Thursday, August 24, 2017
මම හුදෙකලා වූ වළාවක් මෙන් පාව යමි. (ඩැෆිඩිල්ස්) (විලියම් වර්ඞ්ස්වර්ත්)
නිළඹරේ හුදෙකලා වී ඇති
වළාවක් මෙන් සැරිසරන විට
කඳු ශිඛර මිටියාවත් අතරින්
සැණින් දුටුවෙමි මහා යායක්
නදී තීරෙක ඉවුර අසබඬ
තුරු වියන් ළිය මඬුලු අතරින්
රනින් දිදුලන නමින් ඩැෆිඩිල්
යාය රඟ දෙයි සුළං රැල්ලෙන්
නිළඹරේ දිදුලනා තරුකැට
වගෙයි ඈතට නිමක් නොපෙනෙන
නදී ඉවුරේ දුරින් දුරටම
හැඩට විසිරුණ එකම දසුනක
දහස් ගණනක් එකම යායක
දුටිමි රැඟුමන් වන වනා හිස
රැඟුම් රඟන්නට තතනයි සැණෙකින්
නමුදු ගංදියට නොහැකිය එලෙසින්
තුටු වන්නට මිස එවැනි වතාවට
කුමක් කරන්න ද කවියෙකු වූ විට
සොඳුරු දසුන පුබුදයි මා නිබඳව
බලා සිටිමි ඉසුරක් බව නොදැනම
සයනය මත වැතිරී සිටිනා විට
පාළුව සිත තුළ නලියන මෙහොතක
නැඟෙයි සිහියට මැවෙයි නිබඳව
රඟන රැඟුමන් සුළං රැල්ලට
ගංතෙරේ ඇති ඩැෆිඩිල් යායම
කරයි අමතක හුදෙකලා සිත
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment