්ලෙයාර් යනු ගණ දෙවියන්මද?















පුල්ලෙයාර් යනු ගණ දෙවියන්මද?

දකුණු ඉන්දියානුවන් අතර ජනප්‍රිය ගණ දෙවියන් හෙවත් ගණේෂ දෙවියන් ලංකාවේ ද්‍රවිඩ ජනතාව හදුන්වනු ලබන්නේ ගණපති , ගණේෂ නැතහොත් පුල්ලෙයාර දෙවියන් වශයෙනි. රාජ වන්නිය , කුමාර වන්නිය නම් වූ ශ්‍රී ලංකාවේ වන්නි ප්‍රදේශයේ සිංහල ජනතාව අතර ද පුල්ලෙයාර දෙවියන් අතිශය ජනප්‍රිය දෙවි කෙනෙකු වේ. එම ප්‍රදේශ වන ඕනෑම විශේෂ අවස්ථාවකදී නැතහොත් සුභ කටයුත්තක දී පුල්ලෙයාර දෙවියන්ට පූජා වට්ටියකින් හෝ  පුද පුජා දැක්වීමට එම ප්‍රදේශ වල වැසියාගේ සිරිතයි.
තවද පිල්ලෙයාර් යනු පුල්ලෙයාර් දෙවියන්ගේ ළමා දෙවියා හෙවත් ළමයින්ගේ දෙවියා වේ. මේ පිළිබඳව ගණ දෙවි හෑල්ල නම් වූ කෘතියේ සඳහන්ය. ක්‍රි.ව දෙවන සියවසේ පමණ සිට පුල්ලෙයාර් දෙවි වන්දනාව  ලංකාවේ තිබුණු බවත් එය ගණදෙවි පිලිබඳ විශ්වාසයක් අනුව ගොඩනැගුණු බවත් අනුරාධපුර හා මිහින්තලය ආදි ප්‍රදේශ වලින් තොරතුරු හමු වී ඇත.
බ්‍රාහ්මණ හිංදූන්ට අනුව ගණේෂ හෙවත් පුල්ලෙයාර දෙවියන් යනු බාධක ඉවත් කරන බුද්ධිය මුවහත් කරන කරුණාවන්ත දෙවිකෙනෙකි. දරුවන්ගේ අධ්‍යාපනය හා සම්බන්ධ කටයුතු වලදී මෙම දෙවියන්ගේ ආශිර්වාදය මෙන්ම ඉන් ලැබෙන ප්‍රතිපලය උසස් බව  හිංදු ජනතාවගේ විශ්වාසයක් වූ අතර පසු කාලීනව එම විශ්වාසය එලෙසින්ම සිංහල ජනතාව තුළින් ද ඉස්මතු විය.
ගණපති යන පදයේ ගණ යනු පිරිසකට නායකයා වේ යනුයි. ශිවගේ සේනාව ද ගණ ලෙස හදුන්වයි. ලම්බෝදර , බාලචන්ද්‍ර , පණායක , විඝ්ණ රාජා , ගණපති , ගජාණන ආදී වශයෙන් ද මෙම ගණේෂ දෙවියන් හදුන්වන අතර වන්නි ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාව පුල්ලෙයාර් දෙවියන් වශයෙන් හදුන්වනුයේ ද මෙම දෙවියන්ම ය. මෙම දෙවිට නම් දහසක් ඇති බව ද විශ්වාසයක් පවතින අතර කතරගම හා කඩවර දෙවියන්ගේ උපත සමඟම පුල්ලෙයාර් දෙවියන්ගේ උපත ද එකම කතා පුවතක් වටා ගෙතී ඇති බව ද ප්‍රචලිතය.
f ම් ආදි වූ තොරතුරු වලට අනුව පුල්ලෙයාර් දෙවියන්ගේ තතු පිළිබඳව අවධාරණය වේ.

No comments:

Post a Comment