ශ්‍රී ලංකාවේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කය යනු කඳුකර රූ සොබා මවන අපූර්ව ස්වභාව සෞන්දර්යයකට හිමිකම් කියන භූමි ප්‍රදේශයකි. ලොව දෙස් විදෙස් සංචාරකයික්ගේ අවධානයට පාත්‍ර වුණු පිහිටි ස්වභාවික පරිසරයේ ඇති චමත්කාරජනක භාවය ඇසූ දුටුවන්ගේ නෙත් සිත් ප්‍රබෝධමත් කරවයි. සුප්‍රසිද්ධ දිය ඇළි කොමළියන්ගෙන් ද , අහස උසට දිවෙන කඳු පංති වලින් ද , ස්වභාවික වන පෙත් වලින් ද , පුරා විද්‍යා උරුමයන්ගෙන් ද බදුල්ල දිස්ත්‍රික්කයේ අසිරි සිරිය තව තවත් වැඩි කරයි. රාවණා , දියළුම , දුන්හිද , බඹරගල කන්ද ආදී අලංකාර දිය ඇළි ද , නමුණුකුල , නකල්ස් ආදී ස්භාවික කදු පංති ද , බදුලු දිස්ත්‍රික් එක් සීමා ප්‍රදේශයක පිහිටා ඇති ඔහිය රක්ෂිතය ඔස්සේ දිවෙන හෝර්ටන් .තැන්න ආදී සුන්දර ස්ථාන ද , දෙස් විදෙස් සංචාරකයින් අමන්දානන්දයට පත් කරන සුන්දර දුම්රිය මාර්ගයකට ද හිමිකම් කියනුයේ සීතල බදුලු පුරවරයයි. සාරවත් කෙත් වතු , වෙල් යායවල් , එළවළු කොරටු මෙන්ම අලංකාර මල් වතු වලින් බදුලු පුරවරය ස්වයංපෝෂිතය.
මෙවැනි වූ සුන්දරත්වයකින් හෙබි පෙදෙසක ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරූ නිර්මාණයක් ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයට සොබාදහමින් දායාද කර තිබේ. සීතල හපුතලය පුරවරයේ පිහිටා ඇති තවත් එක් සොදුරු ස්ථානයක් ලෙසටත් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් ස්භාවික ස්ථානයක් ලෙසටත් මෙය හැදින්විය හැක. lipton seat නමින් හදුන්වන මෙම ස්ථානය ලිප්ටන්ගේ ආසනය යන විරුදාවලියෙන් යුක්ත වේ. හපුතලය ප්‍රදේශයේ දඹේතැන්න ග්‍රාමයේ උස් කඳු මුඳුනක පිහිටා ඇති මෙම සොඳුරු ස්ථානය ඇසූ දුටුවන්ගේ නෙත් සිත් පුදුම කරවන ස්භාවික චමත්කාරයෙන් අනූනය. දෙස් විදෙස් සංචාරකයින්ට මෙම lipton seat නැතහොත් ලිප්ටන්ගේ අසුන නමැති සොදුරු ස්ථානයට ළඟා වීමට මාර්ග දෙකක් ඇත ඉන් එක් මාර්ගයක් හපුතලය දඹේතැන්න හරහා ද අනෙක් මාර්ගය බණ්ඩාරවෙල නායබැද්ද හරහා ද වැටී ඇත. මා
හපුතලය - තොටුලාගල - පිටරත්මලේ - දඹේතැන්න - ලිප්ටන්ගේ අසුන
බණ්ඩාරවෙල - නායබැද්ද - බණ්ඩාරඑළිය - ලිප්ටන්ගේ අසුන
බණ්ඩාරවෙල නගරයේ සිට ඉහත දක්වන මාර්ගය ඔස්සේ 18 km ගමන් කිරීමෙන් පසු මෙම ස්ථානයට ළඟා විය හැකි අතර හපුතලය නගරයේ සිට 16 km ඉහත මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් ලිප්ටන්ගේ අසුන නම් මෙම සොදුරු ස්ථානයට ළඟා විය හැක. කෙත් වතු මැදින් වැටී ඇති මෙම මාර්ග දෙකෙන් ගමන් කරන සංචාරකයාට මීදුමෙන් වට සීත පරිසරයක සිසිල විද ගත හැක.
මෙම කදු මුදුන දුටු ප්‍රථමයය විදේශිකයෙකු වේ. සුදු ජාතික වැවිලි කරුවෙකු වූ මොහු ස්කොට්ලන්ක ජාතිකයෙකි. නමින් තෝමස් ජේ ලිප්ටන්ය. අප රට බි්ර්තාන්‍ය යටත් විජිතයක් ව පැවති සමයේ ලංකාවට පැමිණි මොහු 1890දී පමණ අක්කර 925ක තේ වත්ත වෙනුවෙන් ඌව පළාතේ විශාලතම තේ කර්මාන්තශාලාව ඉදිකල මොහු විවේක සුවය විදීමට මෙම කදු මුදුනට යාමට පුරුදුව සිටි අතර ඔහු අසුන් ගෙන සිටි ස්ථානය ලිප්ටන්ගේ අසුන නම් විය.
මුහුදු මට්ටමෙන් අඩි 1970ක් උසින් පිහිටි මෙම අපූරූ ස්ථානයට ලිප්ටන් ආණ්ඩුකාරවරයා අශ්වයා පිටින් යන අවස්ථාවලදී මෙම කන්දේ සිට අවට දැකගත හැකි කදු 5ක් මුල් කරගෙන තේ කර්මාන්තය ආරම්භ කිරීමට මොහු උත්සහ දැරීය. කදු මුදුනට ගිය මොහුට වැටහුනේ ශ්‍රී ලංකාවේ අංශක 360 ක වට ප්‍රමානයක් එකම ස්ථානයක සිට නැරඹිය හැක්කේ මෙම කදු වළල්ල මත සිට බවයි.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාවටම තේ කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් ඔහු දුටු කදු වළලු 5 මුල් කර ගනිමින් මහා පරිමානයේ තේ වතු ආරම්භ කරන ලදී. කසචඑදබ නමින් එම තේ කර්මාන්තය ලොව පුරා ප්‍රචලිත කර අතර නූතනයේ ලොව රටවල් 196ක් පමණ ලිප්ටන් තේ නාමය වැළදගනුයේ මෙම හේතුවෙනි. ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මිනිසුන් ගෙන්වා ආරම්භ කල මෙම තේ කර්මාන්තය ඔස්සේම කසචඑදබ ිැ්එ නම් මෙම සංචාරක පුරවරය බිහිවන්නට ඇත. ඒ අනුව එසේ තේ කර්මාන්තය ආරම්භ කල කදු වළලු 5 මෙසේය.
x සෙන් කැතරින් ෂීට්
x රොබට් ෂීට්
x ඇල්බට් ෂීට්
x ලිප්ටන් ෂීට්
x ටිලර් ෂීට්
මෙම කදු පංති පහම මිලට ගෙන ස්වභාව සෞන්දර්යය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන් දියුණූ කරනු ලැබූයේ තෝමස් ලිප්ටන් ආණ්ඩුකාරවරයා වේ. අප රට අංශක 360 ක කෝණයකින් නැරඹිය හැකි එකම ස්ථානය මෙම ස්ථානය බවට හදුනා ගත් මොහු එය සංචාරක වටිනාකමකින් අනූන සුන්දර තැනක් බවට ද අවබෝධ කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට පුරෝගාමි මෙහෙවරත් ඉටු කිරීමේ අටියෙන් එහි තවත් එක් ඉදිරි පියවරක් ලෙසට ලිප්ටන් ආණ්ඩුකාරවරයා ආරම්භ කල දfඹිතැන්න තේ කර්මාන්තශාලාව ද දැක්විය හැක. මෙය ද සංචාරක ආකර්ශණය දිනාගත් ලිප්ටන් ෂීට් හී තවත් එක් අංගයකි. දඹේතැන්න එැ් ිඒඑැ නමින් වර්ථමානයේ එය ප්‍රචලිතය. එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 1566 ක් උසින් පිහිටා ඇති මෙම කර්මාන්තශාලාව ලංකාවේ දිගම සහ උසම කර්මාන්තශාලාව මෙය වේ.
කර්මාන්තශාලාවේ දිග අඩි 3
කර්මාන්තශාලාවේ උස අඩි 40
මෙහි ලියාපදිංචි අංකය 269 වේ. කර්මාන්තශාලාවේ පහළ මාලයේ විශාලත්වය වර්ග අඩි 9760 ක් වේ. තොමස් ජේ ලිප්ටන් ආණ්ඩුකාරවරයා මෙම කර්මාන්තශාලාව ආරම්භ කල මුල් හිමිකරු වන අතර නූතනයේ මෙහි අයිතිකාරත්වය දරනුයේ ලංකෙම් සමාගමේ ආගරපතන චක්බඒඑසදබ නම් පුද්ගලික ව්‍යාපාර කණ්ඩායමයි.
ලිප්ටන් ෂීට් නම් මෙම සංචාරක පාරාදීසය නැරඹිමට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය නිතැතින්ම මෙම කර්මාන්තශාලාවට ද ලැබේ. ඔවුන් මෙම මහා පරිමාණ කර්මාන්තශාලාවේ විශිෂ්ඨත්වය දැක බලා ගැනීමට ද අමතක නොකරති. ු
මෙම කර්මාන්තශාලාව පිහිටා ඇති ස්ථානයේ සිට 7 න ප දුරින් කදු මුදුනට වන්නට ලිප්ටන් ෂීට් නම් මෙම සංචාරක පාරාදීසය පිහිටා ඇත. දමිල ගම්මානයක් මැදින් වැටී ඇති මෙම මාර්ග දෙපස ඇත්තේ මහා පරිමාණ තේ වතුය. කර්මාන්තශාලාව අසලට පමනක් ප්‍රධාන ප්‍රවාහන සේවා සපයා ඇති අතර එතැන් පටන් ගමන් කළ යුත්තේ පෞද්ගලික වාහනයකින් හෝ පයින් ය. මෙම සුන්දර පෙදෙස තුල එදා ලිප්ටන් ආණ්ඩුකාරවරයා සිටි නිවස ද දැක බලා ගත හැක.
මෙම ස්ථානය සංචාරක පාරාදිසයක් බවට පත් වීමට බලපෑ හේතු කිහිපයකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය , ආකර්ශනය දිනා ගැනීමට බලපෑ අපූරූ ස්වභාව සෞන්දර්යයක් මෙයට හිමිය.
- පිහිටා තිබෙන ස්ථානය.
- දේශගුණික සාධක. අවට ඇති ජෛව විවිධත්වය.
- එතැන් සිට නැරඹිය හැකි ස්ථාන.
මෙහි ඇති සුවිශේෂිම කාරණය වන්නේ කදු මුදුනේ සිට ලංකාවේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි නැරඹිය හැකි එකම ස්ථානය මෙය වන බවයි. ඒ අනුව මෙම ස්ථානයේ සිට ලංකාවේ පළාත් නවය අතුරින් පළාත් පහක් . මෙන්ම කදුකර ප්‍රදේශයක සිට වෙරළ තීරය ද නැරඹිය හැකි ලංකාවේ එකම ස්ථානය මෙය වේ. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින් පුදුමයට පත් කරවන සොදුරු ස්ථානයක් ලෙස ට මෙය හැදින්විය හැක. ඒ අනුව ලංකාව්
- ඌව පළාත.
- සබරගමු පළාත.
- මධ්‍යම පළාත.
- දකුණු පළාත.
- නැගෙනහිර පළාත.
යන පළාත් පහ මෙම ස්ථානයේ සිට පැහැදිලිව නැරඹිය හැක. ඊට අමතරව
- ජලාශ.
- වනෝද්‍යාන.
- කදු.
- දිය ඇළි.
- පූජනීය ස්ථාන.
- ගම්මාන.
නගර.
කදුකර ප්‍රදේශයක සිට ලංකාවට ආවේණික ස්භාවික සම්පතක් වන රමණිය මුහුදු තිරය ද දැක බලා ගත හැකි එකම ස්ථාවය මෙය වේ. ඒ අනුව කසචඑදබ ිැ්එ හී සිට ඌව පළාතේ කොස්ලන්ද , වැල්ලවාය , මොණරාගල , හපුතලය , ඇල්ල , පස්සර , මහියංගණ , වැලිමඩ , කතරගම , වැඩිහිටි කන්ද ආදී ප්‍රදේශ ද , සබරගමු පළාතේ බෙලිහුල්ඔය , බලංගොඩ, පැල්මඩුල්ල , රත්නපුර , ශ්‍රි පාදය , ඇහැළියගොඩ දක්වා ද , මධ්‍යම පළාතේ නුවරඑළිය , හග්ගල , පට්ටිපොල , පිදුරුතලාගල , අඹේවල , කිකිළියමාන , තොටුපොල ආදී ප්‍රදේශ ද පැහැදිලිව නැරඹිය හැක. තව ද දකුණු පළාතේ දෙවුන්දර , හම්බන්තොට , මාතර , සූරියවැව ආදී මුහුදුබඩ ප්‍රදේශ ද නැගෙනහිර පළාතේ පොතුවිල් , අම්පාර , පාසිකුඩා , සියබලාණ්ඩුව , ආරුගම්බේ ආදී ප්‍රදේශ ද පැහැදිලි ව නැරඹිය හැක් වීම මෙහි ඇති විශේෂත්වයයි.
තව ද මෙම ස්ථානයේ සිට ලංකාවේ සුප්‍රසිද්ධ ජලාශ කිහිපයක් එකවර දැක බලා ගත හැක. ඒවානම්
- ලුණුගම්වෙහෙර ජලාශය.
- උඩවලව ජලාශය.
- කල්තොට ජලාශය.
- හබ්බේගමුව ජලාශය.
- චන්ද්‍රිකා වැව.
ඊට අමතරව ලංකාවේ සුප්‍රසිද්ධ පූජනීය ස්ථාන කිහිපයක් එකවර නැරඹිය හැකි ස්ථානය ද ලිප්ටන්ගේ අසුන වේ.
- මහියංගණ චෛත්‍යය.
- කතරගම කිරිවෙහෙර.
- වැඩිහිටිකන්ද.
- මාළිගාවිල.
- මුතියංගණ වෙහෙර.
මෙන්ම කුඩා චෛත්‍යය සිය ගණනක් ඉතා පැහැදිලිව දැක බලා ගත හැක. ඊට අමතරව ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ අනභිභවනීය සම්පකතක් වන ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ද කදුකර ප්‍රදේශයක සිට නැරඹිය හැකි එකම ස්ථානය ද මෙය වේ. ඒ අනුව
x දෙවුන්දර තුඩුව.
x හම්බන්තොට වරාය.
x පාසිකුඩා වෙරළ තීරය.
x පොතුවිල් වෙරළ තීරය.
x ආරුගම්බේ වෙරළ තීරය.
වැනි වෙරළ තීරයන් නියමිත කාල වලදී පැහැදිලිව දැක බලා ගත හැක. ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූවන්ගේ අදහස වනුයේ හම්බන්තොට වරායේ නැව් ගමනාගමනය ද , මාතර, හම්බන්තොට හා අම්පාර ආදී ප්‍රදේශ වල ප්‍රදීපාගාර ද මෙම ස්ථානයේ සිට ඉතා පැහැදිලිව දැක බලා ගත හැකි බවයි.
*මීදුම නැති පැහැදිලි කාල වලදී හම්බන්තොට වරායේ නැව් ගමනාගමනය ද පැහැදිලිව දැක බලා ගත හැකි එකම කදුකර ප්‍රදේශය මෙය වේ.*
රාජා රවිශංකර
හපුතලය.
මීට අමතරව සිංහරාජය , උඩවලව , යාල ආදී වනෝද්‍යාන ද මෙම ස්ථානයේ සිට නැරඹිය හැක. මේ ආදි වශයෙන් ශ්‍රී ලංකාවේ ස්භාවික සෞන්දර්යයේ අපූර්වත්වය එකම ස්ථානයක සිට නැරඹීමට හැකි වීම මෙහි සංචාරක ආකර්ශණය දිනා ගැනීමට හේතුව වේ. බොහෝ දෙනෙක් නොසිතන මෙවැනි ස්ථානයක මෙතරම් වැදගත්කමත් තිබේ යැයි සිතීමට ලවා අපහසුය. වසරේ වැඩි කාලයක් මීදුමෙන් වැසී තිබෙන මෙම සොදුරු ස්ථානය මීදුම නොමැති කාල වලදී ලංකාවේ හරි අඩකටත් වැඩි ප්‍රදේශයක් නැරඹිය හැක. රවිශංකර් මහතා පවසන පරිදි වර්ෂාපතනය නොමැති කාල වලට මෙම ස්ථානයේ නැරඹීය හැක්කේ ඉතා සීමිත දුර ප්‍රමාණයකි. එයට හේතුව මීදුමෙන් මුළු ප්‍රදේශයම ආක්‍රමණය කිරීමයි. තව ද වැසි සහිත කාල වලදී පවතින අධික සිතල මෙන්ම අකුණු අනතුරු හේතුවෙන් ද විටෙක මෙහි විචිත්‍රත්වය නැරඹීමට බාධා පමුණුවයි.
ලිප්ටන් අසුනේ සංචාරක ආකර්ශණය දෙසට අවධානය යොමු කිරීමේදී දේශිය මෙන්ම විදේශීය සංචාරකයන් ද අඩුවක් නොමැතිව මුළු වර්ෂය පුරාවටම මෙම ස්ථානයේ ඇති සුවිශේෂිත්වය මෙන්ම සුන්දරත්වය විද ගැනිමට පැමිණේ. වැඩි වශයෙන් ම සංචාරකය්න් මෙම අපූරූ ස්ථානය කරා ඇදෙන්නේ අවුරුද්දේ අගෝස්තු හා දෙසැම්බර් කාල වලටය. එයට හේතුව වනුයේ අගෝස්තු මාසයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් පැහැදිලි ලෙස ඉහත දක්වන ලද ප්‍රදේශ නැරඹිය හැකි වීමයි. විදේශීය සංචාරකයින්ගේ සංචාරක සමය වනුයේ දෙසැම්බර් මාසය වන නිසාවෙන් දෙසැම්බර් මාසයේදි ද වැඩි වශයෙන් සංචාරකයින්ගේ පැමිණිමක් දක්නය ලැබේ. නමුත් අවුරුද්ද පුරාවටම සංචාරක ආකර්ශණය දක්නට ලැබෙන අතර දිනපතා පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය එකිනෙකට විවිධ වේ. තව ද අවුරුද්දෙන් අවුරුද්දට ද එම පිරිසේ අගය වෙනස් වේ. ඒ අනුව
යුරෝපය
ජර්මනිය
ප්‍රංශය
චීනය
ජපානය
ඉන්දියාව
කිරිකිස්ථානය
රුසියාව
පෝලන්තය
අයර්ලන්තය
ලීර්වා
ලිබියාව
ආදී රටවලින් බහුතර වශයෙන් සංචාරක ආකර්ශණයක් ලිප්ටන් අසුන වෙත යොමු වෙමින් පවතී. දිනපතා පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතරය මෙම රටවල වීම ද විශේෂත්වයකි. මෙලෙස පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ මාර්ගෝපදේශකවරයා ලෙස කටයුතු කරනුයේ ලොව භාෂාවන් 26ක් පමණ හැසිරවීමේ දක්ෂතාවය ඇති හපුතලය දඹේතැන්න ග්‍රාමයේ පදිංචි රාජා රවිශංකර් නමැති ද්‍රවිඩ ජාතික තරුණ මහතෙකි.
ලිප්ටන් අසුන නම් මෙම සුන්දර ස්ථානයේ නඩත්තු කටයුතු සිදු කරනුයේ ලංකෙම් සමාගමට අනුබද්ධ ආගරපතන චක්බඒඑසදබ නම් පුද්ගලික සමාගමයි. ලිප්ටන් අසුන නැරඹීමට යන දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ට නිකුත් කරන ප්‍රවේශ පත්‍ර ගාස්තුව යොදා ගනුයේ මෙම භූමියේ නඩත්තු නටයුතු සදහාය. නමුත් ස්භාවික පිහිටීමක් වන බැවින් අය කරනුයේ ඉතාම සීමිත මුදලකි. වෙනත් කිසිම ආදායමක් මෙම සංචාරක අඩචිය සංචාරකයින්ගෙන් අපේක්ෂා නොකරයි.
දේශිය සංචාරකයින්ගෙන් = රුපියල් 20 යි
විදේශීය සංචාරකයින්ගෙන් = රුපියල් 50 යි
පෞදිගලික වාහන වලින් = රුපියල් 70 යි
ලිප්ටන් අසුන නැරඹීමට එන දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ට ආගන්තුක සත්කාර කිරීමට ද එහි පාලක කමිටුව අමතක නොකරයි. ඒ අනුව ලිප්ටන් තේ කෝප්පයක් රස විදීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව හිමි වේ.
කරුණු වලට අනුව ශ්‍රී ලංකාවේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සීතල හපුතලය පුරවරයේ පිහිටා ඇති තවත් එක් සොදුරු ස්ථානයක් ලෙසටත් , ජෛව විවිධත්වයෙන් අනූන භූමි භාගයක් ලෙසටත් , සංචාරක පුරවරයක් ලෙසට ලිප්ටන්ගේ ආසනය නමින් හදුන්වන මෙම සොදුරු ස්ථානය හැදින්විය හැක.
No comments:
Post a Comment