Friday, August 11, 2017

කොළඹ තියෙන මායාවරුන්ගේ ජල උද්‍යානය

 http://www.awidimu.com/wp-content/uploads/2017/07/Mayans-ja-ela-01.jpg

 මායාවරුන් ගැන අපි අහලා තියෙන්නේ කථාවල, අපි දැකලා තියෙන්නේ චිත්‍රපට වල විතරයි. ඒත් දැන් ඔන්න මායාවරුන්ගේ ජල උද්‍යානයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලංකාවේදී උදාවෙලා. මේ කියන්න හදන්නේ ලංකාවේදී පළමු වරට අත්විදින්න ලැබෙන විචිත්‍රවත් ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි මායාවරුන්ගේ ජල උද්‍යානයක හිතේ හැටියට ක්‍රීඩා කරන එක. මේ මායාවරුන්ගේ ජල උද්‍යානය තියෙන්නේ කොළඹ ජා ඇල ප්‍රදේශයේ. ජා ඇල සුප්‍රකට විනෝද උද්‍යානයක් වන ගුරුගේ නේචර් පාර්ක් එක ඇතුළේ තමයි මේ අමුතුම අත්දැකීම සකස් කරලා තියෙන්නේ. 

http://www.awidimu.com/wp-content/uploads/2017/07/Mayans-ja-ela-08.jpg

පැරණි මායා වරුන්ගේ මන්දිර වල තියෙන ස්වරූපයේ ලක්ෂණ රැසක් මේ ජල උද්‍යානයේදී දකින්න පුළුවන්. ඒවා විවිධ වර්ණවල විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනාම හරියට අපිත් මායවරුන්ගේ දේශයට ගියා වගේම තමයි දැනෙන්නේ. ඒ අමුතු හැඟීමත් එක්ක මේ ජල උද්‍යානයේ ඇති තරම් ජල ක්‍රීඩා කරන්න අවස්ථාව උදාකරගන්න පුළුවන් කාටත්. කාටත් කිව්වේ ලොකු අයට සහ පොඩි අයට ගැලපෙන විදිහට මේ ජල ක්‍රීඩා උද්‍යානය නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. 

http://www.awidimu.com/wp-content/uploads/2017/07/Mayans-ja-ela-04.jpg

මේ ජලක්‍රීඩා උද්‍යානය සතියේ දවස්වල නම් හවස 3 ඉඳලා රෑ 8 වෙනකල් විවෘතයි. ඒ වගේම සති අන්තවල, පෝය සහ අනිකුත් නිවාඩු දවස්වල මේ ජල ක්‍රීඩා උද්‍යානය උදේ 10.30 ඉඳලා රෑ 8.30 වෙනකල් විවෘතව තියෙනවා. අයකිරීම ගත්තොත් වැඩිහිටි කෙනෙකුට රුපියල් 500/=යි කුඩා (වයස අවුරුදු 11 ට අඩු) රු. 400/= ක් වෙනවා. ගෙවන ගානට පාඩු නෑ කියලා ඔබට අනිවාර්යයෙන්ම හිතෙනවා මේ අපූර්ව අත්දැකීම වින්දට පස්සේ.

කට්ටිය එකතු වෙලා, හිතාගන්න බැරි තරම් ලස්සන අත්දැකීමක් ලබන්න මෙතනට යන්න පුළුවන්. 

උ ගැ

No comments:

Post a Comment