බත් පත
එකට අනා කන්නට
වස්ත්‍රය
බෙදා හදා ගන්නට
හුදෙකලාව
අකා මකා දමන්නට
විවිධ විෂම වූ
අදහස්-උදහස්
යෝජනා - චෝදනා
හැසිරීම් - ධර්මයන්
සමඟ
හැපෙන්නට
ගැටෙන්නට - පොර බඳින්නට
ජාති - කුල
උස් - මහත් භේද
මුලිනුපුටා දමන්නට
කියාපූ අපූරෑ නවාතැන
සරසවි නේවාසිකාගාරය
No comments:
Post a Comment