මගේ නිදහස

ලොවේ මට පෙම් කරන හැම දෙන
රකින්නට වෙර දරති මා බැඳ
එ හැම පරදන ඔබේ සෙනෙහස
අහිමි නො කරයි මගේ නිදහස
සිතින් ගිලිහී යතැයි බිය වැද
එ හැම මා හැර නොයති තනි කොට
නමුදු ගත විය දින ගණන් බෝ
නොලැබ ඔබගේ දසුන හෝ මට
නො කැඳවූවත් මගේ යැදුමක
නොසිටියත් ඔබ දරා හද තුළ
දනිමි ඔබැ පෙම බලා සිටිනා
අයුරු එනතුරු මගේ ප්‍රේමය
උ ගැ
No comments:
Post a Comment