Thursday, July 20, 2017

සියවස් ගණනාවකට එහා යුගයේත් නූතන සන්නිවේදන විප්ලවවාදියා වන ජංගම දුරකථනය තිබිලා..

සියවස් ගණනාවකට එහා යුගයේ ජංගම දුරකථනය 



ජංගම දුරකථනය යනු අද කාලයේ නැතිවම බැරි තාක්ෂණ උපකරණයක් යැයි කීම නිවැරදියි. හුදෙක් ඇමතුම් ලබා ගැනිමේ උපකරණයක සිට එය කෙටි පණිවිඩ යැවීම , ඡායාරූප ගැනීම , වීඩියෝ කිරීම , ශ්‍රව්‍ය පටිගත කිරිම් , අන්තර්ජාලය , පරිගණක කටයුතු ආදී බොහෝ දෑ එකමිටට ගත් උපකරණයකි. ජංගම දුරකථනයේ ඉතිහාසය දෙස හැරී බැලීමේදී එහි පියා ලෙස හැදින්වෙන්නේ මාර්ටිං කූපර්ය. ඒ මෝටරෝලා සමාගම වෙනුවෙන් රාත්තල් හතර හමාරක් බරැති ජංගම දුරකථනය නිපදවමිනි.

එහෙත් ජංගම දුරකථනයේ ඉතිහාසය අළුත් කරවන සොයාගැනීමක් පසුගිය දා ඔස්ටි්‍රයාවෙන් වාර්තා විය. එනම් මැටියෙන් තැනූ ජංගම උපතරණයක් වැනි යමක් ඔස්ටි්‍රයාවේ කළ පුරාවිද්‍යා ගවේෂණයකදී සොයාගැනීමය. එහි කාල නිර්ණය කළ පුරාවිද්‍යාඥයන්ට අවධාරණය  වූයේ එය 13 වන සියවසට අයත් බවයි. එහි තවත් විශේෂ ලක්ෂණයක් වූයේ සුමේරියානු හෙවත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය යුගයට අයත් කූඤ්ඤාක්ෂර එහි දක්නට ලැබීමයි.

මෙම කෞතුක වස්තුවේ අපූර්වත්වය වනුයේ 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේදී වෙළඳපොළට නිකුත් වූ ජංගම දුරකථනයට සෑම අතින්ම සමාන ස්වරූපයක් එහි තිබිමයි. ජංගම දුරකථනයේ තිරය යැයි සැළකිය හැකි කොටස් දක්නට ලැබෙන අතර ඉන් පහළ මෙනු බටනය ඇතුළු ජංගම දුරකථනයක දක්නට ඇති සාමාන්‍ය යතුරු සියල්ලම පාහේ දක්නට  ලැබේ. මෙම යතුරු පුවරුවේ යතුරු බටන සාමාන්‍ය දුරකථනයක මෙන් 9 කි. කෙසේ නමුත් සුමේරියානු අක්ෂර හදුනාගැනීමට ඇති නොහැකියාව නිසා මෙම අරුම පුදුම දුරකථනය ගැන තොරතුරු තවමත් අභිරහසකි.



එනම් හඳුනා නොගත් පියාසර යාත්‍රා සහ ඒ හා බැඳුණු පිටසක්වල ජීවීන් අතර සබැඳියාවක් ගැන තොරතුරු හෙළිදරව් වන බවය. එනම් 13 වන සියවසේදි දියුණු පිටසක්වල ජීවින් පිරිසක් පෘථිවියට පැමිණ ඇති බවත් එම ජංගම දුරකථනය එවැනි පිටසක්වල ජීවින්ට අයත් වූවක් බවත් සඳහන් කරමින් අළුත් මතයක් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙම මතයට තවත් සහයක් ලෙස ඔවුහු ඉපැරණි ඊජිප්තු සිතුවම් කලාව ආශ්‍රිත උදාහරණ ද ගෙනහැර දක්වති. එනම් ඊජිප්තු හා පැරණි යුරෝපිය චිත්‍රවල ජංගම දුරකථන හා ලැප්ටොප් දුරකථන යැයි අනුමාන කල හැකි සිතුවම් රැසක් පවතී. මේ හේතුවෙන් පිටසක්වල ජීවීන් හා පෘථිවිය අතර වාර්තා නොවූ ඉතිහාසයක් පවතින බවට ද මේ සියළු සාධක ඔස්සේ අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

Ancient codeවෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම සොයාගැනීම හා බැදුණු අරුම පුදුම කාරණා දෙකකි. ඉන් පළමුවැන්න වන්නේ වර්තමාන ඔස්ටි්‍රයාව හා පැරණි මෙසපොතේමියාව (වර්තමාන ඉරානය හා ඉරාකය) අතර පවතින කිලෝ මීටර දහස් ගණනක දුරස් බවයි. එනම් සුමේරියානු අක්ෂර වලින් යුත් මෙවැනි දෙයක් ඔස්ටි්‍රයාවෙන් හමුවීම අතිශය පුදුම සහගත දෙයකි. අනෙක් කාරණය වන්නේ මෙම කෞතුක වස්තුව සෑම අතකින්ම වර්තමාන ජංගම දුරකථනයට සමාන වීමයි.

ඒ අනුව මෙම වෙබ් අඩවිය අනුමාන කරනුයේ අතීතයේ සිටි යම් අයෙක් නූතන ජංගම දුරකථනය වැනි උපකරණයක් දැක ඇති බවත් එම සන්නිවේදන උපකරණය මැටියෙන් නිර්මාණය කොට ඇති බවත්ය.
ඒ අනුව නුතන සන්නිවේදනයේ විප්ලවවාදියා බවට පත්ව ඇති ජංගම දුරකථනයේ තතු ශිෂ්ඨාචාර යුගයේ සිටම ක්‍රම  ක්‍රමයෙන් පැවත ආවක් බව අවධාරණය වේ.

Friday, July 14, 2017

දුක - සතුට දිනුම - පැරදුම විදගන්නට විශිෂ්ඨ ආභරණයක්..

  ඉවසීම.. 



අහිමි අහසක  - ඉරබටු තරුවක්ව
 

දිදුලන්න
 

නොමැත හිමිකමක්

අහිමි පොළවක -  වැලි කැටයක්ව

හිනැහෙන්න
 

නොමැත වරමක්

සිහින ලෝකෙක -  අහිමි සිහිනෙක
 

තනිවෙන්න
 

නොමැත වාසනාවක්
 

නමුදු

දුක - සතුට

දිනුම - පැරදුම

විදගන්නට
 

විශිෂ්ඨ ආභරණයක්..

ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කළ කලාකරු අමරසිරි පීරිස් ගේ තවත් ගීයක්



ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කල අමරසිරි පීරිස් ගේ තවත් ගීයක් 



ලංකාවේ ගායකයන් අතුරින් සෘතියෙහි හරියටම පිහිටා ගායනා කරන්නන් අතුරින් ප්‍රමුඛයා වන අමරසිරි පීරිස් නම් වූ ඔහුගේ ගීත ගොන්න විවිධාකාරය. ඒ අතුරින් මා මෙවර තෝරා ගන්නේ ඉරි තැළුනු වළා ගීතයයි. මෙයින් කියවෙන්නේ පාරේ යන පෙම් යුවලක් පිලිබඳවද නැතහොත් වෙනත් දෙයක් පිලිබඳවද? සරල ලෙස ගීතයට සවන් දෙන අයෙකුට හැඟී යන්නේ කිසිම තේරුමක් නැති පාරක් කහ ඉරක් ගැන ඔහේ කියවෙන වදන් පෙළකි. නමුත් මා හට හැඟුනේ වෙනත් අරුතකි. මෙයින් ගෙන හැර පාන්නට උත්සාහ කරන්නේ වර්තමාන සමාජය පිලිබඳවයි.

ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යෙයන් අප වළාකුළු  මෘදු ලෙස දක්වන අතර දැකිය හැක්කේ ඉරි තැලී ගොස් ඇති තාර පාරය. ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

වට පිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

මෙහිදී ඔහු උත්සාහ කරන්නේ මේ සමාජය පිළිබඳව තම පෙම්වතියට කරුණු කියා දීමටය. වටපිටාවේ ඇදෙන වාහනවල විදුලි ලාම්පු දීප්තියෙන් බබළන්නේ සිනාසෙන්නාක් මෙනි. ඉන් අදහස් කරන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් නොයෙක් ආකාරයේ මුළාවන්ට ඔබව හසු කරන්නට උත්සාහ ගත හැකි බවය. ඒ එළිවලට නොරැවටී කහ ඉරෙන් එතෙර වී යන ලෙස ඇයට ආරාධනා කරයි. මාර්ගයේ තැන් තැන්වලින් මාරු වීමට ගියහොත් වාහනවලට හසුවී අනතුරු සිදු වන බැවින් ඊට නියමිත ස්ථානයෙන් එනම් කහ ඉරෙන් යා යුතුය. මෙහිදී කහඉරට උපමා කර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. ඔහු ඉල්ලා සිටින්නේ වැරදි මාර්ගවල නොගොස් නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

රිය පෙලේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැළි වැටීලා


රිය පෙලේ කිරුළු හමි රජවරුන් නම් වාහනවල අයිතිකරුවන්ය. ඉන් උපමාවට ලක් වන්නේ ධනය බලය හිමි සමාජ පන්තියයි. ඒ රජවරුන් ඔබට නීති විරෝධී සමාජ විරෝධී දේ කිරීමට අත වනා ආරාධනා කළ හැක. එවිට එය නොදැක්කාක් මෙන් ඉවත බලා යන්න යමු. එසේ යාමට ප්‍රභල හේතුවක් ඇත. එනම් කහ ඉරත් රැළි වැටී ඇති නිසාය. කහ ඉර රැළි වැටීම විකාර රූපී හේතුවක් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජයේ පවතින නීතියද වල් වැදී ඇති බවය. එවන් කලක වෙන අන් කවර සරණක්ද...

                                                                                                                         උ ගැ

කල්වාරි පාලමෙන් එගොඩ වී කල්වාරි පුදබිමට බැතිසිතින්

කල්වාරි පාලමෙන් එගොඩ වී කල්වාරි පුදබිමට බැතිසිතින් 


ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම පුදබිමක් වන කල්වාරී පුදබිම ස්වර්ගස්ථ වු සිරිල් එදිරිසිංහ පියතුමන් මීට වසර 68 කට ඉහතදී නිර්මාණය කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතා මනරම් ප්‍රදේශයක් වන හිනිඳුම ග්‍රාමයේ පිහිටා තිබෙන මෙය අලු බදාදායින් ආරම්භ වන වතාරික සමය තුළ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වේ.

සියඑ මිනිසුන්ගේ පාපයේ වන්දිය ගෙවනු පිණිස ජේසුස් වහන්සේ සිය අපරිමිත කැපකිරීම කලේ ජෙරුසලමේ කල්වාරිය නොහොත් පුකපාල කඳු මුඳුනේය. උන් වහන්සේ දුක්ඛ ප්‍රාප්තියට ගෙන ගිය ආකාරය බයිබලයේ සඳහන් පරිදී එහි ප්‍රතිනිර්මාණය මෙහි කර තිබේ යැයි කියනු ලැබේ. මෙහි ඇති ප්‍රතිමා කතෝලික භක්තිකයෙකු පමණක් නොව ඕනැම ආගමික භක්තිකයෙකු වුව ද අතිශයින් සංවේදී කරන අයුරින් නිර්මාණය කොට තිබේ. අතිශය සංවේදී වු ද , හැඟීම්බර වු ද එහෙත් කළාත්මක අයුරින් වනගත පරිසරයක නිර්මිත මෙම කල්වාරිය තිබෙන්නේ තවලම හිනිදුම දේවස්ථානය ඉදිරිපිට කඳුගැටය ආශ්‍රිතවය. මෙම කල්වාරී දේවස්ථානය හා ඒ කුරුස කන්ද පිළිබඳ ව ඇත්තේ අපූරු කතන්දරයකි.
ගාල්ල නගරයේ සිට කිලෝමීටර 49 ක් පමණ දුර ගියවිට හිනිදුම ප්‍රදේශයේ මෙම පුදබිමට ළඟා විය හැකිය. මෙයට වසර 70 ක පමණ ඉපැරණි ඉතිහාසයක් ඇත. 1948 වසරේදී සිට මෙම පුදබිම සිරිල් එදිරිසිංහ පියතුමාත් සමඟ ඉතිහාසයට එකතු වී ඇත.


1948 වසරේ මහසිකුරාදා දවසට සතියකට පමණ පෙර සවසක පල්ලිය ඉදිරිපිට කන්දේ ගින්නක් හටගෙන ඇත. මෙය පල්ලියට අයත් බිම් කොටසක් බැවින් පියතුමා බැතිමතුන් සමඟ එක් වී මෙම ගින්න නිවීමට රාත්‍රිය පුරාම කටයුතු කොට ඇත. නමුත් පසුව දා උදෑසන කොළ පාටින් දිස් වූ කන්ද වෙනුවට දැවී ගිය අඟුරු පැහැති කන්දක් දක්නට ලැබී ඇත. ඒ අතරේ පියතුමා විසින් විශේෂ දෙයක් දැක තිබේ. එනම් කන්දේ ගිනිගත් ගස් අතර ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ආකාරයෙන් දිස්වීමයි. මෙය දුටු පියතුමා තවත් බැතිමතුන් සමඟ කන්ද නැඟ එසේ දිස්වුණූ ගස් තිබුණු තැන් ලී කුරුස වලින් සටහන් කර තිබේ.පසුව මෙම පියතුමා ඔහුට හමු වූ දක්ෂ බුදුපිළිම නෙළන්නෙක් ලවා එම සටහන් කල කුරුස ඇති ස්ථාන වල ජේසුස් වහන්සේගේ ජීවන චරිතයේ අවස්ථා නිර්මාණය කොය ඇත.
1958 දී මෙය ඩියෝසිසන් පුදබිම ලෙසින් නම්කර තිබේ. පුදබිම වන්දනාමාන කිරීමට කන්ද මුලින් ඇති ගිංගඟ හරහා ගොස් වන්දනා කරන්නට බැතිමතුන්ට සිදුවිය. වන්දනා කරන කාලයේදී ගඟ හරහා පාලමක් සෑදුව ද ගඟ පිටාර ගලන කාලයේදී එම පාලම විනාශ විය. පසුව 1994 දී බීඞ් සිල්වා පියතුමාගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් පාලමක් ඉදිකල  අතර එය ද 2003 වසරේ බලපෑ ගංවතුරෙන් විනාශ විය. පසුකාලයේදී බොනිෆේස් පියතුමා විසින් වත්මනේ දක්නට ලැබෙන කල්වාරී පාලම සකස් කොට බැතිමතුන්ට කල්වාරී පුදබිම වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇත.
ඒ  අනුව වර්තමානයේ ඉතා සුප්‍රසිද්ධ හා ඓතිහාසික පුදබිමක් ලෙසට කල්වාරි පුදබිම හැදන්විය හැකිය.

විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක ද?


විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක ද? 




 








ඈත අතීතයේ සිටම විසි පොරොන්දම් පරික්ෂාව තුළින් සහකරු හෝ සහකාරිය එකිනෙතාට ගැළපෙන්නේ ද යන්න සොයාබැලීම සිදුකරයි.වෙනත් හේතූන් වලට වඩා විසි පොරොන්දම් පරික්ෂාව තුළ සියල්ල සාර්ථක වනු ඇතැයි ඇතැමුන් විශ්වාස කරයි. ඒ අනුව පැහැදිලි වන්නේ විසි පොරොන්දම් නිවැරදිව ගැළපීම තුළ ම සාර්ථක විවාහයක් ඇති වන බවයි. එහෙත් සාමාන්‍යයෙන් පොරොන්දම් විස්සක් පරික්ෂා කල ද අඹුසැමි යුවලකගේ බැඳීම් සාර්ථක වීමට බලපාන ප්‍රධාන කරුනු පහකි.
                  

                    ආයුෂ
                    දරුපල
                    සතුට
                    දියුණුව
                    සැප
 

මෙම කරුණු 05 තුළ යුග දිවිය සාර්ථක වෙයි. මින් එක් අවස්ථාාවක් හෝ මඟහැරී ගිය විට යුග දිවිය දෙදරා යාමට හෝ හෝ ඔවුන් හඳවතින් දුක් විදින්නට හේතු වේ.  එලෙස සිදු වන්නේ නම් ඔවුන්ගේ බැඳීම් සියයට සියයක් ඇති වන්නේ නැත. නමුත් මෙලෙස විසි පොරොන්දම් සියයට සියයක් ගැළපී සිදු කළ විවාහ පවා කෙතරම් අසාර්ථක වූ අවස්ථා ඇත් ද? මෙයට බලපාන හේතු විමසා බැලිය යුතුය.මේ සඳහා පොරොන්දම් විස්සක් අතරින් එක් පොරොන්දමක් නිදසුනක් ලෙස ගෙන බලමු.
 

ආයුෂ පොරොන්දම මෙම පොරොන්දම් විස්ස අතර ඉතා වැදගත් වේ. මෙමඟින් යුවතිපති අතර වැඩියෙන්ම ජීවත් වන්නේ කවුරුන් ද යන්න ව්මසා බැලේ. නැතහොත් මුලින්ම මිය යන්නේ කවුරුන්ද යන්න සොයා බැලේ. පළමුව ආයුෂ පොරොන්දම බලන්නේ කෙසේද යන්න විමසා බලමු. එය මෙසේය. ස්ත්‍රීයගේ ජන්ම නැකතේ සිට පුරුෂයාගේ ජන්ම නැකත දක්වා ඇති සියලූම නැකැත් සංඛ්‍යාව ගණන් කරයි. එය විසි හතෙන් ගුණ කොට විසි අටෙන් බෙදා ශේෂය පසෙක ලියා ගනී. ඉන්පසු පුරුෂයාගේ ජන්ම නැකතේ සිට ස්ත්‍රීයගේ ජන්ම නැකත දක්වා ඇති සියලූම නැකැත් සංඛ්‍යාව ගණන් කරයි. එය විසි හතෙන් ගුණ කොට විසි අටෙන් බෙදා ශේෂය පසෙක ලියා ගනී. අනතුරුව මෙම දෙදෙනාගේ ශේෂ වු සංඛ්‍යා දෙකෙන් වැඩි සංඛ්‍යාව ඇති කෙනාට වැඩි ආයුෂ ද අඩු සංඛ්‍යාව ඇති කෙනාට අඩු ආයුෂ ලබා ප්‍රථමයෙන් මිය යන බව සඳහන් වේ. නමුත් පුද්ගලයන්ගේ ජන්ම පත්‍රය දුටු සැණින් ආයුෂ ප්‍රමාණය කිව හැකි බැවින් මෙම පොරොන්දම් ක්‍රමය කෙතරම් දුරට සාර්ථක ද යන්න ගැටඑවකි.
 

මනුෂ්‍යයාගේ මරණය ආකාර පහකට සීමා කොට ඇත.එය දැකිය හැකි යෝග ජොතීශයේ හොඳින් ඉස්මතු කොට ඇත. එය ජෛමිනි ජෙයා්තීශයේ මෙසේ පෙන්වයි. බාලාරීෂ්ඨ යෝගය යනු මිනිසෙකුගේ උපතේ සිට අවුරුදු 25 දක්වා කාලය තුළ මියැදීම ලෙන්වන යෝගය යි. මෙය තවත් කොටස් තුනකට බෙදේ. එහිදී ප්‍රථම කොටස අවුරුදු අට දක්වා ද දෙවන කොටස අවුරුදු අටේ සිට දහසය දක්වාද තෙවන කොටස අවුරුදු දහසයේ සිට විසි හතර දක්වා වෙයි.  අවුරුදු විසි පහේ සිට මන්දායුෂ යෝගය බලපාන අතර එය වයස අවුරුදු හතළිහ දක්වා පුද්ගල මරණයට බලපායි. අවුරුදු හතළිහේ සිට හැටදක්වා අල්පායුෂ යෝගයට අයත් වන අතර අවුරුදු හැටේ සිට එකසිය විස්ස අතර කාලයේ මියයන්නේ පූර්ණායුෂ යෝගයට අනුවයි. අවුරුදු එකසිය විස්වට වඩා ආයුෂ ඇත්නම් ඒ අපරිමිතායුෂ යෝගයට අයත් වුන් වේ.
 

එ්  අනුව විසි පොරොන්දම මතම පිහිටා විවාහයේදී කරුණු සම්පූර්ණ නොවේ. එයට එහා ගිය ජෙයා්තීශය කරුණු රැසක් මෙයට බලපායි. එමඟි්න් ආයුෂ , දරුපල , සතුට , දියුණුව හා සැප සම්පත් සපිරුණු සාර්ථක ප්‍රීතිමත් යුග දිවියක් ළඟාකර ගැනීමට හැකි වේ.