Thursday, May 11, 2017
සෙල්ෆිමේනියාව
සෙල්ෆිමේනියාව
මචං, අතන පට්ට place එක,
කට්ටිය ගොඩ කාලෙකින් සෙට් වුණෙත්,
ආයෙත් මෙහෙම දවසක් නම් එන්නැති වෙයි,
ගහමුද සෙල්ෆියක්.
නුතනයේ යන යන තැන මෙම වචනය කණට නොඇසෙන්නේ කළාතුරකිනි. ඒ තරමටම මෙම සංකල්පය ලොව පුරාම පැතිරිලා තියෙනවා. ඡායාරූපකරණය නම් සංකල්පය තුළ දැඩි විමර්ශනශීලීත්වයක් ජනිත කරවමින් එය කණපිට පෙරළීමට මෙම සෙල්ෆි තාක්ෂණයට හැකිවෙනවා. ඡායාරූප කර්මාන්තය වලපල්ලට ඇඳ වැටෙන පෙර නිමිති පහළ වීමටත් මේක එක හේතුවක් වෙනවා.
අද සමාජයේ තරුණ පරම්පරාව සෙල්ෆි තාක්ෂණයට ඇබ්බැයි වෙලා තියෙන්නේ හරි පුදුම වේගයකින්. තැනක් නොතැනක් නැතුව තම ස්මාර්ට් ජංගම දුරකථනය ඉහළට ඔසවා සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය ඊටත් වඩා වේගයකින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හරින ආකාරය විටෙක පුදුම සහගතයි. ඉන් තමන්ට සිදුවන යහපත හෝ අයහපත ගැන මදකට නොසිතයි. එක්තරා සියුම් තෘප්තියක් වෙනුවෙන් විටෙක මුලු ආත්මයම නැති නාස්ති වෙයි.
නමුත් මෑත භාගයේ ලොවට හදුන්වා දුන් ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණයත් සමඟ ඡායාරූපකරණය වෙනමම අතකට පෙරළෙන්නට විය. තමාට අවශ්‍ය වුව ද අනවශ්‍ය වුවද ඕනෑම කුණු ගොඩක් ප්‍රමිතියෙන් තොර ඡායාරූපයක් බවට සැණින් පරිවර්තනය විය. ක්‍රමයෙන් එම තාක්ෂණය දියුණු වෙත්ම සෙල්ෆි ඡායාරූපකරණය ද ජංගම දුරකථන තාක්ෂණයත් සමඟ ලොව සතර දෙසින් ම ආක්‍රමණය කරන්නට විය. අද වන විට එය එක්තරා කළාවක් බවට පරිවර්තනය වී ඇත. දුටු දුටු තැන, පයට පෑගෙන වැලි කැට වලට නොදෙවෙනි ලෙස සෙල්ෆි ඡායාරූපකරණය සමාජ තලය ආක්‍රමණය කොට තිබේ. එය බාල මහළු තරුණ වශයෙන් භේදයකින් තොරව හැදිනගෙන තිබුණ ද තරුණ පරම්පරාව වර්තමානය වන විට මෙය වැළඳගෙන ඇත්තේ තමාට ලැබුණු උසස් වරමක් වශයෙනි. එයට තැනක් නොතැනත් නැත. සුදුසු ද නුසුදුසු ද යන්න අදාළ නැත. තරුණ පරම්පරාවට නැතිවම බැරි සංකල්පයක් බවට පත්ව ඇත. කෙටියෙන්ම කියතොත් මෙය මේනීයාවකි. මෙය සෙල්ෆිමේනියාව නමින් හැදින්වීම වඩාත් සුදුසුය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment