Thursday, October 13, 2016

සාතන්ගේ වැකි යන නවකතාවේ අන්තර්ගතය සමාජයට බල පෑ ආකාරය



නවකතාවේ අන්තර්ගතය හා සමාජයට බල පෑ ආකාරය 


                        සාතන්ගේ වැකි යන නවකතාවේ අන්තර්ගතය පිළිබඳ සලකා බැලීමේ දී මෙම නවකතාව ප්‍රබල ව ම මුස්ලිම්වරුන්ට එරෙහි ව විරෝධය ගොඩනැගෙන්නක් විය. මෙහි අන්තර්ගතය මුස්ලිම් ආගමෙහි රඳා පැවැත්මට ඍජුව ම බලපෑම් කරන ලදී. ආගමේ යාඥාවට අවසර ලත් දේවවාද, එ නම් ඔවුන්ගේ දේව ඇදහිලි සමච්චලයට ලක් කිරීම හා මුහම්මද් තුමාගේ ජීවිතය හා සම්බන්ධ විවිධ සිද්ධීන් ද පාදක කර ගනිමින් නිර්මාණය කර ඇත. මෙම පොත තුලින් දේව අපහාස හා ඔවුන්ගේ ඇදහිලි ක්‍රමයන් දැඩි ව සමච්චලයට කලක් කර ඇත. එම නිසා මුස්ලිම් ආගමට දැඩි බලපෑමක් එල්ල විය. එය හේතු කොට ගෙන ඔහුට මරණ දණ්ඩනය පවා දීමට නියම කරන ලදී. දැඩි ව ආගම් විවාදයට ලක් කරන කතාවක් ලෙස මෙය පත් විය. කෘතියේ අන්තර්ගතය තුළ ඇති සිබිරිලා, පරින්තා හාත්පසින් ම වෙනස් ය. ඔහු බම්බයිජවාලා සුපර් ස්ටාර් කෙනෙකි. මිලියන ගණන් සිනමා ලෝලීන්ගේ හැඩ පුජසනයේ දී වැඳුම් පිඳුම් ලබන මකුළු මැටි පිළිමයකි. සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරයෙකු වූ උගෘ රාමා නිපදවූ ”‍දෙව් දම් වත”‍ ටෙලි මාලාවේ රඟන වීරයා ඔහු ය. පරිස්තාගේ ජීවිතයෙහි යම් යම් කොයස් ඔහු ජිවත්වන සමාජය තුළ මිනිසුන් චරිත සඳහා ආදේශ කර ගන්නා ලදී. මෙහි දී පරිස්තා ලන්ඩනයට යන්නේ ඔහුගේ අලු‍ත් ම කාමාවචර සුන්දරියවන අලෙලයියා කෝන් සොයාගෙන ය.

                        මෙහි දී තවත් කොටසක් තුළ ජිබිරියල් හා සලාදීන්ගේ ආදී 29002 ඇද වැටීමෙන් පසු සිරුරු එකිනෙකා වෙලාගනු ලැබෙයි. චම්චාගේ හිස් මුදුනින් අංකුර මෝදුවන අතර ශරීරය වැඩ වඩාත් එළුවෙකුගේ හැඩය ගන්නට පටන් ගනී. මෙ විසුළු පෙනුම නිසා හැමදෙනාගෙන් ම හිරිහැර විඳින ඔහු අන්තිමේ ෂාන්දූර් අවන්හල තුලට වැදී සැඟවී ගන්නේ ය. සලාදීන්ට හා චම්චාට අන් තට්ටුවක් ලැබෙද්දී ජිබිරිල්ට හිස වටා බමන දිව්‍යමය රස වළල්ලක් ලැබේ. අලෙලු‍යියා ගෝන් සොයා ලන්ඩනයට යන ජිබිරිල් එහි මහත් පීඩාකාරී දෙබිඩි ජිවිතයක් අරඹයි. ඔහුගේ දෙවැනි ජීවිතය වනාහි අවතාරයක අරූඩයකි. ඔහු සිහින මාලාවක් දර්ශනය කිරීම අරඹන්නේ මෙම වේශයෙනි. එකිනෙක වෙනස් සිහින මාලාවන් තුනක් මෙහි අන්තර්ගත ය. නමුත් මෙම සිහින එකිනෙකට බැඳී පවතී. පළමුවන සිහිනය අයේෂා නම් ලපටි අබිසරු ලියක් ගැන ය. දෙවැන්න ලන්ඩන් වොෂින්ටන් උද්‍යානය තුළ වෙසෙන පිටුවහල් ඉමාම්වරයෙකු ගැන ය. තුන්වැන්න ජිහිලීය නම් වාලු‍කා පුරවරය ගැන ය. ජිහිලියා (අන්ධකාරය) නම් ඒ කලබලකාරී නුවර තුළ අනාගත වක්තෘවරයෙකු වාසය කරයි. ඔහුගේ නම මහෞන්ද් (ව්‍යාජ අනාගත වක්තෘ) නමින් හැඳින්වේ. ඔහු විසින් නව ආගමක් ගොඩනගන්නට උත්සහ දරයි.



Wednesday, October 12, 2016

සාතන්ගේ වැකි නවකතාව

සාතන්ගේ වැකි නවකතාවේ ඉතිහාසය හා ඒය වාරණය වීම


සල්මන් රුෂ්ඩි  
සර්. අහමඞ් සල්මන් රුෂ්ඩි යනු ලොව ප්‍රමුඛ පෙළේ නවකතාකරුවෙකි. 1947 ජූනි 19 දින උපත ලද මොහු තම ලේඛන කෞෂල්‍ය පෙන්වීම සඳහා නවකතා රාශියක් සාහිත්‍ය ලොවට දායාද කරන ලදී. මොහු බි්‍රතාන්‍ය සහ ඉන්දීය නවකතාකරුවෙකු වන අතර කාශ්මීර ඉන්දීය ජන වර්ගයට අයත් වේ. නමුත් මොහුට පුරවැසිභාවය හිමිවන්නේ බි්‍රතාන්‍ය පුරවැසියෙකු ලෙසිනි. කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද මොහු පශ්චාත් යටත්විජිතවාදයේ මැජික් යථාර්තවාදය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කරන ලදී. ඓතිහාසික විවේචනය හා සංචාරක ලේඛනය පිළිබඳ අධ්‍යනය ඔහුගේ විෂය ක්ෂේත්‍රය විය. මොහුට සහකාරියන් පස් දෙනෙකු සිටි අතර,

                         ජක්රසි කම්රාබ        (1976 - 1987)

                        මැරියන් විගින්ස්    (1988 - 1993)

                        එලිසබෙත් (බටහිර) (1997 - 2004)

                        පද්මා ලක්ෂ්මි       (2004 - 2007)

දරුවන් දෙදෙනෙකුද සිටි.

                                රුෂ්ඩි ඉතිහාසය කියවීමට බෙහෙවින්ම රුචි පුද්ගලයෙකි. මොහුගේ පළමු නවකතාව ඨරසපමි වේ. (1975) ඔහුගේ තවත් සුවිශේෂි නවකතාවක් ලෙසට “මධ්‍යම රාත්‍රියේ ළමයින්” (1981) මෙයට ඔහු ඔහුගේ ලේඛන හැකියාවට 1981, 1993 හා 2008 වර්ෂ වලදී “බූකර්” සම්මානය දිනා ගෙන තිබේ. දේශපාලන අර්බුද ප්‍රතිනිර්මාණයට “ලජ්ජා” නම් නවකතාවක් 1983 දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ග්‍රන්ථය හොඳම විදේශ පොත සම්මානය දිනා ගන්නා ලදී. මෙම ග්‍රන්ථ සියල්ල  යටත් විජිතවාදය හා පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ තම අදහස් ඔස්සේ ලියවුණු නවකතා වේ. මොහුගේ වඩාත්ම මතභේදාත්මක ග්‍රන්ථය වනුයේ ී්ඒබසජ ඩැරිැි හෙවත් සාතනික පද වේ. මොහු නවකතා වලට අමතරව බොහෝ කෙටිකතා ප්‍රකාශයට පත්කර ඇත.