Friday, August 11, 2017

නිවාඩුවට Kohomba house


 http://www.awidimu.com/wp-content/uploads/2015/03/Khomba-house-4.jpg


කොහොඹ කියන්නේ මතක් වෙනකොටත් සිසිලසක් දැනෙන ගස් වර්ගයක්. එතකොට කල්පිටිය කියන්නේ උෂ්ණාධික දේශගුණයක් තියෙන නිවාඩුව ගත කරන්න සුදුසු සංචාරක කලාපයක්. සිසිලස සහ උණුසුම කියන මේ සියල්ල එකට එකතු වුන තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ.

කල්පිටියේ Khomba house කියන මේ හෝටලේ කල්පිටියේ ගිහින් විවේක ගන්න හොඳම තැනක්. විශේෂයෙන්ම මේ වටපිටාවට ගැලපෙන විදිහට වාතාශ්‍රය රැකෙන ආකාරයට ඉදිකරපු ගොඩනැගිල්ලක් තමයි මේ හෝටලේ තියෙන්නේ. ප්‍රාදේශිය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරපු මේ ගොඩනැගිල්ල හොඳට හුළං එන විදිහට Open spaces තියලා තමයි හදලා තියෙන්නේ. එලියේ වැරැන්ඩා එකට ආපු ගමන් මුහුද පේන විදිහට හදලා තියෙන මේ හෝටලේ නිරන්තරයෙන් මොණරු ගැවසෙන එක සාචාරකයින්ට අළුත් අත්දැකීමක් වෙනවා.

ඉන්ද්‍රාණිගේ අතින් උයන රසබර ශ්‍රිලංකික ආහාර වර්ග ගණනාවක් මේ හෝටලේදී රස විඳින්න පුළුවන්. ඔබ එහි නවාතැන්ගත්තොත් හැම උදෑසනක ඔබ වෙත එන සිසිර ( ඉන්ද්‍රාණි ගේ සැමියා – ඔහු තමයි භාරකරු) ඔබෙන් අහනවා “මොනවද කෑමට අවශ්‍ය ? ” කියලා. ඊට පස්සේ ඇණවුම් කරපු දේවල් අඩුවක් නැතුව මේසෙට එනවා. ගොඩක් පළතුරු සහ එළවළු ඔවුන් වවන්නේ මේ භූමියේම තමයි.බොහෝ වෙලාවට දෛනික අවශ්‍යතා වලට ගන්නේ මේ පළතුරු සහ එළවළු තමයි.

අක්කර 6ක් පුරා විහිදුන පැරණි පොල් වත්තක තමයි මේ හෝටලේ තියෙන්නේ.ගොඩාක් වෙලවාට ඉන්ද්‍රාණි කුස්සියට අවශ්‍ය පොල් හොයා ගන්නේත් මේ තවත් ඉතුරුවෙලා තියෙන පොල් ගස් කිහිපයෙන්.
මුහුදට යාබදව තියෙන මේ හෝටලේ මුහුදු අයිනේ සකස් කරලා තියෙන වාඩිය සංචාරකයින්ට අළුත් අත්දැකීමක් එකතු කරනවා. අව් රශ්මිය වැඩි නම් ඒ වාඩියට වෙලා ටිකක් විවේකිව ඉන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා.

No comments:

Post a Comment