Thursday, August 24, 2017

මම හුදෙකලා වූ වළාවක් මෙන් පාව යමි. (ඩැෆිඩිල්ස්) (විලියම් වර්ඞ්ස්වර්ත්)


 

නිළඹරේ හුදෙකලා වී ඇති
වළාවක් මෙන් සැරිසරන විට
කඳු ශිඛර මිටියාවත් අතරින්
සැණින් දුටුවෙමි මහා යායක්
නදී තීරෙක ඉවුර අසබඬ
තුරු වියන් ළිය මඬුලු අතරින්
රනින් දිදුලන නමින් ඩැෆිඩිල්
යාය රඟ දෙයි සුළං රැල්ලෙන් 

නිළඹරේ දිදුලනා තරුකැට
වගෙයි ඈතට නිමක් නොපෙනෙන
නදී ඉවුරේ දුරින් දුරටම
හැඩට විසිරුණ එකම දසුනක
දහස් ගණනක් එකම යායක
දුටිමි රැඟුමන් වන වනා හිස

රැඟුම් රඟන්නට තතනයි සැණෙකින්
නමුදු ගංදියට නොහැකිය එලෙසින්
තුටු වන්නට මිස එවැනි වතාවට
කුමක් කරන්න ද කවියෙකු වූ විට
සොඳුරු දසුන පුබුදයි මා නිබඳව
බලා සිටිමි ඉසුරක් බව නොදැනම

සයනය මත වැතිරී සිටිනා විට
පාළුව සිත තුළ නලියන මෙහොතක
නැඟෙයි සිහියට මැවෙයි නිබඳව
රඟන රැඟුමන් සුළං රැල්ලට
ගංතෙරේ ඇති ඩැෆිඩිල් යායම
කරයි අමතක හුදෙකලා සිත

Friday, August 11, 2017

කොළඹ තියෙන මායාවරුන්ගේ ජල උද්‍යානය

 http://www.awidimu.com/wp-content/uploads/2017/07/Mayans-ja-ela-01.jpg

 මායාවරුන් ගැන අපි අහලා තියෙන්නේ කථාවල, අපි දැකලා තියෙන්නේ චිත්‍රපට වල විතරයි. ඒත් දැන් ඔන්න මායාවරුන්ගේ ජල උද්‍යානයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලංකාවේදී උදාවෙලා. මේ කියන්න හදන්නේ ලංකාවේදී පළමු වරට අත්විදින්න ලැබෙන විචිත්‍රවත් ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි මායාවරුන්ගේ ජල උද්‍යානයක හිතේ හැටියට ක්‍රීඩා කරන එක. මේ මායාවරුන්ගේ ජල උද්‍යානය තියෙන්නේ කොළඹ ජා ඇල ප්‍රදේශයේ. ජා ඇල සුප්‍රකට විනෝද උද්‍යානයක් වන ගුරුගේ නේචර් පාර්ක් එක ඇතුළේ තමයි මේ අමුතුම අත්දැකීම සකස් කරලා තියෙන්නේ. 

http://www.awidimu.com/wp-content/uploads/2017/07/Mayans-ja-ela-08.jpg

පැරණි මායා වරුන්ගේ මන්දිර වල තියෙන ස්වරූපයේ ලක්ෂණ රැසක් මේ ජල උද්‍යානයේදී දකින්න පුළුවන්. ඒවා විවිධ වර්ණවල විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනාම හරියට අපිත් මායවරුන්ගේ දේශයට ගියා වගේම තමයි දැනෙන්නේ. ඒ අමුතු හැඟීමත් එක්ක මේ ජල උද්‍යානයේ ඇති තරම් ජල ක්‍රීඩා කරන්න අවස්ථාව උදාකරගන්න පුළුවන් කාටත්. කාටත් කිව්වේ ලොකු අයට සහ පොඩි අයට ගැලපෙන විදිහට මේ ජල ක්‍රීඩා උද්‍යානය නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. 

http://www.awidimu.com/wp-content/uploads/2017/07/Mayans-ja-ela-04.jpg

මේ ජලක්‍රීඩා උද්‍යානය සතියේ දවස්වල නම් හවස 3 ඉඳලා රෑ 8 වෙනකල් විවෘතයි. ඒ වගේම සති අන්තවල, පෝය සහ අනිකුත් නිවාඩු දවස්වල මේ ජල ක්‍රීඩා උද්‍යානය උදේ 10.30 ඉඳලා රෑ 8.30 වෙනකල් විවෘතව තියෙනවා. අයකිරීම ගත්තොත් වැඩිහිටි කෙනෙකුට රුපියල් 500/=යි කුඩා (වයස අවුරුදු 11 ට අඩු) රු. 400/= ක් වෙනවා. ගෙවන ගානට පාඩු නෑ කියලා ඔබට අනිවාර්යයෙන්ම හිතෙනවා මේ අපූර්ව අත්දැකීම වින්දට පස්සේ.

කට්ටිය එකතු වෙලා, හිතාගන්න බැරි තරම් ලස්සන අත්දැකීමක් ලබන්න මෙතනට යන්න පුළුවන්. 

උ ගැ

නිවාඩුවට Kohomba house


 http://www.awidimu.com/wp-content/uploads/2015/03/Khomba-house-4.jpg


කොහොඹ කියන්නේ මතක් වෙනකොටත් සිසිලසක් දැනෙන ගස් වර්ගයක්. එතකොට කල්පිටිය කියන්නේ උෂ්ණාධික දේශගුණයක් තියෙන නිවාඩුව ගත කරන්න සුදුසු සංචාරක කලාපයක්. සිසිලස සහ උණුසුම කියන මේ සියල්ල එකට එකතු වුන තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ.

කල්පිටියේ Khomba house කියන මේ හෝටලේ කල්පිටියේ ගිහින් විවේක ගන්න හොඳම තැනක්. විශේෂයෙන්ම මේ වටපිටාවට ගැලපෙන විදිහට වාතාශ්‍රය රැකෙන ආකාරයට ඉදිකරපු ගොඩනැගිල්ලක් තමයි මේ හෝටලේ තියෙන්නේ. ප්‍රාදේශිය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරපු මේ ගොඩනැගිල්ල හොඳට හුළං එන විදිහට Open spaces තියලා තමයි හදලා තියෙන්නේ. එලියේ වැරැන්ඩා එකට ආපු ගමන් මුහුද පේන විදිහට හදලා තියෙන මේ හෝටලේ නිරන්තරයෙන් මොණරු ගැවසෙන එක සාචාරකයින්ට අළුත් අත්දැකීමක් වෙනවා.

ඉන්ද්‍රාණිගේ අතින් උයන රසබර ශ්‍රිලංකික ආහාර වර්ග ගණනාවක් මේ හෝටලේදී රස විඳින්න පුළුවන්. ඔබ එහි නවාතැන්ගත්තොත් හැම උදෑසනක ඔබ වෙත එන සිසිර ( ඉන්ද්‍රාණි ගේ සැමියා – ඔහු තමයි භාරකරු) ඔබෙන් අහනවා “මොනවද කෑමට අවශ්‍ය ? ” කියලා. ඊට පස්සේ ඇණවුම් කරපු දේවල් අඩුවක් නැතුව මේසෙට එනවා. ගොඩක් පළතුරු සහ එළවළු ඔවුන් වවන්නේ මේ භූමියේම තමයි.බොහෝ වෙලාවට දෛනික අවශ්‍යතා වලට ගන්නේ මේ පළතුරු සහ එළවළු තමයි.

අක්කර 6ක් පුරා විහිදුන පැරණි පොල් වත්තක තමයි මේ හෝටලේ තියෙන්නේ.ගොඩාක් වෙලවාට ඉන්ද්‍රාණි කුස්සියට අවශ්‍ය පොල් හොයා ගන්නේත් මේ තවත් ඉතුරුවෙලා තියෙන පොල් ගස් කිහිපයෙන්.
මුහුදට යාබදව තියෙන මේ හෝටලේ මුහුදු අයිනේ සකස් කරලා තියෙන වාඩිය සංචාරකයින්ට අළුත් අත්දැකීමක් එකතු කරනවා. අව් රශ්මිය වැඩි නම් ඒ වාඩියට වෙලා ටිකක් විවේකිව ඉන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා.

සිව්වසර අවසන්ය..


Image result for sad images


සිත් කොණේ නැවතිච්ච
නෙත් කොණේ ලතැවිච්ච
දිවිමඟේ අරුමයන්
එකිනෙකට ගොනුවෙච්ච
විටෙක මහා අපායකි
තව විටෙක සුරලොවකි

නමුදු නොහැකිය තවත්
නැවතෙන්න ලතැවෙන්න
යා යුතුය ඉදිරියට
සිව්වසර අවසන්ය

Thursday, August 3, 2017

මීයාගල ජනකවි

 මීයාගල ජනකවි 


Image result for ජනකවි

මීයාගල’ යනු සියඹලාණ්ඩුවේ සුප‍්‍රකට මුතුකණ්ඩිය ජලාශය ඉස්මත්තේ, වනගත කඳුකර ඉසව්වට අයත් පැරණි ගමකි. එකල ද (වර්ෂ 1998 දී පමණ) එය හුදෙකලා ගමක් වූ අතර, එහි යා යුතුව තිබුණේ ද අතිශයින්ම දුෂ්කර ගමනකිනි. 

සියඹලාණ්ඩුවේ සිට අම්පාරට දිවෙන මාර්ගයේ, 21 හන්දියෙන් හැරී බුද්දමට ද, එතැන් සිට කඳුකර දුෂ්කර වනගත මගක් ඔස්සේ පා ගමනින්ම කිලෝමීටර් 08ක් පමණ ද ගෙවා ‘මීයාගලට’ යා යුතු විය. ඒ ගමනේ දී දියෙහි බැස, මී ඇල් ඔයෙන් ද එතෙර විය යුතු ය. මුතුකණ්ඩිය ජලාශය බැඳ ඇත්තේ මී ඇල් ඔය හරස් කිරීමෙනි. එය හැඩ ඔයේ අතු ගංගාවකි.
 

මීයාගල, අමුතුම තාලේ ගමකි. එකල එහි වැස්සන්ගේ ප‍්‍රධාන ආහාරය වූයේ බත් නොවේ. කුරහන් ය. ඊට හේතුව, ඒ ගමේ කුඹුරු නැති වීමයි. ඉතින් ගැමියෝ කුරහන් වගාකර ගෙන බුදිති. ගම යැපෙන්නේ හේන් ගොවිතැනිනි. ගමේ ඇත්තන්ගේ සිතුම් පැතුම් ද, චාරිත‍්‍ර-වාරිත‍්‍ර ද වෙනස් ය.  ගම මැදින් වනයේ බොහෝ දුරක් ගිය විට, බිබිල-අම්පාර පාරේ යද්දී හමු වන නිල්ගල වනයට ද යා හැකි ය.
 

පරිසරවේදී බන්දුරංග කාරියවසම් මහතා, එකල ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයෙකු වශයෙන් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ වැඩ කළේ ය. මාධ්‍යවේදී මොණරාගල සංජීව බණ්ඩාර මහතා ඔහුගේ සගයෙකි. මීයාගල ගම ගැන මට මුලින්ම තොරතුරු කීවෝ ඔවුහු ය. රටට නිදහස ලැබුණු කාලයේ පටන් ඒ ගමේ මිනිසුන්, මී ඇල් ඔයට පාලමක් හදා දෙන ලෙස කරන ඉල්ලීම්වලට තවම කිසිවෙකු සවන් දී නැති බවත්, ඔවුන්ට ‘කලිසම් ඇඳි අය’ පෙන්නන්නට බැරි බවත්, කිසිදු පිටස්තරයෙකුට ගම ගැන කිසිදු තොරතුරක් නො දෙන බවත් ඔවුහු මා සමග කීවෝ ය. ගමේ පැරණි උදවිය, ගමෙන් පිටතට ගොසින් ආපසු එන විට ගම් මායිමේ එක්තරා ස්ථානයක ඇති ගල් පර්වතයකට ‘ඇඳි වත ඔසවා පෙන් වීමේ’ චාරිත‍්‍රයක් පවත්වන බවත් මට දැන ගන්නට ලැබුණි. මට මහත් කුතුහලයක් ඉපදිණි. එවකට මා සේවය කළ ‘ඉරිදා ලක්බිම’ වෙනුවෙන්, 1998 වසරේ දිනක මීයාගල ගම සොයා ගියෙමි. ඔවුන් ගැන ලිපි කිහිපයක් ලියුවෙමි. වර්තමාන මීයාගල ගම කෙසේ දැයි මම නො දනිමි.
 

එවකට සියඹලාණ්ඩුවේ සිටි සංජීව බණ්ඩාර මහතා මට බොහෝ තොරතුරු සොයා දුන්නේ ය. ඒ සමග මට දී තිබුණු ‘මීයාගල ජනකවි’ රැසක්, මේ නො බෝදා පැරණි ලිපි ගොනුවකින් හමු විය. ඒවා සංජීවයන් එකල මීයාගල ගමෙන් එකතු කළ ජන කවි වේ.
සංජීවගේ අවසරය ද ඇතිව, මහජනතාවගේ රස වින්දනය පිණිස ඒවා ‘වලස්පතියට’ එක් කරන්නෙමි.
 

මීයාගල ජන කවි
මී ඇල් ඔයේ දිය ටික    වාසනාවන්
බෝගහ පිටියෙ දා ගැබ  වාසනාවන්
හතර වටේ ඇති කඳු      වාසනාවන්
ඉස්කෝලේ කලූ ලිය     වාසනාවන්

මේ පාඩුවේ මම කුරහන් කපන කොට
ඇයි මස්සිනේ ආවේ මගෙ      ඉස්සරට
හතර වරං හැම දෙවි පිහිටයි        නුඹට
අව්ව බෝයි පලයං මස්සිනෙ       ගමට

අනේ මම මාස ගාණක් දුක්            විඳලා
සෙනේ ඇතිව වැඩ කෙරුවේ ලොබ වීලා
පුංචි නෝන හිත නැති බව මට     දැනිලා
කරදර සිතින් ඉන්නේ මම සුසුම්   හෙළා

යන්න එපා මා හැර කිසි     කරුණකට
ගියොත් මරණ නියමයි අපි  දෙන්නාට
මැරෙන තුරා එක වහලක    සිටින්නට
පුංචි මැණිකෙ අපි යං           මීයාගලට

බදුලූ වෙලේ වෙල් පාරෙන් යන වතුරු
ඒ සේමයි මගේ දෑසින් යන         කඳුළු
වෙනත් පිරිමි දුටු විට මට වස      කදුරු
මුතු බණ්ඩලා දුටුවම නැලවෙයි  කඳුළු

බස්නාහිරට හොඳ දඩයම් පොළක්          ඇතී
දඩයම් පොළට යන ඇත්තෝ බොහෝ වෙතී
දස්සකමට ඒ දිවි දෙන් එතන                  ඇතී
දඩයම් කරන දිවියා තව ආවෙ               නැතී

අම්මණ්ඩියේ බෑ මට නො කියා ඉන්න
මුං මණ්ඩියේ පැලකට කීවේ      යන්න
ගෝණන්ඩියක් උයලා දුන්නේ  කන්න
අම්මණ්ඩියේ සුදු බංඩී එපා             මට

තුං තුං කිරි තුං තුං කිරි          කනත්තේ
දෙලූම් විතර තන ඇවිදින්    ළපැත්තේ
ඒවා අල්ලන්න මගෙ සිත   කැමැත්තේ
දවසක් ඉන්න දෙනවද ඔබෙ ළපැත්තේ

ඇයි මස්සිනේ උඹ ආවේ මගේ ගෙට
උඹෙ අයියා අවසර දුන්න ද      උඹට
මතු ජාතියේ බැරි  ඕවට     කඹුරන්න
--- බැසියන් මස්සිනෙ මට නිදියන්න

එන්න කීවාට ආවෙමි තිගේ          ගෙට
කන්න කීවාට කෑවෙමි බුලත්          විට
ඉන්න කීවාට ඉන්නම් යහන           පිට
ආයෙත් නේමි පර වේසියෙ තිගේ ගෙට


දෙලූම් විතර තන එන පුංචි           වයසට
බැලූම් බෝල සතු පිරිමින්  දකින      විට
ඇලෙන් ඉඳල රති කෙළි පහස දෙන  විට
පුළුන් රැලක බර නැත පුරුදු වෙන     විට

එගොඩ ගොඬේ ඉඳ බෙයියන් අඹන    නගා
මෙගොඩ ගොඬේ ඉඳ බෙයියන් අඹන  නගා
ඇඳි සේලේ් බොල් පින්නෙන් තෙමුණි නගා
කුරුණෑගලට යන්නට පාර කියන්       නගා

එගොඩ ගොඬේ ඉඳ බෙයියන් ඇඹුත්      නැතී
මෙගොඩ ගොඩේ ඉඳ බෙයියන් ඇඹුත්    නැතී
ඇඳි සේලේ බොල් පින්නෙන් තෙමුණෙ නැතී
කුරුණෑගලට යන්නට පාර මෙහි            නැතී

අතක වළලූ අත ලාලා සිටිය        නගා
නෙතක අඳුන් තෙල් ගාලා සිටිය  නගා
රත්නවල්ලිකඩ ඇඳලා සිටිය       නගා
කිරිනැලියේ බොල සිටියේ කයේ නගා

අතක වළලූ අත ලෑවෙත් නුඹේ        නගා
නෙතක අඳුන් තෙල් ගෑවෙත් නුඹේ නගා
රත්නවල්ලිකඩ ඇන්දෙත් නුඹේ      නගා
කිරිනැලියේ බොල සිටියේ නුඹේ    නගා
 

අතක වළලූ අත ලාලා ගෙට       පලයන්
නෙතක අඳුන් තෙල් ගාලා ගෙට පලයන්
රත්නවල්ලිකඩ ඇඳලා ගෙට      පලයන්
දුවේ නුඹේ අයියට ඇයි             කියාපන්

අතක වළලූ අත ලාලා       උනින්දා
නෙතක අදුන් තෙල් ගාලා උනින්දා
රත්නවල්ලිකඩ ඇඳලා     උනින්දා
අම්මේ උඹට මම යේලිය  උනින්දා 


                                                              උ ගැ

නැතුවම බැරි ස්කයිප් සේවාවේ තොරතුරු

ස්කයිප් සේවාවේ තොරතුරු 
 
Image result for skype 
 


 ස්කයිප් යනු පරිශිලයන් හට අන්තර්ජාලය හරහා කටහඬ හා විදෘශ්‍ය දෑ හුවමාරූ කර ගැනිමට සම්භාශයක් පැවැත්විමට නිමවන ලද වැඩසටහනකි.ස්කයිප් සේවාවට ඇතුලත් වී සිටින අනෙකුත් පරිශිලකයන් හට ඇමතුම් ලබා ගැනිම නොමිලේ වෙයි.

  ස්කයිප් සේවාව භාවිතයේදී වයස් සීමාවක් නොමැති බව දන්නෙහිද?



නුදුරු දිනකදි ගමනාත්තය දක්වා ගමන් ගන්නා බස්රථයක් තුළදී සිදු වු අපූරු සංවාදයක්  ආශ‍්‍රය කර ගනිමින් මාගේ මාතෘකාවට ආදාළ තොරතුරු ගෙන හැර දැක්විම අතිශය යෝග්‍යය යැයි සිතමි. වයස අවුරුදු 65ක් වයසැති මවක් හා එවැනිම වයසකු ගැහැනියක් මෙම දෙබසේ කතානායිකාවන් වෙයි. ඔවුන්ගේ එක් අයෙකු පැවසුයේ...
.
1කාන්තාව:  දැන් පුතා ළඟදි කොරියන් ගියා නේද? එහෙනම් දැන් ලියුම් එහෙමත් එවනව ඇතිනේ......

2කාන්තාව:  පිස්සුද? දැන් මොකටද ලියුම් අපේ පුතා කතා කරන්නේ ස්කයිප් එකෙන්නේ. එයා දැන් ගෙදර ඉන්නවා වගේ. කොරියාවට ගිය දවසෙම අපිත් එක්ක කතා කරා.යනකොට අපිට ස්කයිප් හදලනේ ගියේ.

මෙම සංවාදය මාගේ මාතෘකාවේ තොරතුරු වලට යෙදිම සඳහන් කරන්නට සිදු වුුයේ ස්කයිප් භාවිතය හා  සමාජ සබඳතා පවත්වා ගැනිම පිළිබඳව මා සාකච්ජා කිරිමට බලාපොරොත්තු වන නිසා වෙනි.ඒ අනුව කිසිදු   වයස් භේදයකින් තොරව මෙම සන්නිවේදන උපකරණය හා සම්බන්ධ වීමට මිනිසුන් උනන්දු වී තිබෙන බවක් කිව හැකිය.වර්තමානයේ පවතින සන්නිවේදන තාක්ක්‍ෂණයේ දියුණුව හේතු කොට ගෙන සමස්ථ ලෝකයම විශාල පරිවර්තනයකට පත් වී තිබෙන ආකාරය දැක ගන්නට ලැබෙයි.

නුතන සන්නිවේදනයේ ස්කයිප් භාවිතය


නුතන සන්නිවේදන තාක්‍ෂණයේ මෙලෙස වන්නා වු දියුණුව සමඟම හුගෝලිය පරිසරය තිරණාත්මක සාධකයක් නොවන ආකාරයක් හදුනා  ගත හැකිය. එලෙසම කාලය හා අවකාශය යන සාධකයන්ට මෙම යුගය තුළදි කිසිදු වටිනාකමක් හිමි නොවීමයි. වෙනදා භෞතිකව පෙනි සිටිිය යුතු බොහෝ දෑ දැන් අතත්‍ය යතාර්ථය (vertical) මෙන් පෙනිමෙන් ඉටු කර ගැනිමට හැකියාව ලැබී තිබේ. එම තත්වය ස්කයිප් වීඩියෝකරණය හරහා සිදු කර  ගැනිමට හැකිියාව ලැබී ඇත.ස්කයිප් භාවිතය පිළිබඳව විමසිමට පෙර 2011 දි ස්කයිප් සේවාව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර්  මිලියන 8.5 කට මිලට ගන්නා ලදි.එමෙන් ස්කයිප් භාවිතය දිනකට  මිනිසුන් බිලියන දෙකක පමණ ප‍්‍රමාණයක් බව වාර්තා වෙයි. එහෙයින් වර්තමානය වන විට නුතන සන්නිවේදන ජාලය තුල පෙරටම පැමිණිමට ස්කයිප් සේවාවට හැකියාව  ලැබී ඇති බව පැහැදිලිව පෙනෙයි.

ස්කයිප් භාවිතය කරන්නේ කෙසේද ?



ස්කයිප් සේවාව භාවිත කරන්නෙකු හට තමන්ටම අනන්‍ය වු ස්කයිප් ගිණුමක් තිබිය යුතුුයි. පෞද්ගලිකතාවය සම්බන්ධයෙන් තහවුරු වීමක් මේ හරහා ලැබෙන අතර එය භාවිත කරන්නන් සතුව රහස්‍ය අංකයක් තිබෙන බැවින් ඉන් එම තැනත්තාගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු නොවන අතර වෙන අයෙකුට ද එය භාවිත කළ නොහැක. ඒ අනුව  ඕනෑම අයෙකුට ස්කයිප් ගිණුමක් ආරමිභ කොට ස්කයිප් තාක්‍ෂණය හා සම්බන්ධ විමට අවකාශය ලැබේ.එසේම ස්කයිප් තාක්‍ෂණය තුළදි එය භාවිතා කරන්නා හට අවශ්‍යනම් පුද්ගලයාගේ ජායාරුපයක් profile  එක  සඳහා  ඇතුළත්   කිරිමට පුළුවන්ය.    
 
වර්තමානය වන විට  Mobile phone හරහාද ස්කයිප් තාක්‍ෂණය දියුණු වී ඇති ආකාරයක් පෙනි  යයි.
ස්කයිප් භාවිිත කිරිමේදි අනෙකුත් සමාජ ජාල මෙන්ම  මේ හරහාද නව මිතුරු මිතුරියන් හා සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබෙයි.
 
මේ ආකාරයට ස්කයිප් භාවිතය සිදු කිරිමට හැකි වන අතර ඉන් සබඳතා පවත්වා ගැනිමට ද හැකියාව ලැබෙයි.විශේෂයෙන්ම පවසන්නේ නම් මේ තාක්‍ෂණය හරහාද තව දුරටත් භූගෝලිය තීරණාත්මක සාධකයක් නොවෙයි. දුරස්ත සබඳතා සමීප සබඳතා බවට පත් කරමින් ඒ සඳහා යම් ජිවයක් ලබා දිමට හැකිය.මෙහිදි මා එලෙස පැවසුවේ මීට ශතක කිහිපයකට පෙරදි මිනිසුන් රටින් එතෙර තම සමීපතයන් සමග සබඳතා පැවැත්වුයේ ලිපි මගිනි.එකී ලිපි එහා-මෙහා හුවමාරු වීමේදි මාසයක් පමණ කාලයක් එම හුවමාරුව සිදු විය.විදේශගත තම සමීපතමයා ගෙන් තොරතුරක් ලබා ගැනිමට බොහෝ කාලයක් බලා සිටීමට සිදු විය.නමුදු වර්තමානය වන විට සමාජ ජාලයන් සන්නිවෙිදන දියුණුයත් සමග කාලය යන පරතරය මිනිසාගෙන් බොහෝ දුරට ඈත් වෙමින් පවතින ආකාරයක් දැකිය හැකිය.ඒ අනුව පුද්ගලයන්ට සමාජිය වශයෙන් තම සබඳතා පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන අතර  ඕනෑම කාලයක් සන්නිවේදනය පවත්වාගෙන යාමට ද හැකිය.එලෙසින්ම ස්කයිප් තාක්‍ෂණය හේතු කොට ගෙන ලිපි ලේඛන මගින් සන්නිවේදන කාර්යයයේ යෙදෙනවාට වඩා වෙනස් බවක් ද පුද්ගලයන්ට ලැබෙයි.එනම් තම සමීපතමයා සමග සන්නිවෙිදනය කිරිමෙිදි දෙදෙනාගේම හැඟම් ඉරියවි ආදි සෑම අංශයක්ම දැක බලා ගැනිමට ද අවස්ථා ලැබෙන නිසා සජිවීබවක් ඉන් හැගවෙයි.
     

විනෝදාස්වාදය හුදකලා බව මග හැර ගැනීමට ස්කයිප් තාක්‍ෂණය හරහා සබඳතා පවත්වා ගත හැකිය.ස්කයිප් ගිණුමේ තම මිතුරෙක්  ONLINE  ලෙස පෙන්නුම් කෙරෙයි නම් එම මිතුරාට ස්කයිප් ඇමතුම සම්බන්ධ කරවීමෙන් අල්ලාප-සල්ලාපයේ යෙදිමට හැක.
 
එමෙන්ම සමාජ සබඳතා වලදි ව්‍යාපරික කටයුතු සඳහාද දේශපාලන කටයුතු ආදි කටයුතු සඳහාද ස්කයිප් සේවාව ප‍්‍රයොජනයට ගනු ලබන අවස්ථා දැක ගැනිමට හැකිය.බොහෝ අවස්ථා වලදි ව්‍යාපාරික කටයුතු සඳහා ව්‍යාපාරිකයන් මෙම සේවාව හරහා සමාජිය සබඳතා ගොඩ නගා ගනු ලබයි.


ස්කයිප් ගිණුමේ නවතම සොයා ගැනිම


වර්තමානය වන විට ස්කයිප් සේවාව හරහා සමාජ සබඳතා ගොඩ නංවා ගැනිමේදි ස්කයිප් තාක්‍ෂණයට  ”ෆේස්බුක් මෘදුකාංගය” යොදා ගෙන නවතම කි‍්‍රයාවලියක් කිරිමට ස්වීඩනයේ විසාජ් ටෙක්නොලජි සමාගම සමත් වී තිබේ .එහිදි නව පරිගනක වැඩසටහනක් හරහා රතු පැන්ඩාවකුගේ පටන් අං යක්ෂයෙකු  දක්වා  ඕනෑම ජනපි‍්‍රය චරිතයක් බවට පෙරළී මිතුරා විස්මයට පත් කරමින් කතා කිරිමට හැකිය.එහිදී තෝරාගත් රූපයට සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයාගේ ඉරියව් පවා අනුකරණය කළ හැකිය.මෙය ගෘහස්ත සන්නිවේදනයට පමණක් නොව ව්‍යාපාරික කටයුතු වලටද සිදු කිරිමට හැකි බව පෙන්වා දිය හැක.

ස්කයිප් භාවිතයේ අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව ඔබ දන්නෙහිද?


මේ ආකාරයට සමාජ ජාලයන්ගේ ජනපි‍්‍රය සමාජ ජාලයක් වන ස්කයිප් තාක්‍ෂණයේ සමාජ සබඳතාවන් පවත්වා ගැනිමට එහි ඇති වැදගත්කම පිළිබඳ සඳහන් කළ අතර ඉන් සිදු වන අහිතකර තත්වයන් කෙරේද අවධානය යොමු කිරිමට මා බලාපොරොත්තු වෙමි.පෙෘද්ගලිකව පරිහරණය කිරිමට නොමැති පරිගනකයක් /ලැප්ටොප් එකක් නොමැති අයකු ස්කයිප් සේවාව ලබා ගැනිම සඳහා ඉන්ටර්නෙට් කැෆේ වෙත යයි.එහිදි ස්කයිප් වෙත ලොග් වෙන පුද්ගලයන් බොහෝ දෙනෙකුට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු වෙන බවක් කිව යුතුය.මෙම ඉන්ටර්නෙට් කැෆේ තුළදි එක් පුද්ගලයකු තමන්ගේ ස්කයිප් එකෙන් ලොග් වු විටදි එම User Name එක නමින්   Folder එකක් සැදෙයි.මෙම  Folder එක ඇතුලත Data Base  එකක් තිබෙන අතර මෙකී  File එකෙන්  ඕනෑම අයකුට එම තැනැත්තාගේ ස්කයිප් ගිණුමට ඇතුලත් වීමට හැකි වෙයි.මේ සඳහා User Name එක හෝ රහස්‍ය අංකයද අවශ්‍ය නොවෙයි.මෙහි පවතින ඉතාමත් අයහපත් තත්වය වන්නේ එකී තැනත්තා කතා කළ සෑම දෙයක්ම බලා ගැනිමට හැකි වීමයි. මේ නිසා පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට තදින්ම හානියක් සිදුවන ආකාරයක් කිව හැක.එහෙත් එලෙස සිදු වන්නේ ඉන්ටර්නෙට් කැෆේ තුළින් ස්කයිප් භාවිත කරන අයට බව සඳහන් කළ යුතුය. එමෙන්ම ලංකාවේදි එක් කාන්තාවක් තම විදස් ගත සැමියා සමග ස්කයිප් මාර්ගයෙන් කතා කරන අවස්ථාවේදි තමන්ගේ සිය දිවි නසා ගැනිම ස්කයිප් මගින් තම සැමියාට බැලිමට සැලැස්වීමට කටයුතු කරන ලදි.තාක්‍ෂණයේ දියුණුවත් සමගම මිනිසුන් තාක්‍ෂණය අයුතු ලෙස භාවිතා කිරිමට පටන් ගෙන ඇති ආකාරයක් සඳහන් කළ හැකිය.සන්ණිවේදන තාක්‍ෂණය අයුතු පරිදි භාවිතයට ගැනිම තුළින් සමාජයට මෙන්ම පුද්ගලයාටද ඉන් අහිතකර ප‍්‍රතිඵල විඳදරා ගැනීමට සිදු වෙයි.එලෙසම තම සැමියා සමග ස්කයිප් මාර්ගයෙන් කළ කතාව අල්ලපු ගෙදර සිටින පුද්ගලයකු අසාගෙන සිට එම කාන්තාවට තර්ජනය කරන ලද සිද්ධියක්ද වාර්තා වුයේය.එම නිසා  මෙම තාක්‍ෂණය මගින් වඩාත් පහසුවක් ලැබෙන අතරම වඩාත් භයානක තත්වයක්ද පවතින බව පෙනෙයි.
 
එසේම මෙම සමාජ ජාලාව හරහා වැරදි කි‍්‍රයාවන්ද බොහෝ ප‍්‍රමාණයක් සිදු වන අතර එය අයුතු පරිදි ප‍්‍රයෝජනයට ගන්නා අවස්ථාද පවතී.මේ අනුව ස්කයිප් භාවිතය හා සමාජ සබඳතා පවත්වා ගැනම කෙසේ සිදු විය යුතුද යන්න තේරුම් ගත හැකිය.
                                                                   උ ගැ new media blog

යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
 
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!
----------------------------------------------------------

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය…
බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.
සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.
ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං”
බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය. ”ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල
මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න”
තරුණයා කදුළු පිරි දෑසින්
කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත. 

                                                               උපුටා ගැනීමකි